Thursday 20 November 2014

කාල නදි ගලා බසී ; තණ්ඩලේ සමග එම පාරුවේ මමද සිටියෙමි.

 
 
 

                කාල නදී ගලා බසී ඇතුළු ස්වර්ණ පුස්තක අවසන් පූර්ව වටයට තේරුණු පොත් සියල්ලම මා අසල ඇත. විචාර බුද්ධියක් සහිත මිතුරෙකුගේ රෙකමදාරුව මත නෝබට් අයගමගේ ගේ ‘කාල නදී ගලා බසී’ නවකතාව මම මුලින් කියව්වෙමි. මගේ මිතුරාගේ අදහස වූයේ ඇඞ්වෙන්චර් කථා ගණයට වැටෙන රමණීය නවකථාවක් ලෙස කාල නදී හැඳින්විය හැකි බවයි.
               දැන් හොඳ නවකතා ලියවෙන්නේ නැතැයි ඉතා රළු පරලූ කතා කියන ගුණදාස අමරසේකරගෙන් මම ඉල්ලා සිටින්නේ  කාල නදී කියවා බලන ලෙසයි. එන්.ජී.ඔ් අරමුණු ඇතුළු එතුමා නගන එකදු චෝදනාවක් වත් ‘කාල නදී ගලා බසී’ අරබයා දමා ගැසීම කළ නොහැකි යයි එහිදී ඔහුට වැටහෙනු නිසැකය.
කාල නදී ගලා බසී කියවා දවස් දෙක තුනක්ම නවකථා කියවීමෙන් වැළකී සිටින්නට අදහස් කර සිටිමි. එ් කාල නදී තුළින් මැවුණු අපූර්ව චමත්කාරයේ සුවදායක ආශ්වාදය නිමා කර ගන්නට මගේ ඇති අකමැත්ත නිසාය. කාල නදී ගලා බසී නවකතාව සැබැවින්ම මිනිසත් බවේ රමණීය බිම් පෙදෙස් හා දුක්ඛදායි ඉරණම් හෙළි පෙහෙළි කරන නවකතාවකි. ජීවිතේ කිසිදු දවසක කළු ගඟ හා ඇසුරක් නොතිබුණු මට තවමත් හැෙඟන්නේ තණ්ඩලේ හා වීරියවන්ත සාදිරිස් කොළුවා හා නිරීක්ෂකයෙකු ලෙස එකී පාරු ගමන්වලට මමද සහභාගි වූ බවකි. හරියට බඹරු ඇවිත් චිත‍්‍රපටයේ වීරසේන මෙනි.
               සියලූ යහ ගුණ දරන, සියලූ වීරියවන්තකම් දරන, සියලූ හැකියාවන් දරන අපරාජිත මිනිසුන් ලොව බිහිවන්නේ නැති වුවත් එවැනි මිනිසුන් ගණනාවකගේ එක් සංකේතාත්මක චරිතයක් නිර්මාණකරුවාට බිහි කළ හැකි ය. එවැනි චරිත සහිත කතා වීර කථා ගණයේ ලා සැලකිය හැකිය. එවන් චරිතයක් ඔස්සේද සමාජයේ ඉම් පෙදෙස් දෙස බැලූම් හෙළිය හැකි ය. සාදිරිස් හා තණ්ඩලේ යන දෙදෙනාම එකී ආකාර අපරාජිත මිනිසුන් දෙදෙනෙකි.
            මානව බැඳියාවන් කෙරේ පේ‍්‍රම කිරීමටත් එ්වායේ ඇති බන්ධනයන්ගේ යථාව හඳුනා ගැනීමටත් සමත් කෘතියක් යනු උසස් ගණයේ සාහිත්‍ය කෘතියකි. එවැනි කෘතියක් ආශ්වාදනීය කියවීමක් කළ හැකිනම් එයද උසස් ලක්ෂණයකි.
           සාදිරිස්ගේ දුරස්ත සැබෑ පියා අපට මුණ නොගස්වයි. ඔහුගේ ගුණයක් හෝ දුර්ගුණයන් ගැන කතුවරයා සඳහන් නොකරයි. එහෙත් මිනිසාගේ සුපුෂ්පිත ජීවිතයට හතුරු සමාජ වටාපිටාවක පීඩිත මිනිසෙකුගේ ඉරණමේ දෙකට දෙවාරුවට හසුවූ එ් දුරස්ත පියා දැකීමේ කවුලූ දොරවල් කිහිපයක් කතුවරයා අපට හැර තබයි. එය මෙකී නවකතාවේ ශූර ප‍්‍රතිපාදනයක් බව මගේ හඳුනා ගැනීමයි.
          හොඳ නරක පිළිබඳ කාල අනුරූපී සිතීමක් අපට ඇත. එදා යහපත රජයන ගමක් තිබුණි. එය අද නැත. මේ ප‍්‍රවාදය නම් අමූලික බොරුවකි. මේ නම් කාලයට අනුව සිදුවන වෙනසක් නොවේ. සමාජ වටාපිටාව එයට පිටුබලවූ සමාජ ක‍්‍රමයේ ගැටලූ පමණකි. ගලපාත වීරකෝන් මුදලිතුමා මෙන්ම අකුරැුස්සේ ප‍්‍රාදේශීය සභාවේ සභාපති තුමාත්, තංගල්ල ප‍්‍රාදේශීය සභාපතිත් ස්ති‍්‍ර ¥ෂකයෝය. කාල වකවානු දෙකක ජීවත් වූ එ් තුන්පලට එ් සඳහා අවශ්‍ය ආනුභාවය ලැබුණේ පාලකයන්ගෙනි. පාලන රටාවෙනි. කහවත්තේ මිනීමැරුම්  අද සිදු වූවත්, කුමනේරිස්ලා එදා මිනී මැරුවත් එ් සියල්ලම සිදුවන්නෙ සමාජ තෙරපුමක බලපෑමෙනි. එදා ස්තී‍්‍රහුද, අද ස්ත‍්‍රීහුද ත‍්‍රාඩ පිරිමින්ගේ අඩන්තේට්ටම්වලට ලක් වෙති. ලාභ දෙගුණ තෙගුණ කර ගැනීමට ව්‍යාපාරිකයෝ එදා මෙන්ම අදත් ලද හැම අවස්ථාවක්ම පැහැර නොහරිති. කුඩු සමන්ලා වම්බොට්ටලාගේ අද චණ්ඩි පාට්වලට අසරණයෝ බිලිවන විට ඔවුන්ගේ පූර්වගාමියෝ වූයේ කර්තේලිස්ලාය.
         නෝබට් අයගමගේ නිර්මාණය කරන්නේ මීට සියවසකට සමාසන්න කාලයේ සමාජ වටාපිටාවය. එහි ගලා යන අවම, මධ්‍යම හා උත්තරීතර මට්ටමේ පේ‍්‍රම දහරාවන්ය. මනුස්සකම් හා අමනුස්සකම්වල හැටි සොබාවය. දයාව කරුණාව ගලන උල්පත්වල පිවිතුරු ලස්සණය. කොටින්ම මේ සියල්ලේ එකතුව වූ ජීවිතයය. එහෙත් අප එය කියවන්නේ අද එ් සියල්ල පිළිබඳ අත්විඳින යථාවේ පවුරු පදනම් මත ඉඳගෙනය. හිටගෙනය. අතීතයේ හා වර්තමානයේ සම්ප‍්‍රයුක්තය තුළින් බෙහෙවින් පෝෂිත යථාර්ථයක් අපට අවධාරණය කළ හැකිය. යහපත් කලා කෘතියක් යනු එවැනි යථාර්ත සම්පාදනයක් සපයන්නකි. කාල නදී ගලා බසී එවැන්නකි.
         පරිසර වර්ණනයේදීත්, ලෙන්ගතුකම් උද්වහනය වන අයුරු වර්ණනයේදීත් අයගමගේ සතු අනන්‍යතාවක් තිබේ. ඔහුටම සුවිශේෂී ගැඹුරක් තිබේ. මං තවමත් තණ්ඩලේ හා සාදිරිස් සමග කළුගෙඟ් නිම්න හා ගල්පර අතරින් ඇදී යන පාරුවේ සිටින්නේ එහෙයිනි. පේ‍්‍රම කළ හැකි හැම ස්ති‍්‍රයකටම ආශක්ත වීම පෘතග්ජන මිනිසාගේ  ගති ලක්ෂණයකි. සාදිරිස්ටද මේ යථාව පොදුය. ඔහු මැගිලින් හා මධ්‍යම ප‍්‍රමාණයේ පේ‍්‍රමයක වෙලේ. එය මැගිලින්ද නොදනී. එහෙත් සාදිරිස්ගේ ජීවිතය පුරා සිහින් සිනිදු සළුවක් සේ එකී පේ‍්‍රමය එති එතී තිබේ. පැණිගල දියණිය හා සාදිරිස් බැඳෙන්නේ ඇතිව නැතිව යන අවම පේ‍්‍රමයකිනි. එහෙත් සැලී නෝනා හා සිසිලියානා සංසාරගත පාරුවේ හබල් දෙකය. පළමු ආකර්ෂණය, එ් ඔස්සේ උපදින පේ‍්‍රමය තමන්ට ගැළපෙන උසස් හා පහත් නැති පවුලක් වීම පවුලක් පන්සලක් වී පිළිවෙලක්වීමේ සම්ප‍්‍රදායික අදහස් දරුමල්ලන් හදන තම අණසකට යටත් සම්ප‍්‍රදායික බිරිඳක්වීම සැලී නෝනාගෙ පේ‍්‍රමයේ ආරම්භය හා අන්තය නිරූපණය කරයි. සාදිරිස්ගේ යශෝදරාවතේ හරි අඩක් හිමි එකී සැලී නෝනාටය.
සාදිරිස්ගේ යසෝදරාවතේ ඉතිරි අඩ හිමි සිසිලියානාටය. කාල නදී නවකතාවේ උපුටා දක්වන වදරින් හයිට්ස් නවකතාවේ කුලීන යුවතිය ඇයය. යශෝධරා බෝධිසත්වයන් කෙරේ වූ තෙත බරිත පේ‍්‍ර්මය අයත් සිසිලියානාටය. පරිත්‍යාගශීලිනිය ඇයයි. සැලී නෝනා නොවේ. සිසිලියානාගේ තුංග පයෝධර සැලී නෝනාගේ පයෝධරවලට වඩා බරින් වැඩිය. පාලනය කළ නොහැකි අවස්ථාවක පූර්ණ පේ‍්‍රමයෙන්ද පූර්ණ එළඹුමකින්ද ගලා හැලෙන දිය දහරාවක් අසල වන මලින් ගැවසී ගත් වනමල් ගොමුවක සාදිරිස් සිසිලියානාගේ තුඟු විසිතුරු සිරුර මත ලැග්ගත් එවේලෙහි රජයන සමාජ තතු මිනිසාගේ පරම ආශ්වාදයට එරෙහිය. එවැනි සමාජයක ් ගින්දර කෑවොත් අඟුරු වමනය කළ යුතු’ තතු යටතේ සාදිරිස්ගේ ගැල පැදවෙන්නේ  සැලී නෝනා වෙතය. ආණ්ඩුකාරයාගේද මිතුරෙකු වන ධන කුවේර ලූවිස්  අප්පුගේ දියණිය වෙත නොව පෝරණුකාර සාමෙල්ගේ දියණිය වෙතය.
        මා මීට වසර අවුරුදු විසිතුනකට පෙර පියදාස රන්පත්විලගේ පළමු නවකතාව වූ ‘දියට හඬන කෑදැත්තෝ’ නැමති නවකථාව කියවීමි. මගේ ‘මෙරු’ නවකතාවද ඇතුළත් වූ විජයවර්ධන ත්‍යාග තරගයේ ජයග‍්‍රාහි නවකතාව වූයේ දියට හඬන කෑදැත්තෝය. අයගමගේගේ  කාල නදී ගලා බසී කියවන විට මට දියට හඬන කෑදැත්තෝ මතකයට නැගුනි. කාලනදී ගලාබසී මෙන්ම දියට හඬන කෑදැත්තෝ ද නිශ්චිත භූගෝලීය කලාපයක රුව ගුණ වරුණ නිරූපණය කෙරුණු නවකතාවකි. කාලය වශයෙන් සමානයයි සිතේ. වියළි කලාපයේ පරිසර හා සමාජ යථාර්ථය දැක්වීමේ සමත්කමේදී රන්පත්විල බෙහෙවින් අයගමගේට සමානයයි මට සිතේ. එහෙත් එ් කෘතිදෙක එකිනෙකින් නිර්මාණාභාෂය ලබා නොමැති බව නම් සහතිකය. සංවේදීව හා නිර්මාණාත්මකව තම නිජ පරිසරය දෙස බලන විට වෙනත් පරිසර තුළින් වුවද අපට  හමුවන්නේ සමාන සුඛ දුක්ඛ වේදනාවන්ය. දියට හඬන කෑදැත්තන්හි  පී‍්‍රමන් නැමති යුරෝපීය ජාතිකයාත්, ‘කාල නදී ගලා බසී, හි තන්ඩලේ නැමති ස්වදේශිකයාත් මුහුණ දෙන්නේ සමාන ජීවන සමාජ අරගලයකටය.
‘අපි නීතියෙන් සහ කයින් කවරෙකු හා බැඳී සිටියද, අපි ආත්මගතව බැඳී සිටිනුයේ ඔවුන් සමගද? නොඑසේ නම් ජීවිතයේ යම් තැනකදී අප අතින් ගිලිහී ගිය, එහෙත් හදවතේ ගැඹුරුම පත්ලේ සදා කාලික කඳුළක් වී කකියන, රිදුම් දෙවන අපට අහිමි සෙනෙහසක් සමග ද?
‘මගෙ දෙයියො ඔයා ජීවත් වෙන්න  ඕනෙ. මගේ පණ දීලා හරි මං ඔයාව ජීවත් කර ගන්නවා’ සාදිරිස්ගේ මුහුණේ සිහින් සිනා රැුල්ලක් නැගුනේය.
‘සාමාන්‍යයෙන් ඇතැම් නර්ස් නෝනලාට රෝහල්වලදී බොහෝ දේ ඇසෙනු නැත. විශේෂයෙන්ම රෝගීන්ගේ කෙඳිරිලි ඇසෙන්නේ නැත. එහෙත්, එ් වෙලාවේ  සාදිරිස්ගේ ඇඳ අසල හුන් තරුණ හෙදියට සිසිලියානා,  සාදිරිස්ට තෙපලූ වදන් ඇසින. රූමත් නව යොවුන් හෙදිය ඔවුන් දෙදෙනා දෙස අසීමිත වූ දයාර්ද්‍ර ස්නේහයකින් සිනාසිසී බලා සිටියා ය.’
        අපේ රටේ පේ‍්‍රමයට කාල වකවානු නියම කරගෙන තිබේ. තරුණ වියෙන් ඔබ්බේ වන පේ‍්‍රමය අශිෂ්ටය. එය ගලා යාමට ඇති වාං දොරටු වසා දැමිය යුතුය. නැතහොත් සමාජ දේහය කිලිටි වෙයි. එහෙත් නෝබට් අයගමගේ වීරයන් දෙදෙනෙකු පෙරටුවේ තබාගෙන කෙරෙන මෙම නිර්මාණ රචනාවේ එ් වාං දොරටුව ඇරගෙන තමාම එ් අසල සිටගෙන සිටී. එය නිර්භීත ව්‍යායාමයකි.
       මේ ඇගයීම ලියවුණේ ‘කාල ලදී ගලා බසී’ නවකථාව කියවා රසවිඳීමේ දිගුවක් ලෙසිනි. විඳි චමත්කාරයේ සටහනක් ලෙසිනි. ඇතැම් විට රසික මා අරබයාම ලියාගත් සටහනකි. විචාරකයකුට මෙහි ඇති දොසුත් දකින හැකිවනු ඇත. එහෙත්  මට අවශ්‍ය වූයේ මා ලැබූ වින්දනයට හා චමත්කාරයට සාධාරණය ඉෂ්ට කරන්නටය.
චන්ද්‍රරත්න බණ්ඩාර

1 comment:

  1. Kanchana Priyakantha25 November 2014 at 09:37

    well written and agree with this review

    ReplyDelete