Thursday 11 September 2014

රාජිත ඇමතිවරයාට කල කම් පල දෙන හැටි



               රාජපක්ෂ වරිග සභාව විසින් සිය වරිගයේ යහපත තකා මුදාහැර ඇති බොදු බල සේනාව ලංකාවේ අස්සක් මුල්ලක් නෑර සිය ප‍්‍රචංඩත්වය මුදා හරිමින් සිටී. ඔවුන්ගේ නොහොබිනාකම් වලින් ගැලවී සිටීමට ලංකාවේ ඇමති මණ්ඩලයට පවා බැරිය.

           රාජිත සේනාරත්න ඇමතිවරයා බොදු බල සේනාවේ ප‍්‍රහාරයට ගොදුරුවී සිටින ලොකුම කැබිනට් සාමාජිකයාය. ඔහුට අද සිය ආරක්ෂාව පතා අධිකරණයේ පිහිට පැතීමට සිදුව තිබේ. එහෙත් රාජපක්ෂ රෙජීමයට රෙදි නැතිව කඬේ යමින් නීති විරෝධීව හා ආචාර ධර්ම විරෝධීව අග‍්‍ර විනිශ්චකාරිනී ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ඉවත් කරන ලද පාර්ලිමේන්තු විනිශ්චය සභාවේ විනිසුරුවරයෙකු ලෙස එදා හිරිකිතයක් නැතිව රාජිත පෙනී සිටියේය. එදා ඔහුද සහභාගිත්වයෙන් ඒ කල ඓතිහාසික අපරාධය හරහා අධිකරණ ක‍්‍රමයේ ඉතිරිව තිබුණු ස්වාධීනත්වයේ ප‍්‍රාණ පොදද ඉවත් කෙරිණි.

            අද ඇත්තේ රෙජීමයට අවෂ්‍ය නම් නඩු දිනවන හෝ පරදවන අධිකරණ ක‍්‍රමයකි. දෛවයේ කුරිරු සරදමක් ලෙස රාජිතට සහනය පතා යන්නට සිදුව ඇත්තේ එවන් අධිකරණයක් ඉදිරියටය. රාජපක්ෂ වරිග සභාව මුදා හැර ඇති දඩ බල්ලන්ට එරෙහිව අධිකරණය කි‍්‍රයා නොකරන බව අපට වඩා හොඳට රාජිත ඇමතිවරයා නොදන්නවා විය නොහැකිය. බුදු සමයේ දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියන්නේ ඔයාකාරයට මේ ආත්මයේදී පටිසන් දෙන පාප කර්ම වලටය. ඒ කෙසේ වෙතත් රාජිතට ජය අත්වේවා යයි අපි දෙවියන්ට බාර හාර වෙමු.

1 comment:

  1. අපි හිතාගෙන ඉන්නවා ඇමතිවරුන්ට මොනවහරි කරන්න ඕනි වෙලා කියලා..ඇත්තටම එහෙම දෙයක් නැහැ මම හිත්නනෙ. ඔවුන්ට තියෙන්නෙ හොදින් හෝ නරකින් ජනප්‍රිය වීමේ දැඩි උවමනාව විතරයි..

    ReplyDelete