Tuesday 8 July 2014

කුරාණය පිළිබඳ විද්වත් කතිකාවක්





කුරාණය පිළිබඳ විද්වත් කතිකාවක් ඇරඹීම කවුරුන් කීවත් නතර කරන්නේ නැතැයි බොදු බල සේනා ප‍්‍රධානී ගලබොඩඅත්තේ ඥානසාර හිමි මාධ්‍ය හමුවේ පවසා ඇත. අනාදිමත් කාලයක සිට ලංකාවේ ජීවත්වන සුලූ ජනවර්ගයක් වූ මුස්ලිම් ප‍්‍රජාවට එරෙහිව, මෙකී භික්ෂුව කරන විවිධාකාර අඩන්තේට්ටම් නවත්වන බවක් පෙනෙන්නට නැත.
     බොහෝ ආගම් සාර ධාර්මික විග‍්‍රහයේදී ඇතැම් සමානකම් තිබුණත් ක‍්‍රමවේදීව ඇත්තේ ඒ ඒ ආගම්වලට විශේෂ වූ ඇවතුම් පැවතුම් පද්ධතියකි. ඒ අතින් ගත්කළ ඉස්ලාම් ධර්මයට ඇත්තේ ඉතා දෘඩ ඇවතුම් පැවතුම් පද්ධතියකි. ලොව පුරා සිටින මුස්ලිම් බැතිමත්හු ඒ දෘඩ දේවල් හොඳයි, සැපයි, ශාන්තයි කියා පිළිගනිති. දවසට පස්වතාවක් දෙවියන් නැමදීම ඉස්ලාම් ලබ්දිකයන් ලෙස  ඔවුන්ගේ ආගමික චාරිත‍්‍රයකි. අප වැන්නන්ට නම් හිතන්ටවත් බැරි මේ දුෂ්කර සිරිත  ඕනෑම ඉස්ලාම් භක්තිකයෙක් නොපිරි හෙලා ඉටු කරති. ඒ උදවියට අමාරුවක් නැති නම් අපට ඒ ගැන ඇති අමාරුව මොකක්ද?
      තමන්ගේ ආගමට කතිකාවතක් හදා ගන්නට බැරි බෞද්ධ භික්ෂූන් අනුන්ගේ ආගම්වල අභ්‍යන්තර දිග පළල හෙවීම ‘තක්කඩිකමක්’ හැර අන් කවරක්ද? මේ ලියන අවස්ථාවේ වීරකැටිය කොන්දගල පුරාණ විහාරයේ විහාරාධිපති නාරංදෙණියේ දීපානන්ද නැමති භික්ෂුව තම විහාරයේ පුරාණ චෛත්‍යයේ නිදන් හාරා අසුවී රිමාන්ඞ් හිරගෙදරය. බොදු බල සේනාවේම නායක භික්ෂුවක් කලකට ඉහත බීමතින් රියපදවා අසුවී අපරාධමය වරදක් කොට උසාවියෙන් දඩ කා ඇත. හෙළ උරුමයේ ප‍්‍රාරම්භක අවස්ථාවේ මන්තී‍්‍ර පදවියක් දැරූ ගම්පහ පළාතේ භික්ෂුවක් කුඩා දරුවන් රැුසක් අපයෝජනය කොට දඩුවම් ලැබීය. රුවන්වැල්ලේ සෝභිත ආදී නානාප‍්‍රකාර භික්ෂු ගනයා ගැන නොදන්නේ කවරහුද? මෙවැනි තත්වයක් යටතේ ඉස්ලාම් ධර්මයේ කතිකා සම්පාදනය කරන්නට යන්නේ කවර කාරණයකටද?
       ඇත්තටම ලංකාවේ බුදු සමයට සංවිධාන ව්‍යුහයක් නැති ගාණය. සියල්ල සිදු වන්නේ ඥානසාර හාමුදුරුවන්ගේ අණපරිදිය. ඔහු අපගේ ස`ග රජුද?
      තවත් ආගමිකයන් පිරිසක් වෙනත් ආගමක අභ්‍යන්තරික සීමාවන්ට ඇතුලූවීම අශීලාචාරකමක් පමණක් නොව අනීතික කි‍්‍රයාවක්දවේ. යම්කිසි රටක ආගමක් මගින් මහජන යහපතට අවැඩක් වේ නම් ඒවා වැලැක්වීම රජයකට කළ හැකිය. එහෙත් එය වෙනත් ප‍්‍රචංඩ කණ්ඩායමකට පැවරීම කළ හැකිද?
      බොදුබල සේනා සංවිධානයට ශක්තිය ධෛර්්‍යය ලැබෙන්නේ ආණ්ඩුවෙන් බව ප‍්‍රචලිත කතාවයි. වෙන ශක්තියක් නොව ආණ්ඩුව ඔවුන් කෙරේ දක්වන හුරතලයම මෙවැනි සංවිධානයක පැවැත්මට ප‍්‍රමාණවත්ය. ඒ හුරතලයත් , නූගත් ජනයාගේ කැවුතු උණු කරවන කතා ශෛලියයත් අප‍්‍රමාණ බලයක් ඔවුනට ලබාදෙයි. බොදු බල සේනා වැනි විනාෂකාරී සංවීධානවල මහජන බලය වන්නේ ඔවුන්ය. 1983 දෙමළ ජාතිකයන්ට අයත් කඩ කැඩූ සිංහල ලූම්පන් පිරිසත් , අලූත්ගම මහ විනාෂයක් කළ පිරිසත් අතර කිසිදු වෙනසක් නැත. ඔවුන් පැවත  එන්නේ එකම මූලයකිනි. මෙවැන්නන්ගේ පේස් බුක් හමුදාව පාවිච්චි කරන කුණුහරුප දෙස බලන්න. ඒ ඔවුන්ගේ සංවාද භාෂාවයි.මෙවැනි පිරිසකට නායකත්වය දිීමට අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛති‍්‍රය හිමිපාණන් වැන්නනට නොහැකිය. ඒ සඳහා සුදුසුකම් ඇත්තේ බොදුබල සේනා, රාවණා බලය, සිංහල රාවය වැනි සංවිධාන වල අමුතු බණ දෙසන නායක හිමිවරුනට පමණි.
      අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛතී‍්‍රය හිමියෝ මෙසේ පවසා ඇත. ”ජාතිවාදියාට අතීතයද නොපෙනේ. වර්තමානය හෝ අනාගතයද නොපෙනේ.” 

Thursday 3 July 2014

ඇන්. ඇම්. ;ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ලිබරල් වටිනාකම් වෙනුවෙන් සටන් කළ අරගලකරුවා

ජූනි මස 6 වන දිනට යෙදුණු ආචාර්ය ඇන්. ඇම්. පෙරේරාගේ උපන් දිනය නිමිත්තෙනි.

               අප තරුණ ට්‍රොට්ස්කිවාදීන් වී සිටි එසමයේ අපගේ ප‍්‍රධාන වීරයා වූයේ එන්. එම්. ය. එය එසේ වූයේ ඇයි? එකළ බොහෝ කැපී පෙනෙන විද්වතුන් වාම ව්‍යාපාරයට නායකත්වය සැපයීය. පිලිප් ගුණවර්ධන, ඇස්. ඒ. වික‍්‍රමසිංහ, කොල්වින් ආර්. ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන, බර්නාඞ් සොයිසා, පීටර් කේනමන්, වී. කන්දයියා, වී කරාලසිංගම්, ඇතුලූ කිහිප දෙනෙකු මේ අතර වේ. එවැනි අර්ථ පූර්ණ වර්ණවත් චරිත සිටියේ වාම ව්‍යාපාරයට පමණක්ම නොවේ. ඩඞ්ලි සේනානායක, එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක, එම්.ඩි. බණ්ඩා, යූ.බි. වන්නිනායක, ජී. ජී. පොන්නම්බලම්, එ් අමෘතලිංගම් ආදීන් ද පෙර කී කාර්යශූර ඉදිරි දැක්මක් සහිත දේශපාලන භූ සිතියමේ සිටි ¥රදර්ශී නායකයෝ වූහ. නමුත් මේ සියල්ල අතර සිටි ඇන්. ඇම්. සියල්ලන්ට වඩා ඉදිරියෙන් සිටියේය.
               ඇන්. ඇම්. පාර්ලිමේන්තු ක‍්‍රමය පිළිබඳ අසමසම කෘතහස්තයෙකි. පාර්ලිමේන්තු ක‍්‍රමය උචිත ලෙස යොදා ගැනීම පිළිබඳ ඔහු ගැඹුරු ලෙස පෙනී සිටියේය. ට්‍රොට්ස්කිවාදියකු හා සමාජවාදයට කැප වූ මාක්ස්වාදියකු එසේ වූයේ කෙසේදැයි සමහරු මවිත වූහ. නමුත් ඒ කි‍්‍රයා කලාප දෙක වැදගත් වන්නේ කෙලෙසදැයි එන්.එම්. පෙන්වා දුන්නේය. සමාජවාදයේ පරම අරමුණ සමාජ යුක්තිය සාක්ෂාත් කර ගැනීමයි. එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සහ ලිබරල් වටිනාකම්වලද පදනමයි.
         එකල පාර්ලිමේන්තුවාදීන් කවුරුනුත් පාහේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ඇන්. ඇම්. ගේ වූ කැපවීම තේරුම්ගත් අතර අගයද කළෝ ය. පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය දුක්ඛදායක ඉරණමට ලක් වී ඇති හා පාර්ලිමේන්තු කි‍්‍රයාකාරිත්වය හා පාර්ලිමේන්තු සම්ප‍්‍රදායන් නොසලකා හැරි තත්ත්වයක් යටතේ අද අපට එන්. එම්. පිළිබඳ සිහිපත් කිරීම බොහෝ සේ වටින්නේය. එකල රට පාලනය කළ සියලූ නායකයන් සිය පාලන කාලයන් හි දී ගත් බොහෝ තීන්දුවලින් අනාගත වශයෙන් සිදුවන ප‍්‍රතිවිපාක ඇන්. ඇම්. කල් තියා දුටුවේය. ඞී. ඇස්. සේනානායක රජය විසින් ඉන්දියානු හා පාකිස්තානු සම්භවයක් සහිත පුද්ගලයන් ගේ පුරුවැසි භාවය අහෝසි කිරීම පිළිබඳ   පනත ගෙන ආ  අවස්ථාවේ ඇන්. ඇම් ගේ ඉල්ලීම පිළිගත්තා නම් සමහරවිට පසුකාලීනව පෙඩරල් පක්ෂය බිහි නොවන්නටද ඉඩ තිබුණි. එකී තීරණය නිසා එස්. ජේ. වී. චෙල්වනායගම් සහ දෙමළ කොංග‍්‍රසයේ මන්තී‍්‍රවරු පිරිසක් ඞී. ඇස්. සේනානායක ආණ්ඩුවෙන් ඉවත් වී පුරවැසි පනතට විරුද්ධ විය.
එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක සිංහල පමණක් පනත ඇන්. ඇම්ගේ ඉල්ලීම අනුව ඉවත දැමුවා නම්  හෝ අවම වශයෙන් කල් දැමුවා නම්  සමහර විට පසුකාලීනව සිදු වූ දහස් ගණන් මහජන ජීවිත අහිමිවීමේ මහා දුක්ඛදායක ඉරණම වළකින්නට ඉඩ තිබිණ.
                ජේ. ආර්. ජයවර්ධන රජය විසින් හඳුන්වා දෙනු ලැබූ විධායක ජනාධිපති ක‍්‍රමය පිළිබඳව ඇන්.ඇම්.ගේ සාරගර්භ විවේචනය පිළිගත්තා නම් අපේ රටේ මේ සා විශාල නීතියේ ආධිපත්‍යයේ හා දේපළ හා මිනිස් ජීවිත විනාශයකට රට ගොදුරු නොවනු ඇත.
               1955 දී පුද්ගලික මන්තී‍්‍ර යෝජනාවක් ලෙස ඇන්. ඇම්. විසින් ගෙන ආ සිංහල හා දෙමළ භාෂා දෙකටම ප‍්‍රමුඛතාවය දෙන යෝජනාව සම්මත වූවා නම්  ශී‍්‍ර ලංකාව  පෙරදිග ස්විස්ටර්ලන්තය හෝ ඊටත් වඩා තත්ත්වයක සමෘද්ධියක් අත්පත් කර ගැනීමට ඉඩ තිබුණි. ඔහුගේ ලියවිලි, දේශන විමසා බලන විට අපට ඔහු කීවේ කුමක්ද යන්න වටහා ගත හැකිය. එ්වා තුළින් පිළිබිඹු වූයේ ඉතා දැඩි ලෙස රටේ සමෘද්ධිමත් අනාගතය පිළිබඳ වූ ඔහුගේ ඉදිරි දැක්මයි. විශ්වාස කළ නොහැකි තරම් අයෝග්‍ය ආකාරයෙන් ගත්තා වූ ඇතැම් තීරණ නිසා අනාගතයේ කවර විපාක දිග හැරෙන්නේ දැයි ඇන්. ඇම්. කල්තියා දුටුවේය.
            1956 ජූනි 14 වන දින රාජ්‍ය භාෂා විදිවිධාන පනත (සිංහල පමණක් පණත)  විවාදයට සහභාගි වෙමින් එන්. එම්. මෙසේ පැවසීය. ‘ප‍්‍රායෝගිකව කවර නම් මන්තී‍්‍රවරයකුට වුව ඇති ප‍්‍රජාතන්ති‍්‍රය අයිතිය  අනුව සිංහල භාෂා පනත වැඩි ඡුන්දයකින් අනුමත කළ හැකිය. මට ඉන් ඈතට සිතා බලා මේ කාරණය ගැන මෙවන් උත්තරයක් දිය හැකිය. කරුණාකර  මෙය මතක තබා ගන්න. ලෝකයේ සෑම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යවස්ථාවක්ම සෑම විටම සිදු කළේත් සිදු කරන්නේත් ප‍්‍රාරම්භක වශයෙන් මහජනයාගේ පරමාධිපත්‍යය ආරක්ෂා කිරීමයි. එම පූර්විකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාර්ලිමේන්තුව ස්වයං සීමාවන් පනවා ගැනීමට ඇති අයිතියකි. එය සමාජයක පුද්ගල අයිතිය තහවුරු කිරීම හා බැඳුනකි. පුද්ගල අයිතිය යන්න , අන්සතු කළ නොහැකි අයිතියකි. එය 50% හෝ 60% ක් හෝ යනුවෙන් ලැබෙන බහුතර ඡුන්දයෙන් ඉවත් කළ නොහැකි අයිතියකි. මෙකී ගරු සභාවේ මන්තී‍්‍රන් මේ මූලික ප‍්‍රජාතන්ත‍්‍ර අයිතිය පිළිබඳ කාරණය හොඳින් දැකිය යුතුය.  බහුතරයාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හෝ වීජගණිත සංකල්පය අනුව හෝ මෙකී මූලික අයිතියට බලපෑම් නොකළ යුතුය.
            ඔහු තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ ‘මෙම සභාවේ සිටින අප සියල්ල සිංහල හා දෙමළ වශයෙන් නොව ලාංකීය ජාතිය නම් වූ එකම ජාතියකට අයත් ය.  ලංකා සම සමාජ පක්ෂයේ අපට ලාංකික බව අන්සියල්ලට වඩා විශේෂ එකකි. අප සිංහලයන් වන්නේ අප ලාංකිකයන් වීමට පසුවයි. අප අවුරුදු 20 ක් තිස්සේ උත්සාහ දරමින් සිටින්නේ මෙම රටේ ලාංකීය ජාතියක් ගොඩ නැගීමටයි. මට යන්තම්ව හෝ සැකයක් නැතිව කවර හෝ තාවකාලික දුෂ්කරතාවයක් පැමිණීයත් අවසානයේ අපගේ ජයග‍්‍රාහි අරමුණු ඉෂ්ටකරගත හැකි වනු ඇත. ඉතිහාසය මග හැර යා නොහැක. ලංකාවේ රටවැසියාට ඇති නීත්‍යානුකූල අයිතිය මගහැරිය නොහැකිය.
         ඔහු තවදුරටත් පාර්ලිමේන්තුව අමතමින් ”1948 දී ඉන්දියානු පුරවැසි පනත නිසා මට නිවසින් පිටතට යාමට පවා බැරි වුණා. මට බැන්නා, අඩන්තේට්ටම් කළා. හූ කිව්වා. එ් හැම අවස්ථාවකදීමත්  තවමත් මම නොනැවතී එවැන්නක් වෙනුවෙන් පෙනී සිටිනවා. මම දැන් ඒවාට සම්පූර්ණයෙන්ම හුරුවෙලා.” ඔහු තවදුරටත් පැවසුවේ ”ඔවුන් මෙරටේ වෛරී ගමනක යෙදෙන මෙම අවස්ථාවේ මම ආණ්ඩුවට අවවාද කර සිටින්නේ කවුරු හෝ මේ නිසරු දෙය වපුරනවා නම් ඔවුන්ම එහි අස්වනු නෙලා ගත යුතුයි. මෙකී වෛරී කාරණය ඇවිස්සීම කෙලවරවන්නේ වර්ගවාදී කැළඹීමකින් හා ලේ හැලීමකිනි. ”
        තවදුරටත් පාර්ලිමේන්තුවේ කථා කරමින් ඇන්.ඇම්. පැවසුවේ ‘‘මේ වැරැුද්ද කරන්න එපා. මේ අවස්ථාවේ ඔබ මෙය නැවැත්වූයේ නැතිනම්  ඔබට නැවත ගමන ආරම්භ කරන්න සිදුවන්නේ ලිස්සන සුළු මාර්ගයකයි. එසේ වුවහොත් කඳු පාමුලක් වෙත ළඟාවෙන තෙක් ම නැවතීමක් නැතිවේවි. ඔබට අවසානයේ සිදුවන්නේ ආඥාදායක පාලනයකට යටත්වීමටයි. අප කැමති වුනත් නැතත් අප ළඟා වෙමින් සිටින්නේ එවැනි තත්ත්වයක් වෙතටයි.’
         ඔහු තවදුරටත් පාර්ලිමේන්තුවේ කථා කරමින් ‘සුලූ ජන ප‍්‍රජාවන් එය අනුමත කරන්න සූදානම් නම් ප‍්‍රශ්නයක් පැන නගින්නේ නැත. අප එහෙම වාතාවරණයක් ප‍්‍රාර්ථනා කරමු. නමුත් සිංහල  පමණක් යන්න සුලූ ජාතීන් අනුමත කරන්න සූදානම් නැත්නම් ඔබට බැහැ ඔවුනට බලපෑම් කරන්න. ඔබ එහෙම කරන එක හරිද? ඔබ එහෙම බලපෑම් කරන එක හරිද? එහෙම කළොත් එය ලංකා ජනතාව මුහුණ දෙන ඛේදවාචකයක් වෙවි. සමහර දේවල් කවදාවත්ම අමතක කරන්න බැරි වේවි.
          ඔහු සිය කථාව දිගටම කරමින් ‘‘අපට  ලංකාව තුළ සමාජවාදය ස්ථාපිත කරන්න බැරිවුණත් අප අවම වශයෙන් නිදහස් එක්සත් ශී‍්‍ර ලංකාවක් සඳහා පසුබිමවත් සකස් කරමු. අපට අපේ ජීවිත කාලය තුළ සමාජවාදය අත්පත් කර ගන්න බැරි වුණත් අප මැරෙන්න පෙරාතුව එක්සත් නිදහස් ලංකාවක් සකසා ගත යුතුය. ”
ඔහු තවදුරටත් කථා කරමින් ‘‘ඔබ, මම හෝ මගේ සහෝදරවරු ගණනාවක් මරා දැමූවත් ඔබට පැන නැගී ඇති ප‍්‍රශ්නය නිරාකරණය කර ගන්න අපහසුයි.  මාගේ පක්ෂය  හෝ අනෙකුත් පක්ෂ මරා දැමීමෙන්, විනාශ කිරීමෙන් සුළු ජනවාර්ගික ප‍්‍රශ්න නිරාකරණය කළ නොහැකියි. මගේ අදහස් උනන්දුවෙන් වටහා ගන්නා ලෙස මා අයදින අතර ඔබ කළ යුත්තේ  කුමක්ද යන්න ගැඹුරින් අවබෝධ කර ගන්න. ඔබ ඔරලෝසුව පරම්පරාවක් ආපස්සට කරකවමින් සිටී.  අනාගතයේ උපදින දරුවන් අපට දෙස් තබන්නේ මේ රට නටබුන් කිරීම පිළිබඳවය.”
          එන්. එම්. විධායක ජනාධිපති ක‍්‍රමයට තදින්ම විරුද්ධ විය.  ඔහු විසින් ජනාධිපති ක‍්‍රමයේ විපාක එළිදරව් කිරීම  සඳහා Critical Analysis of The new Constitution of Sri Lanka  කෘතිය ලියන ලද්දේ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වයද පිරිහී රෝගීව සිටින කාලයකය. විධායක ජනාධිපති ක‍්‍රමය ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශ කරන ආකාරය විශිෂ්ට ලෙස ඔහු කල්තියා දුටුවේය. එකී කෘතිය අවසානයේ ඔහු මෙසේ පවසයි. ‘‘මට කිසිදු සැකයක් නැහැ. අනාගතයේදී බොහෝ ව්‍යවස්ථාව ගැන හදාරන්නන් කියාවි ව්‍යවස්ථාවක් නොසැදිය යුත්තේ කෙසේද යන්නට උදාහරණය ලෙස  1978 ශී‍්‍ර ලංකා ව්‍යවස්ථාව ගන්න කියලා. ”
          විධායක ජනාධිපතික‍්‍රමයේ ඇති නොවැදගත්කම ගැන තවදුරටත්  ඇන්.ඇම්.මෙසේ ලියයි. ”අවසාන විග‍්‍රහයෙහි වගවීම කියන කාරණයේදී ජනාධිපතිට හැකියාවක් තිබෙනවා ව්‍යවස්ථාදායකයට අණ කරන්න. එය විවේචනය කිරීමේ හෝ එරෙහි වීමේ හැකියාවක් ව්‍යවස්ථා දායකයට නැහැ.’’
          අවසාන වශයෙන් ඇන්. ඇම්. ගේ ඉතාම වැදගත් අනාගත වාක්‍යයක් මම සඳහන් කරන්නට කැමැත්තෙමි. මෙය සිදුවූයේ 1977 මහා මැතිවරණයට දින 10කට පෙර පේරාදෙණිය තානායමේදීය. මමත් විජය වික‍්‍රමරත්නත් ඔහු සමග එදා මධ්‍යම රාති‍්‍රය තෙක් සාකච්ඡුා් කරමින් සිටියේ එළැඹෙන මැතිවරණයේ ප‍්‍රතිඵලය කුමක් වේද කියායි. අපේ අදහස වූයේ රට පුරාම ජේ. ආර්. ජයවර්ධන ජයග‍්‍රහණය කරනු ඇති බවයි. ඔහු දෙනෙත් පියාගෙන මදක් කල්පනා කොට පැවසුවේ  ”ඔබ කියන දෙය ඇත්තක් වුවහොත් ලංකාවේ අවසාන නිදහස් මැතිවරණය මෙය වනු ඇත.”
එ් අනාගත වාක්‍යය ඇත්තක් නොවීද?
ලාල් විජේනායක.
           ගෙවී ගිය ජූනි මාසයේදී ආචාර්ය ඇන්. ඇම්. පෙරේරාගේ එකසිය දහනව උපන් දින සංවත්සරය යෙදී තිබිණ. එ් සම්බන්ධයෙන් අපගේ ලාල් විජේනායක සහෝදරයා පුවත් පතකට ලියූ එන්. එම් ගේ ගුණසුවඳ හඳුනාගත හැකි ලිපියක් පරිශීලනය කරන්නට හැකිවිය. එකී ලිපිය මගේ ශක්ති ප‍්‍රමාණයෙන්  පරිවර්තනය කොට මේ සමග පලකරමි.
        ලංකාවේ ආනුභාව සම්පන්න නායකයන්ගේ පැමිණීම එක්දහස් නවසිය හැත්තෑ ගණන්වලින් පසුව නැත්තටම නැතිවී ගොසිනි.  එසේ එන දේශපාලකයන්ගෙන් සියයට පනහක් මහ පොළොවත් උලා කා සිව් මහ ගංගාවන්හි ජලයත් බී තවත් යමක් කන්ට බොන්නට කට ඇරගෙන ඉන්න බිල්ලන් සමූහයකි.
          එකල බිහිවූ ආනුභාව සම්පන්න නායකයන් අතරින් මගේ ගරු සම්භාවනාවට පත්වන පළමුවැන්නා ඇන්. ඇම් ය. කිසිවකුට අභිබවනය කළ නොහැකි වූ ඔහුගේ පෞරුෂය හා දැනුම කැපවීමේ  හා නිර්භීතකමේ ගැඹුර ඇසුරෙන් ගොඩනැගුණකැයි සිතමි.
         ඇන්. ඇම්. අප දැන හඳුනාගත්තේ අපේ ගැටවර සමයේය. පාසල් යන ගැටවර සමසමාජවාදීන් වූ අපට  ඇන්. ඇම්. යනු කිසිදා  එළිය නොනිවෙන පහන් තරුවක්ම විය. අපේ ගැටවර වියේදී මුණ ගැසුණු මේ ශී‍්‍රමතා අපේ ගැටවර විය ඉක්මවෙන්නටත් පෙරාතුව පරලෝකප‍්‍රාප්ත විය. මිය යන්නට ආසන්නයේත් ඔහු දිවැසිවරයෙකු ලෙස ලංකාවේ අනාගතය ලියා තැබුවේය. එ් 1978 ව්‍යවස්ථාව පිළිබඳ ඔහුගේ වූ අනාගත දැක්මය. 1978 ජේ. ආර්. විසින් ව්‍යවස්ථාව ගෙන ආ ආසන්නයේම ඇන්. ඇම්. මේ පොතද (1978 ව්‍යවස්ථාව පිළිබඳ විවේචනාත්මක විශ්ලේෂණයක්) තුළින් දුටු බියකරු බව වසර 30 ඇවෑමෙනුත් සනාථ වෙමින් පවතී.
1977 මහා මැතිවරණයේදී ජේ. ආර්. ජයවර්ධනගේ ධාන්‍ය රාත්තල් අට, උදා කරන ධර්මිෂ්ට සමාජය ආදි අනේකවිධ බොරු පොරොන්දුවලට රැුවටුණු යටියන්තොට අසරණ ජනයා ආචාර්ය ඇන්. ඇම්. පරදවා කූට ව්‍යාපාරිකයෙකු වූ වින්සන්ට් පෙරේරා දිනවීය. ලංකා පාර්ලිමේන්තුවේ අඳුරු දසාව එළඹියේ ඇන්. ඇම් ද ඇතුළු වාමාංශික නායකයන්ට ඊනියා ජනතාව විසින්ම ඔවුන් මැතිවරණ දේශපාලනයෙන් පිටමං කළ පසුය.
ජීවිතයෙන් අඩ සියවසක් පියමං කළ අප, එන්. එම්. දෑසින් දුටුවේ එස්. එස්.සී පන්තියේ සිටියදීය. එතැන් සිට ගෙවී ගිය දශක තුනේ උපන් දරුවන් අතරින් සමහරු රටේ පාලනයේ ද සිටී. ඔවුන්ට එන්. එම්. ලාගේ ගුණ සුවඳ වත් කියා දෙන්නට කෙනෙක් නැත. කොටින්ම එ් හපන්කම කරන්නට ඔහුම පිහිටවූ ලංකා සම සමාජ පක්ෂයටවත් නොහැකිව තිබේ.

         අප උපුටා දක්වන ලාල් ගැන ද යමක් කිව යුතුය. ඔහු ලංකා සමාජය බිහිකළ ශ්‍රේෂ්ට ලංකා පුත‍්‍රයෙකි. පාලකයන්ගේ දේශපාලනය නොකළ හෙයින් නිල විශිෂ්ටයන්ගේ ගණයට ලාල් නොවැටුනත් විමුක්තිකාමි සමාජය ඔහුගේ විශිෂ්ටත්වය සිය හදවතේ කොටා ගෙන ඇතැයි සිතමි. අපගේ ජීවිතයේදී ලාල් විජේනායක වැන්නෙකු මුණ ගැසීම අපගේ ජීවිත පිරිපහදු කළ වැදගත් හේතුවක් විය. ජීවිතයේ වියපත්ව සිටියත් ඔහු සිය සමස්ථ ජීවිතයම කැප කර ඇත්තේ දුර්ජන දේශපාලනයෙන් ලංකාව මුදවීම සඳහාය. ඔහුගේ අවංක බවට  තර`ගයක් නැත.  ඔහුගේ විදග්ධ බවටද තර`ගයක් ඇතැයි නොසිතමි. එවැන්නෙකු ඇසුරු කරන්නට ලැබීමත් දුලබ වාසනාවක් නොවේද?