Thursday 25 December 2014

සාධුතර මිනිසකුගේ අහිංසක වෑයම

 
 
 
       සාරුක් ඛාන් නිශ්පාදනය කළ ‘අශෝක’ චිත‍්‍රපටයේ මහා ආපදානයෙන් බැහැර සුලූ දර්ශන කිහිපයක් මගේ මතකයට නැගේ. එනම් කාලිංග යුද්ධයෙන් සිදුවූ ජීවිත විනාශය දැක්වෙන සංග‍්‍රාම භුමියේ දර්ශනයයි. එහි බොහෝ දෙනා මිය ගොසිනි. පණ නළ ඉතිරි වූවෝද ඒ මහා ඝාතන යායේ සිටී. සුදු ඇඳගත් ශ‍්‍රමණයන් පිරිසක් පිරිත් කියමින් ඒ මිනී අතර සැරි සරන්නේ එසේ පණ නළ ඇති මිනිසුන් සොයාය. උන් වහන්සේලා මහා කරුණාවෙන් යුතුව පණ නළ බේරුණු ඒ මුහුණු මතට පිරිත් පැන් ඉසිති.
         මේ දර්ශනය ගැන මට සිහිපත් වූයේ ජයතිලක බණ්ඩාර ගැන මතක් වන විටය. ජයතිලක බණ්ඩාර යනු ු දුර්ලභ මිනිසෙකි. අසමසම මිනිසෙකි. ඔහු හුදු කරුණාවන්ත මිනිසෙක් පමණක් නොවේ. ඒ කරුණාව දේශපාලන අරුතකින් ඔප දමා ගත් මිනිසෙකි. සියලූ අවදානම් භාර ගනිමින් , පීඩාවට පත් පාර්ශවයන් වෙනුවෙන් කැපවීම ඔහු තෝරාගත් ජීවන මාර්ගයයි. අවුරුදු තිහකට වැඩි කාලයක් තිස්සේ අඛංඩව සිය තෝරාගත් දුෂ්කර මාර්ගයේ ජයතිලකයන් ගමන් කළේය. මුදල් පිළිබඳ කාරණයක් ඔහු අභිමුවට පැමිණි විට ඒවා පිළිබඳ තැකීමක් නොකළ අල්පේච්ඡු මිනිසෙකි. විකල්ප දේශපාලන ව්‍යායාමයන්හි නිරත මිනිසුන් තමන්ගේ කි‍්‍රයාමාර්ග ජයතිලකගේ කි‍්‍රයාමාර්ග හා සසඳා බැලීම වටී.
          ඔහු අද පහර කන මිනිසෙකි. ඒ පහර කද්දීම ඔහු කියන දෙයක් ඇත. මේ අන්දමට පෙර පාලකයන් තමන්ට නොසැලකූ බවයි. එය ඇත්තකි. වත්මන් පාලනය ලංකා භූමිය මත  පිහිටවුනු මිනිස්කම් වියලූනු රාජ්‍ය තන්ත‍්‍රයකි. මකරාක්ෂ සට්ටැඹියෝ මාධ්‍ය ඉදිරියට විත් හැසිරෙන ආකාරයෙන්ම ඔවුන්ගේ මකර ගති අපට හඳුනාගත හැකිය. මේ පාලන තන්ත‍්‍රයේ කොටස් කරුවන් වන්නට පෙර, හොඳ මිනිසුන් වූ උදවියද තම හෘද සාක්ෂියට දොරගුලූ දමා වනචරයන් සේ හැසිරෙති. ජයතිලකට පහර දෙද්දී රෝහණ වීරසිංහ පාලකයන් වෙනුවෙන් හ`ඩා වැටෙයි. තවත් කාලයක් මේ පාලකයා වාර තුනක් නොව තිහකට වුවද සුදුසු යයි සමහරු යෝජනා කරති.
      ජයතිලක බණ්ඩාර තම ජීවිතය නොව දේශපාලන තක්කඩිකම් නිසා පීඩාවට පත් ජීවිත මුදුන්පත් කර ගැනීමට අත්වාරු දෙන මිනිසෙකි. සැබැවින්ම ඔහු ශී‍්‍ර ලාංකික වික්ටර් හාරාය. ඔහු අපගේ සෙනෙහසේ පියාපත් අතර ස`ගවා රැුකගත යුතු සාධුතර මිනිසෙකි.
    
  

Tuesday 23 December 2014

ලෙව්කේ (මැදමූලන) මැතිඳු අද තනියම වෙල මැද්දේ




           ”විමුක්ති අවකාශය” නැමති යෙදුම මට පළමු වරට හඳුන්වා දුන්නේ මා මිත‍්‍ර කරුණාරත්න පරණවිතානයන්ය. මීට වසර කිහිපයකට පෙර ඔහු පැවසුවේ ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාෂය කවර පාලකයකුට වුවත් සහමුලින්ම බිඳ දැමිය නොහැකි බවත් ජනයා තුළ පවත්නා විමුක්තිකාමී හැ`ගීම් විසින් ඒ උත්සාහයන් නිසැකවම පරාජය කරනු ඇති බවත්ය.

           දේවල් මේ ආකාරයට පෙළ ගැසුනු ඇතැයි පරනවිතානවත් සිතන්නට නැත. මමද එසේ සිතුවේ නැත. එමෙන්ම දේවල් මේ ආකාරයට පෙල ගැසෙනු ඇතැයි මහින්ද රාජපක්ෂවත් නොසිතන්නට ඇත. අද වන විට ජන බලය ඔහුට එරෙහිව නැගී සිටී. ඔහුට අද ඉතිරිව ඇත්තේ අත්තනෝමතික බවේ හා අනීතික , සදාචාර විරෝධී කි‍්‍රයාමාර්ග කිහිපයක් පමණි.

         ලංකාව එකම ඡුන්ද කොට්ඨාසයක් ලෙස ගැනෙන ජනාධිපතිවරණයක් තිබියදී බොදු බල සේනා වැනි ආන්තික දේශපාලන ව්‍යාපාරයකට ආශිර්වාද කිරීමට ඔහුගේ පෙළඹීමම මහින්ද රාජපක්ෂ සතු දේශපාලන නොදැනුවත්කමේ ප‍්‍රකාශනයකි. ඔහුගේ පරාජයේ තීරණාත්මක කාරණා ඉෂ්ට සිද්ධ වන්නේ එකී අඥාන හැසිරීම හරහාය. සුලූ ජාතින්ගේ අභිමතය නොමැතිව ජනාධිපතිවරණයක් දිනිය නොහැකි බවවත් ඔහුගේ උද්ධච්ඡු මනසට නොවැටහුණි.

      බලය කළමනාකරණයේදී මහින්ද සිටියේ බිංදුවේදීය. බල කළමනාකරණයේ වැරැුද්ද ඔහුට පළමුව කළේ පේ‍්‍රමදාසය. ඒ හේතුවෙන් ඔහු බලගතු දෝෂාභියෝගයකටත් අවසාන උන්මත්තකයකු සේ මරණයටත් ගොදුරු විය. කෙළවර ආණ්ඩු පෙරළියක් වී චන්දි‍්‍රකා කුමාරණතුංග බලයට පත්විය.

      මහින්ද ඒ සිදුවීම් තුට්ටුවකට මායිම් නොකළේය. පේ‍්‍රමදාස සිය පවුලට බර තබා කි‍්‍රයා කළ අයුරු ඉතා පිළිකුළෙන් යුතුව සිය පක්ෂයේ උදවියත් ජනතාවත් බලා සිටි අයුරු මහින්ද නොදුටුවා විය නොහැකිය. එහෙත් පේ‍්‍රමදාසගේ ඒ තුච්ඡු කි‍්‍රයාව මහින්ද කළේ ඊටත් වඩා පිළිකුල් සහගත අයුරිනි.

      සිය පුතුන් තිදෙනාම රටේ ජාතික රගර් කණ්ඩායමට තේරෙන වාසානාවන්ත පියෙකු වැනි පියෙකු පිළිබඳ උදාහරණයක් ඔබට ලෝකයෙන්වත් සොයාගත හැකිද? එවැනි කි‍්‍රයාවක්වත් නොකර සිටිය නොහැකි තරමට මහින්ද තම බලය තුච්ඡු ලෙස පාවිච්චි කළේය. තම පුතුන්ගේ රේස්කාර් පැදීමේ අභිලාෂයට ඔහු ඉඩ දෙන්නේ රටේ ජාතික අයවැයෙන් රේස්කාර් සඳහා වන බද්ද ඉවත් කිරීමෙනි. ඔහු දරුවන්ගේ පමණක් නොව ඔවුන්ගේ පෙම්වතියන්ගේ අභිලාෂයන් ද ජාතික අභිලාෂයන් බවට පත්කළ පියෙකි.

       මේ ලියන අවස්ථාවේ තරුණ කලාකරුවෝ රැුසක් ‘අලූත් පරපුර’ නමින් සංවිධානය වී මහින්ද පාලනයට එරෙහිව කටයුතු කරමින් සිටී. ඒ තරුණ කලාකරුවෝ මීට පෙර කිසිදු දේශපාලන හංවඩුවක් නොවැදුනු උදවියය. එහෙත් තමන්ගේ හා තම පරම්පරාවේ අනාගතය ගැන බිය උපදවා ගත් ඔවිහු මේ පාලනයට එරෙහිව අරගලයට අවතීර්ණව තිබේ.

       සංගක්කාර නැමැති ප‍්‍රබුද්ධ කී‍්‍රඩකයා කවර තරමේ මුදලකටවත් ඔබට සහයෝගය දීම මට කළ නොහැකි යයි මහින්ද රාජපක්ෂ ඉදිරියේම කීමට තරම් නි්ර්භීත විය.

       ජයතිලක බණ්ඩාර කලාකරුවා ඇතුලූ එවැනි විමුක්තිකාමී හැ`ගීම් සහිත තරුණයෝ ප‍්‍රබුද්ධයෝ ගුටි කකා මහින්ද පාලනයට එරෙහිව තම හෘද සාක්ෂිය අවදි කරති.

      පේස් බුක් අවකාෂය ඉතා නිර්මාණාත්මකව ආණ්ඩු විරෝධී ප‍්‍රචාර වලින් පුරවති. පේස්බුක් සාමාජිකයෝ ලක්ෂ ගණනින් ඒවා ලයික් කරති.

      මේ කවර නම් හැසිරීමක්ද මකරාට එරෙහිව ලාන්ස්ලොට්ලා දහස් ගණනාවකගේ සාමුහික ප‍්‍රයත්නයකි. එවැනි ප‍්‍රයත්නයන් ආපසු හැරවිය නොහැකි බව ඉතිහාසය සාක්ෂි දරයි.

Tuesday 2 December 2014

ආදරණීය රෝහණට හෙවත් ඉස්සර රෝහණට

 

              ගඟකට දෙවරක් බැසිය නොහැකියයි සුප‍්‍රකට සෙන් කියමනක් තිබේ. ඉතිහාසය එයාකාරයෙන්ම නවැත හමු නොවන බව සැබෑව. මහවැලි ගඟ උපදින ඔබේ ගම් පළාතේ ඇති හෝටන් තැන්නේ කුඩා දිය පහරේ පිරිසිදුකම ගෝනගංතොටින් එම ගඟම මුහුදට වැටෙන තැනදී බලාපොරොත්තු විය නොහැක. හරියට ඔබේ එදා සහ අද, මහවැලි `ගගේ ආරම්භයට හා අවසානයට සමාන කළ හැකිය.
             අපේ මව්බිමේ පුංචි අහස මත ඔබ බොහෝ රුවැති දේ, සිතුවම් කර ඇත. ඒවා රස විඳින මගේ රටේ අසරණ මිනිස්සු ඒවායේ අරුතට හා රසයට වසඟ වී සිටියහ. එ්  අසරණ මිනිස්සු ඔබට සිවිල් බලයක් නිර්මාණය කර දුන්හ. එ් සිවිල් බලය නැවත ආපසු ගැනීමට ඔවුනට කවදාවත් නොහැකිය. එහෙත් එය ඔබට විනාශකර ගත හැකිය. කලාකරුවෙකු ලෙස ඔබගේ සංගීත පිංතාරු දුක් විඳින අසරණ මිනිසාගේ ජීවිත ප‍්‍රනිධානියට කුඩා මී විතක් විය. එ් කුඩා දෙයට, එ් ලැබූ දෙයට, මනා ලෙසින් ඒ රසික ජනයා කළ ගුණ සලකති. ඒත් අද ඔබ මිහිරි නලා වාදකයා හා මී රැුලේ සහ සිඟත්තන්ගේ රැුළේ කතාව සිහිපත් කරවයි. හැබැයි එ් කතාවේ රජාට ළමුන් රැුක ගන්නට  ඕනෑ විය. එහෙත්  මේ කතාවේ රජුට ළමුන් බේරා ගන්නට උවමනා නැත. ඔබ මේ යන ගමන කෙළවර ළමුන් රජා වෙනුවෙන් මුහුදටම බිලි කරනු ඇත.
        ඔබට වයස අවුරුදු හතළිහක් පිරුණු මීට වසර විස්සකට පමණ පෙර අතීතයට යන්නෙමි. ඔබේ කුලූපග හිනාවට, පෙත්තෙන් දෙපෙත්තෙන් පෙන්නුම් කළ අනාගත ලංකාවේ කලාවට යම් වටිනා ප‍්‍රදානයන් කරනු ඇතැයි සිතා ඔබේ ජීවිතයට දීර්ඝායු පැතීමට බොහෝ රසිකයෝ පැමිණියහ. එදා උත්සවයේ නම ආදරණීය රෝහණ විය. එ් නම එදා මීට වසර විස්සකට පෙර ඔබට උචිත නොවේයැයි කිසිවකු කීවේ නැත. එදා පදනම් ආයතනයේ බිත්ති පුපුරන්නට තරම් අතුරු සිදුරු නැතිව රසිකයන්ගෙන් පිරී තිබිණ. එදා ඔබට ආදරය පුද කළ මිනිසුන් අබියස ඔබගේ දෑසින් කඳුළක් ගලා ගියේය. එ් කඳුළ ඔබගේ හදවත තෙමා වැටුණු, සහෘදයන් වෙත පිරිනැමූ ආදරයේ කඳුළක් බව බොහෝ කල් යනතෙක් මමද, මම වැනි බොහෝ  අයද මතක තියා ගත්හ. රසිකයෝ ඔබව ආඩ්‍යත්වයට පත් කළහ. ඔබ සංගීත ලෝකයේ තීරණාත්මක මිනිසෙකු බවට පත් කළේය.
1994 එතෙක් වූ දාහත් අවුරදු දුර්දාන්ත එක්සත් ජාතික පක්ෂ පාලනය පෙරළා දැමීම සඳහා පිහිටුවා ගත් නිදහස් කලා සංධානයේම කලාකරුවන් බොහෝ සේ එකතු වූයේ ඔබේ ආදරණීය නායකත්වය වටාය.  අරමුණ ජයගන්නා තෙක් නිවැරදිව ඔබ එ් යාත‍්‍රාව පැදවූයේය. එ් ගැන මේ අඳුරු මොහොතේද ඔබට ස්තුති කරමි. ඉනික්බිති පාලකයෝ ද,  කලාකරුවෝද සමාන ලෙස විගඩන් නටද්දී ඔබ නිහඬව ඉවත් විය. ඒ ඉවත්වීම කලා සංධානයේද අවසානය විිය.
          එදා මෙදා තුර ගෙවී ඇත්තේ වසර විස්සකි. එ් වසර විස්ස තුළ තෝරාගත් මෙඟහි ඉදිරියට යන සංගීතඥයෙකු නොව භූමිකා වෙනස් කරන නළුවෙකු බවට ඔබ පත්ව ඇත.
        අද ඔබ සමග සිටින අනෙකුත් කලාකරුවන් ගැන කිසිම ගැටලූවක් මට ඇත්තේ නැත. ඇතමුන් එදා වේල හම්බ කරගන්නා අසරණයන්ගෙන් වෙනස් නොවේ. ඔවුන්ට හොඳ නම රැුක ගන්නවාට වඩා බඩ වියත රැුක ගැනීම පිළිබඳ සාධාරණ ගැටලූ තිබේ. පවත්නා තතු විසින් ඔවුනට  තම හෘද සාක්ෂිය සමග සිට ගැනීමට විදිහක් නැත. එහෙයින් ඔවුන් ඒ මත සිටගෙන සිටී. මහා නළුවන් වේෂයෙන්, මහා නිළියන් වේෂයෙන්, ඔබ සමග පෙනී සිටින අනෙක් සමහරු කලාව හෝ මනුෂ්‍යත්වය හරහා දිගහැරුණු මාවත් ගැන තැකීමක් නොකරති. ඔවුන්ගේ අතීත භාවිතයන්ද එයාකාරය. ඔවුන්ගේ ප‍්‍රතිභාවන් වනාහි හෘද සාක්ෂියේ ප‍්‍රතිබිම්බන නොවේ. ඔවුන් හුදු ශිල්පියෝ පමණි. ඔවුන් සේවය කරන්නට සැදී පැහැදී සිටින පාලකයාගේ මහ පොළොව නුහුලන දුර්දාන්ත බලාපොරොත්තු, අඩු වැඩි වශයෙන් ඔවුනටද ඇත. ඔවුන් අද සමාජ දේහයට කරන අපරාධ ඔවුන්ගේ පුද්ගල ජීවිතයේදී බොහෝ කොට ඇත. ඔවුන් දැමිය හැක්කේ අලි බබා අත් නොහැර යන හොරු හතළිහේ සාමාජිකත්වයටය. ඇට නැති දිවෙන් වත්මන් පාලකයා බුදුන්ගේ නෑයෙකැයි කී එකාට මධ්‍යතන යුගයේ නම් කතෝලික පල්ලිය සම්මාන පිරිනමනු ඇත. මක්නිසාද යත් තමන්ට විරුද්ධ ආගමක ශාස්තෘවරයාට කළ පරිහාසය නිසාය. අද කතෝලික පල්ලිය එතරම් දුර්දාන්ත නොවන නිසා සම්මාන ලැබෙනුයේ ‘බුදුන්ගේ නෑයාගෙන්’ පමණි.
         ආදරණීය  රෝහණ , ඔබගේ වයස හැට පහක් වූ ජීවිතයේ  විවිධ සංවේදී ඉසව් පසුකර ඇති බව මම දනිමි. මහඟු ජීවිත හැදෑරීමෙන් ලද පෝෂණයක් ඔබට ඇත. මහඟු ජීවිත ඇසුරු කිරීමෙන් ලද පෝෂණයක් ඔබට ඇත. මිනිසුන් කෙරේ නිර්ව්‍යාජව ඉපදුනු ළෙන්ගතු සුවඳක් ඔබේ අතීත නිර්මාණ තුළින් වහනය වූ අයුරු අප අත්විඳ ඇත.
          එහෙත්, ඔබගේ අතීත මානව උපයා ගැනීම් කැපකරන, මේ පාලනය ගැන ඔබට දුඟදක් නොදැනේද?  මේ පල්වලෙහි මගේ මාතෘභූමියේ සියලූ වටිනාකම් ගිලී යන වග ඔබට නොදැනේද?  මේ පල්වල තවත් පුලූල් කරන්නට ඔබ කරන කැපකිරීම් තුළ ඔබවන් සොඳුරු මිනිසකුගේ මරණ මංචකයට අනවශ්‍ය බිහිසුනු බවක් එකතුවන බව ඔබට නොදැනේද? මේ පාපයන්ගේ සෙවනැලි පැමිණ ඔබට අපායගාමි සිතුවිලි පහළ කරවන බව නොදැනේද?
         මේ පාලකයා තෙවනවර ජනාධිපති කිරීමේ කාර්යයේදී ඔබ අමතන්නේ සංවේදී මිනිසුන්ටය. එයට ඔබ අපූර්ව මාතෘකාවක් දී ඇත. ‘පොදු අපේක්ෂාව’ ආණ්ඩුවේ දේශපාලනඥයන් නම් වූ බඩජාරි ?න ඇඳුම් ගලවාගෙන බොහෝ කල්ය. ඔවුන්ගේ නිරුවත් රංගනය ගැන ඔවුනට ලජ්ජාවක් නැත. ජනතාවද ඔවුන් නිරුවත් බවත්, ඔවුන්ගේ මුවින් දුඟද හමනා බවත් අවබෝධයෙන් දනී. ඔවුන් දරුණු අපරාධකරුවන් බවත්, කරන්නට යන්නේ තවත් බිහිසුණු අපරාධයක් බවත්, ජනතාව දනිති. එහෙත් ඔබ අමතන්නට උත්සාහ කරන්නේ  ඔබ යම් ශාන්තිදායක දෙයක් කරනු ඇතැයි සිතන අසරණ ඇට්ටර නොවූ රසිකයන්ය. මේ පල්වල සුවඳ යයි කියන බොරුව මී පැණි තවරා ගිල්ලවන්නට උත්සාහ කරන්නේ ඔබේ අතීත මහරු නිර්මාණ හරහා ඔබ කෙරේ විශ්වාසය තැබූ සුවහසක් මිනිසුන්ටය. සැබෑ අපරාධකරුවන් වන්නේ ඔබලාය. අර නිරුවත් තක්කඩියන්ව ඔබ විසින් මේ මොහොතේ පසුකරමින් සිටී.
        මේ ගෝත‍්‍රවාදී පාලනයේ වරප‍්‍රසාද ලත් වහලෙකු වන  මහින්ද අමරවීර ඇමතිවරයා පවසා ඇති දෙයක් ඔබ ඇස ගැසෙන්නට ඇත.
‘මේ ආණ්ඩුවේ හැමෝම තමන්ට අවශ්‍ය තරම් හොරකම් කොට හරි හම්බ කර ගෙන ඇත. ඔවුන් නැවතත් එසේ නොකරන්නට තරම් හරි හම්බ කරගෙන ඇත. යූ.එන්.පිය ආවොත් ඔවුන් හොරකම් කිරීම මුල සිට පටන් ගනු ඇත. එහෙයින් හොරකම් කිරීම අවසන් කල පාලකායට බලය දෙන්න.’
මහින්ද අමරවීර එ් කියන්නේ ඔබේ ‘පොදු අපේක්ෂාවේ’ අභ්‍යන්තර ප‍්‍රකාශනයයි. ඔබගේ ‘පොදු අපේක්ෂාවේ’ අතීත කෙරුවාවෙන් නොබේරී කිලිටි නොවී තිබෙන එක් වැදගත් දෙයක් මට පෙන්වා දෙන්න.
         ඔබ ඉතා හොඳ කි‍්‍රකට් ලෝලියෙක් බව මම දනිමි. එය ශිෂ්ටාචාරයේ අපූර්ව ගුණ ධර්ම කාන්දු කර ගත් කී‍්‍රඩාවකි.  එහෙයින් එකී කී‍්‍රඩාව නිවැරැුදිව හඳුන්වන්නේ ‘මහත්වරුන්ගේ කී‍්‍රඩාව’ යනුවෙනි. ඔබ අද නියැළී සිටින්නේද දේශපාලන කී‍්‍රඩාවකය. එහෙත් ඔබ අද සේවය කරන්නේ යුක්තියේ පමණක් නොව, චිරාත් කාලයක් රැුකුණු නීතියේ පාදමද බිඳ දැමූ විනාශකාර පාලකයකු රජ කිරීමටය.
        ජාතික ආදායම සියයක් වන විට ජාතික ණය බර 102ක් එනම් සියයට එකසිය දෙකක ප‍්‍රතිශතයක් කළේ ඔබේ අනුහස් සහිත නායකයාය. ඔබ ඉපදුනු නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ සෑම මවකගෙන්ම සියයට 15ක් ලේ රත්ත හීනතාවයෙන් පෙළේ.  2005  වසරේදී 12%ක් වු ප‍්‍රතිශත රේට්ටුව 2013 දී 15% කළේ ඔබේ අනුහස් සහිත නායකයාය. ඔබ ඉපදුනු නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ උපදින ළමුන්ගෙන් 15%ක් රක්ත හීනතාවයෙන් පෙළේ. එයද 2005  වසරේදී 12%කි. ඔබ ඉපදුනු යටත් විජිත යුගයේ මේ ප‍්‍රතිශත මෙයාකාර වූවා නම් අහස විස්මිත සංගීතයෙන් පිංතාරු කළ හැකි රෝහණ වීරසිංහ කෙනෙක් අද නැත. යටත් විජිත පාලකයා ඔබේ අනුහස් සහිත නායකයාට වඩා අනුහස් සහගත යයි මට සිතේ.
         ඔබ දේශපේ‍්‍රමියකු ලෙස කැපකිරීම් නොකළත් ඔබ දේශපේ‍්‍රමයට ඇලූම් කළ යුගයක් තිබුණි. යුද්ධය පරාද කළ නායකයා අබියස ඔබ දණින් වැටුණේ ඔහු යුද්ධය පරාද කරන්නට පෙරය. ඔහු යුද්ධය පරාජය කළෙහිය. ඔබ ඔබගේ හෘද සාක්ෂියෙන් අසා බලන්න. තවමත් ඔබ දණින් වැටී සිටින්නේ ඔබේ හදවත ඔජ දමන දේශපේ‍්‍රමය නිසාද? එතකොට නන්විධ වරප‍්‍රසාද ලබන කේ.පී., නඩුවලට උරුම නැති කරුණා අම්මාන්...............
          මේ තරම් තරුණ දරුවන් දමනය කරන මත් ද්‍රව්‍ය වසංගතයක් ඔබ මීට පෙර දැක ඇද්ද? මේ තරම් වකුගඩු රෝගීන් බිහිකරන එ්වා පාලනය නොකරන පාලන කාලයක් ඔබ දැක ඇද්ද?  බඩගින්නට කන්න නැතිව, දරුවන් බඩ බැඳගෙන ගඟට පනින අම්මලා ඔබ දැක ඇද්ද?  එදා නිදහස් කලා සංධාන රැුස්වීම්වල ළමා දරුවන් ¥ෂණය වන ආකාරය ධර්මසිරි බණ්ඩාරනායක කලාකරුවා ඇඟ හිරි ගඩු පිපෙන සේ විස්තර කරන විට, සංවේදී  ඔබේ දෙනෙත් අග කඳුලක් දිදුලනු මට මතකය. විසි වසරකට පසුව ඒ කඳුළු උල්පත වැසී ගොසින්ද? ඔබේ අනුහස් සහිත නායකයාගේ අනුගාමික ප‍්‍රාදේශීය සභා සභාපතිවරු ළමා කැකුළු ¥ෂණය කොට නීතියට වහන්වී සිටිය හැකි පරිසරයක එ් කඳුළු උල්පත කෝ.?
         ආදරණීය රෝහණ, ඔබට ඉහළින් ඇති අහස දෙස බලන්න.  එය ඝන අන්ධකාරයෙන් පිරී ඇත. ඉස්සරත් එහි අඳුරක් තිබුණි. එහෙත් වළාකුලූ පීරා අලෝකය මතුකරගත හැකි විභවයක් එදා තිබිණි. 1994 ඔබ කැපවූයේ ඒ අරගලයටය. එය ජයග‍්‍රාහී විය. අද ඔබට ඉහළින් ඇති අහස පිරී ඇති වළාකුලූ පීරා දැමීමට දේව හස්තයන් දහසක්  ඕනෑ කර තිබේ.  ඔබේ  දේව හස්තය යක්ෂයාගේ භවන පිංතාරු කිරීමට ගොස් එය යක්ෂ හස්තයක්ද වී ඇත. එ් තුල අහිංසක ආදරණීය අනුහස් නිමාවී ඇත.
 
        අදාරණීය රෝහණ, අවසන් වශයෙන් ඔබට බලකර යමක් කියමි. ඔබට ඔබේ හදවත යළි පාදා ගත නොහැකි නම් ඔබේ පිරිවර සමග එ් දුර්දාන්ත මෙඟහිම යන්න. එ්ත් එක මහරු සම්පත් අප වෙත තබා යන්න. ඔහු ඔබෙ ගුරුවරයා මෙන්ම අපේ අධ්‍යාත්මය සනහාලූ ආධ්‍යාත්මික ගුරුවරයාය. ඔහුගේ මධුර භාෂණය මුසුවූ ඔහුගේ දෘඩතර ආධ්‍යාත්මයේ ගුණ සුවඳ  අපේ දරු මුණුපුරන්ට හිමිකර දිය යුතුය. වෘද්ධ වියේදී අහිංසක ළමා ගති ඇති ඔහු ඔබට පහසුවෙන් දමනය කරගත හැකිය. එ් අමරදේවයන්ය.
        මේ කන්නලව්ව අසාත් ඔබ අනුහස් සහිත යක්ෂයන්ට සේවය කිරීමට යන්නේ නම් ඔබ යන්න. එ්ත් එ් අමරදේව නම් වූ මහඟු ගණ මිණි පර්වතය මෙහි තබා යන්න. එ් විරුද්ධ පක්ෂයේ පොදු අපේක්ෂකයාට පක්ෂව අත්සනක් ගැනීමට නොවේ.  අනාගතයේ උපනූපන් මිනිසුන්ට වටිනා එක දෙයක් හෝ අවශ්‍ය නිසාවෙනි.
චන්ද‍්‍රරත්න බණ්ඩාර
 

Friday 21 November 2014

අපේ හාමුදුරුවන්ගේ සිවුරෙ තුත්තිරි




           මුර දේවතවා යනු සිකුරිටි ගාඞ් කෙනෙකුද නොවේ. මුර බල්ලා යන්නද ඒ වචනයට කොහෙත්ම ගැළපෙන්නේ නැත. බුදු සමයේ කිසිදු බණ දහම් පොතක මුර දේවතා යන වචනයක් ද දක්නට නැත.
එහෙත් ලංකාවේ ඇතැම් හාමුදුරුවරු තමන් හඳුන්වා ගන්නේ මුර දේවතා නමිනි. නම් ඉදිරියට විවිධාකාර නම් ‘අභිධාන’ තබා ගැනීමේ විශේෂ කැමැත්තක් හාමුදුරුවන්ට තිබේ. ‘විචිත‍්‍ර භාණක’ ‘ති‍්‍රපිටක වාගිශ්වරාචාර්ය’ ‘ධර්ම කවීශ්වර’ ආදි තමන්ම නිපදවා ගත් වචන මේවා අතර දක්නට තිබේ. මේවායින් සෑහීමකට පත් නොවූ හාමුදුරුවරු දේශපාලකයන් තමන්ගේ බත් බැලයන් පිනවීමට දෙන සාම විනිසුරු (මුලූ දිවයිනටම* ආදී බලූ නොවටිනා අභිදාන භික්ෂුනාම ඉදිරියේ සටහන් කර තබයි. තමන්ම දී තමන්ම පළඳවා ගන්නා මේ අභිදාන ගැන සෑහීමකට පත්නොවී තෝරාගත් ඇතැම් ගිහියන්ටද ඒවා පිරිනමයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ‘රෝහණ ජනරංජන’ ලැබෙන්නේද , සංස්කෘතික ඇමති ටී.බී.ඒකනායකට ‘කීර්ති ශී‍්‍ර ජනරංජන’ ලැබෙන්නේද එයාකාරයටය.
          සියල්ල අතහැර දමා පිණ්ඩපාතිකව වෙසෙන්නැයි බුදුන් වහන්සේ අනුදැන වදාළ භික්ෂූන්ගේ නාම තණ්හාව මෙසේ නම් අනෙක්වා ගැන කියනුම කවරේද?
          අද දවසේ ධර්ම ග‍්‍රන්ථවල කැටිවුණු බුදු දහමේ කිසිදු අර්බුදයක් නැත. එ්වා යාවත්කාලීන නොකොටම අනාගතය සඳහා ගෙන යා හැකි මා හැඟි ධර්ම දේපලය.  අද නැත්තේ ගිහි බෞද්ධයෙකුට බැතිබර හදින් පසඟ පිහිටුවා වැඳ නමස්කාර කළ හැකි භික්ෂූන්ය. විදග්ධ බෞද්ධයාට මෙන් නොව අහිංසක බෞද්ධයාට එවැනි භික්ෂූන් අවශ්‍යය. යට කී මා හැඟි ධර්ම ග‍්‍රන්ථවල ඇති ධර්මය සිවුර දරාගත් භික්ෂුවක වටාපතට මුවා වී කියන විට අහිංසක බෞද්ධයාට පහන් සංවේගය උපදී.
         අද රටේ කැපී පෙනෙන හාමුදුරුවරු බොහොමයක් කියන්නේ බණ නොවේ රටේ නැති කුණු හරුපය. වර්තමානයේ ඒ සඳහා හොඳම උදාහරණය ගලබොඩඅත්තේ ඥානසාර නම්වූ භික්ෂුවය.
කැළණියේ විහාරාධිපතිව වැඩ විසූ බණ්ඩාරනායක ඝාතක බුද්ධරක්ඛිතගෙන් පසුව බිහි වූ කැපී පෙනෙන ව්‍යාපාරිකයා කිරම විමලජෝති හාමුදුරුවන්ය. බුද්ධ රක්ඛිත හාමුදුරුවෝ විමලා විජේවර්ධන මහත්මිය ප‍්‍රසිද්ධියේ අඹුකමට තබා ගත්තේය. එමෙන්ම නාවික ක්ෂේත‍්‍රයේ ව්‍යාපාරද කළේ ප‍්‍රසිද්ධියේය. එහෙත් කිරම විමලජෝති හාමුදුරුවෝ බුද්ධරක්ඛිත හාමුදුරුවෝ මෙන් හත් පළේ ගාගෙන බිස්නස් නොකරයි. උන් වහන්සේ විකුණන්නේ නැව් බඩු නොව තෙවළා වදාළ පිරිසිදු සද්ධර්මයය. ඒ අතින් බුද්ධරක්ඛිතට වඩා කිරම විමලජෝති හාමුදුරුවෝ දහස් වතාවක් උපක‍්‍රමශීලීය. හැබැයි දෙදෙනාම ආදායම් ලැබුවේ ලබන්නේ ව්‍යවහාරික මුදල් වලිනි.
          සිවුරු දරාගත් පමණින් භික්ෂූන් වෙනවා නම් සනත් ගුණතිලකද, ඩබ්. ජයසිරිද, ජී.ආර්. පෙරේරා ද භික්ෂුහුය. මක්නිසාද යත් ඔවුන්ද  වරින් වර භික්ෂු චරිත රඟපෑමට සිවුරු දරාගත් හෙයිනි. අනෙක් දෙදෙනා කෙසේ වෙතත් ඩබ්. ජයසිරි නම් අද පවත්නා සමාජ ව්‍යසනය ගැන කම්පාවෙන බව මම පෞද්ගලිකව දනිමි. එහෙත් සැබෑවට සිවුර දරාගත් විමලජෝති, ගලබොඩ අත්තේ ඥානසාර බෙංගමුවේ නාලක ආදි භික්ෂූහු රට පත්වී ඇති මේ ව්‍යසනය ගැන ජයසිරි තරම්වත් කම්පා නොවෙති. එසේ කම්පාවක් ඇත්නම් ඉතිහාසයේ කවර කලකවත් ¥ෂණයට භීෂණයට පාර කැපූ මිනිසුන් මරා දැමූ, ජාතිය මංමුලා කරවූ රට විදේශ රටකට උකස් කළ මේ පාලකයන් ආරක්ෂා කරන්නේ නැත.
      ඔය කොයි භික්ෂුවත් සිවුර දරා ගන්නේ ජාතියේ සිකුරිටි ගාඞ් වැඬේ කිරීමට නොවේ. හතර කේන්දරය පාළු නිසා ගිහිගෙයට වඩා ් වටනේ චීවරයටයයි කේන්දරයෙන් කියන නිසා ඔවුන් සිවුරු දරා ගන්නා පළමු කාරණයයි. දෙවනුව සාසනයට දරුවකු දන්දී හතර වරිගයම නිවන් දැක්කවීමේ දෙමාපියන්ගේ ප‍්‍රාර්ථනාව කෙනෙකු මහණවීම තවත් කාරණයකි. ඒ සඳහා දරුවෝ බොහෝ ඇති පවුල් උනන්දු වෙති. පන්සල් සතු දේපළ පිට යනවාට අකමැති විහාරාධිපතිවරු තම ලේ නෑයන් මහණ කිරීමටද උනන්දු වෙති. (සියම් නිකායික භික්ෂූන්ගේ තත්ත්වය බොහෝ විට මෙයාකාරය.* තුන් වැන්නේ සසර දුක පිළිබඳ ඇති සැබෑ වැටහීම මහණවීමට හේතුවකි. බලංගොඩ ආනන්ද මෛති‍්‍රය මාහිමි ආදි පැවිදි උතුමෝ මහන වූයේ උන් වහන්සේලාට ගිහිකලම ඇතිවූ සසර දුක පිළිබඳ අවබෝධයෙනි
       එ් කවර කාරණයට මහණ දිවියට ඇතුළත් වුණත් ලෝක සාසන සිද්ධියටත්, එහිම විනාශයටත් පාර කැපූ භික්ෂුහු එදත් සිටියහ. අදත් සිටිති. යක්කඩුවේ ප‍්‍රඥාරාම, කිරිවත්තුඩුවේ ප‍්‍රඥාසාර, කොටගම වාචිස්සර, වල්පොල රාහුල, කොටහේනේ පඤ්ඤා කිත්ති, බලන්ගොඩ ආනන්ද මෛති‍්‍රය, රේරුකාණේ චන්දවිමල, කිරිඇල්ලේ ඥානවිමල, ආදි භික්ෂුහු ශාසනයටත් ශී‍්‍ර ලංකාවටත් මහත් වූ සේවාවක් කළ යතිවර පරපුරක කිහිප දෙනෙකි.
      එවන් උතුමන් ගනයට ගත නොහැකි ශාසන විලෝපකයෝ කැලණියේ බුද්ධරක්ඛිතට පෙරත් සිටියහ. පසුවත් සිටියහ. අදත් සිටිති. සඟ සසුනේ දේවදත්ත නිකාය ලෙස ඔවුන් හැඳින්වීම උචිතය. දැවමොට්ටාවේ අමරවංශ, මීටියාගොඩ ගුණරත්න සිට සුළු ජාතිකයන්ගේ ලේ ඉල්ලා කෑ ගසන වත්මන් භික්ෂූහු සියල්ල එ් නිකායේ උදවියහ.
     සිවුර දරා ගත් පමණින් භික්ෂුවක් වන්නේ නැත. බුදුන් වහන්සේ විසින් සිවුර දරාගත්තවුන් කරන නොපනත් කම් හෙලා දුටු හා දඬුවම් කළ අයුරු ති‍්‍රපිටකයේ පාරාජිකා පාළිය කියවීමෙන් වටහා ගත හැකිය. මත්පැන් බී වාහන එළවා දඩ කන, නීතිය  ඉෂ්ට කරන නිලධාරීන්ට කුණුහරුපෙන් බැන වදින, දර්ගා නගරය වැනි තැන්වල මිනීමරන්නට අනුබල දෙන භික්ෂූන් වැනි දණ්ඩකයෝ පාරාජිකා පාලියේදීවත් අපට හමුවන්නේ නැත.

Thursday 20 November 2014

කාල නදි ගලා බසී ; තණ්ඩලේ සමග එම පාරුවේ මමද සිටියෙමි.

 
 
 

                කාල නදී ගලා බසී ඇතුළු ස්වර්ණ පුස්තක අවසන් පූර්ව වටයට තේරුණු පොත් සියල්ලම මා අසල ඇත. විචාර බුද්ධියක් සහිත මිතුරෙකුගේ රෙකමදාරුව මත නෝබට් අයගමගේ ගේ ‘කාල නදී ගලා බසී’ නවකතාව මම මුලින් කියව්වෙමි. මගේ මිතුරාගේ අදහස වූයේ ඇඞ්වෙන්චර් කථා ගණයට වැටෙන රමණීය නවකථාවක් ලෙස කාල නදී හැඳින්විය හැකි බවයි.
               දැන් හොඳ නවකතා ලියවෙන්නේ නැතැයි ඉතා රළු පරලූ කතා කියන ගුණදාස අමරසේකරගෙන් මම ඉල්ලා සිටින්නේ  කාල නදී කියවා බලන ලෙසයි. එන්.ජී.ඔ් අරමුණු ඇතුළු එතුමා නගන එකදු චෝදනාවක් වත් ‘කාල නදී ගලා බසී’ අරබයා දමා ගැසීම කළ නොහැකි යයි එහිදී ඔහුට වැටහෙනු නිසැකය.
කාල නදී ගලා බසී කියවා දවස් දෙක තුනක්ම නවකථා කියවීමෙන් වැළකී සිටින්නට අදහස් කර සිටිමි. එ් කාල නදී තුළින් මැවුණු අපූර්ව චමත්කාරයේ සුවදායක ආශ්වාදය නිමා කර ගන්නට මගේ ඇති අකමැත්ත නිසාය. කාල නදී ගලා බසී නවකතාව සැබැවින්ම මිනිසත් බවේ රමණීය බිම් පෙදෙස් හා දුක්ඛදායි ඉරණම් හෙළි පෙහෙළි කරන නවකතාවකි. ජීවිතේ කිසිදු දවසක කළු ගඟ හා ඇසුරක් නොතිබුණු මට තවමත් හැෙඟන්නේ තණ්ඩලේ හා වීරියවන්ත සාදිරිස් කොළුවා හා නිරීක්ෂකයෙකු ලෙස එකී පාරු ගමන්වලට මමද සහභාගි වූ බවකි. හරියට බඹරු ඇවිත් චිත‍්‍රපටයේ වීරසේන මෙනි.
               සියලූ යහ ගුණ දරන, සියලූ වීරියවන්තකම් දරන, සියලූ හැකියාවන් දරන අපරාජිත මිනිසුන් ලොව බිහිවන්නේ නැති වුවත් එවැනි මිනිසුන් ගණනාවකගේ එක් සංකේතාත්මක චරිතයක් නිර්මාණකරුවාට බිහි කළ හැකි ය. එවැනි චරිත සහිත කතා වීර කථා ගණයේ ලා සැලකිය හැකිය. එවන් චරිතයක් ඔස්සේද සමාජයේ ඉම් පෙදෙස් දෙස බැලූම් හෙළිය හැකි ය. සාදිරිස් හා තණ්ඩලේ යන දෙදෙනාම එකී ආකාර අපරාජිත මිනිසුන් දෙදෙනෙකි.
            මානව බැඳියාවන් කෙරේ පේ‍්‍රම කිරීමටත් එ්වායේ ඇති බන්ධනයන්ගේ යථාව හඳුනා ගැනීමටත් සමත් කෘතියක් යනු උසස් ගණයේ සාහිත්‍ය කෘතියකි. එවැනි කෘතියක් ආශ්වාදනීය කියවීමක් කළ හැකිනම් එයද උසස් ලක්ෂණයකි.
           සාදිරිස්ගේ දුරස්ත සැබෑ පියා අපට මුණ නොගස්වයි. ඔහුගේ ගුණයක් හෝ දුර්ගුණයන් ගැන කතුවරයා සඳහන් නොකරයි. එහෙත් මිනිසාගේ සුපුෂ්පිත ජීවිතයට හතුරු සමාජ වටාපිටාවක පීඩිත මිනිසෙකුගේ ඉරණමේ දෙකට දෙවාරුවට හසුවූ එ් දුරස්ත පියා දැකීමේ කවුලූ දොරවල් කිහිපයක් කතුවරයා අපට හැර තබයි. එය මෙකී නවකතාවේ ශූර ප‍්‍රතිපාදනයක් බව මගේ හඳුනා ගැනීමයි.
          හොඳ නරක පිළිබඳ කාල අනුරූපී සිතීමක් අපට ඇත. එදා යහපත රජයන ගමක් තිබුණි. එය අද නැත. මේ ප‍්‍රවාදය නම් අමූලික බොරුවකි. මේ නම් කාලයට අනුව සිදුවන වෙනසක් නොවේ. සමාජ වටාපිටාව එයට පිටුබලවූ සමාජ ක‍්‍රමයේ ගැටලූ පමණකි. ගලපාත වීරකෝන් මුදලිතුමා මෙන්ම අකුරැුස්සේ ප‍්‍රාදේශීය සභාවේ සභාපති තුමාත්, තංගල්ල ප‍්‍රාදේශීය සභාපතිත් ස්ති‍්‍ර ¥ෂකයෝය. කාල වකවානු දෙකක ජීවත් වූ එ් තුන්පලට එ් සඳහා අවශ්‍ය ආනුභාවය ලැබුණේ පාලකයන්ගෙනි. පාලන රටාවෙනි. කහවත්තේ මිනීමැරුම්  අද සිදු වූවත්, කුමනේරිස්ලා එදා මිනී මැරුවත් එ් සියල්ලම සිදුවන්නෙ සමාජ තෙරපුමක බලපෑමෙනි. එදා ස්තී‍්‍රහුද, අද ස්ත‍්‍රීහුද ත‍්‍රාඩ පිරිමින්ගේ අඩන්තේට්ටම්වලට ලක් වෙති. ලාභ දෙගුණ තෙගුණ කර ගැනීමට ව්‍යාපාරිකයෝ එදා මෙන්ම අදත් ලද හැම අවස්ථාවක්ම පැහැර නොහරිති. කුඩු සමන්ලා වම්බොට්ටලාගේ අද චණ්ඩි පාට්වලට අසරණයෝ බිලිවන විට ඔවුන්ගේ පූර්වගාමියෝ වූයේ කර්තේලිස්ලාය.
         නෝබට් අයගමගේ නිර්මාණය කරන්නේ මීට සියවසකට සමාසන්න කාලයේ සමාජ වටාපිටාවය. එහි ගලා යන අවම, මධ්‍යම හා උත්තරීතර මට්ටමේ පේ‍්‍රම දහරාවන්ය. මනුස්සකම් හා අමනුස්සකම්වල හැටි සොබාවය. දයාව කරුණාව ගලන උල්පත්වල පිවිතුරු ලස්සණය. කොටින්ම මේ සියල්ලේ එකතුව වූ ජීවිතයය. එහෙත් අප එය කියවන්නේ අද එ් සියල්ල පිළිබඳ අත්විඳින යථාවේ පවුරු පදනම් මත ඉඳගෙනය. හිටගෙනය. අතීතයේ හා වර්තමානයේ සම්ප‍්‍රයුක්තය තුළින් බෙහෙවින් පෝෂිත යථාර්ථයක් අපට අවධාරණය කළ හැකිය. යහපත් කලා කෘතියක් යනු එවැනි යථාර්ත සම්පාදනයක් සපයන්නකි. කාල නදී ගලා බසී එවැන්නකි.
         පරිසර වර්ණනයේදීත්, ලෙන්ගතුකම් උද්වහනය වන අයුරු වර්ණනයේදීත් අයගමගේ සතු අනන්‍යතාවක් තිබේ. ඔහුටම සුවිශේෂී ගැඹුරක් තිබේ. මං තවමත් තණ්ඩලේ හා සාදිරිස් සමග කළුගෙඟ් නිම්න හා ගල්පර අතරින් ඇදී යන පාරුවේ සිටින්නේ එහෙයිනි. පේ‍්‍රම කළ හැකි හැම ස්ති‍්‍රයකටම ආශක්ත වීම පෘතග්ජන මිනිසාගේ  ගති ලක්ෂණයකි. සාදිරිස්ටද මේ යථාව පොදුය. ඔහු මැගිලින් හා මධ්‍යම ප‍්‍රමාණයේ පේ‍්‍රමයක වෙලේ. එය මැගිලින්ද නොදනී. එහෙත් සාදිරිස්ගේ ජීවිතය පුරා සිහින් සිනිදු සළුවක් සේ එකී පේ‍්‍රමය එති එතී තිබේ. පැණිගල දියණිය හා සාදිරිස් බැඳෙන්නේ ඇතිව නැතිව යන අවම පේ‍්‍රමයකිනි. එහෙත් සැලී නෝනා හා සිසිලියානා සංසාරගත පාරුවේ හබල් දෙකය. පළමු ආකර්ෂණය, එ් ඔස්සේ උපදින පේ‍්‍රමය තමන්ට ගැළපෙන උසස් හා පහත් නැති පවුලක් වීම පවුලක් පන්සලක් වී පිළිවෙලක්වීමේ සම්ප‍්‍රදායික අදහස් දරුමල්ලන් හදන තම අණසකට යටත් සම්ප‍්‍රදායික බිරිඳක්වීම සැලී නෝනාගෙ පේ‍්‍රමයේ ආරම්භය හා අන්තය නිරූපණය කරයි. සාදිරිස්ගේ යශෝදරාවතේ හරි අඩක් හිමි එකී සැලී නෝනාටය.
සාදිරිස්ගේ යසෝදරාවතේ ඉතිරි අඩ හිමි සිසිලියානාටය. කාල නදී නවකතාවේ උපුටා දක්වන වදරින් හයිට්ස් නවකතාවේ කුලීන යුවතිය ඇයය. යශෝධරා බෝධිසත්වයන් කෙරේ වූ තෙත බරිත පේ‍්‍ර්මය අයත් සිසිලියානාටය. පරිත්‍යාගශීලිනිය ඇයයි. සැලී නෝනා නොවේ. සිසිලියානාගේ තුංග පයෝධර සැලී නෝනාගේ පයෝධරවලට වඩා බරින් වැඩිය. පාලනය කළ නොහැකි අවස්ථාවක පූර්ණ පේ‍්‍රමයෙන්ද පූර්ණ එළඹුමකින්ද ගලා හැලෙන දිය දහරාවක් අසල වන මලින් ගැවසී ගත් වනමල් ගොමුවක සාදිරිස් සිසිලියානාගේ තුඟු විසිතුරු සිරුර මත ලැග්ගත් එවේලෙහි රජයන සමාජ තතු මිනිසාගේ පරම ආශ්වාදයට එරෙහිය. එවැනි සමාජයක ් ගින්දර කෑවොත් අඟුරු වමනය කළ යුතු’ තතු යටතේ සාදිරිස්ගේ ගැල පැදවෙන්නේ  සැලී නෝනා වෙතය. ආණ්ඩුකාරයාගේද මිතුරෙකු වන ධන කුවේර ලූවිස්  අප්පුගේ දියණිය වෙත නොව පෝරණුකාර සාමෙල්ගේ දියණිය වෙතය.
        මා මීට වසර අවුරුදු විසිතුනකට පෙර පියදාස රන්පත්විලගේ පළමු නවකතාව වූ ‘දියට හඬන කෑදැත්තෝ’ නැමති නවකථාව කියවීමි. මගේ ‘මෙරු’ නවකතාවද ඇතුළත් වූ විජයවර්ධන ත්‍යාග තරගයේ ජයග‍්‍රාහි නවකතාව වූයේ දියට හඬන කෑදැත්තෝය. අයගමගේගේ  කාල නදී ගලා බසී කියවන විට මට දියට හඬන කෑදැත්තෝ මතකයට නැගුනි. කාලනදී ගලාබසී මෙන්ම දියට හඬන කෑදැත්තෝ ද නිශ්චිත භූගෝලීය කලාපයක රුව ගුණ වරුණ නිරූපණය කෙරුණු නවකතාවකි. කාලය වශයෙන් සමානයයි සිතේ. වියළි කලාපයේ පරිසර හා සමාජ යථාර්ථය දැක්වීමේ සමත්කමේදී රන්පත්විල බෙහෙවින් අයගමගේට සමානයයි මට සිතේ. එහෙත් එ් කෘතිදෙක එකිනෙකින් නිර්මාණාභාෂය ලබා නොමැති බව නම් සහතිකය. සංවේදීව හා නිර්මාණාත්මකව තම නිජ පරිසරය දෙස බලන විට වෙනත් පරිසර තුළින් වුවද අපට  හමුවන්නේ සමාන සුඛ දුක්ඛ වේදනාවන්ය. දියට හඬන කෑදැත්තන්හි  පී‍්‍රමන් නැමති යුරෝපීය ජාතිකයාත්, ‘කාල නදී ගලා බසී, හි තන්ඩලේ නැමති ස්වදේශිකයාත් මුහුණ දෙන්නේ සමාන ජීවන සමාජ අරගලයකටය.
‘අපි නීතියෙන් සහ කයින් කවරෙකු හා බැඳී සිටියද, අපි ආත්මගතව බැඳී සිටිනුයේ ඔවුන් සමගද? නොඑසේ නම් ජීවිතයේ යම් තැනකදී අප අතින් ගිලිහී ගිය, එහෙත් හදවතේ ගැඹුරුම පත්ලේ සදා කාලික කඳුළක් වී කකියන, රිදුම් දෙවන අපට අහිමි සෙනෙහසක් සමග ද?
‘මගෙ දෙයියො ඔයා ජීවත් වෙන්න  ඕනෙ. මගේ පණ දීලා හරි මං ඔයාව ජීවත් කර ගන්නවා’ සාදිරිස්ගේ මුහුණේ සිහින් සිනා රැුල්ලක් නැගුනේය.
‘සාමාන්‍යයෙන් ඇතැම් නර්ස් නෝනලාට රෝහල්වලදී බොහෝ දේ ඇසෙනු නැත. විශේෂයෙන්ම රෝගීන්ගේ කෙඳිරිලි ඇසෙන්නේ නැත. එහෙත්, එ් වෙලාවේ  සාදිරිස්ගේ ඇඳ අසල හුන් තරුණ හෙදියට සිසිලියානා,  සාදිරිස්ට තෙපලූ වදන් ඇසින. රූමත් නව යොවුන් හෙදිය ඔවුන් දෙදෙනා දෙස අසීමිත වූ දයාර්ද්‍ර ස්නේහයකින් සිනාසිසී බලා සිටියා ය.’
        අපේ රටේ පේ‍්‍රමයට කාල වකවානු නියම කරගෙන තිබේ. තරුණ වියෙන් ඔබ්බේ වන පේ‍්‍රමය අශිෂ්ටය. එය ගලා යාමට ඇති වාං දොරටු වසා දැමිය යුතුය. නැතහොත් සමාජ දේහය කිලිටි වෙයි. එහෙත් නෝබට් අයගමගේ වීරයන් දෙදෙනෙකු පෙරටුවේ තබාගෙන කෙරෙන මෙම නිර්මාණ රචනාවේ එ් වාං දොරටුව ඇරගෙන තමාම එ් අසල සිටගෙන සිටී. එය නිර්භීත ව්‍යායාමයකි.
       මේ ඇගයීම ලියවුණේ ‘කාල ලදී ගලා බසී’ නවකථාව කියවා රසවිඳීමේ දිගුවක් ලෙසිනි. විඳි චමත්කාරයේ සටහනක් ලෙසිනි. ඇතැම් විට රසික මා අරබයාම ලියාගත් සටහනකි. විචාරකයකුට මෙහි ඇති දොසුත් දකින හැකිවනු ඇත. එහෙත්  මට අවශ්‍ය වූයේ මා ලැබූ වින්දනයට හා චමත්කාරයට සාධාරණය ඉෂ්ට කරන්නටය.
චන්ද්‍රරත්න බණ්ඩාර

Monday 10 November 2014

සූරිය කුසුම : සූරිය කුසුමේ සචිත‍්‍රා මාලින්ද සමග චූලාභය


 
 

                       පියදාස සිරිසේනයන්ගේ ‘ජයතිස්ස හා රොසලින්’ නවකතාවේ පිටපත් 25,000ක් 1906 දී අලෙවි වූ බවත් එම අලෙවි සංඛ්‍යාව අභිභවනය කිරීම අදටත් අපහසු වී ඇති බවත් ප‍්‍රකට කරුණකි. පියදාස සිරිසේනගේ ජීවිතයත්, ජයතිස්ස හා රොසලින් නවකතාවේ මෙහෙවරත් කැපවූයේ එකළ නැඟී ආ ජාතික ව්‍යාපාරයේ අභිවෘද්ධිය උදෙසාය. කොටින්ම පූර්ව නිදහස් යුගයේ සිංහල ජනතාවගේ ‘විමුක්ති අවකාශය’ විසින් කෙරෙන ඉල්ලීම්වලට දෙන ප‍්‍රතිපාදනයක් ලෙස එම නවකතාව හැඳින්විය හැකිය. එය ඉනික්බිති යුගයේ බිහිවූ මාර්ටින් වික‍්‍රමසිංහගේ නවකතා ධාරාවටත් ඊට පෙරාතුව බිහිවූ සයිමන් ද සිල්වාගේ ‘මීනා’ නවකතාවේ උසස් ආඛ්‍යානමය රටාවටවත් අයත් නොවුණකි.
                  මේ ගොඩ නැගුණු අදහස් මාලාවට ඍජු සබඳතාවක් නැතත් චූලාභය ශාන්ත කුමාර හේරත්ගේ ‘සූරිය කුසුම’ නවකථාව ද එවැනි විමුක්ති අවකාශයක පිපෙන එක්තරා පුෂ්පයක් ලෙස හැඳින් විය හැකි ය. ඒ විමුක්ති අවකාෂය වන්නේ ජාතිකත්වය නොව ¥ෂණය හා භීෂණමය වටපිටාවකින් මිදීමේ පොදු මහජන ප‍්‍රාර්ථනයයි.
                කැනඩාව වැනි බටහිර ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල සන්නිවේදන තාක්ෂණය ඉතා ඉහළ මට්ටමක තිබුණත්, නවකථාවට ඇති ස්ථානයේ තහවුරු වීමක් මිස අවම වීමක් තවමත් දක්නට නොලැබේ. ඇතැම් විට කඩදාසියේ මුද්‍රිත නවකථාව වෙනුවට අයි පෑඞ් වැනි මෙවලම් තුළට බහා නවකථා කියවීමක් දැකිය හැකි ය. කියවන්නේ කුමක්ද යන්නට වඩා, මේ කියවීමේ යෙදීම නම්වූ උතුම් කාර්යය, එකී සමාජයන්හි තහවුරුව පවතින, අනෙකාගේ පුද්ගලික භාවයට ගරු කිරීම, නිකරුනේ කාලය නාස්ති කිරීමෙන් වැලකී සිටීම, නිරන්තර දැනුම උත්පාදන මාර්ගයකට සිය ආත්මය විවෘත කොට තැබීම,  වැනි උසස් ගුණාංග තවදුරටත් තහවුරු කිරීමට හේතු වී ඇත. බස් රථයේ හෝ උමං දුම්රියේ ගමනක් යන විට විවිධ හැසිරීම් සහිත විවිධ ජාතිකයෝ මුණ ගැසෙති. නිකරුණේ සිටින මිනිස් සිත ඒවා දෙසට ඇදී යාම ස්වාභාවිකය. එසේ ගොස් අනෙකාගේ පෞද්ගලිකත්වයට බලපෑමක් නොවීම සඳහා ද මේ පොත් කියවීම වැදගත්ය.
                  බස් රථයේ දුම්රියේ කියවෙන මේ පොත් උසස් සම්භාවනීය පොත් නොවිය හැකිය. එමෙන්ම අවර ගණයේ ලිංගික පොත් ද නොවේ. මක් නිසාද යත් එවැනි පත පොත ප‍්‍රසිද්ධියේ නොකියවීමේ ස්වයං විනයක් එකී පාඨකයන්  විසින් ප‍්‍රගුණ කර ඇති හෙයිනි. බොහෝ විට ඒවා මධ්‍යම ගණයේ නවකථා ලෙස වැදගත් පොත පතය. ඒවා එදිනෙදා කාර්යබහුල ජීවිතයේ හිස් තැන් පුරවා නිස්කලංක  ආශ්වාදයක් ලබාදීමට සමත් කෘතීන්ය. සැබැවින්ම මේ රටවල අලෙවි වාර්තා තබන්නේ මේ මධ්‍යම ගනයේ නවකතාය.
                   ශී‍්‍ර ලංකාවේ මෙවැනි මධ්‍යම ගනයේ නවකතා බිහිවීමක් දක්නට නැති තරම්ය. ස්වර්ණ පුස්තක සම්මාන උළෙලට  අදාළව එකී මූලික කියවීම සඳහා පොත් එකසිය ගණනක් යොදාගත් බව එහි සංවිධායකයන් පවසා තිබුණි. එහෙත් දෙවන වටය සඳහා තෝරා ගත්තේ ඉන් පොත් දොළහකි. ඉතිරි සියයක් පමණ වන නවකතා අතර මධ්‍යම ගණයේ ‘මල්පොත්’ ගණයට නොවැටෙන පොත් කිහිපයක්වත් තිබුණා විය හැකිය. එහෙත් එ්වා ජනතාවට හඳුන්වාදීමේ සන්නිවේදන කාර්යයක් නොමැති හෙයින් එ්වා පාඨක අවධානයෙන් මැකී යා හැකිය. අනෙක් කරුණ වන්නේ මේ බොහොමයක් නවකථාවල ආඛ්‍යාන විලාසයේ ඇති දුර්වලකම්ය.
               මම චූලාභයගේ ‘සූරිය කුසුම’ ඇතුළත් කරන්නේ ධනාත්මක ලක්ෂණ බහුල මධ්‍යම ගණයේ නවකතා ගනයටය. පළපුරුදු සන්නිවේදකයකු හා සාහිත්‍ය කලාවේ අවශේෂ ක්ෂේත‍්‍රයක් වන කවිය, කෙටිකතාව, ගීත රචනය ආදියේ කලක් තිස්සේ නියැලෙමින් භාෂාව හා සාහිත්‍ය රීතීන් මැනවින් හඳුනන ලේඛකයෙකු ගේ සිය අත්දැකීම් කෙළවරකදී බිහිවූ නවකථාවකි ‘සූරිය කුසුම’. එය අර මා මුලින් සඳහන් කළ බටහිර ශික්ෂිත පාඨක බහුතරයකගේ සිත් දිනාගත් ආරේ නවකතාවකි.
               බාලිකා අනාථ නිවාසයකින් පැන යන සියලූ මානව සුදුසුකම්වලින් සමන්විත තරුණියක්  නිරුපද්‍රිතව සිය ගමනාන්තය කරා යන්නීය. සියලූම මානව ගුණ දහම්, වෘත්තීය සාරධර්මවලින් හා අනූන පෞරුෂයකින් පිරුණු ජනමාධ්‍යවේදියකුගේ නිරන්තර රැුකවරණය ඇයට හිමිවේ. මොවුන් මුහුණ දෙන ගැටලූවලදී පමණක්වත්, ඉතාම සාධාරණව හා ඉතාම නිර්භීතව හැසිරෙන පොලීසියේ ප‍්‍රධානියෙක් සිටී. සෙනෙහස හා කරුණාව පෙරදැරිකරගත් අවදානම නොතකා අනෙකාට පිහිටවන වැඩිමහල් සොහොයුරියක් වැනි මිතුරියකගේ රැුකවරණයද ලැබේ.  සිය තරුණ රූමත් සේවිකාව වෙත වරදකාරී ඉ`ගියක්වත් නොපාන නීතිඥයකු සිටී.  ඇයටම උදව් පදව් කරන ගුණ දහමින් සපිරි නීතිඥ ලිපිකරුවෙකි.  දීර්ඝ කාලීනව සිය උන්නතිකාමී ජීවිතයේදී කළ මිනීමැරුමක් අරබයා සැලූම් වෙව්ලූම් කන නගරාධිපතිවරයෙක් (දේශපාලකයෙක්) සිටී.
            මේ රසවත් කථාව ගොඩ නැංවීම උදෙසා අද ලංකාව (හාර ලක්ෂය මංකොල්ලය සිදුවූ අවධියේ ලංකාව නොව) මේ ආකාරයට ෆැන්ටසිකරණය කෙරේ. එහෙත් එ් ෆැන්ටසිකරණය ඔස්සේ  මවන චරිත හරහා අද ලංකාවේ අගතියට වැටී ඇති පරිසරය පිළිබඳව අවබෝධයක් ලබා දීමට කතුවරයා සාර්ථකත්වය දිසාවට ගමන් කරන උත්සාහයක යෙදේ. යටකී ලෙස මධ්‍යම ගණයේ පොත්වලින් පෝෂණය කළ හැකි ජනයා එවැනි වීරයෝ, සත්ගුණවත් මිනිස්සු ලබන ජයග‍්‍රහණ බලාපොරොත්තු වෙති. එසේ නැත්නම් ඔවුන් පොත් කියවන්නේ නැත.
         එමෙන්ම සිංහල නවකතාකරුවා මේ වන විට, ඉතා හොඳින් අත්පත් කර ගෙන ඇති අවස්ථා විවරණය චූලාභය විසින්ද කෘතියට උචිත ලෙස මැනවින් සාක්ෂාත් කරගෙන ඇත. ආතතීන්, හැඟීම්, පරිසරය, මානව සබඳතා වර්ණයේදී ඔහු සතු කාව්‍යාත්මක භාෂාව අපූරු හැඩරුවක් සූරිය කුසුමට එකතු කොට තිබේ.
උසස් නවකථාවක තිබිය යුතු යථාර්ථ නිරූපණය පිළිබඳ ගැටලූ ඇතත්, නවකතාවේ පාත‍්‍ර වර්ගයා කතුවරයාගේ මෙහෙයවීම් වුවත්, ඔවුන්  උපයෝගී කරගෙන අද පවත්නා සමාජ වටාපිටාවේ  භයංකාර චිත‍්‍රය ලිහිල් ලෙස හෝ මතුකර ගැනීමට චූලාභය සමත්ව තිබේ. එම සමත්කම විශේෂිතව ගත යුත්තේ සරල ලෙස එ්වා විඳින අනුගාමි පාඨකයකු බිහි කිරීමට සමත්වීම නිසාය. එමගින් මෙම සමාජයේ භයංකාරත්වය පිළිබඳ වැටහීමක් පාඨකයාට ලැබෙන නිසාය.
       හැටේ දශකයේදී කරුණාසේන ජයලත් වැනි ලේඛකයෝ එදා සමාජයට ගැළපෙන ලෙස, මධ්‍යම ගණයේ නවකතාව ඔස්සේ සාහිත්‍යයත්, මානව ජිවිතයත් පෝෂණය කළෝ්ය. ඉනික්බිති එවැනි බරපතල සමාජ මැදිහත්වීමක් කිරීමට සමත් මධ්‍යම ගණයේ සාහිත්‍ය කලාවකට කිසිවකුගේ  අනුග‍්‍රහය නොලැබුණි. චූලාභයගේ නවකථාව  බිහිවන්නේ එ් යුගයට දශක තුන හතරකට පසුවය. උසස් නවකථාව පිළිබඳව නවතම සාහිත්‍ය හා සමාජ කතිකාවක් ගොඩ නැගෙමින්  පවතින අවධියකය. රාජ්‍ය ව්‍යාපෘතීන් පසාරු කරගෙන ගොස් පෞද්ගලික ව්‍යවසායකයන් නිර්මාණශීලීව ගොඩ නැඟූ පරිසරයකය. පොත් ප‍්‍රකාශනයත්, පොත් ලිවීමත් ආශ්වාදජනක කටයුත්තක්ව ඇති අවධියකය. එ් ඔස්සේ ඇතිවූ තරඟකාරිත්වය හමුවේ  ඕනෑම ලේඛකයෙකු වෙනුවට, කි‍්‍රයාශීලී හා ගවේෂණශීලී නව වස්තු විෂයයන් සීරුවට සොයා යන ලේඛකයකු බිහිවීමේ පරිසරයකය.
         සූරිය කුසුම සූක්ෂම විචාරයකට හසු කළහොත් එහිදී හඳුනාගත හැකි දුර්වලතා තිබේ. එමෙන්ම සම්භාව්‍ය නවකතාව විසින් වැඩි වර්ධනය කළ අංගෝපාංග පොදු පාඨකයාට උචිත වන ආකාරයට හැඩ ගසාගත් ප‍්‍රශංසනීය උත්සාහයක් ද තිබේ. සූරිය කුසුම එක්තරා ආකාරයකට  ඩබ්ලිව් එ් සිල්වා විසින් වර්ධනය කිරීමට උත්සාහ දැරූ එහෙත් නොහැකිවූ පොදු ජනයා ආකර්ෂණයට ලක්වූ කථා රටාවේත් ,මෑත කාලීන සම්භාව්‍ය ගනයේ ලේඛකයන්ගේ කථා රටාවෙහි ඇතැම් ලක්ෂණයන්ගේත්, කරුණාසේන ජයලත් විසින් ප‍්‍රවර්ධනය කළ චමත්කාරය හා සාරධර්මික මානව සබඳතා සහිත නවකතාවන්හිත්  මිශ‍්‍රණයක් දැකිය හැකිය.
චූලාභය සූරිය කුසුමේ අපූරුවට ගොඩනංවන කථාන්තරය පාඨකයා විඳින බව එහි අලෙවි වාර්තා සටහන් කරයි. එහෙත් වෙනම පරිච්ෙඡ්දයක් ලෙස ගොනු කොට ඇති සන්ෆලවර් ගැන මට  ඇත්තේ දෙගිඩියාවකි. එය නිර්මාණාත්මක බවක් ප‍්‍රකට කරන්නේද? එසේ නැතිනම් අපූරුවට ගොඩ නගාගෙන පැමිණි වියමන බිඳ දමන්නේද?
චන්ද්‍රරත්න බණ්ඩාර.

Wednesday 29 October 2014

දෙවියන් පවා නොසලකා හරින දෙවියන්ගේ දරුවෝ






හල්දුම්මුල්ල කොස්ලන්ද මීරියබැද්ද වතුයායේ කොටසක් නාය ගොස් හාරසියයකට ආසන්න ප‍්‍රමාණයක් පනපිටින් පස් කඳුවලට යටවීමේ ශෝක ජනක ප‍්‍රවෘත්තිය සංවේදී හදවත් දවාලනු නිසැකය' හි`ගමනට ඇදවැටුන වQjkq;a යුද්ධය නිසා අනාථ වුවනුත් හැරුණු කොට සංවිධිත ජනවර්ගයක් ලෙස සාමූහිකව දුක් විඳින ජාතිය වතුකරයේ දෙමළ ප‍්‍රජාවයි'

   1988 දී පමණ මතුගම අගලවත්ත  හා බුලත්සිංහල යන මැතිවරණ කොට්ඨාසයන්හි වතු නිවාස පිළිබඳ සමීක්ෂණයකට සහායවීම මගින් ඔවුන්ගේ ජීවන විජිතයේ දුක් දෝමනස්සයන්හි සමීප අත්දැකීමක් ලබා ගැනීමට මට හැකිවිය' 1996 දී පමණ කෑගල්ල නාවලපිටිය නුවරඑළිය ආදි පෙදෙස්වල වත= ුපාසල් ගුරුවරුන් පුහුණු කිරීමේ සැසිවාරයන් කිහිපයක් මෙහෙයවීමේ අවස්ථාවද මවෙත ලැබුණි' මේ සියල්ලෙන් මා හ\ුනාගත්  සරල දෙය නම් නිදහසින් පෙර හෝ පසුව රට කරවූ පාලකයින් මගින්වත් මේ පීඩිතයන්ගේම  නායකයන් මගින්්වත් කිසිදු සහනයක් ඔවුනට නොලැබුණු බවයි'
කවර දුෂ්කර තත්වයන් යටතේ වුවද ඔවුන් සියල්ලෝම වැඩමුරය පැහැර නොහැරිය යුතුය' ඒ සාමාන්‍ය තත්වයයි' වතුකරයේ කුඩා ගැහැණු පිරිමි දරුවෝ   ්මහ මන්දිරවල මෙහෙකාරකමට යති' ඇහැට කනට පෙනෙන වතුකර ළ\qුන්  කංකානිගේ සිට ලොකු  එවුන් දක්වා  ලිංගික සේවා සැපයිය යුතුය’ ඒ සියල්ල මගින් උපයා ගන්නා සොච්චම් වැටුප වුවද තුන්වේල කා මිනිසුන් ලෙස ජීවත් වීමට ප‍්‍රමාණවත් නොවේ’
බාල මහලු ගැහැණු පිරිමි බේදයක් නැතිව වතුකර දෙමළ ප‍්‍රජාවගේ මුහුණු මත ලියවී ඇති අසංතෝසයේ කතාව වටහා ගත්තෝ වෙත්නම් ඒ හතලිහේ පනහේ දශක වල වමේ ව්‍යාපාරය පමනි'’ ඔවුන් විසින් ඒකරාශි කරමින් අද ඔවුන් විඳින යම් වරප‍්‍රසාදයක් වෙත්නම් එය ලබා දීමට එදා වමේ නායකයෝ සමත් වූහ’

මේ පීඩිතයින් වමේ ව්‍යාපාරයෙන් බිඳවීමට ජාතිවාදි එළඹුමකින් වෘත්තීය සමිති ව්‍යාපාරයට එළඹි තොන්ඩමාන් සමත් විය’' තොන්ඩමාන් කම්කරුවෙකු නොව දකුණු ඉන්දියාවේ සිට දෙමළ කම්කරුවන් ලංකාවට ගෙන ආ තැරැුව්කරුවෙකුගේ පුත‍්‍රයෙකි'’ එවැන්නෙක=g වතු කම්කරුවන් බාරවීම වනාහි නරියාට කුකුල් කොටුව බාරදීමට දෙවෙනි නොවේ’ තැරැුව්කාර තාත්තාට මෙන් මහ තොන්ඩමන්ටද(^එස් තොන්ඩමන්& ඊටත් වඩා ඔහුගේ මුණුපුරා වන ආරුමුගම් තොන්ඩමන්ටද මේ පීඩිතයන් වනාහි මිනිසුන් නොව තමාගේ අභිවෘද්ධිය සඳහා සිටින සත්ව විශේෂයකි’' ඔවුන්ගේ ඡුන්ද පදනම වෙන්දේසියේ දමමින් සිය පුද්ගල අභිමතාර්ථ සාදා ගනී’' ආණ්ඩු සමග හෙට්ටු කරමින් තම ව්‍යාපාර තර කර ගනිති’

දකුණු ඉන්දියාවේ සිට ගෙන ආ කම්කරුවන්ගෙන් සියයට පනහක් මන්නාරම් තොටේ සිට මධ්‍ය කඳුකරයට ගෙන ඒමේදී ගමන් වෙහෙසටත් මැලේරියාව ඇතුලු ලෙඩ රෝග වලටත් ගොදුරුව මග මැරුණාහ'’ ලෙඩ දුකින් පෙලෙන්නවුන් මග අතහැර දමා මැරෙන්නට හැරියහ’' ඒ බව වැඩිදුර හැදෑරීමට ආචාර්ය කුමාරි ජයවර්ධනගේ ‘‘ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ නැගීම’’ කියවන ලෙස ආරාධනා කරමි’

මේ වතුකර දෙමළ පීඩිතයන්ගේ දුක්ඛදායී ජීවිතයේ කටුකත්වය සංවේදී කලාකරුවකුගේ හෘද සාක්ෂිය හැ`ඩවූ අයුරු දැන ගැනීමට 1980 ගණන්වල මුල් භාගයේ පරාක‍්‍රම කොඩිතුවක්කු කිවිඳුන් විසින් රචිත ’දෙවියන්ගේ දරුවන්’ කාව්‍යය කියවන්ak'


කඳුකරයේ ලස්සණ බැලීමට යන අපට පෙනෙන නිල්ල නැගෙන තේ වතු යායවල් වනාහි මහපොළොව උරාගත් මේ පිඩිත වතු දෙමළ වර්ගයාගේ රුධිරයයි’ ශී‍්‍ර ලාංකිකයන් මැදපෙරදිග ගොස් ශ‍්‍රමය වගුරා හරි හම්බ කොට එවන මුදල විදේශීය විනිමයේ පළමු ඉපයීම වන්නට පෙර තේ අපේ අපේ විදේශ විනිමය සැපයූ ප‍්‍රධාන අපනයනය විය’' ඒ වනාහි මේ පීඩිතයන්ගේ කඳුලේ  දහඩියේ හා රුධිරයේ අස්වැන්නය'’ අ|ssන්නට හර්හමන් වස්ත‍්‍රයක් කන්නට හරිහමන් ආහාරයක් ඉගෙනගන්නට හරි හමන් අධ්‍යාපනයක් ජීවත් වෙන්නට හරිහමන් සෙවනක් ජිවිතයට හරි හමන් ආරක්ෂාවක් නැති මොවුන්ගේ ජීවිතම සොයා ස්වාභාවික විපත් නම්වූ හෙනහුරාද පැමිණ තිබේ’

විපතට පත්වූවන්ට සහන සලසන්නැයි උස් හ`ඩින් ඉල්ලන්නට ඔවුන්ට නායකයන් නැත’ දෙවියන්ට දුක කියමින් කඳුලු වතුර බොමින් අහසට හ`ඩ නගා දෙවියන් යදිනවා හැර ඔවුන් අන් කුමක් කරන්නද

Saturday 4 October 2014

මදාවි පියවරුන්ගේ සාහිත්‍ය උපදෙස්




      
    ස්වර්ණ පුස්තක සම්මාන උළෙල නිමාවීමටත් පෙර සම්මාන බලාපොරොත්තු වූවෝද අනෙකුත් උදවියද, කියන ලියන අඩාපාලි දැකීම නිසා මෙය ලියන්නට සිත්විය. ඒ සියල්ල එසේ තිබේවා. එකක් කිව යුතුය. එනම් ස්වර්ණ පුස්තක සම්මාන උළෙල ඇරඹීමත් සමග ඉතා කුඩාවට තිබුණු පාඨක සමාජය පුලූල් එකක් වී ඇති බවයි ඒ. මීට දශකයකට දෙකකට පමණ පෙර පොත් 1000ක් මුද්‍රණය වුණු නවකතාවක් අද 10000 ට එහා පැත්තේ මුද්‍රණය වේ. එයින් ප‍්‍රකාශකයා ලාභයක් ලබන බව සැබෑවකි. එහෙත් ලේඛකයා හා පාඨකයා ලබන ඵල ප‍්‍රයෝජන සුලූ කොට තැකිය හැකිද? ලේඛකයෙකු ලියන පොතක් පු`ථල් පාඨක සමාජයක පරිහරණය වීම ඔහුට හෝ ඇයට කවර නම් වූ ආත්ම තෘප්තියක් ගෙන දෙයිද? එය පොත අලෙවි වීමෙන් ලැබෙන කතෘ භාගයට වඩා හෝ ඊට සමානව ලේඛකයෙකුට වටිනා දෙයකි.
 
      ස්වර්ණ පුස්තක සම්මාන උත්සවයට හා ගොඩගේ සම්මාන උත්සවයට මේ කෙරෙන පහරදීම් සඳහා අලූත් ජවයක් ලැබුණේ විද්‍යොදය සම්මාන උළෙලේදිී ගුණදාස අමරසේකර සම්මාන උත්සවය අරබයා කරන ලද දුෂ්ඨ ප‍්‍රකාෂයත් සමගය. ගුණදාස අමරසේකර වැනි සිංහල සාහිතයයට අපූරු මං සළකුණු එකතු කළ ලේඛකයෙකු සිය දේශපාලන භාවිතය හා සාහිත්‍ය භාවිතය වංගු ගසා පැමිණ ඇත්තේ ඉතාම දුර්භාග්‍ය සම්පන්න අවසානයකටය. එතැන් සිට ඒ ක්ෂේත‍්‍ර දෙක අරබයාම වෛරය හා ද්වේශය වපුරන අමරසේකර වැඩිහිටියෙකු, ලෝකය දන්නා වියතෙකු, ලෙස නොකළ යුතු දේවල්ම කරයි. කොටින්ම කියතොත් ඔහුගේ අග‍්‍රගන්‍ය නවකතාව ලෙ මා සලකන පේ‍්‍රමයේ සත්‍ය කතාවේ ඩොක්ටර් වීරසිංහ චරිතයටම ආදේශවී සිටි.
  
       මහගමසේකරයන් මියගොස් එහි ශෝකී සීතලවත් වියැකෙන්නට පෙර ”මහගමසේකර යනු ඔහුගේ හදිසි මරණයෙන් ජනපි‍්‍රයත්වයට පත් කුකවියෙකැයි ” අමරසේකර පැවසුවේය. ඔහු හැර කිසිදු වියතෙකු කලාකරුවෙකු ඒ දුෂ්ට ප‍්‍රකාෂය ඇත්තකැයි අදටත් විශ්වාෂ නොකරනු ඇත. සේකර අරබයා දුෂ්ට කතා කීමේ අමරසේකර සම්ප‍්‍රදාය වසර හතලිහක් පමණ තිස්සේ නොනවත්වා කරගෙන විත් අද එහි උච්චත්වයට පත්වී ඇත.
   ස්වර්ණ පුස්තක සම්මාන උළෙල ගැන කෙරෙන දුෂ්ඨ විවේචන එහි අයිතිකරුවන් වන ග‍්‍රන්ථ ප‍්‍රකාශකයන්ගේ සංගමයට නම් අබ මල් රේණුවක තරම් අවැඩක් වෙතැයි සිතිය නොහැකිය. ග‍්‍රන්ථ සඳහා පු`ථල් පාඨක සමාජයක් බිහි කිරීම හා ඒ ඔස්්සේ ග‍්‍රන්ථ ප‍්‍රකාශනය ලාභදායී ව්‍යාපාරයක් බවට පත් කර ගැනීමට ඔවුනට හැකියාව ලැබී ඇත. ඒ සඳහා ඔවුන් ඉතා දියුණු ක‍්‍රම වේදයක් භාවිතා කර ඇත.
    විනිශ්චය මණ්ඩලයන් ගැන ඇති විවේචනයද සම්මාන උළෙලේ විවේචකයන් සතු උපකරණයකි. ලංකාවේ සිංහල සාහිත්‍ය කෘතියක් ඔස්සේ ජාත්‍යන්තර මට්ටමට ළ`ගාවූ ලේඛකයෙක් ලංකාව තුළ නැත. එහෙයින්  ඕනෑම කෙනෙකුට සිදුවන්නේ නිර්මාණ ක්ෂේත‍්‍රයේ හා විචාර ක්ෂේත‍්‍රයේ යම් ගැඹුරක් ඇතැයි සිතන දේශීය සීමාවන් තුළ වැඩ කරන විනිශ්චයකරුවෙකු සොයා ගැනීමටයි. ඒ අනුව ස්වර්ණ පුස්තක විනිශ්චය මණ්ඩලය කෙරෙහි සර්ව සම්පූර්ණ එක`ගතාවක් ඇතිවෙතැයි සිතිය නොහැකිය.
     අමරසේකර විසින් ප‍්‍රවර්ධනය කොට සේන තෝරදෙණිය වැන්නන් පාවිච්චි කරන ලේඛකයන්ට හා විනිශ්චයකරුවන්ට එරෙහි එන්.ජී. ඕ. චෝදනාව අතිශයින් හිතුවක්කාර අපහාසාත්මක එකකි. අද වන විට කිසියම් විකල්ප මතයක් දැරීම එන්.ජී. ඕ. කාරයෙකු යන අපහාසයට ගොදුරුවීමට හේතුවක්ව තිබේ. අමරසේකර , නලින් ද සිල්වා වැනි උදවියගේ සිට ගලබොඩඅත්තේ ඥානසාර දක්වා වූ බොහෝ අයට තමා අනුයන මතයට විරුද්ධ මතධාරීන්ට NGO හංවඩුව ගසනු ලැබේ. අමරසේකර ඇතුලූ ඔහුගේ අනුගාමිකයන් විසින් NGO චෝදනාව නගන බොහෝ උදවියට ලංකාවේ සමාජ සංවිධානය ගැන අධිපති මතවාදයට අයත් නොවන විකල්ප මතවාදයක් තිබේ. එවැන්නක් දැරීමට බුද්ධි ජීවීනට සිදුවන අතර එසේ දැරීමට ඇති අයිතිය ආරක්ෂා කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුලික ලක්ෂණයකි. එය සුරැුකිය යුතු අයිතියකි.
       අමරසේකර පිස්සුවෙන් මෙන් චෝදනා කරන මේ NGO කාර චෝදනාවට නිසි උත්තර ලබා දීමට හැකියාව තිබුණු වියතා අද ජීවතුන් අතර නැත. ඒ දිවංගත තිස්ස අබේසේකරයන්ය. ” ඔබම යෝජනා කළ ප‍්‍රඥා ප‍්‍රාසාදයේ ඔබවත් සිටින්නේදැයි සන්සුන් මනසින් විමසා බලන ලෙස තිස්ස අබේසේකර කළ ආරාධනාවේදී අමරසේකරට කට උත්තර නැති විය.
     ඉතිහාසය යනු සමාජ විද්‍යා විෂයයකි. එහි මිනුම් ද`ඩු වෙනස් විය හැකිය. මහා වංශය යෝජනා කරන ඉතිහාසය තුළ ,ප‍්‍රායෝගික නොවන තර්ක බුද්ධියට නොගැලපෙන බොහෝ දේ ඇත. එවැනි දෑ ප‍්‍රශ්න නොකර ගෙඩිය පිටින් බාර ගන්නට බල කරන සමාජයක් සබුද්ධික සමාජයක් වන්නේ කෙසේද?
      මෙවර ස්වර්ණ පුස්තක සම්මානයේ අවසන් වටයට තේරුණු මංජුල වෙඩිවර්ධන ලියු ”මගේ ආදරණීය යක්ෂණී” යනු සමාජ විද්‍යාත්මක කෘතියක් නොව පරිකල්පනයන් පදනම් කරගෙන බිහිවුණ නවකතාවකි. නවකතාවකවත් තමන්ගේ හෘද සාක්ෂියට ගැලපෙන සේ ඉතිහාස තතු විමර්ශනය කිරීමට ඇති අයිතිය සේන තෝරදෙණිය විසින් රාජ්‍ය ද්‍රෝහිත්වයක් දක්වා වර්ගීකරණය කරයි. ඉතින් රාජ ද්‍රෝහි වූවාමයයි කියමුකෝ. ඉතින් එහෙම වෙන්නට අයිතියක් ලේඛකයෙකුට නැද්ද?
       බටහිර ලෝකයේ හෝ අවම වශයෙන් ඉන්දියාව මෙන්වත් ජාතික රාජ්‍යය නිර්මාණය කර ගැනීමට අසමත්ව සිටින අප වැනි රටක ජාතීන් වශයෙන් ඇති දුක් ගැනවිලි බොහෝය. එවැනි රටක මේ සියලූ හෙන ගෙඩිවලට හේතුව ඉතිහාසයේ වැරැුද්ද යයි සිතන්නෝද බුද්ධිමතුන් අතර බොහෝය. එවැනි ඉතිහාසයක් දෙස සංවේදි ලේඛකයෙක් වෙනස් විදිහට සිතීමේ ඇති වැරැුද්ද කුමක්ද? එසේ සිතීම නිසා ඔහුට රාජ ද්‍රෝහිත්වයේ ලේබලය ඇලවීම සාධාරණද? තෝරදෙණියද අමරසේකරද කරන්නේ එයයි.
      ලාංකීය කලාකරුවෙකුට සිය නිර්මාණ සඳහා වස්තු විෂයයන් සෙවීමට සිදු වන්නේ මේ මඩ ගොහොරුවෙන්මය. කලින් කලට වෙනස්වන , නිරවුල් චින්තනයක් නැති අමරසේකර වැනි බුද්ධිමතුන්ද මේ මඩ ගොහොරුව නිර්මාණය කිරිමට දායක වූවෝ වෙති. මෙසේ සෑදු මඩ ගොහොරුවම නිල් මානෙල් විලක් ලෙස දකින ලේඛකයන්ද සිටිය හැකිය. එහෙත් තිස් අවුරුදු යුද්ධයක්, නොනවතින ඝාතන සම්ප‍්‍රදායක් , රාජ්‍යය සතු ස්වකීය මර්ධන යාන්ත‍්‍රණයක් වැඩි වර්ධනය කරගෙන ඇති රටක මේ බිහිසුණු තතු වලින් මිදිී නිර්මාණභ්‍යාස කළ හැකිද?
    ස්වර්ණ පුස්තක සම්මාන උළෙල අරබයා කෙරෙන විවේචන, ලේඛකයන්ද වැටී ඇති බිහිසුණු ඉරණම කියාපායි. රටේ පාලකයෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අමු අමුවේ ඝාතනය කරන්නේ ඔවුන්ගේ තනි හයියෙන් නොවේ. අමරසේකර පන්නයේ දුෂ්ට බුද්ධිමතුන්ගේද සහයෙනි. අලූත් පරපුරක නිදහස් සිතුම් පැතුම් විසින් රටක් විනාශ වෙතැයි සිතන ඔවුනට පාලකයන්ගේ අත්වල ඇති ලේ දහරා නෙපෙනෙන්නේය.
    අවසන් වශයෙන් කිව යුත්තේ ස්වර්ණ පුස්තක වේවා , ගොඩගේ සම්මාන වේවා රැුක ගත යුතු අගනා උත්සාහයන් බවය. එමගින් සාහිත්‍ය ප‍්‍රබෝධයක් ඇතිවී ඇති බව පිළිගත යුතුය. එහෙත් එසේ ඒවා පිළිගත යුත්තේ ඒවා සතු අඩුපාඩුකම්ද ඇති බව පිළි ගන්නා කොන්දේසියකට යටත්වය.

චන්ද්‍රරත්න බණ්ඩාර
2014-09 -24

Tuesday 16 September 2014

වතුර බෝතලයත් හිලව්වට





          ඌව වෙල්ලස්සේ මිනිස්සුන්ට ගස්වල පොතු කකා වතුර බිබී ජීවත් වන්නට සිදුවූ අතීතයක් තිබිණි. ඒ 1818 කැරැුල්ලට ඔවුන් සහයෝගය දුන් නිසාවෙනි.එතෙක් ඔවුන් ගොවිතැනට හුරු එමගින් බත බුලත සපයාගත් උත්සාහවන්ත මිනිසුන්ව සිටියෝය. ප්‍රෞඩ සිංහලයන්ගේ අතීත කතාව ලියන විට පටන් ගන්නේම ඌව වෙල්ලස්සෙනි. ඒ ඔවුන් කොන්ද කෙලින් තබාගත් ජනතාවක් වූ නිසාය.

         එහෙව් සිංහලයන්ට සුද්දන්වත් අපහාස කළේ නැත. ඔවුන් කළේ තමන්ට හතුරු වූ ඒ ජන කොටස මර්දනය කිරීමය.

          එහෙත් අද රට කරවන පාලක වරිග සභාව  ඒ උදාර සිංහලයන්ට කරන නින්දාව මේ සමග ඇති පිංතූරයෙන් තේරුම්ගත හැකිය. පිපාසයට පැන් පොදක් දෙන විට සතුරු මිතුරුකම්වත් , කුල මලවත් බලන සිරිතක් මනුස්සයන්ට නැත. දෙන වතුර ටිකට හිලව්වට කිසි දෙයක් ඉල්ලන සිරිතක් මනුස්සයන් අතර නැත. පස මිතුරු සේනා දෙකක වුනත් පිපාසයට වතුර හුවමාරු කර ගැනීම යුද්ධය තුල වුවද කි‍්‍රයාත්මක මන්ස්ස ගුණාංගයකි.

           මේ පිංතූරයේ සිටින තැනැත්තා ඌව පළාතේ මහ ඇමති අපේක්ෂකයාය. ඒ මදිවාට කතරගම දේවාලයේ භාරකාරවරයාය. අතීතයේ නම් ඔවැනි තනතුරුවලට පත්වූවෝ යහ ගුණ පිරි, පංච ශීලය රකින, වැදගත් ප‍්‍රභූවරුය. එහෙත් මොහු පිපාසයට දෙන වතුර බෝතලයේ හිලව්වට ඡුන්දය ඉල්ලන්නෙකි. එවැන්නෙකු මහජන නියෝජිතයන් අතර සිටීම පමණක් නොව මිනිසෙක්ව සිටීමත් පුදුමයකි.

     ඡුන්ද ලකුණ හා මනාප අංකය යෙ¥ සිල් රෙදි 18000ක් මොනරාගල හා බදුල්ල දිස්ති‍්‍රක්කයේ බෙදා ඇති බව කියන්නේ මැතිවරණ කොමසාරිස්වරයාමය. සිල් රෙද්දක් පූජාකර රජකම බලාපොරොත්තුවන මොවුන්ගෙන් වැදගත් ශීලාචාර දෙයක් බලාපොරොත්තු විය හැකිද? බොදු බල සේනාව, රාවණා බලය, සිංහල රාවය,සිවුරු උස්සාගෙන කෑ ගැසිය යුත්තේ මොවුනට විරුද්ධව මිස වෙනත් අසරණුන්ට විරුද්ධව නොවේ. 

Thursday 11 September 2014

රාජිත ඇමතිවරයාට කල කම් පල දෙන හැටි



               රාජපක්ෂ වරිග සභාව විසින් සිය වරිගයේ යහපත තකා මුදාහැර ඇති බොදු බල සේනාව ලංකාවේ අස්සක් මුල්ලක් නෑර සිය ප‍්‍රචංඩත්වය මුදා හරිමින් සිටී. ඔවුන්ගේ නොහොබිනාකම් වලින් ගැලවී සිටීමට ලංකාවේ ඇමති මණ්ඩලයට පවා බැරිය.

           රාජිත සේනාරත්න ඇමතිවරයා බොදු බල සේනාවේ ප‍්‍රහාරයට ගොදුරුවී සිටින ලොකුම කැබිනට් සාමාජිකයාය. ඔහුට අද සිය ආරක්ෂාව පතා අධිකරණයේ පිහිට පැතීමට සිදුව තිබේ. එහෙත් රාජපක්ෂ රෙජීමයට රෙදි නැතිව කඬේ යමින් නීති විරෝධීව හා ආචාර ධර්ම විරෝධීව අග‍්‍ර විනිශ්චකාරිනී ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉවත් කරන ලද පාර්ලිමේන්තු විනිශ්චය සභාවේ විනිසුරුවරයෙකු ලෙස එදා හිරිකිතයක් නැතිව රාජිත පෙනී සිටියේය. එදා ඔහුද සහභාගිත්වයෙන් ඒ කල ඓතිහාසික අපරාධය හරහා අධිකරණ ක‍්‍රමයේ ඉතිරිව තිබුණු ස්වාධීනත්වයේ ප‍්‍රාණ පොදද ඉවත් කෙරිණි.

            අද ඇත්තේ රෙජීමයට අවෂ්‍ය නම් නඩු දිනවන හෝ පරදවන අධිකරණ ක‍්‍රමයකි. දෛවයේ කුරිරු සරදමක් ලෙස රාජිතට සහනය පතා යන්නට සිදුව ඇත්තේ එවන් අධිකරණයක් ඉදිරියටය. රාජපක්ෂ වරිග සභාව මුදා හැර ඇති දඩ බල්ලන්ට එරෙහිව අධිකරණය කි‍්‍රයා නොකරන බව අපට වඩා හොඳට රාජිත ඇමතිවරයා නොදන්නවා විය නොහැකිය. බුදු සමයේ දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියන්නේ ඔයාකාරයට මේ ආත්මයේදී පටිසන් දෙන පාප කර්ම වලටය. ඒ කෙසේ වෙතත් රාජිතට ජය අත්වේවා යයි අපි දෙවියන්ට බාර හාර වෙමු.

Thursday 28 August 2014

මහේලගේ සමු ගැනීම

        මහේල ජයවර්ධන යනු නාලන්දා විද්‍යාලයේ වසර අනූවක ඉතිහාසය තුළ බිහි කළ විශිෂ්ට ගණයේ ආදශිෂ්‍යයෙකි. එමෙන්ම ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ඉතිහාසයේ ප‍්‍රමුඛතා ගණනාවක් අත්පත් කරගත් කි‍්‍රකට් කී‍්‍රඩක මහත්මයෙකි. ඔහු තමන් නියැලි කී‍්‍රඩාව මගින් තම මව්බිම ලෝකයා හමුවේ කීර්තිමත් කිරීමට දායක වූවෙකි. කී‍්‍රඩා කෞෂල්‍යය තවමත් එසේම තිබිය  දී නිසිකල වයස පැමිණ පවත්නා වාතාවරණය මැනවිනකරටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් ඉවත් වීමට ඔහු තීරණය කොට තිබේ.

        මහේල ගැන සඳහන් කරන ඔහුගේ ගුරුවරුන් පුහුණුකරුවන් පවසන්නේ කි‍්‍රකට් පිටියේදීත් ඉන් පිටතදීත් මනා පෞරුෂයක් හා මහත්මා ගුණයක් පවත්වාගෙන යන, ගුරු - වැඩිහිටියන්ට ගරු කරන ආදර්ශමත් කී‍්‍රඩකයෙකු බවයි.

       තුන් ඉරියව්වෙන්ම හපන්කම් පෑ කි‍්‍රකට් කී‍්‍රඩකයෙකු වන මහේල ලෝක තරඟාවලි ගණනාවකදීම අසීරු තත්වයට පත්වූ තම කණ්ඩායම ඉන් මුදවා ජයග‍්‍රහණය කරා ගෙන යාමට සමත් විය. එමෙන්ම තම දක්ෂතාව හා ජ්‍යෙෂ්ඨත්වය අනෙකුත් නවක කී‍්‍රඩකයන්ට බාධාවක් නොකොට නිසි මඟපෙන්වන්නෙක් බවට පත්වීමට ඔහු සමත් විය. ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග වැනි ඔහුට ජ්‍යෙෂ්ඨත්වයෙන් අඩු කී‍්‍රඩකයන්ගේ නායකත්වය යටතේ ද සම සිතින් කී‍්‍රඩා කිරීමට තරම් මහේල නිහතමානි විය. තමාට ඉල්ලූමක් තිබෙන අවධියක කි‍්‍රකට් වැනි සෑම අතින්ම සරුසාර කී‍්‍රඩාවකින් සමුගැනීමට තීරණය කිරීමම ඔහු සතු විශිෂ්ටත්වය විදහා දක්වයි. මෙවැනි  විශිෂ්ට තීරණයක් ගත් ඉන්දියානු  කි‍්‍රකට් කී‍්‍රඩක සචින් ටෙන්ඩුල්කාර් අද ඉන්දියානු ජනතාවගේ මනස් තුළ දේව ප‍්‍රතිරූපයක්  නිමවා තිබේ. මේ විශිෂ්ටත්වයේ ප‍්‍රතිපක්ෂය අප රටේ නියෝජනය කරන්නේ කලක් විශිෂ්ට කී‍්‍රඩකයෙකුව සිටි සනත් ජයසූරියය.

       මහේල යනු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවේ පුරාවෘත්තයක් යයි පවසා ඇත්තේ ප‍්‍රවීණ කී‍්‍රඩක රෝයි ඩයස් විසිනි. මහේල විසින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවට කර ඇති අනූපම සේවය මැනවින් අගය කරන ඔහු ටෙස්ට්, එක්දින හා 20-20 තරග සඳහා ද සම ලෙස දස්කම් පෑවෙකු බව රෝයි පවසයි. සංගක්කාර - මහේල සුසංයෝගය  ශී‍්‍ර ලාංකික කි‍්‍රකට් කී‍්‍රඩාවට අහිමිවීම දරාගත නොහැකි පාඩුවක් බව රෝයි ද සිල්වා තවදුරටත් සඳහන් කර සිටී.
ලෝක පූජිත කි‍්‍රකට් කී‍්‍රඩකයෙකු වන සුනිල් ගවස්කාර් පවසා සිටියේ මහේල කී‍්‍රඩා කරනු බැලීමට තමා සැතපුමක් පයින් යාමට වුවද සූදානම් බවයි.

     මේ සා විශාල ලංකා පුත‍්‍රයෙකු වූ මහේල ජයවර්ධනයන්ට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලය සලකන නැහැදිච්ච ආකාරය ඔබ මාධ්‍ය මගින් දැනටමත් දැක ඇතුවාට සැකයක් නැත. අප‍්‍රමාණ ධෛර්යයෙන් යුතුව තම කුසලතා ප‍්‍රදර්ශනය කරමින් උපයා දෙන ඩොලර් මිලියන ගණන් මුදල් පාලක මණ්ඩලය ලෙස කල්ලි ගැසුණු නිලධාරී රොත්ත ලජ්ජා නැතුව තම යහපත සඳහා වියදම් කරන අයුරු මාධ්‍ය මගින් නිතිපතා හෙළි දරව් කරමින් සිටී. එකී මණ්ඩලයේ එක් ප‍්‍රධානියෙක්  ඕස්ටේ‍්‍රලියාවෙන් සුඛෝපභෝගී නිවසක් ද එකී මුදලින් මිලදී ගත් බව කියැවෙයි.

     විශේෂයෙන් මහේල ජයවර්ධන හා කුමාර සංගක්කාර දක්ෂයන් පමණක් නොව පිරිසිදු මහත්වරුන් බව කවුරුත් දන්නා කාරණාවකි්. ඔවුන්ගේ මහත්මාකම මෑත කි‍්‍රකට් ඉතිහාසයේ කණ්ඩායමකට හමු වූ ඉතා විරල මුණ ගැසීමක් ලෙසද හැඳින්විය හැකියි. එහෙත්  ඔවුන්ට ඔවුන්ගේ මහත්මා කමටත් සිය මව්බිම වෙනුවෙන් කරන ලද දැවැන්ත සේවාවටත් නොසරිලන තරම් මදි පුංචිකම් කි‍්‍රකට් පාලක මණ්ඩලයේ ¥ෂිතයන් පමණක් නොව කී‍්‍රඩා ඇමතිවරයාද කර තිබෙන බව රහසක් නොවේ.

      මහේල ජයවර්ධනගේ කී‍්‍රඩක හා පුද්ගල විශිෂ්ටතාවයන් සමරන මේ මොහොතේ මහේලගේ අසමසම කළ්‍යාණ මිත‍්‍ර කුමාර සංගක්කාර ගැනද යමක් කිව යුතුයි. එ් දෙදෙනාගේ මිතුරුකම වුව කි‍්‍රකට් කී‍්‍රඩාවේ යහපතට හේතුවක් ලෙස සැලකිය හැකියි.

       සංගක්කාර මෑත කි‍්‍රකට් ඉතිහාසයේ බිහි කළ විශිෂ්ටතම උගතෙකු හා බුද්ධිමතෙකි. විශේෂයෙන් ඔහුගේ පාසලින්, මව් - පිය පරම්පරාවන්ගෙන්  පැමිණි විශිෂ්ට ගුණාංග රැුසක්ම ඔහු සතුයි. ඔහුගේ පවුලේ සමීපතම මිත‍්‍රයකු වන අපේ හිතවතකු  සංගක්කාර ගැන පැවසුවේ කුඩා කළ සිටම විෂයීය කටයුතුවලදී ඔහු පෑ දක්ෂකම්වලට අමතරව කියවීම ඔහු අද වනතුරු ඇත් නොහැර කරන කාර්යයක් බවයි. ඉඩ ලද හැම වේලේම කියවීමට කාලය යොමු කිරීම සංගක්කාරගේ සිරිතකි්. පස්වන ශ්‍රේණිය පමණ වන විට ු යක්කඩුවේ හාමුදුරුවන්ගේ ‘වනකතා’ වැනි පොත් කියවා හමාර කළ ඔහු අට වන ශ්‍රේණිය හමාර කරන විට ෂේක්ෂ්පියර් ගේ සියලූ කෘති කියවා හමාර කොට තිබුණි. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයට ඇතුළත්ව අධ්‍යාපනය හදාරමින් සිටියදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට තේරුණු ඔහු පැවති විභාගවලින් විශිෂ්ටත්වයක් අත්කර ගත්තේය. මගේ මිත‍්‍රයා සතුව තිබුණු  කෝටි ගණනක් වටිනා ජෝර්ජ් කීට් සිත්තරාණන්ගේ විශිෂ්ට සිත්තම් එකතුව මිලදී ගත්තේ සංගක්කාර විසිිනි්. චිත‍්‍ර ප‍්‍රදර්ශන පැවැත්වූ තරුණ චිත‍්‍ර ශිල්පීන්ගේ ඇතැම් චිත‍්‍ර නිසි වටිනාකම් ගෙවා ඔහු මිලදී ගත් බව මා සමග පැවසුවේ එකී චිත‍්‍ර ශිල්පීන් විසින්මයි. කවුරුත් නොදන්නා කාරණයක් නම් පසුගිය වසරේ පැවති සරච්චන්දු‍්‍ර සියවස් සමරු උත්සවයේ බරපැන දරා ඇත්තේ ඔහු බවයි. එහෙත් සංවිධායකයන්ට සංගක්කාර පවසා ඇත්තේ ඒ බවක් ප‍්‍රසිද්ධීයේ ප‍්‍රකාශ නොකරන ලෙයසි. මගේ ගෞරවනීය මිතුරා සතු විශිෂ්ට ගණයේ පුස්තකාලයද කවදා හෝ තමාට ලබාදෙන ලෙස සංගක්කාර ඉල්ලිමක් කොට තිබේ. සදාචාරය අතින් ද මව්බිමට ඇති ලැදියාව විසින් ද සංගක්කාර යනු එවන් තලයක හමු නොවන තරම් උදාර මනුස්සයෙකි. වරෙක මාධ්‍යවේදී වික්ටර් අයිවන් විසින් ලියා තිබුණේ ලංකාවේ තරුණ පරපුර සිය පරමාදර්ශය ලෙස සංගක්කාරව සලකන්නේ නම් එය රටට මහත් වැඩදායක කරුණක් වනු ඇති බවයි. ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩකයෙකුගේ අරගලය තේමා කරගෙන ඉංගී‍්‍රසියෙන් ග‍්‍රන්ථ කරණයේ යෙදෙන සිංහල ලේඛකයෙකු ලියන ලද නවකථාවකට පෙරවදන ලියා තිබුණේ කුමාර සංගක්කාර විසිනි. අුැතැම් විචාරකයන් කියා තිබුණේ නවකතාවට වඩා එකී පෙරවදන රසවත් හා වටිනා කියන බවයි.

        සංගක්කාර තවමත් තිස් හත් වන වියේ පසුවන තරුණයෙකි. ඔහුට කි‍්‍රකට් කී‍්‍රඩාවේ මහ  දෙවොල වන එංගලන්තයේ මෙල්බන් කී‍්‍රඩා සමාජයේදී කාල් කෞඩි‍්‍ර දේශනයකට ඇරයුම් ලැබුණි. එවකට ඔහුගේ වයස අවුරුදු තිස් තුනකි.  එදා ඔහු කළ දේශනය ඇසූ සාමිවරුන්ද බහුතරයක් සිටි පේ‍්‍රක්ෂාගාරය නැගිට අත්පොලසන් දෙමින් සංගක්කාරට ගෞරව කළේය. එමගින් ලංකාවටත්, ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩාවටත් ලැබුණු ප‍්‍රශංසාව කියා නිම කළ නොහැකි දෙයකි.

       එහෙත් එ් දේශනයේ ඇති කරුණුවලින් උරණ වූ කී‍්‍රඩා ඇමතිවරයා ලංකාවට ආපසු සංගක්කාරට විරුද්ධව විනය පරීක්ෂණයක් කරන බවට පවසා තිබුණත් ජනපතිගේ මැදිහත්වීමෙන්දෝ එය වැළකී ගියේය.
දේශපාලනය, ආගම දහම, සංස්කෘතිය, ව්‍යාපාරික ක්ෂේත‍්‍රය, ආදී මෙකී නොකී හැම දෙයක්ම ජරාජීර්ණව කුණු ග`ඳ ගසන විට ඒ මඬේම සංගක්කාර, මහේල වැනි සියපත් පිපුණේ කෙසේද යන්න ගැඹුරු සිතා බැලීමකට ලක්කළ යුතු කරුණුය.

      මගේ වැටහීමේ හැටියට නම් මහේල ජයවර්ධන හා කුමාර සංගක්කාර අද දවසේ ලංකාවේ සිටින විශිෂ්ටතම කී‍්‍රඩකයන් දෙදෙනායි. ඔවුන් කෙරේ වන විශාල පේ‍්‍රක්ෂක අනුග‍්‍රහය හා ජාත්‍යන්තර කිීර්තිය නිසා ඔවුන් කරා එන පීඩාවන්ගෙන් මිදී සිටියත් වෙනත් කී‍්‍රඩාවන්හි යෙදෙන දක්ෂ කී‍්‍රඩකයන්ට එවැනි පීඩාවන්ගෙන්  මිදී නොසැලී කී‍්‍රඩාවේ යෙදීමට ි හැකියාවක් නැහැ.

      පසුගියදා අවසන් වුණු එංගලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලේ දී එකසිය ගණනක් වූ ශී‍්‍ර ලාංකික කී‍්‍රඩා කණ්ඩායමෙන් (තිස් ගණනක්ම නිලධාරීන්* දිනාගත හැකිවූයේ එක් රිදී පදක්කම්ක් පමණි. අපට වඩා පහළින් සිටින මොසැම්බික්, සූරිනාම්, සයිප‍්‍රස් වැනි රටවල් පවා අපට වඩා පදක්කම් ලබා ගත්තේ අප තව දුරටත් ලජ්ජා කරමිනි..

      කි‍්‍රකට් පාලක මණ්ඩලයට අති විශාල ධනස්කන්ධයක් කී‍්‍රඩකයන් විසින්ද, අනුග‍්‍රාහකයන් විසින්ද ලබා දුන්නත් පසුගිය කාලයේ එකී කී‍්‍රඩකයන්ට  පඩි ගෙවා ගැනීමට පවා බැරි බංකොලොත්භාවයකට පත්වී තිබුණි.  මේ තත්වයන් නිරාකරණය කොට  යහපත් මානසික තත්වයකින් කී‍්‍රඩාවේ  යෙදීමට අවස්ථාව සකසාදීම ඇමතිවරයාගේ වගකීම වුවත් ඔහු  කරන්නේ ¥ෂිත පාලක මණ්ඩලයේ පැත්ත ගැනීමය. කී‍්‍රඩා ඇමතිට අනුව යහපත් කී‍්‍රඩා තත්වයක් බලාපොරොත්තු වන කී‍්‍රඩකයන් පෙනෙන්නේ නාවලපිටියේ ආසනයේ විරුද්ධ පක්ෂයේ ඡුන්දදායකයන් පෙනෙන ආකාරයටයි.

      අද වන විට ලංකාවේ කී‍්‍රඩාව දේශපාලන ග‍්‍රහණයේ පීඩාවට පත්වී හැකිලී ගිය එකක් වී ඇත. ඒ සඳහා  ඇති හොඳම උදාහරණය ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවති  පොදු රාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලේ දී අත් පත් වූ දරුණු පසු බෑමයි.  රජයේ වගකිව යුතු ඇමතිවරු සිය දහසක් වැඩ රාජකාරි අතර  කී‍්‍රඩා සංගම්වල සභාපති   තනතුරුද දරයි. විය යුත්තේ එය ද? එකී කී‍්‍රඩාවේ නියලූනු ප‍්‍රවීණ හා කාගේත් ගෞරවයට ලක් වූ තැනැත්තන් මෙකී තනතුරුවලට පත්විය යුතු නොවේද? රගර් කී‍්‍රඩාව  ජනපති පුත්තුන්ගේ ග‍්‍රහණයටත්, අනෙකුත් කී‍්‍රඩා ඇමතිවරුන්ගේ ග‍්‍රහණයටත්, අ¥රදර්ශී ඇමතිවරයකුගේ  ග‍්‍රහණයට සමස්ත කී‍්‍රඩාවමත් පත්ව ඇති තත්වයක් යටතේ රටකට අභිමානය ලබා දිය හැකි අගනා ක්ෂේත‍්‍රයක් වලපල්ලට  යනවා බලාසිටින්නට  අපට සිදුව තිබේ.

      පසුගියදා අවසන් වූ ත්‍ෂත්‍් ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට රටක් වශයෙන් අප ඇතුළත් වූයේ නැත. බොහෝ කලක් තිස්සේ ¥ෂිතයන්ගේ ග‍්‍රහණයට හසුව ඇති පාපන්දු කී‍්‍රඩාව ඉන් නොමිදී කවර කලක මුහුදින්  එතෙර ගොස් ජය ලබන්නද?

      සංවර්ධන කටයුතුවලින් කොමිස් ගැනීම බලගතු පගාවක් ගැනීම, කුඩු වෙළඳාමෙන් පොහොසතුන් වීම අපට තේරුම්ගත හැකිය. එහෙත් කී‍්‍රඩාව තම ගලග‍්‍රහණයට ගනිමින් තමන්ගේ තඩි බඩවල් හා පුෂ්ටිමත් ශරීර සමග කිසිදා නොපෑහෙන කී‍්‍රඩාව සමග මේ දේශපාලකයන් කරන සෙල්ලම හා ඉන් කරන විනාශය අප තේරුම් ගන්නේ කෙසේ්ද?

       එවන් වටාපිටාවක කී‍්‍රඩාවක් තුළින් රටේ පිපුණු අගනා පුෂ්පයක් ලෙස මහේල හැඳින්විය හැකිය.
ශී‍්‍ර ලංකාව අංශ දෙකකින් ලෝකයේ කතා බහට ලක්වේ. එකක් එල්ටීටීඊ සිය ඊළාම් යුද්ධය පිළිබඳ කි‍්‍රයාකාරකම් ලෝපතළ කිරීමෙනි. දෙවැන්න  අර්ජුන - අරවින්ද - මහේල - සංගක්කාර වැන්නෝ කි‍්‍රකට් කී‍්‍රඩාව හරහා ලෝකය දිනීමෙනි. පළමුවැන්න විනාශයෙනි. දෙවැන්න ජයග‍්‍රහණයෙනි.
මහේල ඔබ යුතුකම් ඉටු කළ දැවැන්තයෙකි. ඔබෙන් ඉගෙනීමට බොහෝ දේ ඇත්තේ කී‍්‍රඩකයන්ට වඩා දේශපාලකයන්ටය.

Tuesday 5 August 2014

ලෙන්දොර බිඳීම-යාත‍්‍රා 2014 අගෝස්තු කලාපයේ සංස්කාරක සටහන


          ලෝකය අධි තාක්ෂණික ලෝකයකට පරිවර්තනය වෙමින් පැවතීමත් සමග මේ සියවසේ අවසන් අඩ අපට ගතකරන්නට සිදුවනු ඇත්තේ නව පුරුෂාර්ථ හා නව ඇවතුම් පැවතුම් පද්ධතියක් සමග බව අනාගතය පිළිබඳ ගවේෂණය කරන්නන් කියයි. මීට වසර විස්සකට පමණ ඉහත විශ්ව ගම්මාන සංකල්පය පිළිබඳ අදහස සාකච්ඡුා වෙන්නට පටන් ගත් විට එය එසේ වන්නේ නැතැයිද, එසේ වේ නම් එයට එක හෙලා විරුද්ධ විය යුතු බවත් ජාතිකත්වයට පක්ෂපාතිව සිතූ අය පැවසූහ. එහෙත් අත තබා අවහිර කළ නොහැකි මහා බලවේගයක් ලෙස අද වන විට විශ්ව ගම්මාන සංකල්පය සැලකිය යුතු ප‍්‍රමාණයකින් එහි පරමාර්ථ ඉෂ්ට සිද්ධ කරගෙන ඇත.
       අද ඔබ අතට පත්වන අති නවීන මෙවලමක් තවත් වසරකින් යල් පැනගිය එකක් වීම අදටත් යථාර්ථයක්ව පවතී. තාක්ෂණය මිත්‍යාවක් නොව සැබෑවකි. එහෙයින් තාක්ෂණයේ ජයග‍්‍රහණය යනු ද සැබෑවකි.
ලෝකයේ සර්ව සම්පූර්ණ දැනුම එකම රටක ගබඩා වී ඇතැයි යන්න එකළ අප සිතූ දෙයකි. එහෙත් එහි ඇත්තේ අර්ධ සත්‍යයකි. කාලයක් මුලූල්ලේ සිය ජීවිතය පහසු කර ගැනීම සඳහා  කළ අරගලයේ දී මිනිසා අවශ්‍ය දෑ අවශ්‍ය හැඩතලයන්ගෙන් හා ගුණයන්ගෙන් යුතුව නිෂ්පාදනය කෙරිණි. ලෝකයේ සියලූ ඝර්මකලාපීය රටවල මූලික නිවාස, ආහාර පාන හා අනෙකුත් කටයුතුවල සමාන කම් උදාහරණයක් සේ ගෙන බලන්න. එ් එකම දේශගුණයක සහිත නන්විධ දේශයන්හි වුවත් ජීවත්වීමේදී සමානරූපී අරගලයක් කරන්නට සිදුවීම නිසාය. ඒ අරගලයම දැනුම හා සංස්කෘතිය නිර්මාණය කළේය. එහෙයින් කාටත් තමන්ගේම වූ දැනුමක් තිබිණි.
        පොල් පිත්තකට පොල්කටු තීරුවක් සවිකොට ලණුවකින් බැඳගෙන හරකෙක් නිපදවාගත් ළමා වියක් අතීතයේ තිබිණි.  පොල්කටුව හා වැලි භාවිතයෙන් කෝම්පිට්ටු ඉවු හා ඒ පිළිබඳ කවි ගී කියූ ළමාවියක් ද තිබිණ. එහෙත් අද ළමයින්ට ඒවා ඉතිහාසගත කාරණා පමණි.  අද ළමයාට ඉලෙක්ට්‍රොනික සෙල්ලම් බඩු තිබේ. කෙනෙකු මේ සියල්ල හැරදා තමා අත් විඳි අතීතයම තම දරු මුණුපුරන්ට ලබාදෙන්නට උත්සාහ කරනවා නම් එ් උත්සාහයම විශාල ඛේදවාචකයකට පාර කපනවා නිසැකය.
           විද්‍යාවේ ජයග‍්‍රහණයන් විශාල තාර්කික ලෝකයක් නිර්මාණය කර ඇත. එ් යථාර්ථය පිළි නොගන්නා කෙනෙකුට මේ ලෝකයේ ජීවත්වීම බෙහෙවින් අපහසුය. එහෙයින් පළමුවෙන් කළ යුත්තේ ඇතිවී ඇති නව ලෝකයේ සොයා ගැනීම්වලට එරෙහිවීමට පෙර ඒවා කවරාකාරදැයි විමසා බැලීමයි.
            ශී‍්‍ර ලංකාව වැනි අසමමිතික සංවර්ධනයක් ඇති රටක සිට සමමිතික හා ප‍්‍රගතිගාමි සංවර්ධනයක් ඇති රටකට පැමිණ පදිංචි වී සිටින අප පළමුව කළ යුත්තේ නව දේශයේ සමස්ථ ගති සොබාවම තේරුම් ගැනීමයි. දැනට අපි සොයා බැලීමක් කරන්නේ රැුකියාවක් සොයා ගන්නේ කෙසේද? ගෙයක් මිලදී ගන්නේ කෙසේද? ක්‍රෙඩිට් රේට්ටුව වැඩි කර ගන්නේ කෙසේද? ආදි අති මූලික කාරණා ගණනාවක් ගැන පමණකි.
එහෙත් වැඩිහිටියෙකු ලෙස කැනඩාවට පැමිණි ඔබට ලංකාවෙන් ගෙන ආ බොහෝ ඇවතුම් පැවතුම්, ආගමික චාරිත‍්‍ර වාරිත‍්‍ර තිබේ. යාළුමිත‍්‍රයන් සිටියි. එහෙත් මෙහෙ ඉපදුනු හා ඉතා කුඩා වියේදී මෙරටට ගෙන ආ ඔබේ දරුවා ලෝකය දැන හඳුනා ගන්නේ මෙරට සමාජයේ යථාර්ථයන්ට ගැළපෙන පරිදිය. ඔහු අවට සැරිසරන්නේ, ඔබේ අවට සැරිසැරූ යාළුවන්, ගුරුවරුන් නොවේ. නන් විධ ජාතින්ට අයත් යහලූවන් සමග ඔහු සමාජයේ සැරිසරයි. ඔහුට  පංතියේ කියා දෙන්නේ වර්ණය හා ජාතිය සඳහන් කරමින් මිතුරන් හඳුනා නොගන්නා ලෙසයි. එහෙයින් දරුවෝ කුඩා කළ සිටම වර්ණය හා ජාතියට විශේෂත්වයක් දැක්වීම ඇවතක් සේ දකිති. රටවල් 174 කට අයත් ජාතින් වෙසෙන මෙම රට, ඒ සියලූ ජාතින්ගේ දක්ෂතා එක මිටකට ගෙන සංවර්ධනය අතින් ලෝක බලවතකු  වීමට උත්සාහ දරමින් සිටී. එක් ආකාරයකින් එය සාර්ථකවද තිබේ. අපගේ ශි‍්‍ර ලාංකික අත්දැකීම් නම් ඊට හාත්පසින්ම වෙනස්ය. රටේ සංවර්ධනය හා රටේ අනාගතයට වඩා තමන්ගේ ජාති කුල මල ගෝත‍්‍ර ඊට වඩා වැදගත්ය. තිස් අවුරුදු යුද්ධයක් නිර්මාණය කරගෙන අපි එ් අවුරුදු තිහ පුරා නොමැරී මැරුණෙමු. දැන් ඊනියා මුස්ලිම් අන්තවාදයක් නිර්මාණය කර ගෙන එ් ඊනියා හතුරාට එරෙහිව විනාශයකට අත වනමින් සිටී. ඒ අපේ හැටිය. එහෙත් එ් ‘අපේ හැටි’ යනු ස්වයං විනාශයකට තවත් නමකි.
කැනඩාවට ස්ථිර පදිංචියට ආ බොහොමයක් මෙහි පැමිණ ඇත්තේ තමන්ගේ නොව ස්වකීය දරුවන්ගේ අභිවෘද්ධිය සලකාගෙනය. එහි දෙවන හා මතුපිටින් නොකියවෙන අදහස නම් තමන්ද පුරවැසියන් වූ තම මව් රට තම දරුවන්ගේ අනාගතය උදෙසා හොඳ තැනක් නොවන බවයි. එහෙත් ඇත්තනම් එ් නරක තත්ත්වය නිර්මාණය කර ගැනීමට සමාජ සත්වයකු ලෙස ඔබද දායක වී ඇති බවයි. ඔබගේ ජාතිකවාදී, කුලවාදී, ආගම්වාදී, ගෝත‍්‍රුවාදී (තමන්ගේ කුලයකට අයත් සියල්ල අන් සියල්ලට වඩා උසස් යයි සිතමින් සංවිධානය වීම උදා. පාසල්,  වෘත්තිය, ප‍්‍රදේශය ආදී වශයෙන්* ආකල්ප ඔබටම රට හැරදා එන්නට තරම් නරක රටක් ඔබත් දායකවී නිර්මාණය කළ බවයි.  රට පාලනය කරන්නේ මහින්ද රාජපක්ෂ වේවා, රනිල් වික‍්‍රමසිංහ වේවා, මර්වින් සිල්වා වේවා ඔවුන්ගේ නායකත්වයට අයත් දුර්ගුණ රටේ පුරවැසියන්ගේ සාමූහික චින්තනයේද කොටසකි.
          ඇත්තටම අද වැඩිහිටි අපට ඉගෙන ගන්නට බොහෝ දේ අපගේ දරුවන් සතුව ඇත. රටක් විනාශ මුඛයට ඇද දමන්නට තරම් කුරිරුවූ ජාතිවාදය, ආගම්වාදය, කුලවාදය  ඔවුන් සතුව නැත. ඔවුන් සතුව ඇති පරිකල්පන ලෝකය ගොඩ නැඟී ඇත්තේ මනුෂ්‍යත්වය වටාය. ඔවුන් මිතුරන් තෝරාගන්නේ මිතුරෙකු ලෙස ඇසුරකට සුදුසුද යන කාරණය මත පිහිටා මිස ඔහුගේ කුලය ජාති ආගම් දුප්පත් පොහොසත්කම් මත පිහිටා නොවේ. ඔහු පෙම්වතියක් තෝරා ගන්නේ ආදරයේ සරල මූලික කාරණාවට අවශ්‍යතා සැපිරූ පෙම්වතියක් මිස වර්ණය ජාතිය බලා නොවේ.
         අප මූලින් සාකච්ඡුා කළ ආකාරයට විශ්වගම්මානයක් හරහා ලෝකය යා කිරීමේදී නිසග වශයෙන්ම ගොඩ නැගෙන්නේ භූගෝලීය වපසරියක් තුළ කි‍්‍රයාත්මක  ඇතැම් අනන්‍යතා වෙනුවට මනුෂ්‍යත්වයට හා ඉදිරිගාමිත්වයට පොදු අනන්‍යතාවන්ය. අප කලින් කීවාක් මෙන් විද්‍යාව හා එ් ආසි‍්‍රත දියුණුවේ හාස්කම් හා ඉදිරි පිමි අපට අත තබා වැළැක්විය නොහැකිය.  එහෙයින් පවතින වටිනා හා අවශ්‍ය දේවල් ඉතිරිවන අතර අනෙක්වා ක්ෂය වනු ඇත. ආතර් සී ක්ලාක් කියා ඇති පරිදි ලෝකයේ අනාගතයේ ඉතිරිවන එක දෙයක් වන්නේ බුදු සමයේ සාර දර්ශනයයි. සමහර විට එය බුදු සමය නමින් නොවිය හැකිය. බුදු සමයේ සාර දර්ශනයට ඉතිරිවිය හැක්කේ මිනිසාගේ තර්ක බුද්ධියට හා විමර්ෂණශීලී සුලූ බවට බුදු සමය ගැලපී යන නිසා විය හැකිය.
         ලාංකික දරුවන්ගේ අනෙකුත් බොහෝ ජාතින්ට නැති විශේෂතාවක් ඇත. එ් ඉතාමත් වෙහෙස මහන්සිවී ඉගෙනීමට ඇති දක්ෂතාවයි.  එ් තත්ත්වයට මෙහෙයවීමට දෙමාපියන්ටද පෙරහුරුවක් ඇත. ලංකාවේ ඇති විභාග තරගය හරහා දරුවෝ ළමාකමට නොවන තරම් මහන්සියක් අධ්‍යාපන කඩඉම් ජය ගැනීමට වැය කරති. ඒ දුෂ්කර හැකියාව මෙහිදී ඉතා ප‍්‍රයෝජනවත් වී ඇති බවක් පෙනේ. අධ්‍යාපනයේදී එ් හැකියාව මේ සමාජයේ ඓන්ද්‍රීය හා පෞරුෂයෙන් පිරි කොටසක් කිරීමට දෙමව්පියන් ගේ මැදිහත්වීමද වැදගත්වේ.
         මේ ලිපිය ආරම්භයේ දී අප සඳහන් කළ ආකාරයට මේ සියවසේ දෙවන අඩ, නව පුරුෂාර්ථ හා නව වටිනාකම් සහිත වෙනස්ම ලෝකයක් වනු ඇත. ඒ ලෝකය යනු, අපට නොව අපගේ දරුවන් වැඩිහිටියන්ව ජීවත් වන අවධියකි. එ් අවධියේ ඔවුන් පෞරුෂයෙන් යුතු විකුම් පෑ හැකි මිනිසුන් පිරිසක්  කිරීමේ  අඩිතාලම දමා ගැනීමට අප අද අදම ඔවුනට සහය විය යුතුය. එ් සඳහා අපේ දේ කියා හැමදේම ඔවුන්ට ගිල්ලවීමට වඩා  යට කී අනාගත දෘෂ්ටියෙන් බලා සුදුසු දේ පමණක් ලබාදීම අතිශය වැදගත්ය.

                                                                              සංස්කාරක

බුද්ධිමය ප‍්‍රජාව අතර සිටි විශිෂ්ටයෙක්

රන්ජිත් අමරසිංහ: 
    බුද්ධිමය ප‍්‍රජාව අතර සිටි විශිෂ්ටයෙක්

           ශී‍්‍ර ලංකාවේ බුද්ධිමය ප‍්‍රජාව අතර සිටි විශිෂ්ට ඝනයේ බුද්ධිමතෙකු සහ සමාජ කි‍්‍රයාකාරිකයෙකු වූ මහාචාර්ය රන්ජිත් අමරසිංහ පසුගිය 27 වන දින අභාවප‍්‍රාප්ත විය. කෙටි කලක් රෝගාතුරව සිටි හෙතෙම අභාවප‍්‍රාප්ත වන විට 73 වන වියේ පසු විය.
          මහාචාර්ය අමරසිංහ හුදු දැනුමෙන් සන්නද්ධ බුද්ධිමතකු පමණක් නොවීය. ලංකාවේ වාර්ගික ගැටලූව  විසඳීම හා මානව හිමිකම් ක්ෂේත‍්‍රයේ වර්ධනයන් උදෙසා කැපී පෙනෙන දායකත්වයක් සැපයූ  වාම පාර්ශ්වයට අයත් සමාජ දේශපාලන කි‍්‍රයාකාරිකයෙකුද විය. ඔහු එ් කැපවීම් උදෙසා පෙරළා පෞද්ගලිකව යමක් බලාපොරොත්තු වූවකුද නොවේ. 1997 සිට 2005 දක්වා සාම කි‍්‍රයාවලියේ හා ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාවලියේ ජනාධිපති උපදේශකයකු ලෙසද හෙතෙම කි‍්‍රයා කළේය. අනතුරුව ව්‍යවස්ථා අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස ආචාර්ය රන්ජිත් අමරසිංහ මියයනතුරුම සේවය කළේය. මේ සියලූ  කටයුතු සඳහා මහාචාර්ය අමරසිංහයන් සිය බුද්ධිමය දායකත්වය සැපයූයේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම මගින් රටට ඇතිවන යහපත සලකාගෙනය.
           ඔහුගෙන් අධ්‍යාපනය ලද සිසුන් බොහොමයකගේ අදහස වන්නේ මහාචාර්ය අමරසිංහ විශිෂ්ටගනයේ ගුරුවරයෙකු වූ බවයි. ඉගැන්වීමේ දී ඔහු ඉතා විචක්ෂණශීලී ද බැ?රුම්වූද ගුරුවරයෙකු විය. ඔහුගෙන් අධ්‍යාපනය ලද විශිෂ්ටයන් රැුසක් එකී ක්ෂේත‍්‍රයන් තුළ ඉහළම තත්වයක සිටී. මහාචාර්ය එච්.එ්. ද එස්. ගුණසේකර, මහාචාර්ය බුද්ධදාස හේවාවිතරණ, එෆ්. ආර්. ජයසූරිය, ටෝනි රාජරත්නම් වැන්නෝ මහාචාර්ය අමරසිංහගේ ශී‍්‍ර ලාංකීය ආචාර්යවරු වූහ.
        මහාචාර්ය අමරසිංහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පළමු උපාධිය ලත් අතර M.Pill උපාධිය එංගලන්තයේ යෝක් විශ්වවිද්‍යාලයෙන් ද, ආචාර්ය උපාධිය ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන්ද ලබා ගත්තේය. ඔහුගේ පීඑච්ඞී උපාධිය ලබාගැනීම උදෙසා ඉදිරිපත් කළ තීසිසය වූයේ ‘Revolutionary Idealism and Parlimentary Politics - A Study of Trotskyism in Sri Lanka'  . කෘතියයි.
          පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශාධිපති (1998-2008) ශාස්ත‍්‍ර පීඨාධිපති (2003-2006) වශයෙන්ද කටයුතු කර ඇත.
          මහාචාර්ය රංජිත් අමරසිංහ පිළිකා රෝගයට ගොදුරුව රෝහල් ගත වූ පසුගිය සතිය දක්වාම තමන් විශ්වාස කළ යහපත් දේශපාලන හා සමාජ අරමුණු උදෙසා බලවත් සේ කැපවිය. ඔහුගේ අඩුව පිරවීම උදෙසා තවත් කෙනෙකු සොයා ගැනීමට නොහැකි තරමටම ඔහුගේ අතීත සේවාව විශිෂ්ට වූ බව ඔහුගේ එක් ගමන් සගයකු වූ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න අප සමග පැවසීය.
         1997 සිටම මහාචාර්ය අමරසිංහ සමීපව ඇසුරු කිරීමේ භාග්‍යය අප වෙත ලැබුණි. එමගින් හඳුනා ගත් ඔහුගේ පුද්ගල විශිෂ්ටතාවයන් අපගේ ජීවිතවලට ඇතුලත් කර ගත හැකි නම් කොතරම් හෙඳ දැයි මට සිතිනි.
මහාචාර්ය රංජිත් අමරසිංහයන්ට අපගේ ප‍්‍රණාමය පුදකරමු.
                                                                             චන්ද්‍රරත්න බණ්ඩාර

Tuesday 8 July 2014

කුරාණය පිළිබඳ විද්වත් කතිකාවක්





කුරාණය පිළිබඳ විද්වත් කතිකාවක් ඇරඹීම කවුරුන් කීවත් නතර කරන්නේ නැතැයි බොදු බල සේනා ප‍්‍රධානී ගලබොඩඅත්තේ ඥානසාර හිමි මාධ්‍ය හමුවේ පවසා ඇත. අනාදිමත් කාලයක සිට ලංකාවේ ජීවත්වන සුලූ ජනවර්ගයක් වූ මුස්ලිම් ප‍්‍රජාවට එරෙහිව, මෙකී භික්ෂුව කරන විවිධාකාර අඩන්තේට්ටම් නවත්වන බවක් පෙනෙන්නට නැත.
     බොහෝ ආගම් සාර ධාර්මික විග‍්‍රහයේදී ඇතැම් සමානකම් තිබුණත් ක‍්‍රමවේදීව ඇත්තේ ඒ ඒ ආගම්වලට විශේෂ වූ ඇවතුම් පැවතුම් පද්ධතියකි. ඒ අතින් ගත්කළ ඉස්ලාම් ධර්මයට ඇත්තේ ඉතා දෘඩ ඇවතුම් පැවතුම් පද්ධතියකි. ලොව පුරා සිටින මුස්ලිම් බැතිමත්හු ඒ දෘඩ දේවල් හොඳයි, සැපයි, ශාන්තයි කියා පිළිගනිති. දවසට පස්වතාවක් දෙවියන් නැමදීම ඉස්ලාම් ලබ්දිකයන් ලෙස  ඔවුන්ගේ ආගමික චාරිත‍්‍රයකි. අප වැන්නන්ට නම් හිතන්ටවත් බැරි මේ දුෂ්කර සිරිත  ඕනෑම ඉස්ලාම් භක්තිකයෙක් නොපිරි හෙලා ඉටු කරති. ඒ උදවියට අමාරුවක් නැති නම් අපට ඒ ගැන ඇති අමාරුව මොකක්ද?
      තමන්ගේ ආගමට කතිකාවතක් හදා ගන්නට බැරි බෞද්ධ භික්ෂූන් අනුන්ගේ ආගම්වල අභ්‍යන්තර දිග පළල හෙවීම ‘තක්කඩිකමක්’ හැර අන් කවරක්ද? මේ ලියන අවස්ථාවේ වීරකැටිය කොන්දගල පුරාණ විහාරයේ විහාරාධිපති නාරංදෙණියේ දීපානන්ද නැමති භික්ෂුව තම විහාරයේ පුරාණ චෛත්‍යයේ නිදන් හාරා අසුවී රිමාන්ඞ් හිරගෙදරය. බොදු බල සේනාවේම නායක භික්ෂුවක් කලකට ඉහත බීමතින් රියපදවා අසුවී අපරාධමය වරදක් කොට උසාවියෙන් දඩ කා ඇත. හෙළ උරුමයේ ප‍්‍රාරම්භක අවස්ථාවේ මන්තී‍්‍ර පදවියක් දැරූ ගම්පහ පළාතේ භික්ෂුවක් කුඩා දරුවන් රැුසක් අපයෝජනය කොට දඩුවම් ලැබීය. රුවන්වැල්ලේ සෝභිත ආදී නානාප‍්‍රකාර භික්ෂු ගනයා ගැන නොදන්නේ කවරහුද? මෙවැනි තත්වයක් යටතේ ඉස්ලාම් ධර්මයේ කතිකා සම්පාදනය කරන්නට යන්නේ කවර කාරණයකටද?
       ඇත්තටම ලංකාවේ බුදු සමයට සංවිධාන ව්‍යුහයක් නැති ගාණය. සියල්ල සිදු වන්නේ ඥානසාර හාමුදුරුවන්ගේ අණපරිදිය. ඔහු අපගේ ස`ග රජුද?
      තවත් ආගමිකයන් පිරිසක් වෙනත් ආගමක අභ්‍යන්තරික සීමාවන්ට ඇතුලූවීම අශීලාචාරකමක් පමණක් නොව අනීතික කි‍්‍රයාවක්දවේ. යම්කිසි රටක ආගමක් මගින් මහජන යහපතට අවැඩක් වේ නම් ඒවා වැලැක්වීම රජයකට කළ හැකිය. එහෙත් එය වෙනත් ප‍්‍රචංඩ කණ්ඩායමකට පැවරීම කළ හැකිද?
      බොදුබල සේනා සංවිධානයට ශක්තිය ධෛර්්‍යය ලැබෙන්නේ ආණ්ඩුවෙන් බව ප‍්‍රචලිත කතාවයි. වෙන ශක්තියක් නොව ආණ්ඩුව ඔවුන් කෙරේ දක්වන හුරතලයම මෙවැනි සංවිධානයක පැවැත්මට ප‍්‍රමාණවත්ය. ඒ හුරතලයත් , නූගත් ජනයාගේ කැවුතු උණු කරවන කතා ශෛලියයත් අප‍්‍රමාණ බලයක් ඔවුනට ලබාදෙයි. බොදු බල සේනා වැනි විනාෂකාරී සංවීධානවල මහජන බලය වන්නේ ඔවුන්ය. 1983 දෙමළ ජාතිකයන්ට අයත් කඩ කැඩූ සිංහල ලූම්පන් පිරිසත් , අලූත්ගම මහ විනාෂයක් කළ පිරිසත් අතර කිසිදු වෙනසක් නැත. ඔවුන් පැවත  එන්නේ එකම මූලයකිනි. මෙවැන්නන්ගේ පේස් බුක් හමුදාව පාවිච්චි කරන කුණුහරුප දෙස බලන්න. ඒ ඔවුන්ගේ සංවාද භාෂාවයි.මෙවැනි පිරිසකට නායකත්වය දිීමට අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛති‍්‍රය හිමිපාණන් වැන්නනට නොහැකිය. ඒ සඳහා සුදුසුකම් ඇත්තේ බොදුබල සේනා, රාවණා බලය, සිංහල රාවය වැනි සංවිධාන වල අමුතු බණ දෙසන නායක හිමිවරුනට පමණි.
      අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛතී‍්‍රය හිමියෝ මෙසේ පවසා ඇත. ”ජාතිවාදියාට අතීතයද නොපෙනේ. වර්තමානය හෝ අනාගතයද නොපෙනේ.” 

Thursday 3 July 2014

ඇන්. ඇම්. ;ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ලිබරල් වටිනාකම් වෙනුවෙන් සටන් කළ අරගලකරුවා

ජූනි මස 6 වන දිනට යෙදුණු ආචාර්ය ඇන්. ඇම්. පෙරේරාගේ උපන් දිනය නිමිත්තෙනි.

               අප තරුණ ට්‍රොට්ස්කිවාදීන් වී සිටි එසමයේ අපගේ ප‍්‍රධාන වීරයා වූයේ එන්. එම්. ය. එය එසේ වූයේ ඇයි? එකළ බොහෝ කැපී පෙනෙන විද්වතුන් වාම ව්‍යාපාරයට නායකත්වය සැපයීය. පිලිප් ගුණවර්ධන, ඇස්. ඒ. වික‍්‍රමසිංහ, කොල්වින් ආර්. ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන, බර්නාඞ් සොයිසා, පීටර් කේනමන්, වී. කන්දයියා, වී කරාලසිංගම්, ඇතුලූ කිහිප දෙනෙකු මේ අතර වේ. එවැනි අර්ථ පූර්ණ වර්ණවත් චරිත සිටියේ වාම ව්‍යාපාරයට පමණක්ම නොවේ. ඩඞ්ලි සේනානායක, එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක, එම්.ඩි. බණ්ඩා, යූ.බි. වන්නිනායක, ජී. ජී. පොන්නම්බලම්, එ් අමෘතලිංගම් ආදීන් ද පෙර කී කාර්යශූර ඉදිරි දැක්මක් සහිත දේශපාලන භූ සිතියමේ සිටි ¥රදර්ශී නායකයෝ වූහ. නමුත් මේ සියල්ල අතර සිටි ඇන්. ඇම්. සියල්ලන්ට වඩා ඉදිරියෙන් සිටියේය.
               ඇන්. ඇම්. පාර්ලිමේන්තු ක‍්‍රමය පිළිබඳ අසමසම කෘතහස්තයෙකි. පාර්ලිමේන්තු ක‍්‍රමය උචිත ලෙස යොදා ගැනීම පිළිබඳ ඔහු ගැඹුරු ලෙස පෙනී සිටියේය. ට්‍රොට්ස්කිවාදියකු හා සමාජවාදයට කැප වූ මාක්ස්වාදියකු එසේ වූයේ කෙසේදැයි සමහරු මවිත වූහ. නමුත් ඒ කි‍්‍රයා කලාප දෙක වැදගත් වන්නේ කෙලෙසදැයි එන්.එම්. පෙන්වා දුන්නේය. සමාජවාදයේ පරම අරමුණ සමාජ යුක්තිය සාක්ෂාත් කර ගැනීමයි. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සහ ලිබරල් වටිනාකම්වලද පදනමයි.
         එකල පාර්ලිමේන්තුවාදීන් කවුරුනුත් පාහේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ඇන්. ඇම්. ගේ වූ කැපවීම තේරුම්ගත් අතර අගයද කළෝ ය. පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය දුක්ඛදායක ඉරණමට ලක් වී ඇති හා පාර්ලිමේන්තු කි‍්‍රයාකාරිත්වය හා පාර්ලිමේන්තු සම්ප‍්‍රදායන් නොසලකා හැරි තත්ත්වයක් යටතේ අද අපට එන්. එම්. පිළිබඳ සිහිපත් කිරීම බොහෝ සේ වටින්නේය. එකල රට පාලනය කළ සියලූ නායකයන් සිය පාලන කාලයන් හි දී ගත් බොහෝ තීන්දුවලින් අනාගත වශයෙන් සිදුවන ප‍්‍රතිවිපාක ඇන්. ඇම්. කල් තියා දුටුවේය. ඞී. ඇස්. සේනානායක රජය විසින් ඉන්දියානු හා පාකිස්තානු සම්භවයක් සහිත පුද්ගලයන් ගේ පුරුවැසි භාවය අහෝසි කිරීම පිළිබඳ   පනත ගෙන ආ  අවස්ථාවේ ඇන්. ඇම් ගේ ඉල්ලීම පිළිගත්තා නම් සමහරවිට පසුකාලීනව පෙඩරල් පක්ෂය බිහි නොවන්නටද ඉඩ තිබුණි. එකී තීරණය නිසා එස්. ජේ. වී. චෙල්වනායගම් සහ දෙමළ කොංග‍්‍රසයේ මන්තී‍්‍රවරු පිරිසක් ඞී. ඇස්. සේනානායක ආණ්ඩුවෙන් ඉවත් වී පුරවැසි පනතට විරුද්ධ විය.
එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක සිංහල පමණක් පනත ඇන්. ඇම්ගේ ඉල්ලීම අනුව ඉවත දැමුවා නම්  හෝ අවම වශයෙන් කල් දැමුවා නම්  සමහර විට පසුකාලීනව සිදු වූ දහස් ගණන් මහජන ජීවිත අහිමිවීමේ මහා දුක්ඛදායක ඉරණම වළකින්නට ඉඩ තිබිණ.
                ජේ. ආර්. ජයවර්ධන රජය විසින් හඳුන්වා දෙනු ලැබූ විධායක ජනාධිපති ක‍්‍රමය පිළිබඳව ඇන්.ඇම්.ගේ සාරගර්භ විවේචනය පිළිගත්තා නම් අපේ රටේ මේ සා විශාල නීතියේ ආධිපත්‍යයේ හා දේපළ හා මිනිස් ජීවිත විනාශයකට රට ගොදුරු නොවනු ඇත.
               1955 දී පුද්ගලික මන්තී‍්‍ර යෝජනාවක් ලෙස ඇන්. ඇම්. විසින් ගෙන ආ සිංහල හා දෙමළ භාෂා දෙකටම ප‍්‍රමුඛතාවය දෙන යෝජනාව සම්මත වූවා නම්  ශී‍්‍ර ලංකාව  පෙරදිග ස්විස්ටර්ලන්තය හෝ ඊටත් වඩා තත්ත්වයක සමෘද්ධියක් අත්පත් කර ගැනීමට ඉඩ තිබුණි. ඔහුගේ ලියවිලි, දේශන විමසා බලන විට අපට ඔහු කීවේ කුමක්ද යන්න වටහා ගත හැකිය. එ්වා තුළින් පිළිබිඹු වූයේ ඉතා දැඩි ලෙස රටේ සමෘද්ධිමත් අනාගතය පිළිබඳ වූ ඔහුගේ ඉදිරි දැක්මයි. විශ්වාස කළ නොහැකි තරම් අයෝග්‍ය ආකාරයෙන් ගත්තා වූ ඇතැම් තීරණ නිසා අනාගතයේ කවර විපාක දිග හැරෙන්නේ දැයි ඇන්. ඇම්. කල්තියා දුටුවේය.
            1956 ජූනි 14 වන දින රාජ්‍ය භාෂා විදිවිධාන පනත (සිංහල පමණක් පණත)  විවාදයට සහභාගි වෙමින් එන්. එම්. මෙසේ පැවසීය. ‘ප‍්‍රායෝගිකව කවර නම් මන්තී‍්‍රවරයකුට වුව ඇති ප‍්‍රජාතන්ති‍්‍රය අයිතිය  අනුව සිංහල භාෂා පනත වැඩි ඡුන්දයකින් අනුමත කළ හැකිය. මට ඉන් ඈතට සිතා බලා මේ කාරණය ගැන මෙවන් උත්තරයක් දිය හැකිය. කරුණාකර  මෙය මතක තබා ගන්න. ලෝකයේ සෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යවස්ථාවක්ම සෑම විටම සිදු කළේත් සිදු කරන්නේත් ප‍්‍රාරම්භක වශයෙන් මහජනයාගේ පරමාධිපත්‍යය ආරක්ෂා කිරීමයි. එම පූර්විකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාර්ලිමේන්තුව ස්වයං සීමාවන් පනවා ගැනීමට ඇති අයිතියකි. එය සමාජයක පුද්ගල අයිතිය තහවුරු කිරීම හා බැඳුනකි. පුද්ගල අයිතිය යන්න , අන්සතු කළ නොහැකි අයිතියකි. එය 50% හෝ 60% ක් හෝ යනුවෙන් ලැබෙන බහුතර ඡුන්දයෙන් ඉවත් කළ නොහැකි අයිතියකි. මෙකී ගරු සභාවේ මන්තී‍්‍රන් මේ මූලික ප‍්‍රජාතන්ත‍්‍ර අයිතිය පිළිබඳ කාරණය හොඳින් දැකිය යුතුය.  බහුතරයාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හෝ වීජගණිත සංකල්පය අනුව හෝ මෙකී මූලික අයිතියට බලපෑම් නොකළ යුතුය.
            ඔහු තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ ‘මෙම සභාවේ සිටින අප සියල්ල සිංහල හා දෙමළ වශයෙන් නොව ලාංකීය ජාතිය නම් වූ එකම ජාතියකට අයත් ය.  ලංකා සම සමාජ පක්ෂයේ අපට ලාංකික බව අන්සියල්ලට වඩා විශේෂ එකකි. අප සිංහලයන් වන්නේ අප ලාංකිකයන් වීමට පසුවයි. අප අවුරුදු 20 ක් තිස්සේ උත්සාහ දරමින් සිටින්නේ මෙම රටේ ලාංකීය ජාතියක් ගොඩ නැගීමටයි. මට යන්තම්ව හෝ සැකයක් නැතිව කවර හෝ තාවකාලික දුෂ්කරතාවයක් පැමිණීයත් අවසානයේ අපගේ ජයග‍්‍රාහි අරමුණු ඉෂ්ටකරගත හැකි වනු ඇත. ඉතිහාසය මග හැර යා නොහැක. ලංකාවේ රටවැසියාට ඇති නීත්‍යානුකූල අයිතිය මගහැරිය නොහැකිය.
         ඔහු තවදුරටත් පාර්ලිමේන්තුව අමතමින් ”1948 දී ඉන්දියානු පුරවැසි පනත නිසා මට නිවසින් පිටතට යාමට පවා බැරි වුණා. මට බැන්නා, අඩන්තේට්ටම් කළා. හූ කිව්වා. එ් හැම අවස්ථාවකදීමත්  තවමත් මම නොනැවතී එවැන්නක් වෙනුවෙන් පෙනී සිටිනවා. මම දැන් ඒවාට සම්පූර්ණයෙන්ම හුරුවෙලා.” ඔහු තවදුරටත් පැවසුවේ ”ඔවුන් මෙරටේ වෛරී ගමනක යෙදෙන මෙම අවස්ථාවේ මම ආණ්ඩුවට අවවාද කර සිටින්නේ කවුරු හෝ මේ නිසරු දෙය වපුරනවා නම් ඔවුන්ම එහි අස්වනු නෙලා ගත යුතුයි. මෙකී වෛරී කාරණය ඇවිස්සීම කෙලවරවන්නේ වර්ගවාදී කැළඹීමකින් හා ලේ හැලීමකිනි. ”
        තවදුරටත් පාර්ලිමේන්තුවේ කථා කරමින් ඇන්.ඇම්. පැවසුවේ ‘‘මේ වැරැුද්ද කරන්න එපා. මේ අවස්ථාවේ ඔබ මෙය නැවැත්වූයේ නැතිනම්  ඔබට නැවත ගමන ආරම්භ කරන්න සිදුවන්නේ ලිස්සන සුළු මාර්ගයකයි. එසේ වුවහොත් කඳු පාමුලක් වෙත ළඟාවෙන තෙක් ම නැවතීමක් නැතිවේවි. ඔබට අවසානයේ සිදුවන්නේ ආඥාදායක පාලනයකට යටත්වීමටයි. අප කැමති වුනත් නැතත් අප ළඟා වෙමින් සිටින්නේ එවැනි තත්ත්වයක් වෙතටයි.’
         ඔහු තවදුරටත් පාර්ලිමේන්තුවේ කථා කරමින් ‘සුලූ ජන ප‍්‍රජාවන් එය අනුමත කරන්න සූදානම් නම් ප‍්‍රශ්නයක් පැන නගින්නේ නැත. අප එහෙම වාතාවරණයක් ප‍්‍රාර්ථනා කරමු. නමුත් සිංහල  පමණක් යන්න සුලූ ජාතීන් අනුමත කරන්න සූදානම් නැත්නම් ඔබට බැහැ ඔවුනට බලපෑම් කරන්න. ඔබ එහෙම කරන එක හරිද? ඔබ එහෙම බලපෑම් කරන එක හරිද? එහෙම කළොත් එය ලංකා ජනතාව මුහුණ දෙන ඛේදවාචකයක් වෙවි. සමහර දේවල් කවදාවත්ම අමතක කරන්න බැරි වේවි.
          ඔහු සිය කථාව දිගටම කරමින් ‘‘අපට  ලංකාව තුළ සමාජවාදය ස්ථාපිත කරන්න බැරිවුණත් අප අවම වශයෙන් නිදහස් එක්සත් ශී‍්‍ර ලංකාවක් සඳහා පසුබිමවත් සකස් කරමු. අපට අපේ ජීවිත කාලය තුළ සමාජවාදය අත්පත් කර ගන්න බැරි වුණත් අප මැරෙන්න පෙරාතුව එක්සත් නිදහස් ලංකාවක් සකසා ගත යුතුය. ”
ඔහු තවදුරටත් කථා කරමින් ‘‘ඔබ, මම හෝ මගේ සහෝදරවරු ගණනාවක් මරා දැමූවත් ඔබට පැන නැගී ඇති ප‍්‍රශ්නය නිරාකරණය කර ගන්න අපහසුයි.  මාගේ පක්ෂය  හෝ අනෙකුත් පක්ෂ මරා දැමීමෙන්, විනාශ කිරීමෙන් සුළු ජනවාර්ගික ප‍්‍රශ්න නිරාකරණය කළ නොහැකියි. මගේ අදහස් උනන්දුවෙන් වටහා ගන්නා ලෙස මා අයදින අතර ඔබ කළ යුත්තේ  කුමක්ද යන්න ගැඹුරින් අවබෝධ කර ගන්න. ඔබ ඔරලෝසුව පරම්පරාවක් ආපස්සට කරකවමින් සිටී.  අනාගතයේ උපදින දරුවන් අපට දෙස් තබන්නේ මේ රට නටබුන් කිරීම පිළිබඳවය.”
          එන්. එම්. විධායක ජනාධිපති ක‍්‍රමයට තදින්ම විරුද්ධ විය.  ඔහු විසින් ජනාධිපති ක‍්‍රමයේ විපාක එළිදරව් කිරීම  සඳහා Critical Analysis of The new Constitution of Sri Lanka  කෘතිය ලියන ලද්දේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයද පිරිහී රෝගීව සිටින කාලයකය. විධායක ජනාධිපති ක‍්‍රමය ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශ කරන ආකාරය විශිෂ්ට ලෙස ඔහු කල්තියා දුටුවේය. එකී කෘතිය අවසානයේ ඔහු මෙසේ පවසයි. ‘‘මට කිසිදු සැකයක් නැහැ. අනාගතයේදී බොහෝ ව්‍යවස්ථාව ගැන හදාරන්නන් කියාවි ව්‍යවස්ථාවක් නොසැදිය යුත්තේ කෙසේද යන්නට උදාහරණය ලෙස  1978 ශී‍්‍ර ලංකා ව්‍යවස්ථාව ගන්න කියලා. ”
          විධායක ජනාධිපතික‍්‍රමයේ ඇති නොවැදගත්කම ගැන තවදුරටත්  ඇන්.ඇම්.මෙසේ ලියයි. ”අවසාන විග‍්‍රහයෙහි වගවීම කියන කාරණයේදී ජනාධිපතිට හැකියාවක් තිබෙනවා ව්‍යවස්ථාදායකයට අණ කරන්න. එය විවේචනය කිරීමේ හෝ එරෙහි වීමේ හැකියාවක් ව්‍යවස්ථා දායකයට නැහැ.’’
          අවසාන වශයෙන් ඇන්. ඇම්. ගේ ඉතාම වැදගත් අනාගත වාක්‍යයක් මම සඳහන් කරන්නට කැමැත්තෙමි. මෙය සිදුවූයේ 1977 මහා මැතිවරණයට දින 10කට පෙර පේරාදෙණිය තානායමේදීය. මමත් විජය වික‍්‍රමරත්නත් ඔහු සමග එදා මධ්‍යම රාති‍්‍රය තෙක් සාකච්ඡුා් කරමින් සිටියේ එළැඹෙන මැතිවරණයේ ප‍්‍රතිඵලය කුමක් වේද කියායි. අපේ අදහස වූයේ රට පුරාම ජේ. ආර්. ජයවර්ධන ජයග‍්‍රහණය කරනු ඇති බවයි. ඔහු දෙනෙත් පියාගෙන මදක් කල්පනා කොට පැවසුවේ  ”ඔබ කියන දෙය ඇත්තක් වුවහොත් ලංකාවේ අවසාන නිදහස් මැතිවරණය මෙය වනු ඇත.”
එ් අනාගත වාක්‍යය ඇත්තක් නොවීද?
ලාල් විජේනායක.
           ගෙවී ගිය ජූනි මාසයේදී ආචාර්ය ඇන්. ඇම්. පෙරේරාගේ එකසිය දහනව උපන් දින සංවත්සරය යෙදී තිබිණ. එ් සම්බන්ධයෙන් අපගේ ලාල් විජේනායක සහෝදරයා පුවත් පතකට ලියූ එන්. එම් ගේ ගුණසුවඳ හඳුනාගත හැකි ලිපියක් පරිශීලනය කරන්නට හැකිවිය. එකී ලිපිය මගේ ශක්ති ප‍්‍රමාණයෙන්  පරිවර්තනය කොට මේ සමග පලකරමි.
        ලංකාවේ ආනුභාව සම්පන්න නායකයන්ගේ පැමිණීම එක්දහස් නවසිය හැත්තෑ ගණන්වලින් පසුව නැත්තටම නැතිවී ගොසිනි.  එසේ එන දේශපාලකයන්ගෙන් සියයට පනහක් මහ පොළොවත් උලා කා සිව් මහ ගංගාවන්හි ජලයත් බී තවත් යමක් කන්ට බොන්නට කට ඇරගෙන ඉන්න බිල්ලන් සමූහයකි.
          එකල බිහිවූ ආනුභාව සම්පන්න නායකයන් අතරින් මගේ ගරු සම්භාවනාවට පත්වන පළමුවැන්නා ඇන්. ඇම් ය. කිසිවකුට අභිබවනය කළ නොහැකි වූ ඔහුගේ පෞරුෂය හා දැනුම කැපවීමේ  හා නිර්භීතකමේ ගැඹුර ඇසුරෙන් ගොඩනැගුණකැයි සිතමි.
         ඇන්. ඇම්. අප දැන හඳුනාගත්තේ අපේ ගැටවර සමයේය. පාසල් යන ගැටවර සමසමාජවාදීන් වූ අපට  ඇන්. ඇම්. යනු කිසිදා  එළිය නොනිවෙන පහන් තරුවක්ම විය. අපේ ගැටවර වියේදී මුණ ගැසුණු මේ ශී‍්‍රමතා අපේ ගැටවර විය ඉක්මවෙන්නටත් පෙරාතුව පරලෝකප‍්‍රාප්ත විය. මිය යන්නට ආසන්නයේත් ඔහු දිවැසිවරයෙකු ලෙස ලංකාවේ අනාගතය ලියා තැබුවේය. එ් 1978 ව්‍යවස්ථාව පිළිබඳ ඔහුගේ වූ අනාගත දැක්මය. 1978 ජේ. ආර්. විසින් ව්‍යවස්ථාව ගෙන ආ ආසන්නයේම ඇන්. ඇම්. මේ පොතද (1978 ව්‍යවස්ථාව පිළිබඳ විවේචනාත්මක විශ්ලේෂණයක්) තුළින් දුටු බියකරු බව වසර 30 ඇවෑමෙනුත් සනාථ වෙමින් පවතී.
1977 මහා මැතිවරණයේදී ජේ. ආර්. ජයවර්ධනගේ ධාන්‍ය රාත්තල් අට, උදා කරන ධර්මිෂ්ට සමාජය ආදි අනේකවිධ බොරු පොරොන්දුවලට රැුවටුණු යටියන්තොට අසරණ ජනයා ආචාර්ය ඇන්. ඇම්. පරදවා කූට ව්‍යාපාරිකයෙකු වූ වින්සන්ට් පෙරේරා දිනවීය. ලංකා පාර්ලිමේන්තුවේ අඳුරු දසාව එළඹියේ ඇන්. ඇම් ද ඇතුළු වාමාංශික නායකයන්ට ඊනියා ජනතාව විසින්ම ඔවුන් මැතිවරණ දේශපාලනයෙන් පිටමං කළ පසුය.
ජීවිතයෙන් අඩ සියවසක් පියමං කළ අප, එන්. එම්. දෑසින් දුටුවේ එස්. එස්.සී පන්තියේ සිටියදීය. එතැන් සිට ගෙවී ගිය දශක තුනේ උපන් දරුවන් අතරින් සමහරු රටේ පාලනයේ ද සිටී. ඔවුන්ට එන්. එම්. ලාගේ ගුණ සුවඳ වත් කියා දෙන්නට කෙනෙක් නැත. කොටින්ම එ් හපන්කම කරන්නට ඔහුම පිහිටවූ ලංකා සම සමාජ පක්ෂයටවත් නොහැකිව තිබේ.

         අප උපුටා දක්වන ලාල් ගැන ද යමක් කිව යුතුය. ඔහු ලංකා සමාජය බිහිකළ ශ්‍රේෂ්ට ලංකා පුත‍්‍රයෙකි. පාලකයන්ගේ දේශපාලනය නොකළ හෙයින් නිල විශිෂ්ටයන්ගේ ගණයට ලාල් නොවැටුනත් විමුක්තිකාමි සමාජය ඔහුගේ විශිෂ්ටත්වය සිය හදවතේ කොටා ගෙන ඇතැයි සිතමි. අපගේ ජීවිතයේදී ලාල් විජේනායක වැන්නෙකු මුණ ගැසීම අපගේ ජීවිත පිරිපහදු කළ වැදගත් හේතුවක් විය. ජීවිතයේ වියපත්ව සිටියත් ඔහු සිය සමස්ථ ජීවිතයම කැප කර ඇත්තේ දුර්ජන දේශපාලනයෙන් ලංකාව මුදවීම සඳහාය. ඔහුගේ අවංක බවට  තර`ගයක් නැත.  ඔහුගේ විදග්ධ බවටද තර`ගයක් ඇතැයි නොසිතමි. එවැන්නෙකු ඇසුරු කරන්නට ලැබීමත් දුලබ වාසනාවක් නොවේද?

Tuesday 24 June 2014

දර්ගා නගරයේ අමිහිරි අත්දැකීම

          අලූත්ගම දර්ගා නගරයේ ගැටුමට තුඩුදුන් මහජන රැුස්වීමේ දී බොදුබල සේනා නායකයාගේ කථාව මම ඇසුවෙමි. දල්වාලන ලද වර්ගාන්තර ආතතියක් සහිත වටාපිටාවක විශාල පරිමාණයේ ගැටුමක් සඳහා  ඕනෑතරම් පෙළඹවීම් එම කතාවේ ගැබ්ව තිබුණි.
         ‘නටන්න එන්න එපා.... නැටුවොත් දෙවන පියවර අලූත්ගම, බේරුවල යනාදී වශයෙන් මේ තියෙන කඩ සාප්පුවලට අබසරණයි.’
  

         ‘අදින් පස්සේ එක මරක්කලයෙක් එක සිංහලයෙකුට, සිවුරකට නෙවේ එක සිංහලයෙකුට අත තිබ්බොත් මේ හැම එකාලගෙම අවසානය බව අපි කියන්න  ඕනෑ.’
        මේ ඔහුගේ බලගතු ප‍්‍රකාශවලින් උපුටා ගත්තකි. සංහිඳියාව පිළිබඳ සංවේදී රජයක් මෙවන් ප‍්‍රකාශ කරන කවර තරමේ පුද්ගලයෙකුට වුවත් නිදැල්ලේ හැසිරීමට ඉඩ දෙනවාද? එහෙත්  මෙකී ප‍්‍රකාශයන්හි හිමිකාර භික්ෂුව නිදැල්ලේ සිටිනවා පමණක් නොව, තම ව්‍යාපෘතිය තුළ තව තවත් කි‍්‍රයාකාරීව සහභාගි වෙමින් සිටී. ඒ ආකාරයට ඔහු නිදැල්ලේ හැසිරෙන්නේ ආණ්ඩුවේ බලවත් උදවියගේ රක්ෂාවරණය යටගේ බව තේරුම් ගැනීමට අපහසුවක් නැත.
         යුද්ධාවසානයට පෙරාතුව රටේ ඇති වූ භීෂණ රැුල්ල විසින් බොහෝ  සමාජ කි‍්‍රයාකාරීන්ට මරණය කැඳ වූ අතර ඇතමුන් පණ බේරා ගැනීම සඳහා තානාපති සේවා මාර්ගයෙන් රටින් පිටව ගියහ. එහෙත් මේ සා විශාල විනාෂයකට පාර කපන මෙම ව්‍යාපාරය නිරුපද්‍රිතව සිටී. ඔවුන් ඇතැම් විට රාජ්‍ය නායකයාද විවේචනය කරයි. එ් පවෙුල් උදවියද, මැති ඇමතිවරුද විවේචනය කරයි. එහෙත් ඔවුන් පිටුපස සුපුරුදු  භීෂණය හඹා එන්නේ නැත.. එයින් කෙරෙන ඇඟවුම් කවරේද? ආණ්ඩුවේ ගැඹුරුම තැනින් ලැබෙන ආශිර්වාදයක් සහිතව මෙකී ජාතිවාදී ව්‍යාපෘතිය ගොඩ නැගී ඇති බවයි එ්.  පාලක පවුලට නිය පිිටින් පහරක් එල්ල කිරීමට ඉඩ දීම මගින් මෙකී තිරස්චීන ව්‍යාපාරයට තමන්ට ඇති සම්බන්ධය හෙළි නොවේයැයි ඔවුන් සිතනවා විය හැකිය.
1983 කළු ජූලිය එවක බලයේ සිටි ආණ්ඩුවේ නිර්මාණයක් වන්නා සේම, සංහිඳියා සම්පන්න අනාගතයක් බලාපොරොත්තු වූ සුලූතර දෙමළ ප‍්‍රජාව ආයුධ සන්නද්ධ ව්‍යාපාරයකට ආශිර්වාද කරන තැනකට තල්ලූ කරන ලද සිදුවීමක්ද වූයේය. 1982  ජනමත විචාරණයේදී කල වංචා නිසා ආණ්ඩුව අර්බුදයකට යෑමෙන් වැළකී සිටීම හා නැගී එන සක‍්‍රිය දේශපාලන පක්ෂයක් වූ ජනතා විමුක්ති පෙරමුණේ කි‍්‍රයා සන්ථතිය නැවැත්වීම 1983 කළු ජූලිය නිර්මාණය කිරීමට   ආණ්ඩුවට තිබුණු ඇත්ත හේතු විය.
                   අද උන්නතිකාමී හා හීනමානී භික්ෂු ප‍්‍රතිරූපකයන් සහ අදේශපාලනික ජාතිවාදී ගිහියන්ගේ උපකාරයෙන් නැති මුස්ලිම් ප‍්‍රශ්නයක් සමාජගත කරන්නේද ආණ්ඩුව වෙලී  පවතින අර්බුදයන්ගෙන් ගොඩ එ්මට සිතාගෙනය. යුද්ධයෙන් පසු ආණ්ඩුවේ කි‍්‍රයා සන්ථතිය ආණ්ඩුවේ හිත සුව පිණිස නොවන බව නායකයෝ හොඳාකාරවම දනිති. ගෙවී ගිය මැතිවරණ කිසිවක් ආණ්ඩුවේ අනාගත  පැවැත්ම සඳහා කොළ එළි පත්තු කළේ නැත. ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගෙන් සියයට හැටකට  වැඩි ප‍්‍රමාණයක් නායකත්වය පිළිබඳ කලකිරීමෙන් පමණක් නොව වෛරයෙන් ද පසුවේ. එක්සත් ජාතික පක්ෂයෙන් පැමිණි පිරිස ආණ්ඩුවේ පැවැත්ම ගැන හිතන්නේ තමන්ගේ බඩජාරිකමට සාපේක්ෂව පමණි.  ඔවුන්ට වගකීම් ඉෂ්ට කිරීමට තමන් පිටුපස ජනබලවේගයක් නැත. එහෙත් ශී‍්‍ර ලංකා නිදහස් පාක්ෂිකයන්ට එසේ නැත. ඉතිහාසයේ නොවූ විරු තරම් ප‍්‍රගුණ කළ ¥ෂණ හරහා වෙනස් පාලනයකදී  වත්මන් පාලකයනට ගැලවුමක් තිබිය නොහැකිය. මෙවැනි වටාපිටාවක තමන්ගේ අනාගතය කවර නම් භීෂණයක් මතින් හෝ සකස් කර ගැනීමට ආණ්ඩුව කල්පනා කරයි. මුස්ලිම් ජනයාට එරෙහි සිංහල වර්ගවාදයට ආණ්ඩුවේ උඩගෙඩි දීම තේරුම් ගත යුත්තේ් මෙවැනි පසුබිමක සිටය.

            1977 විධායක ජනාධිපති ක‍්‍රමය ආරම්භවීමත් සමග ලංකාවේ ආණ්ඩුකරණ ක‍්‍රියාවලියට සම්බන්ධ දේශපාලන කි‍්‍රයාදාමයේ  පමණක් නොව, සිවිල් සමාජයේද, මහජන කතිකාවන් ඔස්සේ ගොඩ නැගුණු ප‍්‍රජාතාන්ති‍්‍රක වටාපිටාව බලවත් ලෙස හැකිලී ගියේය. ලංකා සමාජයේ ආණ්ඩුවට පරිබාහිර මහ ජාතියට අයත් සමාජ ආයතන බොහොමයක් ආණ්ඩුවේ අසීමාන්තික බලයට යටත්ව අවනත විය. ලංකාවේ භික්ෂු සංස්ථාව ගත හැක්කේ ද එ් යටත් වූ හා අවනත වූ ප‍්‍රමුඛ පෙළේ සමාජ කණ්ඩායමක් ගනයටය. අද දේශපාලනික හා සමාජ ක්ෂේත‍්‍රයේ ඉතාමත් අශීලාචාර ලෙස හා ප‍්‍රචණ්ඩකාරී ලෙස වැඩකරන කිසිදු භික්ෂුවක් පාලනය කිරීමේ හැකියාවක් එකී නිකායන්හි අධිපතීන්ට අහිමිව ගොසිනි. ඔවුන් අද පත්ව ඇත්තේ යම් යම් අවස්ථාවන් අලංකරණය කරන සැරසිලි විශේෂයක් ලෙස මිස ආධ්‍යාත්මික මෙහෙවරක් කරන පිරිසක් ලෙස නොවේ.
ලංකාවේ නිරපරාද භීතියට ගොදුරුවී සිටින මුස්ලිම් ජනයාට එසේ වීමට තරම් වන බලගතු කිසිදු වරදක් ඔවුන් කර නැත. හලාල් සම්බන්ධ ඔවුන්ගේ ආගමික පිළිවෙත ලෝකයේ සියලූ ප‍්‍රජාතන්ති‍්‍රක රටවල ඉඩ දී ඇති ආගමික අයිතියකි. ලංකාවේ ද මෙතෙක් ඒ තත්ත්වය මැනවින් රැුකුණි. කොරහේ කිඹුල්ලූන් දකිනවා සේ තත්ත්වයන් නිර්මාණය කර ගැනීමට හලාල් ආදි ගැටලූ කරලියට ගෙනවිත් ඇත.
         මුස්ලිම් ජනයා එක්තරා අයුරකින් දෙමළ ජනයාටත් වඩා අනාරක්ෂිතය. දෙමළ ප‍්‍රජාවට වැඩුනු දේශපාලන ව්‍යාපාරයක් තිබුණි. එමෙන්ම ජන බහුතරයක් ජීවත්වන සුවිශාල ප‍්‍රදේශයක් ඔවුන්ට තිබේ.  මුස්ලිම් ජනයා වැඩි කොටසක් ජීවත් වන්නේ රට මැදට වන්නට අනෙකුත් ජනයා අතරේය. ඔවුන්ට ධෛර්ය සම්පන්න දේශපාලන නායකයන්ද, ව්‍යාපාරද නොමැත්තේය. එහෙයින් බාහිරින් එන පීඩනයකදී ඔවුන් පහසුවෙන් ගොදුරු බවට පත් වේ. එහෙත් මුස්ලිම් ජනයාට වන විපතකදී ශී‍්‍ර ලංකාවට එරෙහිව නැගී සිටිය හැකි අන්තවාදී සංවිධාන ලෝකය පුරා විසිරී සිටී. ඔවුනට මුස්ලිම් ජනයාගේ ආරක්ෂාව තහවුරු කළ නොහැකි වුවත් එකී ජනයා පීඩාවට පත්කරන රට බලවත් ලෙස අස්ථාවර කළ හැකිය.
         පසුගිය 16 වනදා දර්ගා නගරය ආශි‍්‍රතව ඇති වූ වාර්ගික කලකෝලාහල පිළිබඳ  අවසන් වගකීම රජයට බැර විය යුතු ය. රජයක් මෙවැනි අවදානම් සහගත අත්හදා බැලීමකට යන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය විසින් හිතුවක්කාර වීමට සලසා ඇති ඉඩ හසර නිසාය. ජේ.ආර් ජයවර්ධන සිය පාලන කාලය තුලදී විවිධ ක්ෂේත‍්‍රයන්හි මෙවැනි ප‍්‍රචංඩකාරී අත්හදා බැලීම් ගණනාවක්ම කොට අනාගත නායකයන්ට ඇති තරම් පූර්වාදර්ශ සපයා දී ඇත. එහෙත් ඒ පූර්වාදර්ශවලින් රටටවත් ඔහුගේ දේශපාලන ව්‍යාපාරයටටවත් යහපතක් වූයේ නැත.
        අද මෙවැනි අත්තනෝමතික පීඩාවන්ට ලක්වන ජන කොටස්වලට සහනය සඳහා යා හැකි ආයතන ව්‍යුහයක් ශී‍්‍ර ලංකාව තුළ නොමැත. අධිකරණය තවදුරටත් යුක්තිය ඉෂ්ට කරන සමාජ ආයතනයක් නොවේ.  අධිපතියාගේ කැමැත්ත පමණක් නීතිය බවට පත් වී ඇත.  එහෙයින් වඩාත් ධෛර්ය සම්පන්න දේශපාලන ව්‍යාපෘතීන්ට පමණක් මේ  තිරස්චීන අශෝභන තත්ත්වය පාලනය කළ හැකි වනු ඇත.

Friday 2 May 2014

දෙමළ සමාජයට නායකයෙක් ලැබී තිබේ.




              අතීතයේ යාපනයේ දෙමළ සමාජය පිළිබඳව  හැඳින්වූයේ උගතුන්ගෙන් ගහන, උගතුන් බිහිකිරීමට සමාජයක් වශයෙන් සවිඥානක ප‍්‍රයත්නයක් දරණ මිනිසුන්ගෙන් සුසැදි, ඥාන තෝතැන්නක් වශයෙනි. එමෙන්ම තමන්ගේ බරසාර සම්ප‍්‍රදායන් පරපුරෙන් පරපුරට දායක කරමින් දෙවියන්ට ලැදිව සිටින මිනිසුන් පිරිසක් ලෙසිනි. සකසුරුවම්කමින්ද, නැති නාස්තියෙන් තොරබවින්ද, උත්සාහයෙන් කවර නම් ඉලක්කයක් වුව හඹායාමට සමත්, එමගින් ජීවිතයේ සමෘද්ධිය අත්පත් කරගත් ශිෂ්ටාචාරවත් මිනිසුන් පිරිසක් ලෙසිනි. ලාබාල වියේදී මිලට ගන්නා හිස පීරන පනාව වුවත් වෘද්ධ වියේදී හිස, කෙසින් තොර වූ පසු විසිකරන තෙක් පරෙස්සම් කරගන්නා අර පරෙස්සම් ජාතියකි. කැඩුම් බිඳුම් අඩු  සවි ශක්තිමත් අරපිරිමැසුම් දායක මිනි පෝඞ් මෝටර් රථ යාපන ජනයාගේ ජනපි‍්‍රයම වාහනය වූවා යයි කියනු ලැබේ. මේ සියල්ලෙන් කැටි කර පෙන්වන චිත‍්‍රය තුළ සිටින්නේ අප සමග යුද වැදුණු ‘යාපන දෙමළ මිනිසා’ය.
          බි‍්‍රතාන්‍ය පාලන සමයේ, සිංහල නායකයන් කටයුතු කළේ තමන් සමග ජීවත් වන සුලූ ජාතිකයාට අවමන් කරමින්, කුල ගෝත‍්‍ර අනුව බුද්ධාගම පවා භේද බින්න කරමිිනි.් එම වකවානුවට සමාන සමයක දෙමළ ජනයාද උග‍්‍ර කුල ක‍්‍රමයක් පවත්වාගෙන ගිය නමුත් තමන්ගේ සමාජයට ආලෝකයක් ලැබිය හැකි ඉතාම හොඳ පාසල් පද්ධතියක් බි‍්‍රතාන්‍ය පාලනයෙන් ලබා ගැනීමට සමත් වූහ. දෙමළ ජනයාගේ ජාතික අභිලාෂයන්ට මේ පාසල් පද්ධතිය ඉතාම අපූරුවට ගැලපිණ.
          පූර්ව නිදහස් දේශපාලනික සමාජයේ සිංහල දේශපාලනයටත් රාජ්‍ය තාන්ති‍්‍රක කටයුතු සඳහා විශ්වාස කළ හැකි මිනිසුන් සොයා ගත හැකි වූයේ දෙමළ ප‍්‍රභූ සමාජයෙනි. පොන්නම්බලම් රාමනාදන්, පොන්නම්බලම් අරුණාචලම් ඉනුත් ප‍්‍රධාන වූහ. සියවසක් පමණ කාලයක් තිස්සේ ලංකාවෙන් බිහිකළ කිසිවකුට අභිභවනය කළ නොහැකි වූ බුද්ධිමතා ආනන්ද කුමාරස්වාමි විය. ආනන්ද කුමාරස්වාමි ඇලූම් කළ කලාව,  ගෝත‍්‍රවාදයේ කුණුවලින් කිලිටිකර නොගත්  මිනිසෙක් වූ නිසාම ඔහු ලංකාවේ අන්තර් සමාජ අතර වන්දනීය උගතෙක් හා සුධීමත් බුද්ධිමතෙකු විය. පැරණි කලාව, ගෘහ නිර්මාණ ශිල්පය ගැන පර්යේෂණ කරන, සොයා බලන කවරනම් කෙනෙකුට වුව අතහැර යා නොහැකි කෘතිය ආනන්ද කුමාර ස්වාමිගේ ඵැාසැඩ්ක ීසබය්කැිැ ්රඑ (මධ්‍යකාලීන සිංහල කලා* කෘතියයි. එම කෘතියේ විරාජමාන බවෙහි බිහිවූදා සිට අද දක්වා කිසිදු වෙනසක් නැත. එතුමන් විසින්ම රචිත උඩරට ගෘහ නිර්මාණයන් විනාශ කිරීම වළක්වන ලෙස ඉල්ලා උඩරට රදළ ප‍්‍රධානීන් අමතා ලියන ලද ලිපිය තරම් සම්ප‍්‍රදායික කලා උරුමය පිළිබඳ ලෙන්ගතු හැඳින්වීමක් සහිත ලියවිල්ලක් සිංහලයෙකු අතින් ලියවී ඇත්දැයි සැක සිතෙන තරම්ය.
           දෙමළ සමාජය සතු සියලූ වටිනාකම් දෙමළ සමාජය අත්පත් කරගන්නේ ඥානාන්විත සමාජයක් තනාගැනීමට අතීතයේ පටන්ම ඔවුන්ගේ වූ පොදු උත්සාහය නිසාය.
එහෙත් නිදහසින් පසු ජාතික එ්කග‍්‍රතාවය පිළිබඳ බි‍්‍රතාන්‍යයන් විසින් උගන්වා ගිය පාඩම් නොතකා හැරීමේ ඵල විපාකයක් ලෙස එ්කාග‍්‍ර සමාජය වේගයෙන් ඉරිතලා ගියේය. ඞී.ඇස්.ගේ පුරවැසි  පනතේ සිට ආණ්ඩුවේ අනුග‍්‍රහයෙන් කි‍්‍රයාත්මක බොදු බල සේනා වැනි ව්‍යාපෘති දක්වා වූ හැම ව්‍යාපෘතියක්ම යටකී පැලූම් පුලූල් කළේය. තිස් අවුරුදු යුද්ධය වනාහි එ් පැලූම්වල කෘරතර ප‍්‍රතිඵලයයි.
          දැන් යුද්ධය අහවරව තිබේ. එල්ටීටීඊයට විරුද්ධ ඉන්දියානු මැදිහත්වීමේදී ප‍්‍රමුඛ කාර්යභාරයක් ඉෂ්ට කළ කර්නල් හරිහරන් පුවත්පත් සාකච්ඡුාවකදී කියා ඇති පරිදි එල්ටීටීඊයට යළි නැඟී සිටීමට අවස්ථාවක් කිසිදා උදා නොවන බවත් සන්නද්ධ දේශපාලනය යාපනයේ ප‍්‍රධාන දේශපාලන  ධාරාව බවට පත්වීමටත් කිසිදා ඉඩ කඩක් නැති බවත්ය. එහෙත් පෑගී ඇදවැටුණු, අසරණව ඇති දෙමළ සමාජයට, කලක් පිරිත් පැන් පිරවුණු කෙන්ඩියෙන් අද ගිනිවතුර පුරවාගෙන ඉසිමින් තිබේ. පිරිත් පැන් කෙන්ඩිය ගිනි වතුර කෙන්ඩියක් වූ සිංහල බුද්ධාගම යුද විනාශයේ හතරෙන් තුන් පංගුවක වගකීම දැරිය යුතුය. එය ජාතික එ්කාග‍්‍රතාවය පුපුරුවා හල සමාජ බලවේගය වේ. එම බලවේගය රුදුරු ලෙස සිය ශාස්තෘවරයාගේ සර්ව සම්පූර්ණ දහම ජාතක කතා කිහිපයකට හා ගාථා කිහිපයකට සීමා කිරීම මගින්  ‘කරුණා භරිත බුදු දහමේද’ අභ්‍යන්තර සතුරා වේ.
එම රුදුරු අධාර්මික බලවේගය කොතෙක් වැඞී ඇත්ද යත් රුදුරු ගනයේ අමනුෂ්‍යයෙකු ලෙස ජාත්‍යන්තරකරණය වූ චිරතු නම් වූ චීවරධාරියා සමග අ්ත්වැල් බැඳ ගැනීමට මියන්මාරයට ගොස් තිබේ. වගකිව යුතු රජයක් නම්, තමන්ගේ රටේ අනාගතයටවත් සහනයක් අවශ්‍යයයි සිතන රජයක් නම්, මේ ගමන වැළැක්වීමට කටයුතු කළ යුතුව තිබුණි.
             ප‍්‍රභාකරන් නම් වූ ආධානග‍්‍රාහී සටන්කාමී නායකයා, දකුණේ දේශපාලනය විසින් උතුර හා කළ අමනෝඥ ගනුදෙනුවෙන් බිහිවූ හිතුවක්කාර සුජාත පුත‍්‍රයා වේ. ඔහුට කාලයක් මුළුල්ලේ ඥානාන්විත දෙමළ සමාජය වර්ධනය කරගත් මනුෂ්‍ය වටිනාකම් සුන්නද්¥ූලි කළ හැකි විය. කරුණා අම්මාන් සංවිධානය හැර ගිය විට ඔහුගේ අනුගාමිකයන් සිය ගණනක් සමූල ඝාතනය කරන්නට අණ දීමට තරම් තිරස්චීන අමනුෂ්‍යයෙක් දෙමළ සමාජයේ පිළිගැනීමට පාත‍්‍රවීමේ ශෝකය ඔබ හඳුනා ගන්නේ කෙසේද?  (මේ තිරස්චීන දෙය වැලකුනේ මෑතකදී අත්අඩංගුවට පත්වූ දෙමළ කිවිවර ජයසීලන් විසින් බව ඔහු පුවත්පත් සම්මුඛ සාකච්ඡුාවකදී පවසා ඇත.*
           මෙම ලිපිය ආරම්භයේදී අප විග‍්‍රහ කළ ආකාරයට, දෙමළ සමාජයේ ප‍්‍රබුද්ධ භාවය අතීත වටිනාකමින්ම නැතත් යම් යම් ක්ෂේත‍්‍රවලදී එහි වැදගත් නෂ්ටාවශේෂ දක්නට තිබේ. යුද්ධයෙන් පසු රණකාමී සිංහල රාජ්‍ය තන්ත‍්‍රය හා එහි අනුගාමී කොටස් 13 වන සංශෝධනයවත් එකී දෙමළ සමාජයට නොදීමට ඉමහත් වූ තැතක් දරද්දී ඉතිරිවූ දෙමළ සමාජයේ ප‍්‍රබුද්ධ දේශපාලන කොටස් පළාත් සභා මැතිවරණයක් දිනා ගැනීමට සමත් විය. මෑත කාලීන දේශපාලන චරිත තෝරා ගැනීම් අතර ලක්ෂ්මන් කදිරගාමර් හැරුණු කොට ප‍්‍රබුද්ධම ශී‍්‍ර ලාංකිකයෙක් තම දේශපාලන තන්ත‍්‍රයේ ප‍්‍රධානියා කර ගැනීමට දෙමළ සමාජය සමත් විය. එ් හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු වී. විග්නේෂ්වරන්ය. ඔහු සාකල්‍යයෙන්ම යාපන දේශපාලනයේ ප‍්‍රබුද්ධ  තීරුවට අයත් උසස් ගණයේ හින්දු ආගමිකයෙක් විය. එමෙන්ම දකුණේ ප‍්‍රබුද්ධ සිංහලයන් සමග මිත‍්‍රකම් මතුනොව,  නෑදෑකම් පවා ඇති මිනිසෙක් විය. කි‍්‍රයාකාරී දේශපාලන ඉතිහාසයක් නැතත්, උගත්කම හා ප‍්‍රබුද්ධ බව හා  පෞරුෂය පමණක් සලකා විග්නේෂ්වරන්ව දෙමළ දේශපාලනයේ මධ්‍යස්ථ කොටස් විසින් තෝරා ගනු ලැබුවේ,  දකුණෙ රාජ්‍ය තන්ත‍්‍රය සමග වඩා කිට්ටු ගනුදෙනුවක් ඔහුට කළ හැකියයි සිතා විය හැකිය. එ් තරම් නම්‍යශීලී බවක් පශ්චාත් යුද කාලීන දෙමළ දේශපාලනය සතු විය. එහෙත් දකුණේ රාජ්‍ය තන්ත‍්‍රය හා අනුගාමි කොටස් එ් නම්‍යශීලීත්වය වටහා ගැනීමට බරපතළ ලෙස අසමත්ව තිබේ. රාවනා බලය, සිංහල රාවය, බොදුබල සේනා වැනි රිලා නැටුම් කරුවන් ඉස්සරහට දමමින් දෙමළ ප‍්‍රබුද්ධ භාවයට කරන ඔච්චම් මේ රාජ්‍ය තන්ත‍්‍රය නවත්වන පාටක් පෙනෙන්නට නැත. මේ ඔච්චම ඛේදවාචකයකින් කෙළවර වීම දේශපාලනය ගැන විද්‍යාත්මකව දන්නා කාටත් පැහැදිලි කාරණයකි.
              දෙමළ රාජ්‍ය නියෝජනය කරනවායයි කියනා පාර ඊළාම් රාජ්‍යයේ නායක රුදු‍්‍ර කුමාරන් නායකයා වශයෙන් තෝරා ගැනීමට දෙමළ සමාජය සූදානම් නැත. ආණ්ඩුවේ හුරතලා වන ඩග්ලස් දේවානන්ද පිළිබඳ තත්ත්වයත් එසේමය. කවුරු අකමැතිවුනත් අද වන විට දෙමළ සමාජයට නායකයෙක් සිටී. එක්සත් රාජ්‍යයක් පිළිබඳ බලාපොරොත්තුවක් ඇති බෙදුම් වාදයට එරෙහි විග්නේශ්වරන් එ් නායකයාය. දෙමළ සමාජයට තමන්ට නැතිවූ අතීත ප‍්‍රබුද්ධත්වය සොයා යන්නට උත්සාහ දරන්නේ විග්නේශ්වරන් හරහාය. එල්ටීටීඊය සමග කිසිදු ගනුදෙනුවක් නොතිබුණු, එහි හතුරෙකු වූ මනුෂ්‍යයෙකු, තම නායකයා වශයෙන් තෝරාගත් දෙමළ දේශපාලන යාන්ත‍්‍රණය දෙස විචක්ෂණශීලීව බලන්නට දකුණේ රාජ්‍ය තන්ත‍්‍රය අසමත්වීම අවාසනාවකි. ජනාධිපතිට වග කියන මහ ඇමති ඝනයා  අතර  විග්නේෂ්වරන් තරම් වගකිවයුතු ප‍්‍රබුද්ධ මිනිසෙක් සිටියේම නැත. බස්නාහිර මහ ඇමති චන්ද්‍රිකා බණ්ඩාරනායක පවා සිටින්නේ මේ විද්වතාට පිසුපසිනි. එදා මෙදා තුර ¥ෂිතම මිනිසුන්ගෙන් පිරවුණු මහ ඇමති පදවියට ඔරොත්තු නොදිය හැකි තරම් වැදගත් මිනිසෙක් පත්ව සිටී. එ් වැදගත් මිනිසා සිටින්නේ ආණ්ඩුවට පාලනය කිරීමට අපහසුමයයි සිතෙන පළාත් සභාව තුළය. මේ මිනිසා සතු වැදගත්කමට අගයක් දී ඒ හරහා උතුර හා රාජ්‍ය තාන්ති‍්‍රක ගනුදෙනුවකට යාමට ආණ්ඩුවට නොහැක්කේ මන්ද?
              දකුණේ දේශපාලනය අවස්ථාවාදයට ගොදුරුවීම නිසා උතුරේ දේශපාලනය අර්බුදයකට ගියේය. එහි අවසන් ප‍්‍රතිඵලය වූයේ දෙමළ සමාජ ආත්මය තුළ කාලන්තරයක් වර්ධනය වූ ප‍්‍රබුද්ධ බව අහෝසි වී ප‍්‍රචණ්ඩත්වය ඉස්මතුවීමයි. එ් ආකාරයට ස්වකීය ප‍්‍රබුද්ධ බව නෂ්ටාවශේෂ බවට පත්කර ගෙන ප‍්‍රචණ්ඩත්වයට ඇද වැටීමේ ඛේදවාචකයයේ ප‍්‍රතිඵලය නම් විපරීත දෙමළ තරුණ සමාජයක් බිහිවීමයි.
දෙමළ සටන්කාමී දේශපාලනයට ජවය සැපයූ දෙමළ ඩයස්පෝරාවේ තත්ත්වය කවරේද? අද කැනඩාව හා වෙනත් යුරෝපීය රටවල  හිරගෙවල්වල ජන අනුපාතිකව වැඩියෙන් සිටින්නේ කළු ජාතික අපරාධකාරුවන්ය. ඊළඟට  අපරාධ සඳහා සිරගතව සිටින්නේ ශී‍්‍ර ලාංකික දෙමළ ජාතිකයන්ය.  ක්‍රෙඩිට් කාඞ් වංචා, බැංකු ණය හා රක්ෂණ ආවරණ වංචා, හොර ලියකියවිලි සැකසීම, මැර කණ්ඩායම් තැනීම හා ඒවායේ සාමාජිකයන් වීම, කප්පන් ගැනීම ආදී සිය ගණන් අනීතික කි‍්‍රයාවල යෙදීම මෙම දෙමළ ජාතිකයන් සිර ගත වීමට හේතුවයි. මේ පූර්ව යුද සමයේ දෙමළ සමාජය අත්විඳි අවමානයක් නොවේ. උත්සාහයෙන් හරි හම්බ කොට එ්වා අරපිරිමැස්මෙන් වියදම් කොට තම කලත‍්‍රයන්ට මැනවින් උගන්වා සමාජයේ තැනකට ගෙන ඒම එකල දෙමළ සමාජයේ අභිප‍්‍රාවිය. එහෙත් ප‍්‍රභාකරන්් දෙමළ දේශපාලනයට මැදිහත්වීමත් සමග දෙමළ ප‍්‍රබුද්ධ බවේ බරසාර හෙමින් ගමන  නැවතිනි. තිරුක්කුරල් පොත අතින් ගත් ප‍්‍රඥා සම්පන්න වීරයා වෙනුවට තුවක්කුව හා සයනයිඞ් කරල අතින්ගත් දෙමළ සටන්කාමියා වීරයා බවට පත්විය. යට කී අපරාධකරුවන්ගේ මහානුභාව සම්පන්න වීරයා වූයේද යටකී සටන් කාමියාය. ඩයස්පෝරාවේ මෙකී  අවාසනාන්ත තත්ත්වය රට අභ්‍යන්තරයේ දෙමළ තරුණයන් වෙත විතැන්වීම නොසිදුවීමට බැරිකමක් නැත.
               තිස් අවුරුදු යුද්ධයක් අතරතුර යාපන දෙමළ ජනයා සතු බොහෝ දේ වෙනස් විය. ඔවුන් හිඟමනට වැටුනු අතර බරපතළ අවමානයට පාත‍්‍ර විය. ඔවුන් දුරාතීතයේ සිට වර්ධනය කරගත් සමාජීය වටිනාකම් යුද්ධයේ දඬු අඬුවට හිරවී විනාශ විය. යාපනයේ කෝවිල් ශුද්ධ ආගමික මධ්‍යස්ථාන වූ නමුත් ඩයස්පෝරක සමාජයේ තැනුනු එකී කොවිල්වල  අනුරූ එල්ටීටීඊයට මුදල් මවන යන්ත‍්‍ර බවට පත්විය. ඒවායේ පූසාරිලා දෙවියන්ට වඩා ප‍්‍රභාකරන් විශ්වාස කළෝය. යාපන දෙමළ ජනයාගේ උතුම්ම ආධ්‍යාත්මික සංකේතය වූ කෝවිල මෙසේ වෙනස් වූවා නම් අනෙක් කාරණා ගැන කියනුම කවරේද?
         කුඩා දුපතක අනාදිමත් කාලයක් එකට ජීවත් වීම නිසා සංස්කෘතික ඝට්ටනය තුළින් අන්තර් පෝෂණයක් එකිනෙකාගේ දිවිපෙවෙත්වලට සිදුවිය. ජන ජීවිතවලට එක් එක් ජාතියේ මැදිහත්වීමක්  අවශ්‍ය විය. ජන පුරාණය තුළ දෙමළ දෙවියෝ සිංහල මිනිසුන්ටත්, බුදුන් වහන්සේ දෙමළ මිනිසුන්ටත් බලපෑම් කළෝය. ජනරංගය තුළ ජන සාහිත්‍ය තුළ මේ සංස්කෘතික මිශ‍්‍රණය අපූරුවට තිබිණි.
       එවැනි තත්ත්වයක් යටතේ, තිස් අවුරුදු යුද්ධයකින් අනතුරුව දෙමළ ජනයා දේශපාලනිකව හා සමාජයීය අවමානයට පත්කිරීම වැළැක්වීම රාජ්‍ය සතු වගකීමක් විය යුතුය. ඒ අවමානයන් නොකෙරෙන්නේ නම්, දෙමළ සමාජය තමන්ට වැරදුණු තැන් සොයා සමාජ හෘද පරීක්ෂාවකට යනු නිසැකය. ඒ සඳහා සුදුසු දෙමළ නායකයකු දෙමළ ප‍්‍රජාව විසින් තෝරාගෙන තිබේ. එ් සී විග්නේෂ්වරන්ය. දැනට ඔහුට  සටන් කරන්නට සිදුව තිබෙන්නේ දකුණේ දේශපාලනය විසින් කරන අවමානයන්ට එරෙහිවය.
චන්ද්‍රරත්න බණ්ඩාර
රාවය 2014-04-27