Thursday 24 October 2013

පරණ පව් පලදී ඇති එක්සත් ජාතික පක්ෂය


                   තව නොබෝ දිනකින් එක්සත් ජාතික පක්ෂය විපක්ෂයේ සිටි කාලය අවුරුදු 20ක් සපුරන්නේය. එය බලය හිමිව සිටි දේශපාලන පක්ෂයකට හිතා ගන්නට බැරි තරම් අමාරු කාලයකි. ලංකාවට නිදහස ගෙනා විට ඉන් පසු බලය හිමිකරගත් පක්ෂය, එක්සත් ජාතික පක්ෂයයි. අද පවත්නා දේශපාලන ක‍්‍රමය පදනම්ව පවත්නා ව්‍යවස්ථාව සම්පාදනය කළේ එක්සත් ජාතික පක්ෂයයි. එපමණක් නොව 1948 සෝල්බරි ව්‍යවස්ථාව සැකසීමේදී පවා එක්සත් ජාතික පක්ෂය වැඩි වැඩ කොටසක් ඉෂ්ට සිද්ධ කළේය. සැබැවින්ම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය කියන්නේද එක්සත් ජාතික පක්ෂයෙන් කැඞී ගිය නායකයකු බිහිකළ දේශපාලන පක්ෂයකි. 1952 වන තෙක් බණ්ඩාරනායක සිටියේ එක්සත් ජාතික පක්ෂයේය.
                  එහෙව් එක්සත් ජාතික පක්ෂයට මේ සිදුව ඇත්තේ කුමක්ද? සැබැවින්ම එය එහි නායකයා වන රනිල් වික‍්‍රමසිංහගේ ඇති නායකත්ව ගුණ හීන වීම නිසා ඇතිව ඇති අර්බුදයක්ද? එහෙමත් නැත්නම්, විශේෂයෙන් 1977 සිට දහහත් වසරක් ගෙවා දැමූ සිය පාලන සමයේ සිදුකළ සිතාගන්නට බැරි තරම් වූ දේශපාලන පාප කි‍්‍රයා පටිසන් දීමක්ද?
                  එක්සත් ජාතික පක්ෂය එකළ වාමාංශිකයන් විසින් හැඳින් වූයේ කොම්ප‍්‍රදෝරු ධනපතියන්ගේ දේශපාලන පක්ෂය ලෙසිනි. එය ගමේ වැඩවසම් ප‍්‍රභූවරයාගේ සිට සිල්ලර කඩයක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයාගේත්, බහු ජාතික ව්‍යාපාර හිමි ධනපතියන්ගේත් දේශපාලන පක්ෂයයයි හැඳින්විනි. කුඹුරු පනත, බස් ජනසතුව වැනි එකලට සාපේක්ෂව ප‍්‍රගතිශීලී යයි හැඳින්වුණු සෑම සියලූ දේශපාලන කි‍්‍රයාවලියකදීම පක්ෂයක් වශයෙන් එක්සත් ජාතික පක්ෂය ඒවාට විරුද්ධ විය.
                     එ් එක පැත්තකි. එම පක්ෂයේ පූර්වතම සංවිධානය වූ ලංකා ජාතික සංගමය පක්ෂයක් ලෙස සකස් වීමේදී එයට සුදුසුම නම ලෙස ‘එක්සත් ජාතික පක්ෂය’ යන්න තීරණය විය. එ් සඳහා බලපෑවේ ලංකාවේ සියලූ ජාතීන් නියෝජනයට එම පක්ෂය සූදානම් විය යුතුය යන්නයි. සැබැවින්ම එක්සත් ජාතික පක්ෂය, ඒ නියෝජනය උදෙසා සැලකිය යුතු මට්ටමකින් කැපවිය. මුස්ලිම් හෝ දෙමළ ජාතිකයෙක් පක්ෂයේ සභාපතිවීම, තනතුරු සංයුතියෙන් සැලකිය යුතු කොටසක් සුළු ජාතින් වෙත පිරිනැමීම. සිය ඡුන්ද පදනම පොදුවේ ශී‍්‍ර ලාංකික පොදු ජාතිකත්වය නියෝජනය කිරීම එකී තත්ත්වයට සාධකයන්ය.
                  මේ සියලූ තත්ත්වයන් මෙසේ  වුවත් 1977න් පසු එළැඹි එක්සත් ජාතික පක්ෂයේ නව යුගය ඊට පෙර තිබුණු එම පක්ෂයේ සහනශීලී ස්වරූපයට බොහෝ වෙනස් විය. ජේ.ආර්. ජයවර්ධනට, තමන්ගේ වයස 72ක් වන තුරුම බලයට පත්වීමට නොහැකි වූ කාරණා කෙරෙහි ඔහුට වෛරයක් තිබිණ. ඞී.ඇස්. විසින් ඩඞ්ලි පෙරමුණට ගැනීම නිසා එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් තිදෙනෙකුට නායකත්වයට එ්මට තිබුණු අවස්ථා අහිමි විය. එ් ජේ.ආර්.ට, බණ්ඩාරනායකට හා කොතලාවලටය. බණ්ඩාරනායක තත්ත්වය කලින්ම තේරුම් ගෙන එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වී තමන්ගේම වූ දේශපාලන පක්ෂයක් තනාගෙන බලයට පත්විය. කොතලාවලද 53 හර්තාලයේ ප‍්‍රතිඵලයක් ලෙස බලයට පත් වීමට හැකියාව ලැබුණි. එහෙත් එවැනි අතුරු අවස්ථා හිමි නොවූ ජේ.ආර්ට සිය ජීවිතයේ සැඳෑසමය තෙක්ම බලය සඳහා බලා සිටීමට සිදු විය. එ් බලාසිටියේ නිකම්ම නොවේ. තම අවස්ථාව අහිමි කළ උන් කෙරේ වූ මහත් වූ ක්‍රෝධයක්ද, වෛරයක්ද සමගිනි. එ් වෛරයේ කොටසක් ජනතාව කෙරේද යොමු වී යයි සිදුවීම් අනුව සිතාගත හැකිය.
ජේ.ආර්. ගේ පුද්ගල ජීවිතයේ කරුණු සලකා බලන විට, ඔහු මෘදු ගුණ හීන, කෲර ගුණ වැඩි, එහෙත් ඈත දැකිය හැකි, පොත පත කියවූ, රාජ්‍ය තාන්ති‍්‍රක ඥානය ඉහළ, තමන්ගේම වූ ලෝක දැක්මක් සහිත පුද්ගලයෙකි.  මේ සියලූ පුද්ගල ගුණාංග ඔහුගේ 1977 ව්‍යවස්ථාව තුළ අඩංගුය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන කුණාටුවලට හොඳින් ඔරොත්තු දෙන ජනේල ඔහුගේ ව්‍යවස්ථාව තුළ විය. ඔහුගේ ව්‍යවස්ථාව තුළ වූ එක හොඳක් සේ සැලකෙන එක් පුද්ගලයකුට දෙවරක් පමණක් ජනාධිපති ධුරය දැරීමේ කාල වකවානු නිර්ණය තමන්ගේ වයස හා සසඳා කළ ඇතුළු කිරීමක් යැයි කෙනෙකුට සාධාරණ තර්කයක් නැගිය හැකිය.
කෙතරම් සවි සම්පන්න බලකොටුවක් වුවත් අර්බුද පැමිණියේය.  එ් පක්ෂ බලකොටුව තුළිනි. ජේ.ආර්. ගේ ඊළඟ අනුප‍්‍රාප්තිකයා වීමට ගොඩ නැඟු ලලිත් හෝ ගාමිණී වෙනුවට ඉතාමත් නොදැමුණු, අඩු උගත්කමක් සහිත මිනිසකු වූ පේ‍්‍රමදාස ඊළ`ග එක්සත් ජාතික පක්ෂ අනුප‍්‍රෘප්තිකයා විය. සිය ඡුන්ම සාධක විසින්ම මෘදු ගුණ අහිමිකරන ලද පුද්ගලයකු වූ නමුත් පේ‍්‍රමදාස ඉතා සාර්ථක සන්නිවේදකයකු විය. අගනගරයේ පීඩිත ජන උරුමයක් සහිත පේ‍්‍රමදාස, සිය මහත් වූ කැපකිරීමත්, සුවිශාල  සන්නිවේදන බලයත් නිසා ඉතා සාර්ථක ලෙස තමන්ට ආගන්තුක වූ සිංහල බෞද්ධ ගම ආක‍්‍රමණය කිරීමටත්, එ් ගැමියාගේ හිත දිනා ගැනීමටත් හැකියාව ලැබුණි.
               අවසාන වශයෙන් 1977 සිට 1994 දක්වා යුගය යනු ජේ.ආර් හා පේ‍්‍රමදාසගේ කෲරතර පුද්ගලික ගුණාංග, ව්‍යවස්ථාවක් මගින් නිරූපණය වූ දහ හත් වසරකි. මේ ආකාරයට රටක් පාලනය කළ දේශපාලන පක්ෂයේ ඊළඟ නායකයා ලෙස රනිල් වික‍්‍රමසිංහ පත්ව සිටී.
                රනිල් වික‍්‍රමසිංහ යනු ජේ.ආර්ටත් පේ‍්‍රමදාසටත් වඩා සංස්කෘතික මිනිසෙකි. ඔහුගේ පියා සමසමාජ උරුමයක් තිබී  පසුව සිය පංති සබඳතා නිසා එක්සත් ජාතික පක්ෂයට ගිය, ලංකාව බිහිකළ ඉහළ පෙලේ ජනමාධ්‍ය වේදියෙකි. ඔහුගේ මව නාලනී වික‍්‍රමසිංහ, ලංකාවේ කලාකරුවන් උදෙසා අගනා අනුග‍්‍රහයක් සැපයූ උසස් කලා රසිකත්වයක් තිබූ කාන්තාවකි. රනිල් වික‍්‍රමසිංහද අනෙක් නායක නායිකාවන්ට මෙන් බොරු උපාධි සහතික නොව, නිදහස් අධ්‍යාපනයේ අනුහසින් සැබෑවටම උගෙන උසස් අධ්‍යාපන හැකියාවක් පෙන්වා කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබූ උගතෙකි. පොත පතට කලාවට ඇලූම් කරන ඔහු සිංහලයෙන්ද ඉංගී‍්‍රසියෙන්ද ශාස්තී‍්‍රය ලිපියක් තනිවම ලිවිය හැකි එමෙන්ම ඒ දෙබසින්ම ශාස්තී‍්‍රය දේශනයක් කළ හැකි විශිෂ්ටයෙකි. ඇතැම් විට එ් හැකියාවන් එ් මට්ටමින් ජේ. ආර්ටවත් තිබුණාදැයි සැක සහිතය. සමහරවිට එවන් හැකියාවක් බණ්ඩාරනායකට තිබුණා විය හැකිය.
                    එහෙත් එසේ වූ රනිල්ට පොදු ජනයා පිනවිය හැකි ලූණු ඇඹුල් සහිත දේශපාලන කථාවක් කළ නොහැකිය. පොදු ජනයාට හොඳින් සිනාසිය හැකි ව්‍යංගයන් සහිත විහිලූවක් කළ නොහැකිය. ඒ එ් අවස්ථාවට අදාළව සුදුසු ඇඳුමක් ඇඳගෙන යාමේ බුහුටිකම ඔහුට නැත. නිදහසින් පසු දේශපාලනඥයන් ප‍්‍රගුණ කළ ඡුන්දදායකයා මන්මත් කරන ව්‍යාජ සිනාව ඔහුට නැත. එහෙත් ඔහුට දර්ශනයක් තිබේ. එ් දක්ෂිණංශික ලිබරල්වාදී එකකි. රට ගමන් කළ යුත්තේ එයාකාරයට යයි ඔහු විශ්වාස කරයි. හැබැයි දේශපාලකයන්ට කිසිදු දර්ශනයක් නැතිවීමට වඩා එවැනි දර්ශනයක් හෝ තිබීම වැදගත්ය. අවසාන වශයෙන් ඔහු හොරෙකු හෝ ¥ෂිතයෙකුද නොවේ.
                  එහෙත් රනිල්ගේ එ් කිසිම ගුණාංගයක් එක්සත් ජාතික පක්ෂයට වැදගත් නැත. ඔවුන්ට අවශ්‍ය කෙක්කෙන් හෝ කොක්කෙන් බලය ලබා ගැනීමටය. ලබා ගැනීමෙන් පසු මහජන දේපළ මැනවින් සූරා කමින්  සිය මඩිතර කර ගැනීමටය. මේ සඳහා බලය ලබා ගැනීමට ඔවුන්ට මහින්ද රාජපක්ෂ කෙනෙකු අවශ්‍යය. එ්ත් මේ මෝඩ යූ.ඇන්.පී. කාරයන් නොදන්නේ දකුණෙන් තවත් මහින්ද රාජපක්ෂ කෙනෙකු සොයාගත නොහැකි බවයි. ඊට සමාන මිනිසෙකු උතුරේ සිටියේය. ඒ ප‍්‍රභාකරන්ය. එහෙත් දකුණේ මහින්ද රාජපක්ෂ විසින්  ඒ සමානයා නිර්භීත ලෙස අහවර කර දැම්මේය.
                දැන් එජාපය මහින්ද රාජපක්ෂ කෙනෙක් තනාගන්නට තතනන්නේ සජිත් පේ‍්‍රමදාස වැනි දේශපාලන පියකුගේ අදේශපාලනික පුතෙකු මගිනි. හරි හමන් දේශපාලන ඇමතීමක් හෝ කුමන හෝ දේශපාලන දර්ශනයක් නැති පීතෘ උරුමයට බලය ලැබේයයි සිතන දේශපාලන ලපටියෙකුගෙනි.
එජාපය සිතන ආකාරයට මහින්ද රාජපක්ෂ ආකාරයේ දේශපාලන පෞරුෂයක් නැවත තනා ගැනීමට නොහැකිවා පමණක් නොව අනාගතය උදෙසා එවැන්නක් ගැලැපෙන්නේද නැත. ඉතා භයංකර සතුරකු හා සටන් වැදීමට අවශ්‍ය පෞරුෂයක් මහින්ද රාජපක්ෂට තිබුණ නමුත් ඉනික්බිති සංහිඳියාව පතන, ජාතින් එ්කරාශී කරන සැබෑ ජාතික රාජ්‍යයක් නිර්මාණය කර ගැනීමේ පෞරුෂයක් තමන්ට ඇති බව ඔහු මෙතෙක් ප‍්‍රදර්ශනය කොට නැත. එජාපය පැතිය යුත්තේ සංහිඳියාව සනාථකළ හැකි නායකයෙකි. ඔවුන් සොයා ගත යුත්තේ එවැන්නෙකි.එ් නායකයා සජිත් නම් නොවන බව ඉතා පැහැදිලිය.
             එජාපය ,් 17 වසරක් තිස්සේ තමන් වෙත ලැබුණු ජන බලය හා තමන් තනාගත් ව්‍යවස්ථාව මගින් රට කනපිට හැරවූවේය. හොඳින් කි‍්‍රයාත්මක වූ ඡුන්ද ක‍්‍රමය, මානව අයිතිවාසිකම් රාජ්‍ය පාලනයේ සාපේක්ෂ අ¥ෂීත බව එජාපය විසින් සිය දහ හත් අවුරුදු පාලනයේදී විනාශ කරන ලදි. තමන්ගේම වූ එ් භයංකර ඉතිහාසය මළවුන්ගෙන් නැගිට ආ තමන්ගේම ඥාතියෙකු පරිද්දෙන් එක්සත් ජාතික පක්ෂය බිත්තියටම හේත්තු කර ඇත. එක්සත් ජාතික පක්ෂය පෙලන අර්බුදයේ සැබෑ හේතුව එයයි.