Tuesday 16 September 2014

වතුර බෝතලයත් හිලව්වට





          ඌව වෙල්ලස්සේ මිනිස්සුන්ට ගස්වල පොතු කකා වතුර බිබී ජීවත් වන්නට සිදුවූ අතීතයක් තිබිණි. ඒ 1818 කැරැුල්ලට ඔවුන් සහයෝගය දුන් නිසාවෙනි.එතෙක් ඔවුන් ගොවිතැනට හුරු එමගින් බත බුලත සපයාගත් උත්සාහවන්ත මිනිසුන්ව සිටියෝය. ප්‍රෞඩ සිංහලයන්ගේ අතීත කතාව ලියන විට පටන් ගන්නේම ඌව වෙල්ලස්සෙනි. ඒ ඔවුන් කොන්ද කෙලින් තබාගත් ජනතාවක් වූ නිසාය.

         එහෙව් සිංහලයන්ට සුද්දන්වත් අපහාස කළේ නැත. ඔවුන් කළේ තමන්ට හතුරු වූ ඒ ජන කොටස මර්දනය කිරීමය.

          එහෙත් අද රට කරවන පාලක වරිග සභාව  ඒ උදාර සිංහලයන්ට කරන නින්දාව මේ සමග ඇති පිංතූරයෙන් තේරුම්ගත හැකිය. පිපාසයට පැන් පොදක් දෙන විට සතුරු මිතුරුකම්වත් , කුල මලවත් බලන සිරිතක් මනුස්සයන්ට නැත. දෙන වතුර ටිකට හිලව්වට කිසි දෙයක් ඉල්ලන සිරිතක් මනුස්සයන් අතර නැත. පස මිතුරු සේනා දෙකක වුනත් පිපාසයට වතුර හුවමාරු කර ගැනීම යුද්ධය තුල වුවද කි‍්‍රයාත්මක මන්ස්ස ගුණාංගයකි.

           මේ පිංතූරයේ සිටින තැනැත්තා ඌව පළාතේ මහ ඇමති අපේක්ෂකයාය. ඒ මදිවාට කතරගම දේවාලයේ භාරකාරවරයාය. අතීතයේ නම් ඔවැනි තනතුරුවලට පත්වූවෝ යහ ගුණ පිරි, පංච ශීලය රකින, වැදගත් ප‍්‍රභූවරුය. එහෙත් මොහු පිපාසයට දෙන වතුර බෝතලයේ හිලව්වට ඡුන්දය ඉල්ලන්නෙකි. එවැන්නෙකු මහජන නියෝජිතයන් අතර සිටීම පමණක් නොව මිනිසෙක්ව සිටීමත් පුදුමයකි.

     ඡුන්ද ලකුණ හා මනාප අංකය යෙ¥ සිල් රෙදි 18000ක් මොනරාගල හා බදුල්ල දිස්ති‍්‍රක්කයේ බෙදා ඇති බව කියන්නේ මැතිවරණ කොමසාරිස්වරයාමය. සිල් රෙද්දක් පූජාකර රජකම බලාපොරොත්තුවන මොවුන්ගෙන් වැදගත් ශීලාචාර දෙයක් බලාපොරොත්තු විය හැකිද? බොදු බල සේනාව, රාවණා බලය, සිංහල රාවය,සිවුරු උස්සාගෙන කෑ ගැසිය යුත්තේ මොවුනට විරුද්ධව මිස වෙනත් අසරණුන්ට විරුද්ධව නොවේ. 

2 comments:

  1. ඇත්තටම කතරගම දේවාලෙ බස්නායක නිලමේ ඔ්‍ය තරම් වැරදි කරනවා නම් කතරගම දෙයියො ඇයි ඒ දිහා කිසිම හැල හොල්මනක් නැතුව බලාන ඉන්නෙ? මං හිතන්නෙ කතරගම දෙයියො විශ්‍රාම ගිහින් වගේ.

    ReplyDelete
  2. කතරගමදෙයියො විශ්‍රාම ගිහින් හුඟක් කල්. නැත්නම් මේ ගොබ්බයින්ට මෙචචර සෙල්ලම් දාන්න පුලුවන්ද?
    ලංකාවෙ තියෙන දූෂිතම ස්ථානයක් තමයි කතරගම දේවාලය.

    ReplyDelete