Friday 6 December 2013

ශී‍්‍ර ලාංකික දේශපාලකයෙකුගේ ක්ලෝන පිටපතක් කැනඩාවෙන් හමු වී තිබේ.

                  1970-1977 ආණ්ඩුවේ එච්.එම්.ටී.බී. හේරත් මන්තී‍්‍රවරයා නියෝජ්‍ය ගමනා ගමන ඇමතිවරයා ද විය. ඔහු පාර්ලිමේන්තු සැසිවාරවලට සහභාගි වූයේ බීමතින් බව එකළ කියැවිණ. එ් බව වඩාත් කතා බහ වුණේ 1977 පැවති මැතිවරණය අළලා එක්සත් ජාතික පක්ෂ වේදිකාවේය. එවැන්නන්ට අප බලයට පත්වූ පසු ඉඩක් දෙන්නේ නැතැයි එජාප නායකයෝ පාරම් බෑහ. එහෙත් තත්ත්වය කී ලෙසට සිදු නොවුණා පමණක් නොව බේබද්දෝ, ස්තී‍්‍ර ¥ෂකයෝ කළු සල්ලි සුදු කරන්නෝ, රාජ්‍ය දේපළ කොල්ල කන්නෝ, ගංජා වෙළෙන්දෝ ආදි මනුෂ්‍ය කුණප මන්තී‍්‍රවරු ඇමතිවරු ලෙස 17 අවුරුදු එක්සත් ජාතික පක්ෂ පාලනයේ අරක් ගත්හ. පාර්ලිමේන්තුවට මහා පරිමාණ වශයෙන් පැමිණි මේ බඩ ගැත්තරයන්ට ව්‍යවස්ථාවද, නීති පද්ධතියද, නීතිය රැුකීමට දිවුරුම් දී සිටින පොලීසියද එකී බඩගැත්තර කටයුතුවලට උපකාරයක් මිස අවහිරයක් වූයේ නැත. එජාපය හඳුන්වාදුන් බඩගැත්තරයන්ට පාර්ලිමේන්තුව ඇතුළු මහජන ආයතන නියෝජනයට ලබා දුන් ඉඩ ප‍්‍රස්ථාව ඊට පසු බලයට පත් පොදු පෙරමුණු සන්ධාන ආණ්ඩුවද අඩුවක් නොමැතිව අනුගමනය කළෝය. සු`ථ ජාතිකයන්ගේ නියෝජනයෙන් බලයට පැමිණ ඇමතිකමක්ද ලබාගෙන සිටින එක් මහජන නියෝජිතයෙක් මහදවල්ද මරිජුවානා උරමින් පාර්ලිමේන්තුවටද, අමාත්‍යාංශයටද ගොස් රාජකාරි කරයි. අප‍්‍රමාණ ජඩ වැඩ සඳහා අමාත්‍යාංශ මුදල් වැය කරයි. එ්වා පාලනය කළ නොහැකිය. පාලනය කළ හැකි නීතියක් වෙත් නම් එ්වා අගුල්ලා ඉබි යතුරු දමා ඇත.
                   කොළඹ අධිකරණ සංකීර්ණය . තැනීමේදී එහි ඇති අධිකරණ ඇමතිවරයාගේ කන්තෝරුවට යාබද කාමරයක් නිදන කාමරයක් සේ සකසා තිබිණ. ඊට පසුව එජාප ආණ්ඩුව  අමාත්‍යාංශ ගොඩ නැගිලි තනන විට ඇමතිවරයාට දහවල් කාලයේ මදක් නිඳා ගැනීමට යාබද නිදන කාමරයක් තැනීම පුරුද්දක් බවට පත්විය. ඒ අනුව සූරාකෑමට පැමිණියායයි  කියන ඉංගී‍්‍රසින්වත් රජයේ ගොඩනැගිලි තැනීමේදී ආයතන ප‍්‍රධානීන්ට නිදා ගැනීමට නිදන කාමර තැනුවේ නැත. එජාප ආණ්ඩුව කාලේ තැනූ මේ නිදන කාමරවල දවාලට ඇමතිවරු නිදාගත් බව සැබෑවකි. හැබැයි එ් විවේකී නින්දක් සඳහා නම් නොවේ. තමන්ගේ පෞද්ගලික ලේකම්වරිය, ලඝු ලේඛිකාව හෝ ඇතැම්විට උසස්වීම් ආදිය ලැදි රූමත් අමාත්‍යාංශ සේවිකාවෝ ගෙන්වා ගෙන තමන්ගේ දවල් නින්දේ විවේකය බිඳ ගත්හ.
                    චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය සමයේ එක්තරා ඇමතිවරයෙක් (දැන් ඔහු අගමැති කමද බලාපොරොත්තුව සිටී.* යටකී අමාත්‍යාංශ නිදන කාමරයේ තම අමාත්‍යාංශ සේවිකාවක සමග නිදි වදිද්දී ඔහුගේ බිරිඳ පැමිණ එකී උණුසුම් විවේකය කඩා දැමුණු අයුරු ප‍්‍රසිද්ධ සත්‍ය කාරණයකි. මෙවැනි මජඩ  වැඩ කෙරෙන අමාත්‍යාංශ නැත්නම් එ් සුළු ගණනකි. තමන්ගේ ඇමති මෙවැනි ජඩකම් කරද්දී ඔහු යටතේ ඇති සංස්ථාවල සභාපතිවරු, අධිකාරිවල අධ්‍යක්ෂ ජනරාල්වරු ඊටත් වඩා වේගයෙන් එ් කටයුතුවල යෙදෙති. අවසානයේ එ් තත්ත්වයන් පහළම පියන් දක්වාම දුර දිග ගොස් ඔහුද කාර්යාල පිරිසිදු කරන්නියට හෝ අඩන් තේට්ටම් කිරීමට සැරසෙති.
                   මේ මෑතකදී අනුර කුමාර දිසානායක මන්තී‍්‍රවරයා නිශාන්ත මුතුහෙට්ටිගම නැමති නව සුළු අපනයන භෝග නියෝජ්‍ය ඇමතිවරයාට රූපවාහිනි සංවාදයකදී අභියෝග කරමින් පැවසුවේ කැන්ටර් ලොරියක් පමණක් සන්තකයේ තබාගෙන තේ වතු ගානේ යමින් තේ එකතු කළ පුද්ගලයෝ මන්තී‍්‍රධුර ඇමතිධුර ලැබ වසර දෙක තුනක් යන්නට පෙර කෝටි ප‍්‍රකෝටිපතියන් වන ආකාරය කවදා හෝ සොයා බැලිය යුතු බවයි. මීට මද කලකට පෙර තමන්ගේ  පිළිකා තත්ත්වයකට ප‍්‍රතිකාර ලබා ගැනීමට එකළ එක්තරා විපක්ෂ මන්තී‍්‍රවරයෙක් සිය බිරිඳ හා පුතාද සමග ඉන්දියාවට ගියේය.  රෝහලේ මන්තී‍්‍රවරයා නැවතුණේය.  ඔහුගේ බිරිඳට හා දරුවාට හෝටල් කාමරයක් $50කට අඩුවෙන් සොයාගත නොහැකි වූ හෙයින් එකී රෝහල් කාමරයේම තිදෙනාම ගත කළ බව කීවේ ඔවුනට උදව් කළ අපගේ මිත‍්‍රයෙකි. එදා එ් විපක්ෂ මන්තී‍්‍රවරයා වත්මන් ආණ්ඩුවේ ප‍්‍රබලයෙකි. ඔහු මීට වසරකට පමණ ඉහතදී රුපියල් කෝටි 240කට නිවසක් තැනූ අයුරු පුවත්පත්වල සඳහන් විය. ශක‍්‍ර දේවේන්ද්‍රයා පැමිණ සඳුන් හරක් ඔහු අත තැබීමෙන් හෝ ඇලඩින්ගේ පුුදුම පහන ඔහුට ලැබීමෙන් හෝ මේ සා ධනස්කන්ධයක් ඔහුට හිමිවිය යුතුය. නැත්නම් මේ සියල්ල ඔහු ගසා කෑ මහජන මුදල් විය යුතුය.
                ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ජනාධිපති තනතුරේ සිටියදීම මාදම්පේ තමන් සතුව තිබූ නිසරු පොල් ඉඩමක් ඉතා සරු පොල් ඉඩමකට මාරු කර ගැනීම සහ විජයපාල මෙන්ඩිස් රු. 2.50 බැගින් විල්පත්තු අභයභූමියේ අක්කර සිය ගණනක් ලබා ගැනීම ඉඩම් කොල්ලකෑමේ ඉතිහාසගතම වාර්තාය. දැන් ඒවා සිදුවන්නේ මහා පරිමාණවය.
                        මෙය ලියන්නට සති දෙකකට පෙරාතුව මහනුවරදී එක්තරා විදේශීය සංචාරක කාන්තාවක් ¥ෂණය කිරීමට සැරසුණු දිලූම් අමුණුගම ඇමතිවරයාගේ සහචරයන් පිරිසක් පොලිස් නිලධාරියෙකු අල්ලා පොළොවේ ගැසූ සිද්ධියක් පුවත්පත් වාර්තා කර තිබුණි. නීතිය අතට ගත් පාලකයෝ හා පාලක පැටියන් ලංකාව යකුන් නැටූ පිටියක් බවට පත්කරමින් සිටින්නේ අද ඊයෙක සිට නොවේ. ‘‘ජහමනයා’’ නෑසු කනින් නොදුටු දෙනෙතින් එ් දෙස බලාසිටී.
               මෙවැනි ජඩ වැඩවලට අර අදින දේශපාලකයන්  ඕනෑම රටක සිටිය හැකිය. එහෙත් එ් රටවල පවතින අනම්‍ය නීති පද්ධතීන්, ජනමාධ්‍ය, සිවිල් සංවිධාන හා ඔවුන් අයත් පක්ෂවල ශිලාචාර ක‍්‍රමවේදයන් එ්වා වළක්වති.
              කැනඩාවේ ටොරොන්ටෝ නුවර නගරාධිපතිවරයා වන රොබ් පෝඞ් කොකේන් ඇබ්බැහියට පුරුදු වූවෙකු ලෙස ප‍්‍රසිද්ධිය. ජනමාධ්‍ය විසින් එ් පිළිබඳව කළ හෙළිදරව් කිරීම් නිසා ඔහුට තමන් කොකේන් උරන්නෙකු ලෙස හැඬු කඳුලෙන් මාධ්‍ය ඉදිරියේ පිළිගන්නටද සිදු විය. ඔහු පාතාල කල්ලි ඇසුරු කරන්නෙකු ලෙස ජනමාධ්‍ය හෙළිදරව් කළේය. කැනඩාවේ නීතියට පටහැනි ලෙස කලහකාරයෙකු ලෙසද ජනමාධ්‍ය විසින් ඔහුව හඳුනා ගත්තේය. බීමත්ව රිය පැදවීම, පාතාලයන් සමග වන ඔහුගේ සබඳතා, කාර්යාල සේවකයන් මත්පැන්හලට යැවීම, කාර්යාලයේදී බීමත්ව සිටීම, හේතු විරහිතව කාර්යාලයට නොපැමිණීම, සුපුරුදු වාර සභා අතපසු කිරීම, ආදි සියයකුත් එකක් චෝදනා ඔහු වෙත එල්ල කර තිබේ.
             රොබ් පෝඞ් සඳහා වූ මේ දුර්ගුණ ලැයිස්තුව සමාජගත කිරීමට කැනඩාවේ ජනමාධ්‍ය නිර්භීත වූවා සේම තීක්ෂණද විය. මේ ලියන මොහොතේ රොබ් පෝඞ්ගේ ඉරණම කුමක්දැයි විසඳී නැතත් මෙවර නම් ඔහුට මෙකී චෝදනාවන්ගෙන් ගැලැවී යා නොහැකි බවට පෙනෙන්නට තිබේ. රොබ් පෝඞ් අරබයා වන මෙකී චෝදනා හා එවා අබිමුව ඔහු හැසිරෙන ආකාරය දකුණු ආසියාවේ දේශපාලකයන්ගේ හැසිරීමට සමාන බව එක් දේශපාලන විචාරකයෙකු CNN නාලිකාව ඔස්සේ ප‍්‍රකාශ කරනු රූපවාහිනී පේ‍්‍රක්ෂකයනට දැක බලා ගත හැකිවිය.
        රොබ් පෝඞ් යනු කැනඩා දේශපාලනයේ ව්‍යතිරේකයක් පමණි. කැනඩාවේ නීතිය, ව්‍යවස්ථාව හා රීතීන් අබිබවා යාමට එවැනි ජඩ වැඩ පි‍්‍රය කරන දේශපාලකයන්ට වුවද නොහැකිය. ජනමාධ්‍යද රටෙ නීතියේ තවත් රැකවල්කරුවන් පිරිසක් සේ බලාසිටිති. එහෙත් ලංකාවේ නීතියද පොලීසියද බොහෝ විට රඟපාන්නේ අපරාධ සහයකයා ගේ චරිතයය. ජනමාධ්‍ය තමන් ලැබූ වරදාන හා ලැබේයයි සිතන වරදාන නිසා පරෙස්සමට ලියති. දේවල් දෙස පරෙස්සමට බලති.
            රොබ් පෝඞ්ගේ නොපනත්කම් හෙළිදරව් කිරීම මෙරට ජනමාධ්‍ය කිසිදු ලෙසකින් අත්හරින බවක් නොපෙනේ. පොලීසියද, ප‍්‍රාන්ත ආණ්ඩුවද එසේය. සිවිල් පුරවැසියන්ද එසේය. එහෙත් ලංකාවේ ළමා අපයෝජකයකු වන අකුරැුස්ස ප‍්‍රාදේශීය සභා සභාපති තවමත් තනතුරේ රාජකාරි කරයි. තමන්ගේ යහන් ගතවීම් සියය සමරා සම්භාෂණද පවත්වයි. ආසියාවේ ආශ්චර්යය එ් පැත්තෙන් නම් පටන්ගෙන තිබේ.

No comments:

Post a Comment