Thursday 13 June 2013

මහාචාර්ය නලින් ද සිල්වාගේ ප‍්‍රචංඩ වික‍්‍රම




සුප‍්‍රකට දොරමඬලාව වැඩ සටහනේදී මහාචාර්ය නලින් ද සිල්වාගේ තවත් වික‍්‍රමයක් දුටු නිසා මෙය ලියන්නට සිත්විය. වසර තිහක් පමණ මුළුල්ලේ ඔහුගේ ප‍්‍රචණ්ඩ වික‍්‍රමයන් සමග සිය බුද්ධිමය ඇතැම් දේ දකිමින් සිටින අපට මේවා අමුත්තක් නොදනවයි. එහෙත් එ්වා එ් ලෙසින් දරා සිටින ලාංකීය බුද්ධිමය සමාජය පිළිබඳ තක්සේරුවකට එ්මට මේවා දකින අපට පුළුවන.  ජීවිතයේ වැඩක්ම නැතිකාලයේ දේශපාලන හිත පක්ෂපාතිකම් වලට ආශක්තව සිය බුද්ධිමය අනන්‍යතාවයට තමාම කළුතෙල් පහරවල් එල්ලකරගෙන ඇති නමුත් විද්‍යාත්මක සත්‍යයන් සමාජය මත ස්ථාපනය කිරීමත් එ් මගින්  ලංකාවේ ප‍්‍රජාතන්තී‍්‍රය ගැඹුර සඳහා දක්වා ඇති දායකත්වයත් නිසා මහාචාර්ය කාලෝ ෆොන්සේකා යනු ශී‍්‍ර ලාංකීය සමාජයට නොතකා හැරිය නොහැකි පුද්ගලයෙකි. මහාචාර්ය  සිල්වාගේ කෝපාග්නියේ මෙවර ගොදුර බවට පත්වූයේ ඒ මහාචාර්ය කාලෝයග
මේ පිළිබඳව කෙරුණු සාකච්ඡුාවකදී මගේ මිතුරකු පැවසුවේ එදා දොරමඩලාවේදී වූ වරද ඇත්තේ මහාචාර්ය සිල්වාගේ නොව දොරමඬලාව මෙහෙය වූ හසන්ත හෙට්ටිආරච්චිගේ බවය. හසන්ත යනුද එ්ක පාර්ශ්වික දැනුමක් දරා සිටින පුද්ගලයකු බව එ් වැඩ සටහන මෙහෙයවන ආකාරයෙනුත්, එ් සඳහා තෝරා ගන්නා බුද්ධිමතුන්ගේ ස්වරූපයෙනුත් වටහා ගත හැකිය. කාලෝ ෆොන්සේකා වැන්නන් එයට සහභාගි කරගන්නේ වැඩසටහනේ ඊනියා මධ්‍යස්ත බව රැුක ගැනීම සඳහාය.
මහාචාර්ය නලින් අනවරථ ලෙස සිය මතයන් බලගැන්වීම සඳහා දීර්ඝ කාලීන ලෙස වෙහෙස වූ අංක එකේ බුද්ධිමතුන් දෙදෙනාගෙන් කෙනෙකු ලෙස හැඳින්විය හැකිය. අනෙකා දිවංගත මහාචාර්ය සුචරිත ගම්ලත්ය.
ජාතිකවාදයට අනුගත වීමට පෙරාතුව ආචාර්ය නලින් ට්‍රොට්ස්කිවාදය ඇසුරේ හැදී වැඩෙමින් සිය බුද්ධිමය සමානයන් අතර කල් ගෙවූ යුගයේ කියවීමෙන් පමණක් නොව ඇසුරින්ද බොහෝ දේ ලබාගත්තේය. එහෙත් සිය සුප‍්‍රකට ‘මාක්ස්වාදය අතහැරීමේ’ කි‍්‍රයාවෙන් පසුව ඔහු කෙමෙන් ජාතිකවාදයේ ඌනිතම අන්තය කරා සේන්දු විය. එහිදී නලින්ට සමානයකු ඒ අලූත්  කඳවුරේ හිටියා නම් එ් ගුණදාස අමරසේකර පමණකි.
ගම පිළිබඳ අලංකාරෝක්ති සැබෑ වූ යුගයක ගැමි ප‍්‍රභූවක ජාතක වූ අමරසේකර සිය කලාකාර, හැඟීම්බර හදවත එ් අතීතය සොයා යාමට දරන ලද අවිඥානක ආසාවේ තාර්කික වැඩ බිම ඔහු අද සිටින ජාතිවාදී දේශපාලනයයි. එහෙත් ඔහු වම සජීවී පවතිද්දි, එම ව්‍යාපාරය මහා පුරුෂයන් (ඇන්.ඇම්., කොල්වින්, වික‍්‍රමසිංහ වැනි* අරා සිටිද්දී, එහි අවංකභාවය සිය ඇස් පනා පිට පෙනෙද්දී අමරසේකර එයට අශක්තව සිටි ු කැපී පෙනෙන සමසමාජ කාරයෙකි. ඇන්.ඇම්. මිය ගිය මොහොතේ සෝකයෙන් පීඩිතව දුර්ජන ලාංකිකයනට ඔහු කීවේ ‘දැන්වත් ගොස් වඳු එ් සිරිපතුල’ කියාය. එහෙත් අමරසේකර රඳවා ගන්නට තරම් බලසම්පන්න වමක් හෝ නායකත්වයක් අද නැත. එහෙයින් යළි ඔහුගේ ගම පිළිබඳ අලංකාරෝක්ති සිහිනය වැමෑරිය හැකි ජාතිකවාදයට විතැං වී ඇත.
නලින් ගේ පියා හොඳම සිංහල ගුරුවරයෙකු වුවත් ගැමියකු නොවේ. එහෙයින්ම නලින්ට ගම ආගන්තුකය. ඔහුට සිංහලකම හා බෞද්ධකම දැනෙන්නේ  ඕල්කට්තුමාට හෝ ඇනී බැසැන්ට බෞද්ධකම දැනුනාට වෙනස් ලෙස නොවේ. ලංකාවේ ගම හා බැඳුණු අතීත බුදු දහම මහ පොළොවේ ස්ථාපනය වූයේ සංග‍්‍රාමයකින් පසුව නොවේ. ඉවසීම සවන්දීම සාකච්ඡුාව වැනි සංකථනයන් ඔස්සේය. ආනන්ද මෛති‍්‍රය වැනි මහා තෙර නමක්  පිළිබඳ ගැඹුරු සමාජ ගෞරවය එන්නේ එතැනිනි.
නලින්ගේ සිය බුදුදහම හා සිංහලකම පිළිබඳ කතිකාවන් තුළ බොහෝ තර්කානුකූල දේ තිබුණත් එ් විස්තාරණ විලාසය එන්නේ තමා ගණිතඥයකු ලෙස ලබාගත් දැනුමත්, ට්‍රොට්ස්කිවාදියකු ලෙස දේශපාලන සංග‍්‍රාම භුමියක අනෙකා පරයා නැඟීම පිළිබඳ හුරුපුරුදුත් තුළින්ය. එහෙයින් නලින් මුදාහරින බුදුදහම පිළිබඳ දැනුම ඊට පෙරාතුව ඒ විෂයෙහි පරප‍්‍රාප්ත මහාචාර්ය කේ. එන්. ජයතිලක, ගොඞ්වින් සමරරත්න, මහින්ද පලිහවඩන වැන්නන්ගේ බරසාර දැනුමට වෙනස්ය.
බුදු දහමේ කවර මානයක් පිළිබඳ කතිකාවකදී වුව මේතරම් ප‍්‍රචණ්ඩ ව එය ඉදිරිපත් කළ නලින් තරම් බුද්ධිමතකු මින් පෙර නොසිටියේය. එමෙන්ම ප‍්‍රචණ්ඩත්වය සිය මතවාදි විලාසය බවට පත් කරගත් දැනුමැත්තෙකුද මින්පෙර ශී‍්‍ර ලාංකික බුදුදහම විෂයෙහිද  නොසිටියේය.
ප‍්‍රචණ්ඩත්වයට කවර තරමේ හෝ ඉඩකඩක් බුදුදහමේ තර්ක මාර්ගය තුළ නැත. එවැනි බුද්ධිමතුන් ද එම විෂය තුලදී අපට හමු නොවේ. එ් අතින් නලින් ද සිල්වා එ් ක්ෂේත‍්‍රයේ පළමුවැන්නා වේ. ඔහු අනුගමනය කරමින් සිටින නිල හෝ නොනිල ගෝලයෝ ඊටත් එහාට ගොස් දැන් මුලූ රටම වනසමින් සිටී. චම්පික රණවක, බොදුබල සේනා, රාවණා බලය ආදි දහසක් බලඇණි  එ් ගෝල සමූහයයි.
මගේ අදහස නම් නලින්ට සමාජයේ බොහෝ සිවිල් බලැති නිල බුද්ධිමතුන් බියක් දක්වන බවයි. නලින්ගේ මත තාර්කිකව ඛණ්ඩනය කරන බුද්ධිමතුන් කිහිප දෙනෙක්ම මට හමුව තිබේ. එහෙත් ඔවුන් එය කරන්නේ තමන්ට විශ්වාසී සගයන් සමග ඔවුන්ගේ කවයන් හි දී  මිස ප‍්‍රසිද්ධියේ නලින් සමග නොවේ. එ් බොහෝ විට නලින්ගේ කිල්ලෝටයේ නැති හුණු ඔවුන්ගේ කිල්ලෝටවල තිබෙන නිසා විය හැකිය.
වමේ කඳවුරේ නලින් සිටියදී ඔහුට සමාන ලෙස අභියෝග කළ හැකි කිහිප දෙනෙක්ම එ් කඳවුරේම සිටියෝය. එහෙත් අද සේන්දුව සිටින ජාතිකවාදි කඳවුරේ නලින්ට ඇසෙන්නේ අභියෝග නොව අත්පුඩි පමණය. එ් අත්පුඩි බලවේගය හරහා න්‍යායික රජකු වී සිටින නලින්ට ඉඳහිට හෝ ඇසෙන කාලෝගේ වන් අභියෝග ප‍්‍රසිද්ධි සජීවි නාලිකාවකදීවත් ඉවසාගෙන සිටිය නොහී ගහන්නට පනියි. රෝගියෙකුද, වයස්ගත මිනිසෙකුද, වන කාලෝ සමග ජාතිකවාදියකු බෞද්ධ නායකයකු හැසිරෙන්නේ මෙහෙම නම් ඔහුගේ බෞද්ධකමින් ලැබුණු හික්මීම එයින්ම වටහා ගත හැකිය.
මේ බුද්ධිමය ප‍්‍රචණ්ඩත්වයට අත්පුඩි තලන පිරිස වැඩි වෙමින් තිබීම සමාජය ඇද වැටෙමින් පවතින ඛේදවාචකයේ තරම කියා පායි. ආචාර්ය නලින්ද සිල්වා හැසිරෙන්නේත්, ආචාර්ය මර්වින් සිල්වා හැසිරෙන්නේත්, එකම අයුරින් නම් දෙදෙනාටම අත්පුඩි තලන අය දෙකොටසක් විය හැකි වුවත් අවසානයේ ඔවුන් එකම ගොල්ලක් වේ. මර්වින් සිල්වා අනුගමනය කරන්නේ සමාජයේ නූගත් පහළ කොටස් නම් නලින් සිල්වා අනුගමනය කරන්නේ සමාජයේ උසස් යයි සම්මත කොටස්ය. අවසානයේ සියල්ලෝම රට ඛේදවාචකයට ගෙන යාමට සමානව දායකත්වයක් දරයි.