Tuesday 5 August 2014

බුද්ධිමය ප‍්‍රජාව අතර සිටි විශිෂ්ටයෙක්

රන්ජිත් අමරසිංහ: 
    බුද්ධිමය ප‍්‍රජාව අතර සිටි විශිෂ්ටයෙක්

           ශී‍්‍ර ලංකාවේ බුද්ධිමය ප‍්‍රජාව අතර සිටි විශිෂ්ට ඝනයේ බුද්ධිමතෙකු සහ සමාජ කි‍්‍රයාකාරිකයෙකු වූ මහාචාර්ය රන්ජිත් අමරසිංහ පසුගිය 27 වන දින අභාවප‍්‍රාප්ත විය. කෙටි කලක් රෝගාතුරව සිටි හෙතෙම අභාවප‍්‍රාප්ත වන විට 73 වන වියේ පසු විය.
          මහාචාර්ය අමරසිංහ හුදු දැනුමෙන් සන්නද්ධ බුද්ධිමතකු පමණක් නොවීය. ලංකාවේ වාර්ගික ගැටලූව  විසඳීම හා මානව හිමිකම් ක්ෂේත‍්‍රයේ වර්ධනයන් උදෙසා කැපී පෙනෙන දායකත්වයක් සැපයූ  වාම පාර්ශ්වයට අයත් සමාජ දේශපාලන කි‍්‍රයාකාරිකයෙකුද විය. ඔහු එ් කැපවීම් උදෙසා පෙරළා පෞද්ගලිකව යමක් බලාපොරොත්තු වූවකුද නොවේ. 1997 සිට 2005 දක්වා සාම කි‍්‍රයාවලියේ හා ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ කි‍්‍රයාවලියේ ජනාධිපති උපදේශකයකු ලෙසද හෙතෙම කි‍්‍රයා කළේය. අනතුරුව ව්‍යවස්ථා අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස ආචාර්ය රන්ජිත් අමරසිංහ මියයනතුරුම සේවය කළේය. මේ සියලූ  කටයුතු සඳහා මහාචාර්ය අමරසිංහයන් සිය බුද්ධිමය දායකත්වය සැපයූයේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම මගින් රටට ඇතිවන යහපත සලකාගෙනය.
           ඔහුගෙන් අධ්‍යාපනය ලද සිසුන් බොහොමයකගේ අදහස වන්නේ මහාචාර්ය අමරසිංහ විශිෂ්ටගනයේ ගුරුවරයෙකු වූ බවයි. ඉගැන්වීමේ දී ඔහු ඉතා විචක්ෂණශීලී ද බැ?රුම්වූද ගුරුවරයෙකු විය. ඔහුගෙන් අධ්‍යාපනය ලද විශිෂ්ටයන් රැුසක් එකී ක්ෂේත‍්‍රයන් තුළ ඉහළම තත්වයක සිටී. මහාචාර්ය එච්.එ්. ද එස්. ගුණසේකර, මහාචාර්ය බුද්ධදාස හේවාවිතරණ, එෆ්. ආර්. ජයසූරිය, ටෝනි රාජරත්නම් වැන්නෝ මහාචාර්ය අමරසිංහගේ ශී‍්‍ර ලාංකීය ආචාර්යවරු වූහ.
        මහාචාර්ය අමරසිංහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පළමු උපාධිය ලත් අතර M.Pill උපාධිය එංගලන්තයේ යෝක් විශ්වවිද්‍යාලයෙන් ද, ආචාර්ය උපාධිය ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන්ද ලබා ගත්තේය. ඔහුගේ පීඑච්ඞී උපාධිය ලබාගැනීම උදෙසා ඉදිරිපත් කළ තීසිසය වූයේ ‘Revolutionary Idealism and Parlimentary Politics - A Study of Trotskyism in Sri Lanka'  . කෘතියයි.
          පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශාධිපති (1998-2008) ශාස්ත‍්‍ර පීඨාධිපති (2003-2006) වශයෙන්ද කටයුතු කර ඇත.
          මහාචාර්ය රංජිත් අමරසිංහ පිළිකා රෝගයට ගොදුරුව රෝහල් ගත වූ පසුගිය සතිය දක්වාම තමන් විශ්වාස කළ යහපත් දේශපාලන හා සමාජ අරමුණු උදෙසා බලවත් සේ කැපවිය. ඔහුගේ අඩුව පිරවීම උදෙසා තවත් කෙනෙකු සොයා ගැනීමට නොහැකි තරමටම ඔහුගේ අතීත සේවාව විශිෂ්ට වූ බව ඔහුගේ එක් ගමන් සගයකු වූ ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න අප සමග පැවසීය.
         1997 සිටම මහාචාර්ය අමරසිංහ සමීපව ඇසුරු කිරීමේ භාග්‍යය අප වෙත ලැබුණි. එමගින් හඳුනා ගත් ඔහුගේ පුද්ගල විශිෂ්ටතාවයන් අපගේ ජීවිතවලට ඇතුලත් කර ගත හැකි නම් කොතරම් හෙඳ දැයි මට සිතිනි.
මහාචාර්ය රංජිත් අමරසිංහයන්ට අපගේ ප‍්‍රණාමය පුදකරමු.
                                                                             චන්ද්‍රරත්න බණ්ඩාර

1 comment:

  1. ඉතාම හොඳ ලිපියක්.මහාචාර්ය රංජිත් අමරසිංහයන් ගැන ලංකාවෙ මාධ්‍ය කතා කළා කොහෙත්ම සෑහෙන්නෙ නෑ.ශාස්ත්‍රීය හා බුද්ධිමය පදනමක් ඇතැයි අපි විශ්වාස කරන ජනමාධ්‍ය පවා එතුමාගේ අභාවය පිළිබඳ නෑසූකන්ව හිටියා. ඒකට එක හේතුවක් වුණේ මහාචාර්ය අමරසිංහයන් සැබෑ අව්‍යාජ බුද්ධිමතකු මිස මීඩිය‍ා උගතෙක් වෙන්ඩ උත්සාහ නොකළ නිසා. ඉතා අපහසුවෙන් කැමැත්ත රැගෙන, ඔහු සමග පුවත්පත් සම්මුඛ සාකච්ඡා කිහිපයක්ම කර ඇති මා හට ඒ පිළිබඳ පෞද්ගලික අත් දැකීම් තියෙනවා.මාධ්‍ය පස්සෙ ගිහින් සම්මුඛ සාකච්ඡා දාගන්න පිරිස් අතර ඔහු ගේ වෙනස කැපී පෙණුනා.

    මවිසින් කරන ලද සම්මුඛ සාකච්ඡා කිහිපයක සබැඳි පහත වේ.

    http://ravayanews.wordpress.com/2013/01/13/%E0%B6%B6%E0%B6%A2%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A-%E0%B6%91%E0%B6%9A%E0%B7%9A-%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%92-%E0%B7%80%E0%B6%9C%E0%B7%9A-%E0%B6%BB%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B4/#more-1569

    http://boondionline.blogspot.com/2011/09/sookiri_19.html

    http://www.mawbima.lk/86-9912-news-detail.html

    ReplyDelete