Thursday, 25 August 2016

වැව් දසුනේ ලේඛකයෝ





          පාසලෙන් ඉවත් වී වසර 36කට පසුවත් ඒ සුන්දර මතකයන් අවදි කරන්නට තවත් අවස්ථාවක් ඇවිත්. ඒ විවිධ වකවානුවල පාසලෙන් ඉවත් වී කලා ක්ෂේත‍්‍රයේ රැඳී සිටින දම්රද  පුතුන්ගේ නිර්මාණ රැගත් ‘වැව් දසුනේ ලේඛකයෝ ’ එළි දැක්වීම මගිිනි. මහවැලි නදියත්, නුවර වැවත්,හන්තාන, නකල්ස් කඳු පංතියත් දකිමින්, දළදා මාළිගාවේ තේවා හ`ඩ අසමින්, අකුරු කළ අප පාසල තුලින් වෙනම අන්‍යතා ලකුණක් අපට ලැබුණා යයි සිතමු. දම්රද කඳු වළල්ලේ ගෙවී ගිය ජීවිතය තරම් මනරම් වකවානුවක් කවදාවත්ම හමු වූයේ නැතැයි සිතමි. ඒ. එස්. වීරකෝ්න්, ඞී. ආර්. බී. වික‍්‍රමසිංහ, ඩොනල්ඞ් වික‍්‍රම, වැනි ගුරුවරු අපට දැනුදු මතක්වේ.
    එදා අපිට  ඕනෑ වුනේ දොස්තර කෙනෙක් හෝ ඉංජිනේරුවෙක් වන්නට නොව ධර්මසේන පතිරාජ කෙනෙක් හෝ කපිල කුමාර කාලිංග කෙනෙක් වෙන්නටය. එහෙත් සුළං හැමුවේ මදක් වෙන අතකටය. එදා අප කලා හිතැති මිතුරෝ මහා ගොනුවක් එක්ව ඇරඹි සිනෙරුව අද ‘ධර්මරාජ කලා පදනම’ නමින් නව උපතක් ලබා කලාවට හිතැති දරුවන්ට පාසලේ පමණක් නොව, ලංකාවේම දරුවන්ට තෝතැන්නක් වී ඇත. ඒ අලූත් යුගයට නායකත්වය දුන් බණ්ඩාරනායක විදුහල්පතිතුමා, ඞී. බී. හේරත්, බී. එම්බස්නායක වැනි ගුරු පියවරුන්ටද නමස්කාර වේවා.

   වැව් දසුනේ ලේඛකයෝ ’ කෘතිය සංස්කරණයට වෙහෙසවූ කපිල කුමාර කාලිංග, රන්ජන් ඒකනායක හා පුෂ්පානන්ද ඒකනායක සොයුරන්ටද  ස්තුතිය පුද කරමි.

     අපි ලියන කෙටි කතාවක් කවියක් මාධ්‍යයක පළකරවා ගැනීම දැන් එතරම් අපහසු නැතත් දම්රද මාතාව නමින් පොතක එය පලවන විට දැනෙන පී‍්‍රතිය නිරානුෂ මව්වත් එකකැයි සිතේ. දම්රදයේ ඒ මව්වත් ගුණය වෙන කවර සමාජ හෝ රාජ්‍ය ආයතනයකින් ලැබෙන ඇගයුමක අඩංගු නැත.

Monday, 22 August 2016

ඔලිම්පික් සහ අපේ කොදෙව්වට ඇති දුර



මාසයක් පුරාවට දිග හැරෙන බ‍්‍රසීලයේ රියෝද ජෙනෙයිරෝ නුවර ඔලිම්පික් කී‍්‍රඩා උළෙල දැන් එහි මුලූ දෙයි. ලෝකයම පාහේ කී‍්‍රඩාව නම් විෂය හා එහි කී‍්‍රඩා කරන තරුණ තරුණියන්ගේ අප‍්‍රමාණ මිනිස් මහිමය පිළිබඳ ප‍්‍රබෝධවත්ව සිටී. වර්ධනය කරගත් කුසලතාවයන් විසින් කවර තරමේ බලයක් හා අලංකාරයක් මිනිසාට ලබාගත හැකිද යන්න මෙමගින් පසක් කර ගත හැකිය. කී‍්‍රඩාව හා කලාව තරම් මිනිසාගේ මනුස්ස භාවය ආඩ්‍ය බවට පත් කරන එහි මහිමාව ලොවට කියා පාන අන් විෂයයන් නැතැයි සිතමි.
ජැමෙයිකානු කී‍්‍රඩක උසේන් බෝල්ට් හත්වන වරටත්  රන් පදක්කම් දිනා ගත්තේය . එරටේම තොම්ප්සන් එලීනා විසින් මීටර් 100 සඳහා රන් පදක්කමක් දිනා ගනිමින් ලොව වේගවත්ම කී‍්‍රඩිකාව බවට පත්විය. මිලියන 2.9 වෙසෙන වැඩි වත් පොහොසත් කමක් නැති ජැමෙයිකාව තුළ උසේන් බෝල්ට් නමැති 30 හැවිරිදි තරුණයා ජාතික වීරයෙකි. කවර තරමේ අගතිගාමි දේශපාලනයක් තිබුණා වුවත් ජැමෙයිකානු දේශපාලනඥයෝ උසේන් බෝල්ට් හට නිදහසේ කී‍්‍රඩා කරන්නටත් එවැනි තවත් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ට නැගී එ්මටත් මං හසර ලබා දේ. පහසුකම් ද ලබාදේ. ‘මං අල්ලන්න උසේන්ටවත් බෑ’ වැනි ප‍්‍රස්ථාව පිරුලූ පවා මේ තරුණ කී‍්‍රඩකයා කේන්ද්‍ර කරගෙන ගොඩ නැගී ඇත්තේ ජැමෙයිකානු ජාතිය ඔහුට දක්වන හරසර කියා පාමිනි.
මීටර් 800 තරගයේ රන් පදක්කම දිනා ගත් කෙන්යානු ජාතික  ඍමාසිය් ෘ්ඩසා ඛ්නමඒ ද උසේන් බෝල්ට් මෙන්ම එකී අපි‍්‍රකානු රාජ්‍යය විසින් නිසි පරිදි රැුක බලා ගන්නා කී‍්‍රඩකයෙකි.
සුසන්තිකා ජයසිංහ මීටර් 200 තරඟයකින් 2000 ඔස්ටේ‍්‍රලියාවේ පැවති ඔලිම්පික් උත්සවයේ දී ලෝකඩ පදක්කම්ක ලැබුවාය. පසුව රිදී පදක්කම ලත් කී‍්‍රඩිකාව තහනම් උත්තේජනය පාවිච්චි කළාය, යන කාරණය නිසා පදක්කම අහිමිකරන ලදුව පසුව එය සුසන්තිකාට හිමිවිිණි. ඒ 1948 වසරේ ඩන්කන් වයිට් සිය මීටර් 400 සඳහා ලැබූ ඔලිම්පික් ජයට පසුව අප ලැබූ එකම ඔලිම්පික් ජයග‍්‍රහණයයි.
ලංකාවේ අපමණ දක්ෂකම් ඇති කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සිටිති. ඔවුන්ගේ සහජ දක්ෂකම් පමණක් ඔවුන් ලෝක මට්ටමේ කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් බවට පත් කරන්නේ නැත. ඒ සඳහා පහසුකම් ද උසස් පුහුණුවක්ද මානසික ඒකාග‍්‍රතාවයෙන් ජීවත්විය හැකි ජීවන පසුබිමක් ද අවශ්‍යය. එහෙත් එවැනි වාතාවරණයක් අපේ රටේ කී‍්‍රඩකයන් අරබයා තිබේ ද? වෙඩි තැබීමේ තරඟයට සහභාගිවීම සඳහා ගිය මංගල සමරකෝ්න් කී‍්‍රඩකයා පැවසුවේ තමාට මේ තරඟයට සහභාගිවීම සඳහා එංගලන්තයේ පුහුණුවක් ලබා දෙන බව පැවසුවත් ඔහුට එය නොලැබූණු බවය. එමෙන්ම තමා තරඟයට ඇඳි කී‍්‍රඩක වස්ත‍්‍ර හා සපත්තු දැක අනෙක් රටවල කී‍්‍රඩකයන් අනුකම්පාවෙන් හා උපහාසයෙන් බැලූ බවත්ය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ ලංකාව වෙනුවෙන් කී‍්‍රඩා කිරීමට වඩා එසේ නොකර සිටීම වඩා හොඳ බවය.
මෙවර 2016 රියෝ ඔලිම්පික් උළෙල සඳහා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් නව දෙනෙකු සහභාගි වූ අතර ඔවුන්ගේ පරිවාර නිලධාරීන් 29 දෙනෙකි. භෞත චිකිත්සකයන් , එක් එක් කී‍්‍රඩකයාගේ පුහුණුකරුවන් මේ අතර සිටින්නට ඇත. එමෙන්ම අත්‍යාවශ්‍ය නොවන නමුත් තම නිල බලය හරහා නිකම්ම නිකං නිලධාරීන් කී දෙනෙක් මේ සඳහා සහභාගි වන්නට ඇද්ද?
කී‍්‍රඩාව මානව ශිෂ්ටාචාරයේ මාහැඟි සොයා ගැනීමකි. කී‍්‍රඩාවෙහි යෙදීම දෙවියන් හා සමීප විය හැකි මාවතක් ලෙස පුරාතන ගී‍්‍රකයෝ විශ්වාස කළහ. ඔලිම්පික් ලාංචනය, ඔලිම්පික් ගිනි සිළුව, ඒ අතීත දේව සංකේත වෙත්. ලෝකයේ වඩාත් ශිෂ්ටාචාරවත් වන්නට වන්නට කී‍්‍රඩාවද වඩාත් ශිෂ්ටාචාරවත් විය. ඔප මට්ටම් විය. අනෙකෙකු හා තරඟයක් නමුත් අනෙකා හා කී‍්‍රඩාවට එකඟ වීම හරහා සංතුෂ්ටියද මිත‍්‍රත්වය ද හැඟවීය. ශිෂ්ටාචාරවත් බවින් තොර වූ ම්ලේච්චත්වය ළංවන කී‍්‍රඩා ක්ෂේත‍්‍රයන්ගෙන් ක‍්‍රමයෙන් ඉවත් වෙමින් යයි. මිනිස් ගොන් පොර එවැනි කී‍්‍රඩාවකි. බොක්ෂිං කී‍්‍රඩාවද එකී ඉරණමට ලක් වෙතැයි ඇතැම් විචාරකයෝ පවසති.
ගෙවී ගිය මාසය පුරා නිත්‍ය ලෙස දවසට පැය කිහිපයක් හෝ ඔලිම්පික් උළෙල නැරඹුවා නම් එය මනුෂ්‍ය හැකියාවේ සංතුෂ්ටියේ හා ශිෂ්ටාචාරයේ මංගල්‍යයක් බව ඔබට වැටහෙනු නිසැකය.
නැවතත් අපි ලංකාවේ කී‍්‍රඩාව දෙසට හැරෙමු. ලංකාවේ සමස්ත කී‍්‍රඩා ක්ෂේත‍්‍රයම කෙතරම් අවිනීත ද යන්න තේරුම් ගැනීමට ලංකාවේ පුවත්පත්වල කී‍්‍රඩා පිටු හරහා දිග හැරෙන අඩාපාලි පමණක් වුව ප‍්‍රමාණවත්ය. අග‍්‍රගන්‍ය කි‍්‍රකට් කී‍්‍රඩක කුමාර සංගක්කාර එංගලන්තයේ ඵක්‍ක්‍ ීචසරසඑ දෙ ක්‍රසජනැඑ  කි‍්‍රකට් කී‍්‍රඩා සමුළුව අමතමින් ලොවට හඬ ගා කී දුක්මුසු හා බියජනක කතාව ඔබ දන්නවා ඇත. ඩොලර් ලක්ෂ ගණනින් සිය කී‍්‍රඩා හැකියාවෙන් කි‍්‍රකට් කී‍්‍රඩකයන් උපයා දෙන මුදල් කි‍්‍රකට් සම්මේලනය විසින් ගසා කා  ඇති තරම කෙතෙක් ද යත් කී‍්‍රඩකයන්ට පඩි ගෙවීමටවත් ඔවුන්ට මුදලක්  නැතිව ගියේය. රාජපක්ෂ පුතුන් රගර් කී‍්‍රඩාවට අවතීර්ණ වී ඒ තුළ පැවති සංහිඳියාව විනාශ කළ අයුරු අපි දනිමු. ඇතැම් දක්ෂ කී‍්‍රඩකයන්ට කී‍්‍රඩා ජීවිතයෙන් පමණක් නොව ජීවිතයෙන්ද සමුගන්නට සිදු විය.
ආසියානු කී‍්‍රඩා උළෙලකදී මැරතන් ඉසව්වකින් රන් පදක්කමක් දිනූ එස්.එල්.බී. රෝසා සමග මීට අවුරුදු පහ හයකට පෙර මම කථා කෙළෙමි. ඔහු ඒ වන විට ඇමෙරිකානු විශ්වවිද්‍යාලයක කී‍්‍රඩා කථිකාචාර්යවරයෙකුව සිටියේය. ඔහු ඇමෙරිකාවට ආවේ ලංකාවට අකමැතිව නොව ඔහුගේ දක්ෂකම්වල නිසි පිළිගැනීමක් තම මව් රටේ දී නොලැබුණු නිසාය. ඔහුගේ දුක්බර කතාව ලංකාවේ දක්ෂ කී‍්‍රඩකයන් බොහෝ දෙනෙකුටම අදටත් පොදුය.
ලංකාව වැනි හෝ ලංකාවට වඩා අඩු දියුණු හෝ රටවල් කිහිපයක් 2016 අගෝස්තු 17 වන විට මෙවර ඔලිම්පික් උළෙලේ ජයග‍්‍රහණය කර ඇති රන් පදක්කම් සංඛ්‍යාව මෙසේය. කියුබාව 8, කෙන්යාව 6, උතුරු කොරියාව 7, ජැමෙයිකාව 5, ඉතියෝපියාව 5, කොලොම්බියාව 4. ඔවුන්ට පුළුවන් අපට බැරි හේතුව අපේ කී‍්‍රඩකයන්ගේ දක්ෂකමේ ඌනතාවක් නොවේ. ඔවුන්ට නැඟී සිටීමට අවශ්‍ය කිසිදු ආණ්ඩුවක් විසින් ඉඩ නොදීමේ කාරණයයි.
වැලිවේරියේදී මීට කලකට ඉහත දී බෝම්බයක් පත්තු වී හිටපු අමාත්‍යවරයෙකු වූ ජෙයරාජ් ප‍්‍රනාන්දු පුල්ලේ අභාවප‍්‍රාප්ත විය. ඔහු සමග මිය ගිය වුන් අතර ප‍්‍රවීණ කී‍්‍රඩා පුහුණුකරුවකු වූ ලක්ෂ්මන් ද අල්විස් හා ආසියානු මැරතන් ශූරයකු වූ කරුණාරත්න (මැරතන් කරුද* විය.  කී‍්‍රඩාවට සම්බන්ධ දෙයක් නොවූ එකී උත්සවයට ලක්ෂ්මන් හා කරු සහභාගි වූයේ ඇයි? ඒ ඔවුන්ට සහභාගිවීමට බලකෙරෙන දේශපාලන තත්ත්වයක් තිබූ නිසාය. හෂාන් තිලකරත්න, සනත් ජයසූරිය වැන්නන් විසින් උපයාගත් කී‍්‍රඩක කීර්ති නාමයන් විනාශ වන්නේ ඔවුන්ගේ පැවැත්මට දේශපාලනය කළ යුතුය යන තත්ත්වයක් රටේ නිර්මාණය වී ඇති නිසාය.
අප නරඹන ඔලිම්පික් උළෙලේ අප‍්‍රමාණ කී‍්‍රඩා ඉසව් සංඛ්‍යාවක් ඇත . ඒවායින් බොහෝ ගණනක් කී‍්‍රඩා වශයෙන් අපට පුරුදු පුහුණු විය හැකි කී‍්‍රඩා ඉසව්ය. එහෙත් අප දරුවන් යොමු කරන්නේ කි‍්‍රකට්වලට හෝ රගර් කී‍්‍රඩාවට පමණි. ඒ දෙමව්පියන්ගේ වරද නොවේ. ලංකාවේ ආණ්ඩුව හෝ පෞද්ගලික අංශය උදව් කරන්නේ ඒ කී‍්‍රඩාවන්ට නිසාය. සමාජ මට්ටමක් ඇත්තේ ඒවාට නිසාය. ජනමාධ්‍යවල වොලිබෝල් තරඟ වාර්තා නැත. හොකී, පාපන්දු කී‍්‍රඩා ගැන ඒ හැටි උනන්දුවක් නැත. මේ ලියුම්කරු මේ ලියන අද දවසේ පුවත්පතක දුටුවේ ලංකාවේ කලක් පාපන්දු ජාතික නායකයාව සිටි තරුණයා කනත්තක කම්කරුවෙකු ලෙස වැඩ කරන බවයි. ඉතිං ඒ වැනි කී‍්‍රඩාවලට යන කල දවස ගැන කවර කතාද?
ජාතියක රටක අභිමානය යනු, එකී අතීතය කල්දේරමක දමා උණුකර බීම නොවේ. වර්තමානයේ ලෝක මනුෂ්‍ය සංහතිය වෙත යහපත් දෙයක් දායක කිරීමයි. මනුෂ්‍ය අභිමානයට හේතුවන කී‍්‍රඩාව, කලාව වැනි දෑ සුපුෂ්පිතව වැඞීමට ඉඩ දී ඒවා ලෝක මට්ටමට ගෙන ඒම රටක වගකීමකි. ඒ සඳහා රටේ දුප්පත් පොහොසත්කම ඒ හැටි බලපාන්නේ නැත. අවශ්‍ය වන්නේ කී‍්‍රඩාවට අවශ්‍ය පසුබිම තනා දීමයි. මෙවර ඔලිම්පික් උළෙලේ පදක්කම් ලාභී දිළිඳු ඌන සංවර්ධිත රටවල් කියාපාන බලවත් සත්‍යයද එයයි

විජය නන්දසිරි



ප‍්‍රතිභාත්මක රංගනයක දේශපාලනය
     විජය නන්දසිරි හදිසියේ නොසිතූ වෙලාවක ජීවිත රඟමඬලින් බැස ගොසිනි. සිය රංගන ප‍්‍රතිභාව හාස්‍ය රංගනයටම සින්න වෙන්නට හැර ඔහු සියල්ල අතහැර ගොසිනි. පොදු ජනතාව යයි කිව හැකි අතිවිශාල සෙනගක් සමඟ රූපවාහිනී තිර ඔස්සේ ද, වේදිකාවේ ද සුහද සාමිචියක යෙදෙමින් සිය රසිකයාගේ ලේ පිරිසිදු කරමින් සිටින අතරේම ඔහු යන්නට ගොසිනි.
     විජය නන්දසිරි මීට වසර දෙකකට පමණ පෙර ටොරොන්ටෝ නුවරට පැමිණියේ ඔහු රඟ පෑ ‘බල්ලොත් එක්ක බෑ’ නාට්‍යය සමගිනි. වත්මන් ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති පරණවිතාන මහතා ටොරොන්ටෝ නුවර කොන්සල් ජනරාල් ධුරය දරණ සමයේ දී ය. පරණවිතාන මහතා ‘බල්ලොත් එක්ක බෑ’ කණ්ඩායම වෙනුවෙන් පැවැත් වූ රාතී‍්‍ර භෝජන සංග‍්‍රහයේ දී මා අන්තිම වරට ඔහු හමුවීමි.
      ඒ සුහද හමුවේදී විහිලූ කළේ විජය නන්දසිරි නොව කුමාර තිරිමාදුරය. විජය නන්දසිරි හාස්‍යයෙන් තොරව (රඟ නොපාමින්) සිටින විට බැ?රුම් මිනිසෙකි. කතා බහද හැසිරීමද බැ?රුම්ය. ඒ මා නිරීක්ෂණය කළ දෙයකි.
විජය නන්දසිරි මිය යාමට ප‍්‍රථම විශාල සේවාවක් ප‍්‍රසාංගික කලාවට සිදු කළ තවත් කලාකරුවෝ රැුසක්ම මිය ගියෝය. එහෙත් ලංකාවේ රසික ප‍්‍රජාව ඔවුන්ගේ වියෝවන් නිසා ඒ තරම් කැළඹුනු බවක් නොපෙනුනි. විජය නන්දසිරි වෙනුවෙන් වන මේ කැළඹීමේ මුල කොතන ද? එයට හේතුව කුමක්ද?
      මේ ලියන මම කවර තරාතිරමේ මිනිසෙකු ලෙස සමාජය තක්සේරු කළත් , කවර තරමේ බැ?රුම් ව්‍යාපෘතිවල නිරත වී සිටියත් ටෙනිසන් කුරේගේ පවා දීර්ඝ විහිළුවලට හිනාවෙන්නට පුංචි තැනක් හෝ ඇත්නම් එය සොයාගෙන සිනාසෙන්නට පුරුදු වූවෙකි. සිනා කතා කියන මිතුරන් සමග මධු සාදවලට කැමැත්තෙක්මි. එහෙව් මට විජය නන්දසිරි වටිනා මිනිසෙකි. ඔහු රඟ පෑ ‘එතුමා’ ටෙලි මාලාවේ දිනපතා එක එක අංකය නැවත නරඹමින් සිටින්නෙමි. ජීවිතය තුළින් සිනාවීමට තැන් බොහෝ අඩු මට සිනාවට අවශ්‍ය දෑ පිටතින් සොයා ගත යුතුය. එසේ නැතහොත් ජීවිතය ආතතියෙන්ම පිරී ඉතිරී පුපුරා යනු නිසැකය. මගේ ඒ ආතතිය අඩු කළ විශිෂ්ට දායකයෙකි විජය නන්දසිරි. සිනාව බොහෝ දුරට අහිමි ජනතාවක් වෙසෙන ලංකාවේ විජය නන්දසිරිගේ වියෝව මහා ශෝකාකූල කලබගෑනියක් වන්නේ මා වැනි රෝගීන් එහි බහුල නිසාය.
        විජය නන්දසිරිගේ ජීවිතයේ දේශපාලනයක් ඇත්තේ ඔහු ‘දේපාලනය’ නොකළ නිසාවෙනි. ඔහුගේ ජනපි‍්‍රයත්වයේ ඉහළ මට්ටම සලකා බලන විට පක්ෂ පවුරු සීමා මායිම් නොතකා ඔහු මැතිවරණයක් තරඟ කළේ නම් නිසැකයෙන්ම පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙක් වන්නේය. එය ඔහුද නොදන්නවා විය නොහැකිය. ඔහු ඔහුගේ අගය දන්නා නිසාම ලංකාවේ වැඩිම මිල අය කළ නළුවන් අතර කෙනෙකුද වන්නේය.
        විජය නන්දසිරි සමස්ත ජීවිතය පුරාම තමා හොඳින් දත් දේ ජනතාවට ප‍්‍රදානය කරමින් සිය දහඩිය මහන්සියෙන් අඹු දරුවන් පෝෂණය කළේය. එය ඉතා වෙහෙසකර කාර්යයකි. මීට වසර තුනකට පමණ පෙර දියවැඩියා රෝගය නිසා පාදයක කොටසක් ඉවත් කර තිබියදීත් කෘති‍්‍රම පාදයක් සවි කරගෙන එය ආධාරයෙන් රඟපෑමම කරගෙන ගියේය. ඒ සඳහා ලංකාව පුරාත් ලෝකයේ විවිධ රටවලත් ඇවිද්දේය. එය දැවැන්ත වෙහෙසකර හා වේදනකාරි තෝරා ගැනීමක් බව කවර කතාද?
     ඔහුට මහින්ද රාජපක්ෂ ළඟට යෑමේ පාර හොඳින් ම විවෘත වී තිබුණාට සැක නැත. ඔහුගේ කුළුපග මස්සිනා මහින්දගේ රැුස් වළල්ල යට පළාත් සභා මන්තී‍්‍රවරයෙකු වී  ද සිටියේය. අනිවාර්යයෙන්ම රාජපක්ෂවරුන්ගේ රශ්මිධාරා පුළුල් කිරිමට විජය නන්දසිරිට ආරාධනා ලැබෙන්නටත් ඇත. ඒවා ප‍්‍රතික්ෂේප කරමින් සිය වෙහෙසකර ව්‍යායාමයේ පමණක් නිරත වීමම විජය නන්දසිරිගේ උත්තුංග භාවයට සාක්ෂියකි.
     ‘මනමේ’, ‘සිංහබාහු’ රඟපාමින් හා උසස් ගනයේ චිත‍්‍රපට ටෙලි නාට්‍යවල පෙනී සිටිමින් පමණක් මේ දුර්භාග්‍ය සම්පන්න සමයේ තුන්වේල සරි කර ගත හැකි වෙතැයි සිතීම මුලාවකි. උසස් ගනයේ කලාව කළ බොහෝ දෙනා ඉතිරි අඩුව පිරිමහා ගත්තේ රාජපක්ෂ වලව්ව පැත්තේ යමින් බව දන්නෝ දනිති. එහෙත් ඒ දෙයට සිත වලංගු කර ගැනීමට විජය නන්දසිරිට නොහැකි විය. එහෙයින්ම උසස්ය කියන කලාවේත් ජනපි‍්‍රය කලාවේත් සමසේ නිරතවීමට ඔහුට සිදු විය.
       මා හොඳින් දුටු දෙයක් නම් විකට රංගනවලදීත් විජය නන්දසිරි හොඳින් ම රඟපෑම කළේ දේශපාලකයාගේ චරිතය බවයි. දේශපාලකයන් ගේ මරි මෝඩකම් හා කුඩු කේඩුකම්ද ඔහුට සිනා වෙනුත්, මුහුණේ  ඉරියව්වලිනුත් හොඳින්ම පෙන්නුම් කිරීමට තිබුණේ අපූරු හැකියාවකි. එසේ ඒ චරිත ර`ගපෑමේ දී උසස් රංගනයක් කළ හැකි වූයේ පවත්නා දේශපාලනය කෙරේ ඔහු සතු අප‍්‍රසන්න හැඟීම නිසා යයි මට සිතේ.
කලාකරුවකු පමණක් නොව  ඕනෑම වෘත්තිකයෙකු පක්ෂ දේශපාලනයේ අතකොළුවීම ඔහුට කළ හැකි සමාජ බලපෑමට ඉතා නරකට බලපායි. ඒ බව මා පළමුවරට තේරුම් ගනිමින් සිටින්නේ කෘරතර පාලනයක් හමාර කරමින් යහපාලනයක් යයි කියා ගන්නා එකක් ගෙන ඒමට දායක වී පශ්චාත්තාපී හැඟීම් ළදරු ලෙස හෝ වැඩෙමින් පවතින අවදියකය. රයිනෝසිරයෙකු සේ වර්ධනය වූ රාජපක්ෂ බලයේ රැුස් වළල්ල නිර්මාණයට සිය අපූරු ප‍්‍රතිභා ශක්තීන් වැය කළ සම්භාවනාවට පත් කලාකාරයන් කෙරේ රසිකයන් තුළ වැඞී ඇති පිළිකුල කොතරම්ද? මේ කලාකරුවන්ට, ඔවුන් බලාපොරොත්තු වූ තාන්න මාන්න හා ධනය නිර්ලෝභීව ලබා දීමට රාජපක්ෂවරු සමත්වීම නිසා තවමත් ඔවුන්ට තමන්ගේ ස්වකීයත්වය නොවැටහෙනවා නිසැකය.
එහෙත් විජය නන්දසිරි කවර තරමේ ධී ශක්තියක් ඇත්තෙකුදැයි වැටහෙන්නේ ඒ නරාවලට ඔහු නොවැටීම නිසාය. ඒ උත්තුංග පෞරුෂය අගය කළ යුතු උතුම් දෙයකි.
       ලංකාවේ සම්භාව්‍ය කලාව ලෝකයේ සම්භාව්‍ය කලාවේ ප‍්‍රමිතීන්ට බොහෝ දුර වන්නා සේම, ප‍්‍රහසන කලාවද ලෝක ප‍්‍රහසනයෙන් බොහෝ දුර වන්නේය. එහෙත් ප‍්‍රහසන කලාව නාට්‍ය ආරම්භයේ සිටම පැවත ආවකි. බොහෝ විකට නළුවෝ බටහිර රටවල අපමණ සම්භාව්‍යත්වයෙන් සළකති.
       ලංකාවේ හොඳම ප‍්‍රහසන නළුවන්ට සම්භාව්‍ය රංගනයේද නිමග්න විය හැකි වූ අතර හුදු විකට නළුවන්ට හොඳ ප‍්‍රහසන නළුවෙකු පවා විය නොහැකි විය. (උදා. ටෙනිසන් කුරේ, පිං පොං)  විජය නන්දසිරි අයත් වන්නේ ජෝ අබේවික‍්‍රම වැනි රංගධරයන් අයත් වන පළමු කණ්ඩායටය.
    විජය නන්දසිරිගේ සමීපතම හෝ දුරස්ථව හෝ මිතුරෙකු නොවූ මම, ඔහුගේ බලවත් රසිකයෙකු වීමි. ඒ ඔහු මා හිනැස්සු නිසාය. මට මනමේ සිංහබාහු සුභ සහ යස රන්කඳ ආදි උසස් නාටකයන්හි විජය නන්දසිරි විශේෂ කොට නොදැණුනේ ඒවායේ සමස්ථය ඔසවා තැබීමට දායක වූ හැමෝම අතර නන්දසිරිද කෙනෙකු වූ නිසාය. එහෙත් සිකුරු හතේ, සුහද කොකා, එතුමා වැනි රංගනයන්හි ඔහු විශේෂ කොට පෙනුණේ ඒවායේ සමස්ථය වනාහි ඔහුම වූ නිසාය. එනම් ඒවා කෘති වශයෙන් නැඟී සිටියේ විජය නන්දසිරිගේ ප‍්‍රතිභාවේ මහිමය නිසා වූ හෙයිනි.
     මගේ එදිනෙදා ජීවිතයේ දුක් දොම්නස් පහකළ මෙවලම් අතර ඔහුගේ හාස්‍ය රංගනයෙන් යුතු නාටක තිබිණි. ඒවා පරණ වන දිනයක් එනු නිසැකය . එවැනි කෘතිවලට එවැනි ඉරණමක් අත්වීම ස්වාභාවිකය. එදාට අළුත් නිර්මාණ අවශ්‍ය වනු ඇත . ඒවායේ විජය නන්දසිරි නැති විට දැනෙන පාළුව..........

Sunday, 31 July 2016

දවුල් හඩ



පාළුවක් නැති ගම්දොරින්
මහා දළදා මන්දිරෙන්
බොහෝ ගතු කේලම් ඔතාගත්
දවුල් හඩ නික්මෙයි.....වලාවට
යුක්තියක් පතමින්

Thursday, 28 July 2016

මතක කඳුළු




   අම්මා අපව හැර ගොස් අදට අවුරුදු තිස් එකකි. අප වෙනුවෙන් දුක්වු ඇගේ මුහුණේ ඇඳුණු දුක්බර රේඛා දැනුදු මට මතකය. ඊටත් කලිං අපේ ජීවිතවලට අඩිතාලම සකසා දුන් අප්පච්චී ද අපව හැර ගියේය. ඒ ජූලි 22 දාකය. බොහෝ දරුවන්ට මෙන් මටද ලැබුණේ හොඳම මවිපිය දෙපලකි. ඒ දෙපලම මගේ ජීවිතයේ තීර්ව ජයග‍්‍රහණ හා බැරෑරුම්  පසු බැසීම් දකින්නට ජීවත්ව සිටියේ නැත. කෙනෙකුට තවත් කෙනෙකු උදෙසා පින් පැවරිය නොහැකි බව දන්නා නමුත් මගේ දහඩිය මහන්සියෙන් තැනුණු මගේ ක්ෂුද්‍ර ගොවිපොලේ එළවළු අස්වැන්නෙන් හා මදි අඩුව කඩෙනුත් ගෙනැවිත් මා විසින්ම පිළියෙල කළ දානයක් භාවනානුයෝගීව වැඩ වසන බංග්ලාදේශ ජාතික භික්ෂුවකට අද දින පිළිගැන්වූයෙමි. මට ඉන් ලැබුණු ආත්මික සහනය අති විශාලය

පාර භෞතික කලාපයක පවත්නා එකිනෙක ආගම්වල හොඳ නරක විමසීමේ නරක පුරුද්ද මට නැත. උපන් විට ලැබුණු බුදු සමයට අනුගතව මා එහි අපමණ සහනශීලීත්වය භුක්ති විඳිමි. එහෙයින්ම මට දනක් දෙමින් මගේ දෙමව්පියන්ට කළගුණ සැලකුවායැයි සහන් සංවේගයක් (පහන් සංවේගයක් නොවේ.) ලැබීමි. මම මගේ අම්මාගේ මළගමදා ඇගේ සොහොනේ ඉදිකළ තොරණේ වෙස්සන්තර ජාතකයෙන් තෝරා ගත් කවක් මෙසේ ලියා තැබීමි

‘‘මහ මුහුදත් මදිය කියා රස කිරි දුන්   අම්මා

සතර අපායේ නොවැටී නිවන් දකින්   අම්මා’’

Thursday, 14 July 2016

වලාකුළු බැම්ම –සහෘද කතිකාව


       මිනිසෙකුට තවත් මිනිසෙකු හමුවීම උත්පත්තියේදීම සිදුවන්නකි. එතැනින් ඇරඹෙන තවත් මිනිසුන් මුණගැසීම මව් පිය සහෝදර සහෝදරි නෑදෑ හිත මිත‍්‍රාදීන් වශයෙන් ද සතුරන් වශයෙන්ද දිගට ඇදී යයි.
ලෙන්ගතුකම් වනාහි ලෝකය ප‍්‍රභාමත් කරන දෙවන හිරු යයි මම සිතමි. මාගේ ජීවිතයේ මෙතෙක් ආවේ ළෙන්ගතුකම්වලට පින්සිදුවන්නටය. මේ තවත් එවැන්නකි.
       මා මෑතකදී ලියූ ‘වළාකුලු බැම්ම’ පිළිබඳ ශී‍්‍ර ලාංකික රසිකයන්ගේ සමීප අදහස් තවමත දැන ගන්නට විදිහක් නැත. විචාරයන් තවම පළවී ඇත්තේ එකක් පමණකි. විචාර ලියවා ගැනීමේ හා පළකර ගැනීමේ අරගලය හරිම නීරස එකකි. ඇත්තටම දැන් මට එවැන්නක් එපා වී ඇත.
      එහෙත් මගේ නවකතාව අරබයා අප හිතවත් ජයලත් සමරක්කොඩි සහෝදරයා පසුගිය  11 වන දින අපූරු මැදිහත්වීමක් කළේය. කොහොමත් පොත පත කියවන දේශපාලනිකව සබුද්ධික ඔහු මගේ පොත කියවා හමාර කළ විට මම පොත ගැන ජයලත්ගේ අදහස් විමසීමි. ඔහු ගේ යෝජනාව වූයේ පොත කියවූ තෝරාගත් පිරිසක් සමග ඒ ගැන සාකච්ඡුා කරමුද කියාය.
       මගේ අනුමැතියෙන් පසු එය එසේම සිදුවිය. ජයලත් සිය සහෘදයන්ට යැවූ ආරාධනා පත‍්‍රය මේ සමග දැක්වේ. සංවාදය පැවතුනේ ඔහුගේ නිවසේ එළිමහනේය. ආරාධනා ලැබූ සියල්ල පැමිණියෝය.
ඉතාම සහෘද සිතින් පැමිණි සියල්ල මගේ ‘වලාකුළු බැම්ම’ ග‍්‍රහණය කරගත් අයුරු සාකච්ඡුා කළේය. ඔවුන් දැක්වූ අදහස් සියල්ල පාහේ ධනාත්මකය. මට මගේ නිර්මාණ ජීවිතයට වැඩ දායකයක. ඒ ආශ්වාද ජනක සන්ධ්‍යාව සංවිධානය කළ ජයලත් හා ලලිතා සමරක්කොඩි දෙපළගේ වෙහෙස මහන්සිය මට සැමදා මතක තියේවි.  ඛාධ්‍ය බෝධ්‍ය  ආදියෙන් අඩුවක් නොවූ  සීමා මායිම් නොතැකූ විවෘත භාවයකින් ගෙවී ගිය සහෘද සන්ධ්‍යාවක් විය. මෙවැනි ලෙන්ගතුකම් නිර්මාණකරුවෙකුට කෙතරම් වටීද? මේ ඒ සන්ධ්‍යාවේ ආචාර්ය පි‍්‍රයන්ත කුලසේකරයන් දැක්වූ අදහසය. විටින් විට මේ අදහස් ගෙන ඒමට ඉදිරියේදීත් බලාපොරොත්තු වෙමි.
මෙය කැමරාගත කරන ලද්දේ මා හිතවත් සුනිමල් බාලසූරිය සොහොයුරා විසිනි. අල්ලපු නිවසේ එළිමහනේ ඉන්දියන් ජාතික නිවසක සාහිත්‍යමය නොවන මධු සාදයකි. ඒ හඬවල්ද මේ රූප මාලාව අතරට කැවී තිබේ. හොඳ දක්ෂ කැමරා ශිල්පියෙකු වන සුනිමල්ට වුවද තත්ත්වය පාලනය කර ගත නොහැකි වියග එතුමන්ගේ සහාය නොවන්නට මේ අදහස් ගොනුව ඉදිරිපත් කරන්නට නොහැකි වනු නිසැකය. 

Sunday, 10 July 2016

අපේ අළුත් ජාතික වීරයා




(2016-06-26 වන දින ‘සත්හඩ’ පුවත්පතේ පලවූ කොලම)
           එක් දහස් නවසිය අනූ ගණන් අග භාගයේ වසර දෙකක පමණ කාලයක් ජාතික අධ්‍යාපන ආයතනයේ අමතර කියවීම් පොත් සම්පාදන කමිටුවක සාමාජිකයෙකු ලෙස මා පත්කර තිබිණි. හයවන ශ්‍රේණිය සිට නවවන ශ්‍රේණිය දක්වා වූ පංති සඳහා මේ අමතර කියවීම් පොත් සකස් කෙරිණි. මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු, ඇරැුව්වල නන්දිමිත‍්‍ර, සෝමා ජයකොඩි ඇතුළු තවත් රට පිළිගත් කිහිප දෙනෙක් ඒ කමිටු සාමාජිකයන් ලෙස කටයුතු  කළේය. අපට සකස් කරන්නට තිබූ අමතර කියවීම් පොතකට මෑතකාලීන ජාතික වීරවරයෙකු පිළිබඳ පරිච්ෙඡ්දයක් ඇතුළු කිරීමට අවශ්‍ය විය. අප කමිටුව මේ පිළිබඳව පුරා රැුස්වීම් වාර දෙකක් සාකච්ඡුා කළා මතකය. එහෙත් ප‍්‍රාථමික ශ්‍රේණියක ඉගෙන ගන්නා ළමයෙකුගේ මනස තුළ අවිවාදිත වීර ප‍්‍රතිරූපයක් සොයා ගැනීමට අවශ්‍ය වීර චරිතයක් අපට සොයා ගැනීමට  නොහැකි විය. එක් අයෙකු නැසීගිය ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ නම යෝජනා කළේය. එහෙත් රට තුළම පවතින සිවිල් යුද්ධයක එක් පාර්ශවයක ජෙනරාල්වරයෙක් වීරයෙක් ලෙස උත්කර්ෂයට  නංවන්නේ කෙසේද යන ප‍්‍රශ්නය මා යෝජනාකරුගෙන් ඇසුවා මතකය. කෙසේ වෙතත් අපට අමතර කියවීම් පොත් සඳහා අවිවාදිත වීරචරිතයක් සොයා ගැනීමට නොහැකි වීය යන්න මගේ මතකයයි.
         සැබැවින්ම පසුගිය වසර පනහක පමණ කාලයේ පාර්ශ්වික වීරයන් මිසක ජාතික මට්ටමේ වීරයෙකු සොයා ගැනීමට රටක් වශයෙන් අපට නොහැකි වීය යන්න මගේ හැඟීමයි.
          එහෙත් ලංකාවේ අනතුරුදායක ඉරණම් ගමනක් සිය දැවැන්ත පෞරුෂයෙන් වැළකූ අති විශිෂ්ට පුද්ගලයෙකු අපට හමුවුයේ 2015 ජනවාරි අට වෙනි දිනය. ඔහු පාර්ශ්වික පුද්ගලයකු නොව සකල දේශවාසී සියලූ වාර්ගිකයන්ගේ අනාගතය භයානක ඉරණමකින් බේරාගත් විශිෂ්ටයෙකි. කොන්ද කඩා ගත් රාජ්‍ය සේවයේ කොන්ද ඇති මිනිසුන් අතළොස්ස අතර ගලිවර ඔහු විය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය මානව නිදහස හා අ¥ෂිත බව පි‍්‍රයකරන සෑම මිනිසෙක් ගැහැනියක්ම ඔහුට ණයගැතිය. බුද්ධිමතුන් ගැවසෙතැයි සැක කෙරෙන  විශ්වවිද්‍යාලය තුළින්, පාර්ලිමේන්තුව නම් වූ විශාල හතරැුස් කොටුව තුළින්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආරක්ෂකයන් යැයි කියන දේශපාලන පක්ෂ තුළින් එවන් වීරවරයෙකු බිහිවූයේ නැත.
         මහින්ද දේශපි‍්‍රය ඒ වීරයාය. මම අද වැනි දිනෙක යට කී අමතර පොත් ලියන කමිටුවේ සාමාජිකයෙකුව සිටියා නම් මා ඒ පොතට ඇතුළත් කළ යුතු වීරයා ලෙස යෝජනා කරන්නේ මහින්ද දේශපි‍්‍රයය.
සිංහලයාගේ මතකය දින දෙක තුනකට පමණක් සීමා වන්නේ යැයි ජනවහරක් තිබේ. සැබැවින්ම එය ඇත්තකි. දේශපි‍්‍රයයන්ගේ නිර්භීතකම් ගුණවරුණ ළමයින්ට හා සමාජ කි‍්‍රයාධරයන්ට කියා දිය යුතු මහාර්ඝ දෙයකි. එහෙත් එසේ වන්නේ නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අවභාවිතයට එරෙහිව වසර ගණනාවක් තිස්සේ විවිධ මූලාශ‍්‍ර සහිතව සටන් කළ මිනිසුන්ගෙන් සමහරු මිය ගොසිනි. සමහරු සටන අතහැර ප‍්‍රවාහයට එක්ව සිටිති.
යුද්ධය විසින් සමාජය මත හෙලන ලද දැවැන්ත භීතිය ලංකාවම හිරි වට්ටා තිබිණි. එය මැඩ පැවැත්වීම හෙවත් ප‍්‍රභාකරන් පැරදවීම උදෙසා සමාජයේ වැදගත් මූලධර්ම සියල්ල අහෝසි වූවාට වරදක් නැතැයි සිතන තැනට සමාජය පත් වූයේය. සිය ශාස්තෘවරයාගේ ඉගැන්වීම් අවභාවිතා කොට වුවද යුද්ධයට පක්ෂපාතී වීමට කිසිදු හිරිකිතයක් භික්ෂූන්ට නොතිබිණි. අවසානයේ මේ දාතම රහිත ජන අනුමැතිය සහිතව මහින්ද රාජපක්ෂ යුද්ධය ජයග‍්‍රහණය කළේය. යුද ජයග‍්‍රහණයෙන් ඔද වැඩුණු සිංහලයෝ  ඕනෑ දෙයක් කිරීමේ රාජපක්ෂ වරුන්ට දුන් ජන අනුමැතිය ආපසු කැඳවා ගැනීමට උත්සාහ නොකළෝය. රාජපක්ෂවරුද යුද ජයග‍්‍රහණයේ සන්නාමය වෙමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය මානව අයිතීන් හා මහජන ධනය කොල්ලකෑම ඇරඹුවේය. සුදු වෑන් සංස්කෘතිය විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි සුධීමතුන්ගේ අ`ඩු කඩන ලදි. මානව අයිතිවාසිකම් කි‍්‍රයාධරයන්ගේ හඬ නිහඬ කරන ලදී. තමන්ට අභිමත පරිදි නඩු  නො ඇසු නඩු කාරයන්ට අවමන් කොට ඒ උත්තරීතර තනතුරුවලින් ඉවතට ඇද දමන ලදී.
         එහෙත් දෙවියන් විසින් ඒ අත්තනෝමතික පාලකයාට තමන්ගේ (දෙවියන්ගේ) හාල් කැව්වේය. බල මෝහයේ ඝන අඳුරින් ඔහුට හාත්පස නොපෙනෙන්නට සලස්වන ලදී. බිහිසුණු තව වසර දෙකක් ලේ ගංගාවන්ගෙන් මහපොළොව තෙමෙන්නට ඉඩ නොහරින ලදී. එහෙයින් තවත් නීත්‍යානුකූලවම වසර දෙකක් තිබියදී පහසු ජයක් සඳහා ඒ අත්තනෝමතිකයා විසින් ජනාධිපතිවරණයක් කැඳවන ලදී.
එම ජනාධිපතිවරණය ගල උඩ සටනක් විය. සිය වසකට වඩා පැරණි නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පැවැත්ම තීරණය කරන තීරණාත්මක සටන ඒ ගල උඩ දී වෙන්නට නියමිතය. ඒ ගල උඩ සටනේ විනිසුරු වූයේ මහින්ද දේශපි‍්‍රයයන්ය. මහින්ද දේශපි‍්‍රයද තම පූර්වජයන් ගිය මග ගියා නම් අද අඬු කැඩුනු යළි පිළිසකර කළ නොහැකි ප‍්‍රජාතන්ත‍්‍රවාදයක හිමිකරුවන් වන්නට අපි නියමිතව සිටියෙමු. එහෙත් එය එසේ නොවීය. ඔහු තමා වෙත පැවරුණු යුක්තිය ඉෂ්ට කිරීමේ ශුද්ධ වූ වගකීම මනාව ඉටු කළේය. ඔහු තමන්ට බලවත් හෘද සාක්ෂියක් ඇති බව ඔප්පු කළේය. යුක්තියේ මහභාරකාරයා වූ අග විනිසුරුවරයා අරලියගහ මන්දිරයේ කාණු පල්ලේ ලගිද්දී මැතිවරණ කොමසාරිස් නම් සුළවතා සිය අභිත බව මනාව ප‍්‍රකට කළේය.
       මැතිවරණ කොමසාරිස්වරයෙකු ලෙස අදීන රාජ්‍ය සේවකයකු ලෙස ඔහු තමාට කළ හැකි උපරිමය ඉටු කළේය. ඒ සිය දිවියද පරදුවට තබමිනි. සිය සහායක ජනයා වෙත නායකත්ව ගුණ වපුරවමිනි. කෝටි සංඛ්‍යාත සල්ලි බෙදමින් ඡුන්ද කළවුන්ට මැතිවරණ පනතේ  හැටියට ඡුන්ද කරන්නට බොහෝ කළකට පසු සිදු වූයේ මහින්ද දේශපි‍්‍රය නිසාවෙනි.
      ඒ තනි මිනිහාගේ මහිමය නිසා බලයට පත් ආණ්ඩුව ඒ තනි මිනිසා කපා දුන් වටිනා පාරේ ගමන් කරන්නේද? අප ප‍්‍රධාන නායක දෙපලගෙන් ද ඔවුන්ගේ අනුගාමිකයන්ගෙන්ද ඇසිය යුත්තේ එයයි.
අපගේ මෑත ඉතිහාසයේ රට විනාශයට යන මගට තනි පුරුෂ ශක්තියෙන් අභියෝග කළ මහා වීරයා ලෙස මහින්ද දේශපි‍්‍රය නාමය අන් සියල්ලට ඉහළින් ඔසවා තැබිය යුතුය.