Tuesday, 29 December 2015

සුළං රොදකට වාරු වී............

ශී‍්‍රලාල් ෆොන්සේකා විසින් ගායනා කරන ලද මේ ගීතය මා රචනා කළේ ඔහු හා අනුෂා ජයසුන්දර ටොරොන්ටෝ නුවර දී ගිය වසරේ ගිම්හාන සමයේ ඉදිරිපත් කළ ”ගී අරුන්දතී’ ප‍්‍රසංගය සඳහායි. මෙහි තනුව හා සංගීතය විශාරද මානෙල් ධර්මකීර්තිගෙනි. ශී‍්‍රලාල් බැ?රුම් ලෙස සංගීත විෂය දෙස බලන්නෙකු ලෙස මම හඳුනාගෙන සිටිමි.  ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙකුව සිටි සමයේ විමුක්ති ගී ප‍්‍රසංගයටද දායක වී ඇත. ඔහුගේ සංගීත ජීවිතය සරු සාර වේවා යනු මගේ පැතුමයි.

Sunday, 27 December 2015

2015-12-20 සත්හඩ කොලම -සුහද කොකා නැරඹූ එකේ..........

 
 

         පසුගිය දිනෙක ජනාධිපතිතුමා අගමැතිතුමා ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලයට දැක බලා ගැනීම සඳහා ‘සුහද කොකා’ චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය කළේය. එවන් සාතිශය වැදගත් අවස්ථාවක් උදෙසා එවැනි චිත‍්‍රපටයක් තෝරා ගැනීමත් අප පසු කරන දේශපාලන මොහොතේ හැඩ රුව වටහා ගැනීමට ලැබුණු අගනා අවස්ථාවකි. ‘සුහද කොකා’ චිත‍්‍රපටය නිෂ්පාදකයන්ගේ අරමුණු සාක්ෂාත් කරගත් සරල විනෝදාස්වාද චිත‍්‍රපටයකි. එහි විකටයන් වන්නේ වර්තමාන දේශපාලන නියෝජනයේ චරිත හා ඒ වටා සිටින හෙංචයියන් කැලකි. චිත‍්‍රපටය නැරඹූ බොහෝ දෙනාද එකී ප‍්‍රධාන හා උප ප‍්‍රධාන චරිත නිරූපණයන්ගේ සැබෑ භූමිකා රඟන්නෝ වෙති. ටක්කෙටම කිව හැක්කේ මේ සහභාගි වූ ප‍්‍රභූ සමූහයා කිසිදු කම්පනයක් නොමැතිව චිත‍්‍රපටයේ තිබුණු විහිළුවලට සිනාසුනු බවයි. චිත‍්‍රපටයේ මතුපිටින් හෝ දැක්වෙන සැබෑ තත්වයට කම්පිත චිය හැකි සමාජ හෘද සාක්සිය අපගේ ප‍්‍රධාන ධාරාවේ දේශපාලනඥයන් අහිමි කරගෙන බොහෝ කල්ය. අනෙක් අතට ‘සුහද කොකා’ චිත‍්‍රපටයට ඊට එහා ගිය බරපතළ කම්පනයක් ඇති කිරීමට තරම් සමත් සිනමා භාවිතාවක් ඇත්තේ ද නැත.
          ජනවාරි 8 වන දා සිදු වූ සමාජ පෙරළිය ඇසුරෙන් බලයට පත් වූ වර්තමාන ආණ්ඩුව බැ?රුම් එකක් වෙනු ඇතැයි ජනතාව බලාපොරොත්තු විය. ඒ සඳහා වූ ජනරැුල්ල සැදුම් ලද්දේ එක්තරා ආකාරයකට සරල විලම්බීත හා මාරාන්තිකව ගෙවී ගිය දේශපාලන අත්තනෝමතිකත්වයක් පිළිබඳ විරෝධයකින් අවුලූවා ගත් හෘද සාක්ෂියක් සහිත මිනිසුන්ගෙනි.
        ඒ නව සමාජ උන්නතිය පන පෙවිය යුතු දේශපාලනඥයෝ නැරඹිය යුත්තේත් ඔවුන්ට පෙන්විය යුත්තේත් ‘ලින්කන්’ ‘සල්මා’ වැනි අතිශය ආනුභාව සම්පන්න ජාත්‍යන්තර ගනයේ දේශපාලන චිත‍්‍රපට සහ සුගතපාල ද සිල්වාගේ  ‘මරාසාද් ’ කලකට ඉහත නිෂ්පාදනය වී යළිත් වරක් නැවත නිෂ්පාදනය වන ‘සොක‍්‍රටීස්’ වැනි නාට්‍යයන්ය.
       තමන්ගේ රටේත් ලෝකයේත් අනාගතය තුන් කල් දැන අවශ්‍ය ප‍්‍රමාණයට දැඩි වෙමින් ද අවශ්‍ය ප‍්‍රමාණයට මුදු මොළොක් වෙමින් ද තීන්දු තීරණ ගන්නා ලින්කන් වැනි දේශපාලන චරිත පාදක කරගත් අත්පොත් බඳු කලා කෘතිය. ඇමරිකානු සිවිල් යුද්ධයේ දී දැඩිව කි‍්‍රයා කරන ඒබ‍්‍රහම් ලින්කන් මානුෂ අයිතිවාසිකම් හා ඇමරිකානුවන්ගේ ශිෂ්ටාචාරවත් බවට එරෙහිවන වහල් ක‍්‍රමය අහෝසි කිරීමට සිය දිවි පරදුවට තබමින් කි‍්‍රයා කරයි. එක් අතකින් බැලූ විට එක විට එකිනෙකට පටහැනි කි‍්‍රයාන්විත දෙකක් මෙහෙයවන ලින්කන් (සිවිල් යුද්ධය පරාජය කිරීම හා වහල් මෙහෙය අහෝසි කිරීම* ඒ දෙකම කරන්නේ රටේ අනාගතය ගැන සිතමිනි. ලින්කන්ගේ බිරිඳ කෙන්ටකි පළාතේ වහල් හිමි පරපුරක සාමාජිකාවක වුවත් බිරිඳගෙන් කවර කෙනහිලි පැමිණියත් ඒවා නොසලකා හැර රට වෙනුවෙන් කළයුත්ත කරයි. එවැනි මහෝත්තමයෝ සිටි බවවත් ඇතැම් දේශපාලනඥයෝ නොදනිති.  වාසනාවකට වත්මන් ජනාධිපතිතුමා හා අගමැතිතුමා නම් එවැනි මහෝත්තමයන් ගැන හොඳාකාරව දනිති.
       ශී‍්‍ර ලංකාවේ ගෙවී ගිය දේශපාලන යුගයන්හිදී දේශපාලනඥයකුට තිබිය යුතු අත්‍යාවශ්‍ය ආචාර ධර්ම හා පරාර්ථකාරී කැපවීම මුළුමනින් ම පාහේ අහෝසි වී ගියේය. හරියට සොක‍්‍රටීස් නාට්‍යයේ සොක‍්‍රටීස් මුහුණ දුන්නා වූ මේ තත්ත්වය මෙනි.
       සොක‍්‍රටීස් ථ‘ඔබ සමහර විට දන්නවා ඇති මා එක් වතාවත් මේ නගරයේ විධායක තනතුර දරුවා. ඒ තමයි මා දැරූ එකම එක තනතුර. ඇතන්ස් නුවර මහා අද්මිරාල්වරුන්ගේ ¥ෂණ කටයුතු වධ හිංසා ගැන මට පැමිණිලි වගයක් විභාග කරන්න සිද්ධ වුණා. ඒ වගේම සිද්ධ වුණේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නාමයෙන් (සිනාසී* ඒත්... මට මේ කියන ප‍්‍රජාතන්ත‍්‍රවාදය මහා වධයක් වුණා. මහා අද්මිරාල්වරු මිනීමරුවෝ බව ඔප්පු කරන්න මා සැරසුණාම උන්ගිහිල්ලා කුමන්ත‍්‍රණය කරලා මට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් සම්මත කරල මාව විධායක තනතුරින් පහ කරලා දැම්මා.
        මේ අප පසුකළ හා පසු කරමින් සිටින  දේශපාලන මොහොත නොවේද? දේශපාලනය විසින් නැතිභංගස්තාන කර දැමුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇතුළු එහි අනුශාංගික අංග බොහොමයකි. එමෙන්ම දේශපාලනඥයන් විසින්ම ස්ථාපිත කරන ලද දරුණු ගණයේ ප‍්‍රමිතීන් ද බොහොමයකි. බලය යොදා ස්ථාපිත කරන ලද මෙම අයුක්ති සහගත  ප‍්‍රමිතීන් ගැඹුරින් විභාග කරන බුද්ධිමය සංසදයන් සංස්කෘතික බලමුලූ ප‍්‍රමාණවත් තරමට ප‍්‍රාණවත් නැත.
        සොක‍්‍රටීස් සමාජයට කියන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හිතකර වන්නා වූ නව ඥානාලෝකයන් නව සංවාද මණ්ඩපයන් තනාගන්නා ලෙසයි. අයුක්තියට හා අසාධාරණයට එරෙහිවන පුරවැසි මනෝභාවයක් තනා ගන්නා ලෙසයි.
         සොක‍්‍රටීස් යුද්ධය ගැන මෙසේ කියයි. ‘මා කල්පනා කර ඇති අන්දමට යුද්ධය කියන්නේ ජාවාරමක්. ව්‍යාපාරයක්, ධනය එක් පැත්තකට එක් රැුස් කර ගැනීමට ගෙන යන පීඩාකාරී බලපෑමක් - කයට මුල් තැන දෙන මිනිස්සු එකම වර්ගයක යුද්ධයට ආසයි. ඒ මිනිස්සු යුද්ධයෙන් බලාපොරොත්තු වෙන්නේ අසීමිත සැප සම්පත් භුක්ති විඳීම පුද්ගලික සුඛ විහරණ සාද සංග‍්‍රහ.’
    මේ අප පසු කළ යථාර්ථය නොවේද?
        පාර්ලිමේන්තුවට පමණක් නොව ඊට පහළ ආයතනවලට පවා පත්ව එන මහජන නියෝජිතයෝ පැහැපත්ව කඳ බඩ ආරන්නේ ඔවුන්ගේ කය - මනස සතුටින් තිබෙන නිසාය. ඔවුන් සුඛිත මුදිත වෙද්දී රටට සිදුවූයේ කුමක්ද? එහෙත් අංක එකේ ධනවාදී ඇමරිකාවේ ජනාධිපති බරක් ඔබාමා ගේ කඳබඩ  මෝරාද නැත. මුහුණේ සතුටක්ද නැත. ඇත්තේ බුද්ධිමත් බැ?රුම් කමකි. ඔහුට ලැබූ තනතුරට සාපේක්ෂව ඔහු මහන්සි වී වැඩ කළ යුතුය. ඇමෙරිකානු සම්ප‍්‍රදාය රැුකිය යුතුය. මේ සියවසේ අවසානය දක්වාම යහපත් රටක් වශයෙන් පැවතීමට කටයුතු සම්පාදනය කළ යුතුය. ඒ නිසා ඔහුට අවශ්‍ය වන්නේ ඒ සා බැ?රුම් කටයුතුවලට සහාය වන සංස්කෘතික නිර්මාණයන්ය. ඔහු ලින්කන් චිත‍්‍රපටය තමන්ගේ ජීවන අභාෂය කර ගන්නේ එහෙයිනි.
ඔබාමා තරම් බැ?රුම් නැති අපේ පාලකයෝ සිය වටිනා කාලය වැය කොට සුහද කොකා නරඹා තමන් වැනි නළුවන් පිරිසකට සිනාසෙති. සුහද කොකා වටිනා කලා කෘතියක් නොවන්නේ ඒ සිනාසුනේ තමන්ටම යයි යන වැටහීම අවම වශයෙන් දේශපාලකයන්ටවත් දීමට අසමත් කෘතියක් නිසාය.
          අපේ දේශපාලකයන් ගැඹුරු කලා කෘති සේවනයේ යෙදෙන්නේ ඉතා අඩුවෙනි. අවම වශයෙන් සංස්කෘතික ජීවිතයකට ඇබ්බැහි වූ දේශපාලකයන් අපට ඇත්තේ කීයෙන් කී දෙනාද? එහෙත් රට පාලනය කිරීමේ වරම් ලැබූ මොවුනට අවශ්‍ය දේශපාලන දැනුම හා සදාචාරාත්මක පදනම ශක්තිමත් වීමට කලාකෘති සේවනය කළ යුතුය. ලෝක සිනමාවේ එවැනි නිර්මාණ බොහෝය. එමෙන්ම සිංහල වේදිකාවේද බොහෝ විසුක දස්සන අතර එවැනි උසස් නාට්‍ය නිෂ්පාදනය වේ. ජයලත් මනෝරත්න, රාජිත දිසානායක වැනි දැනට කරලිය ඇසුරු කරන නිර්මාණකරුවන්ගේ නිර්මාණ එවැනි ඒවා වේ. නිමල් ඒකනායක නිෂ්පාදනය කරන ආචාර්ය සුනන්ද මහේන්ද්‍රගේ සොක‍්‍රටීස් මට මතක් වූයේ එහි පෙළ මෑතකදී මා කියවූ හෙයිනි. එයින් සාකච්ඡුා කෙරෙන්නේ අප පෙළන මේ ගොරතර යථාර්ථයම නොවේද?
        සුහද කොකාගෙන් ඇරඹූ හොඳ ආරම්භය ඊට වඩා හොඳ දේශපාලන කලාකෘති ජනපති අගමැති ඇතුළු රට කරවන ඇත්තන්ට පෙන්වීමට ගයන්ත කරුණාතිලක ඇමතිතුමාට සිත් පහළ වේවා!
        ජනවාරි 8 මහජන විප්ලවයට දායක වූ සිවිල් සමාජයේ ප‍්‍රාර්ථනය වූයේ සොක‍්‍රටිස් නාට්‍යයේ දැක්වෙන සොක‍්‍රටීස් මරණ මංචකයේ සිට කළ ප‍්‍රාර්ථනයමය.
”මීට වඩා යහපත් ලෝකයක් ලබාවා
මීට වඩා යුක්ති සහගත ලෝකයක් ලබාවා
මීට වඩා ඥානවන්ත මිනිස් වාසයක් ලබාවා”
 
 

Friday, 25 December 2015

මනු ගුණ වරුණ - 2



           මගේ පළමු කවිය පුවත්පතක පළ වූයේ මා හත්වන පංතියේ ඉගෙන ගන්නා සමයේ ය. පුවත්පත සරසවියයි. අද මෙන් නොව විනෝද මාධ්‍යයක් ලෙසත් සිනමා කලා මාධ්‍යයත්, වේදිකාවත් ප‍්‍රබලව තිබූ එසමයෙහි සරසවිය මහත් අලෙවියක් තිබූ පුවත් පතකි. මගේ කවිය පළවන සමයේ එහි කතුවරයා වූයේ ග‍්‍රැන්විල් සිල්වා මහතා විය යුතුය. ප‍්‍රධාන පුවත්පතක මුද්‍රණ ද්වාරයෙන් තමා ලියූ අකුරු පළමුවරට පළවීම දකින ළමයෙකුට කෙතරම් ආහ්ලාදයක් වනු ඇද්ද? එකල ගමේ ටවුමේ පුවත් පත් විකුණු ‘මාරස්සන ස්ටෝර්ස්’ වෙතින් පුවත්පත මිලදී ගෙන කැළෑ පාරකින් ගෙදර ආ හැටි මට තවමත් මතකය. එකල කවියටම වෙන් වූ පුවත්පතක් ගීතාංජලී නමින් දවස නිවසින් පිටවූ සිහින් මතකයක්ද තිබේ. එකල සඳුදාට මිහිරත්, අඟහරුවාදට යොවුන් ජනතා (අප යෞවන වියේදී), බදාදාට සුබසෙතත්, බ‍්‍රහස්පතින්දාට තරුණී, සිකුරාදාට සරසවියත් නිකුත් විය. සුබසෙත හැර අන් පුවත්පත් දිනපතාම මිලදී ගතිමි. මේ මෑතක ගමට ගිය මම ‘මාරස්සන ස්ටෝර්ස්’ බලන්නට ගියෙමි. අබලන්ව ලෑලි දමා වසා දමා  එය නටඹුන් වෙමින් තිබෙනු දැක මසිත ඇති වූයේ ශෝකයකි. 
       මගේ කවි පිළිබඳ ආසක්ත බව ඇති වූයේ එකල පළවන කවි සහිත ශෝක ප‍්‍රකාශ නිසා යයි සිතමි. මගේ මාපියන් සහ බාප්පලා දෙදෙනා තමන් ගිය අවමඟුල් උත්සවවල දී පල කළ ශෝක ප‍්‍රකාශ ගෙනවිත් මට දුන්නා පමණක් නොව ඒවා හඬනඟා ඔවුන් ඉදිරියේ කියවීමටත් සිදු විය. මගේ ලොකු අත්තා එනම් මගේ මවගේ පියා (ටිකිරි බණ්ඩා රම්බඩගල්ල) මිය ගිය දා සැබෑවටම සොහොන් පොලක පැවැත්වුණු අවමඟුල් උළෙලක දී ශෝක ප‍්‍රකාශයක් කියවීමට මට සිදුවිය. එකළ මා සිටියේ අටවන පංතියේය. ප‍්‍රසිද්ධ සභාවක කවි ගායනා කළා පමණක් නොව ප‍්‍රථම වරට ‘යකඩ කටකට’ කථා කළේ ද එදා ය. එදා නම් මගේ ඥාති සමූහයා ඉදිරියේ මා මහත්සේ ප‍්‍රශංසාවට ලක්විය.
       ඔය අවධියේ ම මහනුවර තරුණ කවි සමාජය (ම.ත.ක.ස) සංවිධානය කළ කාව්‍ය රචනා තරගයකට හතර පද කවි පංතියක් ලියා යවා එහි දෙවන ස්ථානය ලැබ එවකට සංස්කෘතික හා සමාජසේවා ඇමති වූ ටී.බි. තෙන්නකෝන් මහතා අතින් සහතික පත‍්‍රයක් ද ලියුම් කවරයක දැමූ රුපියල් පහේ කොළයක් ද ත්‍යාග වශයෙන් ද ලදිමි. පළමු ත්‍යාගයේ වටිනාකම රුපියල් දහයක් වූ අතර තුන්වන ත්‍යාගය රුපියල් දෙකේ කොළයකි. ත්‍යාග ප‍්‍රදානෝත්සවය පැවැත්වුණේ මහනුවර පුෂ්පදාන බාලිකා පාසල් ශාලාවේය.
       එක්දහස් නවසිය හැත්තෑහතේ පමණ සාමාන්‍ය පෙළ සිසුවෙකු ලෙස සිටිය දී මවිසින් ‘මතකය’ නමින් කවි පොතක් ලිවීමි. එහි කවරය ඇන්දේද මවිසිනි. එහි සියලූම කවි පාහේ හතර පද එළිවැට සහිත කවි පංතීන්ය. ඒ සඳහා පසුවදනක් ලීවේ අපේ ගමේ සම්භාවනාවට පත් තුරුණු කලාකරුවකු වූ වික‍්‍රම පලිහවඩන විසිනි. මේ පලිහවඩන ගැන යමක් කිව යුතුය. ඔහුගේ එකල අනාගත බලාපොරොත්තුව වූයේ සිනමාවේදියකු වීමටය. වසන්ත ඔබේසේකරයන් යටතේ සිනමාව හදාරා තිබූ පලිහවඩනට චිත‍්‍රපට කලාවට ඇතුළුවීම සඳහා දැනුමක් ද කැපවීමක් ද දක්ෂ කමක් ද තිබුණි. ඔහු විසින් ලියන ලද තිර නාටක මම කියවා ඇත්තෙමි. එහෙත් ඔහුට හිමි ගමන වැළකුණේ ගම හැර යාමට තරම්  එඩිතර කමක් පලිහෙට නොතිබූ නිසා යයි මට සිතේ. එහෙත් පසුකළෙක පරාක‍්‍රම සිල්වා සමග යම් නිර්මාණයන්ට දායක විය.
       ඌන සංවර්ධිත රටක විකේන්ද්‍රියව (අග නගරයෙන් බැහැරව) ජිවත්වීම දක්ෂයන්ට තැන නොලැබීමට ප‍්‍රධාන එක් හේතුවකි. මාධ්‍ය ඇත්තේ කොළඹ කේන්ද්‍රියවය. ගවේෂණාත්මක මාධ්‍ය කලාවක් නැති නිසා පත්තර කන්තෝරුවට එන කලාකරුවන් ගැන විනා විකේන්ද්‍රියව ජීවත්වන දක්ෂයන් ගැන මාධ්‍යවලින් ඉඩක් ලැබෙන්නේ නැත. නාට්‍ය තැනෙන්නේත්, චිත‍්‍රපටි හැදෙන්නේත් කොළඹය. ඒවා සඳහා  සහභාගි විය හැක්කේ මහා නගරයට සමීප ඇත්තන්ට පමණි. ලංකාව වැනි පුංචි රටක මහා නගරයෙන් බැහැරව විකේන්ද්‍රිය කලා නිෂ්පාදන  බිහි නොවීම දුර බැහැර ප‍්‍රශ්නයක් නොව දේශපාලනය පිළිබඳ ප‍්‍රශ්නයක් ලෙස හ`ගිමි.  විකේන්ද්‍රියව කලා නිෂ්පාදන බිහිවූවා නම් හෝ මගේ මිත‍්‍රයා සිය ගමෙන් බැහැරව අගනගරයට සේන්දු වූවා නම් හොඳ සිනමාකරුවෙකු රටට බිහිවන්නට ඉඩ හොඳටෝම තිබුණි.
      මගේ ‘මතකය’ පොත මුද්‍රණ ද්වාරයෙන් පිටවුණේ නැත. එය මුද්‍රණයට තරම් සුදුසු වූයේත් නැත. එහෙත් ඒ ‘මතකය’ අපේ ප‍්‍රාථමික ජයග‍්‍රහණයන්ගේ පුරාතන කි‍්‍රයාකාරකම්වල නටඹුන්ය.

Saturday, 19 December 2015

ගෝති‍්‍රක වාදය කරා අඩි දෙකක් පස්සට

 

(2015 දෙසැම්බර් 13 වන දින සත්හඩ පුවත්පතේ පළ වූ කොලම)
 
     දින කිහිපයකට ඉහත දී ප‍්‍රගීත් එක්නැලිගොඩ ඝාතනයට සම්බන්ධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් කිහිප දෙනෙකු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කළේය. එම අවස්ථාවේ හෝමාගම උසාවිය යාබදව එකී හමුදා නිලධාරීන්ට එරෙහිව කිසිවක් නොකරන්නැයි කියමින් උද්ඝෝෂනයක යෙදුණු පිරිසකි. ඔවුන් අත තිබුණු බැනර් සහ පුවරුවල තිබුණු පාඨවල පොදු තේරුම වූයේ ‘ජාතිය උවදුරෙන් බේරාගත් රණවිරුවනට එරෙහිව කිසිවක් නොකරනු’ යන්නයි. එමෙන්ම අනිවාරතේ යාපනේ අහිංසකයන් කිහිප දෙනෙකු මරා දැමූ සෙබළෙකුට එරෙහිව සාධාරණ විනිශ්චයක් මගින් පැනවුණු දඬුවම අහෝසි කරන්නට යැයි ඉල්ලා ලංකාවේ තැන තැන පෙත්සම් අත්සන් කරනු මම දුටුවෙමි. එමෙන්ම ‘ෆේස්බුක්’ අවකාශයේ සිය ජාතිවාදි අදහස් ප‍්‍රචාරණයට යොදා ගන්නා කිහිප දෙනෙකුම පාහේ එම සෙබලා නිදහස් කරන ලෙස සටහන් තබා තිබුණි.
2005 දී මහින්ද රාජපක්ෂ මහතා පාලන බලයට පැමිණීමත් සමග යුද්ධය පිළිබඳ පක්ෂපාතී මතවාදයක් රට තුළ දළුලා වැඩුණි. වාර්ගික සංවේදනා කළමනාකරණයේ දී රාජපක්ෂ රෙජීමය අතිශයින්ම අසමත්කම් පෑවේය.  යුද්ධයට පක්ෂපාතී මතවාදයන් තුළ පැවති භයානක ජාතිවාදය, අනාගත උවදුරක් ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව අයිතිවාසිකම්වලට වින කටින බව උවමනාවෙන් ම වාගේ නොතකා හැරියේ ය. එක්කෝ දැනුවත්ව අනුමත කළෝය. සිංහලයා එක මිටට ගනිමින් තම අනාගත පැවැත්ම එමගින් තහවුරු කර ගත හැකි බව එකී රෙජීමය විශ්වාස කළේය. එකී මිථ්‍යාව වෙත රාජපක්ෂ රෙජීමය ඇදී ගියේ 2010 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ලැබූ අතිවිශාල ජයග‍්‍රහණය නිසා විය හැකිය.
2005 වර්ෂයෙන් ආරම්භ වී 2014 ජනවාරි 8 න් නිමා වූ රාජපක්ෂ පාලන කාලය තුළ ඉතිහාසය ජාතිවාදයෙන් දෙවනත් කළ ඒ.ඇම්.පී. රාජරත්නලා, මෙත්තානන්දලා, දඹරාවේ රතනසාර හිමි ආදීන් නැවත නැවතත් උපත ලදහ. ඔවුන්ට රිසිසේ හැසිරීමට අවශ්‍ය රාජ්‍ය අනුග‍්‍රහයද නොමදව ලැබුණේ ය.
         දෙවන ලෝක යුද්ධයෙන් ලක්ෂ සංඛ්‍යාත ජනකායකගේ ජීවිත අහිමි වුවත් එමගින් උගත් පාඩම් යුද්ධයේ පාර්ශවකරුවන් වූ යුරෝපා රටවල්, ඇමරිකාව හා ජපානය  මානවවාදී දේශයන් බවට පත් කළේ ය. ඒ ඇසුරෙන් බොහෝ ආසියා අපි‍්‍රකානු රටවල් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හා මානව අයිතිවාසිකම් හි මුල් පොත් කියවීය. එයම ඔවුන් ලැබූ  භෞතික දියුණුවේම හරය බවට ද පත් විය. ලෝකයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව අයිතිවාසිකම් ආදිය පිළිබඳ එතෙක් ඇතිව තිබූ කතිකාවන් වඩාත් ශක්තිමත් මානව ශක්ති ප‍්‍රභවයන් ලෙස ප‍්‍රායෝගිකව වටහා ගැනීමට එකී රටවල් සමත් විය.
 
         තිස් අවුරුදු යුද්ධයේ ප‍්‍රථිපලයක් ලෙස දෙමළ සිංහල ප‍්‍රජාවන් දෙක අතරම යුද වින්දිතයන් දස දහස් ගණනින් සිටී. යුද්ධය විසින් පිරහෙලන ලද රටක් ඇස් පනා පිට දකින්නට තිබේ. ඒ සියලූ අවාසනාවන්ත තත්වයන් දැක දැකත් පශ්චාත් යුදමය ලංකාව යළිත් එවැනි  අවාසනාවන්ත ඉරණමක් හිමිනොවන රටක් ලෙස සැකසීම පිළිබඳ සංවාදය ප‍්‍ර‍්‍රාණවත් නොවන්නේ ඇයි?
       ‘අපි පාලකයන් වෙනස් කිරීමට වෙහෙස  නොවී ජනතාව වෙනස් කිරීමට වෙහෙස වෙමු’ යයි ලිව්වේ බර්ටෝල් බ්‍රෙෂ්ට්ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, අධිකරණ නිදහස, මානව අයිතිවාසිකම්, ආදිය පාලකයන්ට වැදගත් විය නො හැකිය. එක්කෝ එසේ වැදගත් ලෙස හිතන පන්නයේ වැදගත් පාලකයෝ අපට ලැබී නැත.
තමන්ගේම රිපබ්ලිකන් පක්ෂයත්, පස මිතුරු ඩිමොක්ටි‍්‍රක් පක්ෂයත් එරෙහිවෙද්දී ඉතිහාසයේ කළු පැල්ලමක් මකා දැමීමට සිය හෘද සාක්ෂියේ මෙහෙයවීමෙන් ඇමරිකාවේ වහල්ක‍්‍රමය නැති කිරීමේ පනත (ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය)  මහත් වූ අවදානමක් බාර ගනිමින් ගෙන ආවේ ඒබ‍්‍රහම් ලින්කන් ජනාධිපතිවරයාය. ඔහුගේ බිරිඳ මාරි ටොඞ්,  කෙන්ටකි පළාතේ බලවත් වහල් සේවාවක් හිමි පවුලක ස්ති‍්‍රයකව සිටි නමුත් ඔහු තම හෘද සාක්ෂ්‍යයට අනුව වැඩ කළේය. එහෙත් එවැනි හෘදසාක්ෂියකින් මෙහෙයවන  දේශපාලනඥයන් අපේ පාලක පැලැන්තීන් අතර නම් නොවේ.
      ජනවාරි අට වැනිදා රාජපක්ෂ රෙජීමය ඉවත් කිරීමෙන් ලැබුණු විමුක්ති අවකාශය තව තවත් පුළුල් කිරීමට පාලක පංතීන් කිසිවක් නොකරන බව අප තේරුම් ගත යුතුය. එය සම්පූර්ණයෙන් මහජන තෙරපුම මත රඳා පවත්නා කටයුත්තකි. එහෙත් එකී මහජන තෙරපුම වෙනුවට අද දකින්නට ඇත්තේ ලැබුණු විමුක්තිදායක ජයග‍්‍රහණයන් අතළොස්ස (ස්වාධීන අධිකරණ කි‍්‍රයාවලියක් ඔස්සේ වැරදිකරුවන්ට දඬුවම් දීම, ජාතියේ ධනය කොල්ල කමින් බලය අයුතු ලෙස පාවිච්චි කළ උදවිය නීතියේ කි‍්‍රයාකාරිත්වය හමුවට ගෙන ඒම, ස්වාධීන කොමිෂන් සභා ප‍්‍රාණවත් කිරීම ආදිය) පවා අහෝසි කරන ලෙස තැන තැන සිදුවන ජන කණ්ඩායම්වල නැගිටීම්ය. ඒවා නඩත්තු කරන්නේ ද ඒවාට මිනිස් බලය සපයන්නේ ද රෙජීමයේ අපරාධ සහායකයන්ම බව පෙනෙන්නට තිබේ. එක්නැලිගොඩ ඝාතනය, රාජපක්ෂ රෙජීමයේ ප‍්‍රබලයන් කළ ¥ෂණ කි‍්‍රයා විමර්ශනය කිරීම ආදියට එරෙහිව නැඟී සිටින මෙවැනි අතළොස්සක් කණ්ඩායම් මැඩ පැවැත්වීම හා ඔවුන් සදාචාර ලෝකයක අතරමං කිරීම යහපාලන ආණ්ඩුවේ බල ව්‍යාපෘතියේම කොටසක් මෙන්ම, මහජන විමුක්තිවාදී ව්‍යාපාරවල ද කි‍්‍රයාකාරිත්වයේ කොටසක් විය යුතුය.
        දකුණු අපි‍්‍රකාවේ ජාතික සම්පතක් ලෙෂ සැළකුණු ආබාධිත ඔලිම්පික් කී‍්‍රඩක ඔස්කාර් පි‍්‍රස්ටෝරියස්  විසින් සිය පෙම්වතිය රීවා ස්ටින්කැම්ප්  වෙඩි තබා මරා දැමුවේය. එහිදී දකුණු අපි‍්‍රකානු අධිකරණය ඔහුට බරපතළ වැඩ සහිත සිර දඬුවම් පැමිණ වීය. එහෙත් පසුව ඔහු ඉහළ උසාවියකට කළ අභියාචනයක් ඔස්සේ පසුගියදා ඇප ලැබිණි. එකී ඇප ලැබීම  අධිකරණය ලබා දුන් වැරදි තීන්දුවක් ලෙස දකුණු අපි‍්‍රකාව පුරාම කතා බහට ලක් වෙයි. සුදු ජාතික විනිසුරන්, සුදු ජාතිකයෙකුට දැක්වූ පක්ෂපාතිකමක් ලෙසත්, දකුණු අපි‍්‍රකාව බිහිකළ වීරයෙකුට ඒ වීරත්වය සලකා දැක්වූ පක්ෂපාතකමක් ලෙසත් ආදි වශයෙන් සලකා විශාල මහජන උද්ඝෝෂණ එකී තීන්දුවට එරෙහිව ඇතිව තිබේ. වීදි බට ජනතාව ඉල්ලන්නේ වීරත්වය නොසලකා වරදට නිසි ද`ඩුවම් දෙන ලෙයසි. එ් පූර්ණ විමුක්ති අවකාශයක  සකසා ගත් විමුක්තිදායක හැඟීම් සිය ආත්ම තුළට ඇතුළු කරගත් ජනතාවක් හැසිරෙන හැටිය. එහෙත් ලංකාවේ වැරදිකරුවන්ට හා වින්දිතයන්ට යුක්තිය පතා යුත්තියේ දෙවොල (අධිකරණය) හමුවට ගිය විට මහජන කණ්ඩායම් එසේ නොකර මිනීමරුවන් නිදැල්ලේ හරින ලෙස ඉල්ලා සිටී. ඒ දෙස පොදු මහජන කණ්ඩායම් ද වෙනසින් පසු බලයට පත් වූවන් ද නිකං බලා සිටිති.
     ඉතිහාසය මුළුල්ලේ ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය  හා එයට අයත් සියලූ අනුශාංගික අංග ආපසු හැරවීම සඳහා සමාජවාදය, සංවර්ධනය හා ජාතිකවාදය හරි හරියට සම්මාදම් වී ඇති බව අගතියට නොවැටී ආපසු හැරී බලන විට පෙනේ. 1970-77 පාලන කාලය තුළ සියලූ මර්දනීය කි‍්‍රයා දියත් වූයේත්, අවසානයේ මහජන කැමැත්තට පිටින් වසර දෙකක පාලන කාලය දීර්ඝ වූයේත් සමාජවාදය හා අධිරාජ්‍ය විරෝධය පිළිබඳ කැරට් අලය ජනතාවට දිගු කරමිනි. 1977 න් පසුව විධායක ජනාධිපති ක‍්‍රමය ඇතුළු සකලවිධ අණපනත් හා අතිවිශාල ලෙසින් ලෙයින් හා යකඩින්  සිදුවූ මර්දනය සිදු වූයේ සංවර්ධනය පිළිබඳ මිථ්‍යාව ජනතාව මත මුදා හරිමිනි. 2005 සිට 2015 දක්වා ගෙවී ගිය රාජපක්ෂ රෙජීමය  ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව අයිතිවාසිකම්, අධිකරණ නිදහස ආදී සියල්ල දුගී දුප්පත් කරමින් ඒවා ජාතියේ ඉදිරි ගමනට ඇති මාරාන්තික බාධක ලෙස වර ගැන්වුණේ ජාතිකවාදය පදනම් කරගෙනය.
       දරුවන් බිහිකිරීම පමණක් නොව ඔවුන් නිරුපද්‍රිතව  රැුක ගැනීමත්, ලොකු මහත් කිරීමත් මව්වරුන්ගේ වගකීමකි. එමෙන්ම ජනවාරි 8 වැනිදා බිහි වූ විමුක්ති අවකාශය නිරුපද්‍රිතව රැුක ගැනීමත් එය ලොකු මහත් කිරීමත් එය නිර්මාතෘ බලවේගවලම වගකීමකි.

Wednesday, 16 December 2015

වැන්දඹු අනත්දරු දේශපාලනය

 

         හිටපු ඇමතිවරියක වූ රෝසි සේනානායක මහත්මිය ලංකාවේ දේශපාලන ක්ෂේත‍්‍රයේ කාන්තා නියෝජනයේ ඇති අවම බව ගැන පසුගිය දිනෙක බීබීසීය සමග ඵැවති සාකච්ඡුාවකදී ඉතා කනස්සල්ලෙන් කතාකර තිබුණි. රෝසි සේනානායක මහත්මිය ද නිළියක හා කලෙක රූප රාජිනියක ද වුවත් ඇගේ දේශපාලන ආගමනයේ පදනම වන්නේ ඒවා නොව ඇගේ දේශපාලනික කි‍්‍රයාකාරිත්වයයි. ඇයට අගය කළ යුතු මට්ටමේ නූතන දේශපාලනය පිළිබඳ දැනුමක් ඇති බව අපගේ පිළිගැනීමයි. ඇය එක අතකින් මෑත කාලයේ දැනුමැතිම කාන්තා පාර්ලිමේන්තු නියෝජනය විය හැකිය.
      පාලකයාට හෝ දේශපාලන නායකයාට ඇති ශෘංගාරාත්මක කැමැත්ත පදනම් කරගෙන පළාත් සභාවේත් මහජන මන්තී‍්‍ර මණ්ඩලයේත් නිළියන් මහජන නියෝජිතවරියන්ව සිටි බව අපි කවුරුත් දනිමු. එහෙත් එවැනි කාන්තා නියෝජනයක් නිසි කාන්තා දේශපාලනික ආගමනයක් ලෙස සැලකිය නොහැකිය.
අද ලෝකයේ දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍ය පද්ධතීන් තුළ ලිංගිකත්වය, වාර්ගිකත්වය පමණක් නොව ආබාධිත බව පවා නොසලකා කැපවීම, දැනුම හා හැකියාව පදනම් කරගෙන දේශපාලනික ආයතනවල නියෝජනය ලැබෙනු දක්නට ලැබේ.
       රෝසි සේනානායක මහත්මියගේ ගෙන හැර පෑම් අනුව ලංකාවේ පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය 2%කටත් අඩුය. ඊට සාපේක්ෂව ඉන්දියාවේ පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය මිලියන 1.4ක් හෙවත් 50%කි. ලංකාවට සාපේක්ෂව සාක් කලාපයේ අනෙකුත් රටවල පවා එකී ප‍්‍රතිශතය ඉහළ අගයක් ගනී.
       1931 දී ඩොනමෝර් ප‍්‍රතිසංස්කරණ හරහා ලැබුණු සර්වජන ඡුන්දයත්, ඊටත් පසු කලෙක ලැබුණු බහු පක්ෂ ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් යන දෙකම බි‍්‍රතාන්‍යයන්ගෙන් ලැබුණු අගනා තිළිණයන්ය. එහෙත් එකී ලැබීම් නූතන දේශපාලනයේ වර්ධනයන්ට සාපේක්ෂව වැඩි දියුණු කර ගනිමින් සමාජයේ වාර්ගිකත්වය, ස්තී‍්‍රපුරුෂ භාවය විනිවිදින උත්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් අත්පත් කර ගැනීමට අපි අසමත් වී සිටිමු.
      ශී‍්‍ර ලංකාවේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 4.5%කි. එහෙත් ඊට සාපේක්ෂව බංගලාදේශය, පකිස්තානය, නේපාලය වැනි රටවල පවා එකී ප‍්‍රතිශතය 20% හා 30% ඉක්මවා යයි.
දේශපාලන ක්ෂේත‍්‍රයේ දී කාන්තා නියෝජනය උචිත ප‍්‍රතිශතයකින් පවත්වා ගැනීමට අසමත් වීම යනු  ස්තී‍්‍රන් බලගැන්වීම පිළිබඳ ප‍්‍රජාතන්ත‍්‍රික කි‍්‍රයාවලියේද අප පෙළන ගැටලූවක් ලෙස ගත හැකිය.
පසුගිය ඔක්තෝබර් 19 දින බලයට පත්වූ කැනඩාවේ ලිබරල් පක්ෂ ආණ්ඩුව තිහකින් යුත් සිය කැබිනට් මණ්ඩලයේ පහළොස් දෙනෙකුම ඇමතිවරියන්වීම කියා පාන්නේ එවැනි රටක පවත්නා සෑම අතකටම විහිදුනු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ රුව ගුණ වරුණයි. විවිධ ජාතිකයන්ටද කැනේඩියානු කැබිනට් මණ්ඩලය දොර විවෘත කර තිබීම හේතුවෙන් පෙන්වන්නේ ජාතිකත්වය මත කේන්ද්‍රිය දේශපාලනයෙන් විතැන්වීමට ඇති ඉඩකඩ අහුරා ඇති අයුරුය.
      කැනේඩියානු ඇමති මණ්ඩලයට අලූතෙන් තේරී පත්වී සිටින ඵ්රහ්ප ඵදබිැෙ මහත්මිය ඇෆ්ගනිස්තානු සම්භවයක් සහිත තිස් හැවිරිදි තරුණියකි. ඇය එකොළොස් හැවිරිදි වියේදී කැනඩාවට සංක‍්‍රමණය වී ඇති අතර ඇය කැනඩාවේ ගත කර ඇත්තේ දහනව වසරක් පමණකි. එහෙත් සම්භවය ආගම ආදි කාරණා ද්විතීක ලෙස සලකන දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහයක් තුළ දක්ෂකම, කැපවීම පුරවැසි බවට ගෞරවයක් ලබාදීම හා අවංක බව ඇය කැනඩාවේ උසස් තනතුරකට ඔසවා තබා ඇත.
     2011 පැවති මැතිවරණයෙන් ඔන්ටාරියෝ ප‍්‍රාන්තයේ අසුනකින් තේරී පත්වුණු රධිකා සිත්සබේසන් මෙනවියද ශී‍්‍ර ලාංකික සම්භවයක් සහිත තැනැත්තියකි. ඇයද මන්තී‍්‍රවරියක් ලෙස තේරී පත්වන විට 29 වන වියේ පසුවිය. අතිෂයින් දක්ෂ උගත් කාන්තාවක වූ ඇයගේ සේවය ලබා ගැනීමට කැනේඩියානු ව්‍යවස්ථාදායකය සමත් විය.
       දේශපාලනික ආයතනයන්හි  නියෝජනය කෙරෙහි කාන්තා, තරුණ, විවිධ වාර්ගික හා වෙනත් විවිධත්වයන් උදෙසා සංවේදී නොවීම ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන පද්ධතියේම ඇති අවවර්ධිත බව පෙන්නුම් කරන්නකි. 1959 බණ්ඩාරනායක අගමැතිවරයාගේ ඝාතනයත් සමග කිසිදු දේශපාලනික අත්දැකීමක් නොමැතිව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අගමැති පුටුව දක්වාම පැමිණෙන්නීය. ඒ ඇය බණ්ඩාරනායක මහතාගේ වැන්දඹුව වූ නිසා මිස දේශපාලන දැනුම හෝ ඒ කෙරේ වන විශේෂ කැපවීමක් නිසා නොවේ. මෑත කාලීනව මන්ති‍්‍රවරියන් සේ තේරි පත්වුණු උපේක්ෂා ස්වර්ණමාලී, අනර්කලී ආකර්ෂා පමණක් නොව මාලනී ෆොන්සේකා මහත්මිය පවා සැලකිය යුත්තේ දේශපාලන කි‍්‍රයාකාරිකයන්ට වඩා ඔවුන් සතු රුව ලස්සන පාලක බලධරයාට සිතට අල්ලා යෑම ලෙස සැලකිය හැකිය.
      පුරුෂයා මිය ගිය පසු ස්ති‍්‍රය ඒ දර සෑයටම දමා මරා දැමීම අනුමත කරන හින්දු සමාජයකුත් ස්ති‍්‍රය සමාජ කාර්යයන්ට වැද්ද නොගන්නා ආචිර්ණ කල්පික මුස්ලිම් සමාජයකුත් පසුබිමේ ගාන්ධි හා ශී‍්‍ර නේරුතුමන් ඉන්දියාව තුළ බිහිකළ නව දේශපාලන දර්ශනය බටහිර ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ඉන්දියානු සම්භාව්‍ය බවක් එකතු කළා සේ හැඳින්විය හැකියි. එකී දර්ශනය තුළ අතර මග ඇද වැටෙන කිසිම ජන කොටසක් නැති තරම්ය. ස්ති‍්‍රීන්, පහළ කුල සාමාජිකයන්, ආබාධිතයන් අනෙකුත් වාර්ගිකයන් බලගන්වන හා ඔවුන් තීරණ ගැනීමේ කි‍්‍රයාවලියට සම්බන්ධ කර ගැනීමේ පුලූල් බවක් ඉන්දියානු දේශපාලන ක‍්‍රමය තුළ පවතිී. ඉන්දියාවේ සංකීර්ණ සමාජය තුළ අප‍්‍රමාණ වැඩවසම් ලක්ෂණ තිබුණා වුවත් රාජ්‍ය තන්ත‍්‍රය ඊට වඩා ඉහළින් කි‍්‍රයාකරන ලෞකික එකකි. ඒ හේතුවම ඉන්දියාව ලෝකයේ මහ බලවතෙකු බවට ඔසවා තිබේ.
      එහෙත් ඉන්දියාවට වඩා සරල සමාජ පසුබිමක් තිබුණු ලංකාවේ අවම වශයෙන් බි‍්‍රතාන්‍යයන් ලබා දී ගිය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හර පද්ධතියවත් රැුක ගත්තා නම් මීට වඩා ස්තීි‍්‍රන්ට අනෙකුත් ජනවාර්ගිකත්වයන්ට සංවේදී පාලන ක‍්‍රමයක් තනා ගැනීමට ඉඩ තිබිණ.
      ලංකාවේ දේශපාලනයේ කාන්තා නියෝජනය එක්තරා ආකාරයකට ‘වැන්දඹු අනත්දරු’ දේශපාලනයක් සේ සැලකිය හැකිය. සැමියා පියා එහෙමත් නැත්නම් සහෝදරයා මිය යෑමෙන් පුරප්පාඩුවන හිස් තැන පිරවීමට කාන්තාවක් පැමිණීම සාමාන්‍ය දෙයක් වී තිබේ. සිරිමා බණ්ඩාරනායකගේ සම්ප‍්‍රාප්තියත් සමග ඇරඹුණු මෙකී සම්ප‍්‍රදාය අද දක්වාම නොවෙනස්ව පැවත ඒ. ඉලංගරත්න මහතා ඡුන්ද පෙත්සමකින් පරාජය වූ පසු තමරා කුමාරි මන්ති‍්‍ර ධුරයට පත්වන්නේ දේශපාලනයේ එක්තරා ශිෂ්ට අවධියක දීය. චන්දි‍්‍රකා බණ්ඩාරනායක, පවිත‍්‍රා වන්නිආරච්චි, තලතා අතුකෝරල, චන්ද්‍රානි බණ්ඩාර, විජයකලා මහේෂන්, ආනන්දි ෂෂීදරන් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව මෙකී වැන්දඹු අනත්දරු දේශපාලනයට උදාහරණ කිහිපයක් පමණකි.
     ඇත්තටම ගතහොත් ලංකාව යනු දේශපාලනය නොකරන දේශපාලනඥයන්ගෙන් පිරුණු රටකි. ඔවුන් කිසිදු දේශපාලනයකට අදාළ දැනුමක් සොයා යන පිරිසක් නොවන්නා සේම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන පද්ධතීන් කෙරේ විශ්වාසයක් හෝ ගෞරවයක් ද නැත්තෝ වෙති. එවැනි තත්වයක් තුළ බාහු බලය, සටකපටකම් හා මුඛරිකම තමන් කරන දේශපාලනයට අත්‍යවශ්‍ය සුදුසුකම් වෙති. ඒ සුදුසුකම් සපුරා ගැනීමට ස්ති‍්‍රන් අසමත්වීම පුදුමයක් නොවේ. ඒ සුදුසුකම් කෙසේ හෝ සපුරා ගත්තියෝ් මහජන නියෝජිතවරියන් බවට පත්වෙති.
ස්ති‍්‍ර නිියෝජනය අවම වන්නේ ගතානුගතික දකුණේ දේශපාලනයේ පමණක් නොවේ. වාමාංශික දේශපාලනයේ හැටි සොබාවද එයාකාරයමය. ලංකාවේ ශිෂ්‍ය දේශපාලනය ගතහොත් ඒ වායේ කැපී පෙනෙන ශිෂ්‍ය නායිකාවන් සිටිත් ද? නැත. එය වෙනම කතා කළ යුතු මාතෘකාවකි.
චන්ද්‍රරත්න බණ්ඩාර

Monday, 14 December 2015

මහ විරු සමරුව (මවිසින් සත්හඞ පුවත් පතට සතිපතා ලියන කොලමේ 2015-11-29 දින පළ වූ ලිපිය.)

 
          ”බාබු” නමින් ටොරොන්ටෝ නුවර පවත්වාගෙන යන අවන්හල කැනඩාවේ එල්ටීටීඊ දේශපාලනයේ වැදගත් ස්ථානයකි. එල්ටීටීඊ පරාජයට පෙරාතුව එකී අවන්හලේ පිවිසුම් දොරටුවේ විශාල ඊලාම් සිතියමක් ප‍්‍රදර්ශනය කෙරිණි. එමෙන්ම එල්ටීටීඊයට පක්ෂපාති පති‍්‍රකා ආදියද ලබා ගැනීමේ හැකියාව බාබු අවන්හලේ තිබේ. පසුගිය නොවැම්බර් 26 වන දා කහ සහ රතු කොඩිවලින් සරසා එකී අවන්හල හැඩ කර තිබුණේ සිය අභාවප‍්‍රාප්ත සංවිධාන නායකයාගේ උපන් දින සැමරුම උදෙසාය. එදින කවුන්ටර් මත තබා තිබූ  කේක් පිරවූ බඳුන්වලින් කෑම මිලදී ගැනීමට පැමිණෙන පාරිභෝගිකයන්ට නොමිලයේම කේක් ලැබුණේ ඒ සැමරුමේ කොටසක් ලෙසිනි. ඒ ආකාරයට එල්.ටී.ටී.ඊ. සංවිධානයට හිතැති වෙළඳ සැල් අවම වශයෙන් පෝස්ටරයක්වත් ප‍්‍රදර්ශනය කරමින් සිය මියගිය නායකයාට බුහුමන් දැක්වීය. එමෙන්ම එකක් දෙකක් හැර සියලූම දෙමළ වෙළඳසැල් වසා තිබුණේ ද එකී සැමරුමට සහායක් වශයෙනි.
                   යුද්ධය අවසාන වීමට පෙරාතුව තරම් නැතත් ඉන් පසුවත් ස්වකීය නායකයාගේ උපන් දිනයත් ඊට පසු දින මහා විරු දිනයත් කැනඩාවේ ප‍්‍රධාන වශයෙනුත් අනෙක් බොහෝ යුරෝපා රටවලත් නොකඩවාම සැමරේ. සම්පූර්ණ දෙමළ භාෂාවෙන් පමණක් නිර්මිත සම්පූර්ණ ප‍්‍රමාණයේ :ත්‍මකක ීස‘ැ* පෝස්ටර් සෑම දෙමළ වෙළෙඳ සැලකම පාහේ ප‍්‍රදර්ශනය කර තිබුණි. පෝස්ටර් පති‍්‍රකා ආදි සියල්ල දෙමළ බසින් පමණක් නිර්මාණය කිරීමේ සරල බලාපොරොත්තුවව විය හැක්කේ දෙමළ ජනයා පමණක් යට කී සැමරුම් සඳහා සහභාගි කර ගැනීම විය හැකිය.
                   මෙවර මහ විරු දිනය නැරඹීමට මමද ගියෙමි. ඒත් එක්තරා ආරක්ෂාව පිළිබඳ චකිතයකින් යුතුවය.  පූර්ව යුද කාලීන උන්මාදය හෝ පුලූල් ජන සහභාගිත්වයක් හෝ මෙවර මහවිරු දිනයේ  දක්නට නොතිබුණි. යුද්ධය අතරතුර කාලයේ නම් එකී රැුස්වීම් භූමි වෙත දහස් ගණන් එල්.ටී.ටී.ඊ. හිතවාදීන්  පැමිණියේය. එහෙත් මෙවර නම් මා දුටුවේ සිය ගණනක් වූ ජනතාවක් පමණකි. මෙවැනි සමරු සාර හෝ අසාර වන්නේ ලංකා දේශපාලනය දෙමළ ජාතික ප‍්‍රශ්නය පාවිච්චි කරන ස්වරූපයෙනැයි මට සිතේ.
කැනඩා භූමිය තුළත් යුරෝපය පුරාත් විසිරී සිටින අති විශාල දෙමළ ජනගහණය තුළ යුද වින්දිතයන් බොහෝ ගණනක් සිටින බව නොරහසකි. ඔවුන්ගේ ලංකාව පිළිබඳ මතකයන් තුළ ඇත්තේ යුද්ධයේ කුරිරුකම මිස ජනවාරි 8 වන දා විප්ලවයෙන් පසු ඇතිවෙමින් පවත්නා සංහිඳියාව පිළිබඳව අත්දැකීම් නොවේ.  ඔවුනට දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ ඇතැම් නායකයන් සංහිූිඳියාවට පක්ෂපාත අදහස් ප‍්‍රකාශ කරන විට මෙකී ඩයස්පෝරා සාමාජිකයන් කෝපයට පත්වන්නේ එහෙයිනි. එල්ටීටීඊයට පක්ෂපාත අදහස් උදහස් දක්වන ගජේන්ද්‍ර පොන්නම්බලම් හෝ ආනන්දි ෂෂීදරන් වැන්නන්ට ලංකා භූමිය තුළ සිටින දෙමළ ජනයාගේ සහාය නැතත් ඩයස්පෝරා ජනකාය අතර ඊට වඩා උසස් පිළිගැනීමක් ඇත්තේ යටකී යුද වින්දිත අත්දැකීම් නිසා යයි සිතමි.
                   මීට තෙමසකට පමණ ඉහත දී යම් කිසි අලූත් වැඩියාවක් සඳහා  එකී කටයුතුවල යෙදෙන දෙමළ ජාතිකයෙකුගේ සහාය ලබා ගැනීමට මට සිදුවිය. මූලික කතා බහ නිමවීමෙන් පසු ඔහු සතුටු සාමිචී කථා කළේය. ඔහු මගේ ගම් පළාත් කොහේදැයි ඇසුවේය. මගේ ගම මහනුවර යයි මම පිළිවදන් දුනිමි. මහනුවර නම ඇසීමත් සමග ඔහුගේ මිත‍්‍රශීලී භාවය වියැකෙන අයුරු මවිසින් නිරීක්ෂණය කෙළෙමි. ඔහු පැවසුවේ තමා එල්.ටී.ටී.ඊ. සැකකරුවකු ලෙස වසර හතර හමාරක් නඩු නැතුව අපමණ වධ බන්ධනවල ලක්වෙමින් බෝගම්බර සිරගෙදර ගත කළ බවය. අවසානයේ අධිකරණය හමුවේ නිවැරදිකරුවෙකු ලෙස රිමාන්ඞ් භාරයෙන් නිදහස් වූ බව ඔහු මා සමග පැවසීය. ඔහුට මගේ මුණ ගැසීම සිය බිහිසුණු මතකය කෙතෙක් අවදි කළා ද යත් ඔහු මගේ වැඩ කටයුත්ත කර දීමට යළි පැමිණියේ නැත.
                   කැනඩාවේ ඔන්ටාරියෝ ප‍්‍රාන්ත ආණ්ඩුවේ කොන්සර්වේටිව් පාක්ෂික මන්තී‍්‍ර ජැක් මැක්ලේන් :න්‍්ජන ඵ්ජකැ්රබ* මහතා මෑතකදී ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් කර තිබුණි. එනම් එල්ටීටීඊ මහවිරු සමරුවට අප සහය පළ කළ යුතු වගත් ලාංකීය දෙමළ ජනයා කැනඩාවේ සහාය ලැබිය යුතු පීඩිත ජනවර්ගයක් ලෙස හඳුනාගත යුතු බවත්ය. ලක්ෂයක පමණ දෙමළ ජනතාවක් ආණ්ඩුවේ හමුදා අතින් මැරුම් කා ඇත. එහෙයින් ඔවුන්ගේ සාධාරණ බලාපොරොත්තු සඵල කර ගැනීමට කැනඩාව සහය පළ කළ යුතු බව මන්තී‍්‍රවරයා සඳහන් කළේය.  එමෙන්ම ගෝලීය දෙමළ සංසදය හා පාර ඊලම් රාජ්‍යය  සමග සබඳතා තර කර ගත යුතු බවටත් ඔහු යෝජනා කර ඇත.
           මෙය කොන්සර්වේටිව් පක්ෂයේ නිල ප‍්‍රකාශයක් නොවිය හැකිය. එක අතකට එය අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වසා දැමීමේ ස්වරූපයේ කතාවකි. එල්ටීටීඊ ව්‍යාප්තයට ප‍්‍රධාන වශයෙන් බාධා කළේ පැවතුණු කොන්සර්වේටිව් ආණ්ඩුව විසිනි. විශේෂයෙන් අවසාන යුද්ධය සමාසන්න කාලයේ අධිවේගී මාර්ග අහුරමින් දෙමළ ජනයා කල උද්ඝෝෂණ කැනේඩියානු ආරක්ෂක ඉතිහාසයේ නවමු එහෙත් අමිහිරි අත්දැකීමක් විය. එයින් කොන්සර්වේටිව් ආණ්ඩුව බලවත් සේ කෝපයට පත්විය. එල්ටීටීඊය කෙරේත් සමස්ථ  දෙමළ ජනයා කෙරේත් කොන්සර්වේටිව් පක්ෂය දැක්වූ මිත‍්‍රශීලී නොවන ආකල්පය ඔන්ටාරියෝ ප‍්‍රාන්ත ප‍්‍රදේශයේ දේශපාලනයේදී විශාල ඔවුන් විශාල පසුබෑමකට ලක් කළේය. 
         එහෙයින් ඒ තත්වය කල් ඉකුත් වූ පසුව තේරුම් ගැනීමක් ලෙස යටකී මන්ති‍්‍රවරයාගේ හැඳින්වීම සැලකිය හැකිය. කැනඩාවේ දැන් සිදු වී ඇති ආණ්ඩු වෙනස වනාහි එක්තරා ආකාරයකට දෙමළ ජනයා බලාපොරොත්තු වූ ඔවුන්ගේ සහාය ලැබුණු එකකි.
          මගේ අවබෝධයේ හැටියට එල්ටීටීඊය සිය මහවිරු දින සමරුව හා මහා වීර දිනය සිය සංවිධානය අරබයා වන දෙමළ ජනයා සතු මතක කන්ද  යළි අවදි කරන ඔවුන්ගේ පැත්තෙන් ගත් කළ වැදගත් සැමරුම් දෙකකි. ලක්ෂ හතරකට ආසන්න කැනඩාවේ වෙසෙන ජනයාගෙන් බහුතරය ඒ රටට පැමිණ ඇත්තේ කවරාකාර හෝ යුද වින්දිතයන් වශයෙනි. ඔවුන්ගේ ඒ දුක් වේදනාවන් ඔවුන් මියෙන තුරාම සුළු වශයෙන් හෝ පවතිනු නිසැකය. කාලයාගේ ඇවෑමෙන් තමන් සතු එල්ටීටීඊයට ඇති ළෙන්ගතුකම් තුනී කළ හැක්කේ උතුරේ ජනයා ප‍්‍රමුඛ සුළු ජනවාර්ගිකයන්ගේ දුක් ගැනවිලිවලට ප‍්‍රජාතන්ත‍්‍රවාදී සංදර්භයක් තුළ විසඳුම් ලබාදීමට ලංකාවේ දේශපාලන ක‍්‍රමය සමත්වීම මගින් පමණකි. එමෙන්ම බලය  උදෙසා ජාතිවාදය අවුස්සමින් අවස්ථාවාදීව හා භීතියක් ඇතිවෙන අයුරින් හැසිරෙන ඇතැම් සංවිධාන හා පුද්ගලයන්ද විසින් ඩයස්පෝරක ජනයා තව තවත් එල්ටීටීඊ සන්නාමය වෙතට සමීප කරන්නේය.
               එල්.ටී.ටී.ඊ.යේ අනුහස් සහිත නායකයා මෙන්ම එහි සියලූ මුල් පෙළ නායකයන්ද කාඩර්වලට ගොනුවී සිටි බහුතරයද යුද පරාජය ඔස්සේ වැනසී ගියේය. එහෙත් එතෙක් පැවතුණු දෙමළ ජන ජීවිතයම මුලූමනින්ම කණපිට හරවා ඔවුන් ජාත්‍යන්තර අවධානයට පත් මිනිස් ප‍්‍රජාවක් බවට පත් කිරීමට එල්.ටී.ටී.ඊ.යට හැකියාව ලැබුණි. එමෙන්ම තල්වැටෙන් කොටුවී , කුල පීඩනයේ ගොදුරු බවට පත් පීඩිත ජනයාගේ ඒ පෙලූ බැමි කඩා බිඳ දැමීමට ද එල්.ටී.ටී.ඊය සමත් විය.  එවන් මහා පරිමාණ පරිවර්තනයක් කරන්නට එවැනිම අරගලයක් සිංහල දකුණේදී කළ ජනතා විමුක්ති පෙරමුණට  නොහැකි විය.
සිය අවසන් පැතුම දිනා ගැනීමට නොහැකි වුවත් දෙමළ ජනවර්ගය තුළ කරනු ලැබුවාවූ මහත්වූ විපර්යාසය නිසා එල්.ටී.ටී.ඊ ය දෙමළ සමාජය තුළ යළි යළි අනුස්මරණය වීම වැළැක්විය හැකිද?
චන්ද්‍රරත්න බණ්ඩාර
 

Saturday, 12 December 2015

මනු ගුණ වරුණ :මගේ විසිපස් අවුරුද්ද


 
 

              මේ අවුරුද්දට මගේ පළමු පොත ප‍්‍රකාශයට පත් වී වසර විසි පහකි. නිල වශයෙන් ISBN අංකයක්  ලැබී රාජ්‍ය ලේඛනාගාරයේ පොතක් ලියා පදිංචි කෙරුණේ එදා ය. ඒ පොත ‘කැණිමඬල ගිනි ගත් දා’යි. ප‍්‍රකාශකයා වූයේ සේනාරත්න වීරසිංහය. (ප‍්‍රභා ප‍්‍රකාශකයෝ)  මවිසින් පාසල් අවධියේ සිට ලියන ලද කෙටිකතා එකතුවක් එයට අඩංගු වී තිබුණි. එකළ අසම්මත හිතන්නන් සේ අප සිතූ පැතූ අයුරු ඒ කෙටිකතාවල ගැබ්ව ඇතැයි සිතමි.
 
        අද මුද්‍රණ තාක්ෂණය අපූරුවට දියුණු වී තිබුණත් එකල අතින් අකුරු අමුණා කෙරෙන පොත් මුද්‍රණ ක‍්‍රමයකි තිබුණේ. පිටු කිහිපයක් හෝ අකුරු ඇමිණීමට කාලයක් ගත විය.  සේනාරත්න සොහොයුරා කොටුවේ නිවාස අධිකාරියේ වැඩට එන විට වේයන්ගොඩ සිය නිවසේ සිට පිටු කිහිපයක සෝදුපත් රැුගෙන ඒ. ඒ ටික මවිසින් ගෙදර රැුගෙන ගිය සතුට මට තවමත් මතකය. සෙමෙන්, කල්පනාකාරීව, සංසුන්ව කතා බහ කරන සේනාරත්න ඇතැම් දිනක ”අද යනකොට මරදානෙන් අකුරු ටිකක් ඇරන් යන්නත් තියෙනවා” කියයි. අකුරු යනු අකුරු අමුණන ඊයම් අකුරුය. තමාගේ නිවස තුළම තනාගත් මුද්‍රණාලයේ සේනාරත්න මුද්‍රණ කර්මාන්තය ඇරඹීය.
 
      එදා ඔහු කුලූණු සිතින් මවෙත කළ උපකාරය මගේ සාහිත්‍යයික ජිවිතයට නොමඳව බලපෑවේය. අඛණ්ඩව කියවන්නෙකු හා ලියන්නෙකු වන සේනාරත්න අදටත් ඒ ධෛර්යයෙන්ම වැඩ කටයුතු කිරීම සතුටක් ගෙන ඒ. විශේෂයෙන් පොදු ජනයා තම පාඨකයන් ලෙස තෝරා ගැනීම ඔහුගේ මානුෂික සමාජ දැක්මේ දිගුවක් ලෙස මම දකිමි.
 
        කැණිමඬල ගිනිගත් දා මගේ ග‍්‍රන්ථ අතර තමා බෙහෙවින් අගය කරන කෘතිය බව ප‍්‍රසාද් නිරෝෂ බණ්ඩාර මාධ්‍යවේදී සොහොයුරා නොබෝදා මා සමග පැවසීය. එයින් කුතුහලයට පත් මම එය කියවා බැලීමට උත්සාහ කළත් ඒ පොත මා සමීපයේ නැත. කවරයක් පමණක් ඇත. පොත විසිපස් වසරකට පසුවත් තවමත් වලංගු යයි මටත් හිතුනොත් පොතක් සොයා ගෙන ප‍්‍රකාශනය සඳහා ප‍්‍රකාශකයෙකුට බාර දෙන්නෙමි.
මේ දෙසැම්බර් අග සතියේ මගේ ‘වළාකුලූ බැම්ම’ නවකතාව පිටවන්නේ මගේ ග‍්‍රන්ථ ප‍්‍රකාශන ජීවිතයේ විසිපස්වන අවුරුද්දේය. මේ නිල සාහිත්‍ය ජීවිතයට පෙරාතුව සාහිත්‍ය ජීවිතයක්ද තිබුණි. ඒ ගැන පසුව ලියමි.

Tuesday, 17 November 2015

වීරයන් නඩත්තු කිරීම




            ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව ළඟ ළඟ පෙරලූනු බාල්දි අතරින් හතරවන බාල්දිය පෙරලා ඇත්තේ රෝහණ විජේවීරගේ බිරිඳ චිත‍්‍රාංගනී විජේවීර මහත්මිය විසිනි.
            විජේවීර මහත්මිය සිය දරුවන් ද සමග දැනට නැවතී සිටින්නේ වැලිසර හමුදා කඳවුරට අයත් නිවස්නයක ය. බලාපොරොත්තු විය හැකි පරිද්දෙන්ම මෙකී පවුල දීර්ඝ කාලයක් බලා කියාගත්  නාවික හමුදාව එම වගකීමෙන් නිදහස්වීමට යයි. තමන්ට එරෙහිව නැඟී සිටි කැරළිකාර නායකයෙකුගේ බිරිඳ හා දරුපවුල වසර 25 ක් තිස්සේ බලා කියා ගැනීමම එක්තරා ආකාරයට නාවික හමුදාව් හා රජය කළ ප‍්‍රශංසා කටයුතු කි‍්‍රයාවකි.
           රෝහණ විජේවීර මරා දැමුණේ 1989 නොවැම්බර් මාසයේදී ය. ඔවුන්ගේ බාලම දරුවා ඉපදුනේ 1989 නොවැම්බරයේ කියා සිතුවත් ඒ දරුවාගේ වයස අවුරුදු 26 කි. අනෙක් දරු පස් දෙනාම ඊට වඩා වැඩිමහල් විය යුතුමය. එහෙයින් ඒ සියලූ දරුවන්ට හා විජේවීර මහත්මියට තමන්ගේ ම වූ ස්වාධීන ජිවිතයක් ගත කිරීමේ හැකියාව තිබේ. එහෙත් රජයේ අරමුදලින් (මහජන බදු මුදල්වලින්* වසර 25ක්ම ජීවත් වූ ඔවුන් එය නවතින තැන තමන් බලා ගන්නට තම ස්වාමියා අනෙකුන්ගේ සහයද සහිතව තැනූ  දේශපාලන පක්ෂයට බලකරයි.
විජේවීර ජනතා විමුක්ති පෙරමුණ තැනුවේ තනිව නොවේ. ඒ සඳහා ජිවිත ද දහඩිය ද කඳුළු ද වැය කළෝ දහස් ගණනකි. අනෙක විප්ලවවාදි පක්ෂයක් තම මිය ගිය නායකයන් නඩත්තු කළ යුතු ආකාරයක් තිබේ. එ් ඔවුන්ගේ ඉගැන්වීම් හා කැපකිරීම් යළි යළි මෙනෙහි කරමින් ඒ ඔස්සේ ය.
          දැන් රෝහණ විජේවීරගේ බිරිඳ සිය සැමියා විසින් රචිත පොත් කිහිපයක් නැවත පළ කිරීම වළක්වමින් අධිකරණ කි‍්‍රයාමාර්ගයකට එළඹ තිබේ. මෙය දේශපාලන පක්ෂයකට, එහි අනුගාමිකයන්ට පමණක් නොව බුද්ධිමය සමාජය ද බැ?රුම්ව සිතිය යුතු අනාගත උවදුරක් පිළිබඳ අශෝභන පූර්වා දර්ශයකි.
            තවමත් ලංකාවේ බුද්ධිමය නීතිය විසින් මෙවැනි කාරණා පිළිබඳ නිරවුල් ආස්ථානයක සිටිමින් මෙවැන්නක් විවරණය කිරීමට අසමත්ය යන්න මගේ හැඟීමයි. නීතිය කෙසේ වෙතත් දේශපාලන හා සදාචාරය පැත්තෙන් ද විජේවීර මහත්මියගේ හැසිරීම සලකා බැලිය යුතුය.
            රෝහණ විජේවීර යනු එතෙක් තිබූ වාමාංශික ව්‍යාපාරයෙන් ද, ලෝක සමාජවාදී ව්‍යාපාරයෙන් ද බොහෝ දේ උගෙන, දේශපාලන ව්‍යාපාරයක් ගොඩ නැඟීමට දායක වූ පුද්ගලයෙකි. එහෙත් ඔහුගේ ඒ ව්‍යායාමය  සඳහා සිය ජීවිතයෙන් හා දේපළවලින් වන්දි ගෙවූ තවත් දහස් ගණනකි. කැප කිරීම් කළ අප‍්‍රමාණ ජීවිත සංඛ්‍යාවකි.
         මාර්ටින් වික‍්‍රමසිංහ හෝ වෙනත් ලේඛකයෙකු ලියන කෘතියක් ඔහුගේ පෞද්ගලික දැනුම සොයා යාමේ අරගලයේ මාහැඟි ප‍්‍රථිඵලයක් වූවාට විජේවීර රචිත කෘති එසේ පෞද්ගලිකව දැනුම සොයා යාමේ අරගලයක කොටසක් පමණක් ම නොවේ. ඒ සඳහා වන දැනුම හා අත්දැකීම් සපයා ගැනීමේ අරගලයට දායක වූවෝ වනාහි සිය ජීවිතයෙන්, දේපළවලින් හා කාලයෙන් සිය ශ‍්‍රමය පුද කළෝ ය. එහෙයින් විජේවීරගේ කායික ජීවිතය ද මානසික ජීවිතය ද නඩත්තු කළෝ ඒ මහා කැප කිරීම් කළ පුද්ගලයෝය.
          ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා ජීවත් වූයේ පොත පත ලිව්වේ කියෙව්වේ සිය පෞද්ගලික ධනයේ උපකාරයෙනි. දොස්තර වික‍්‍රමසිංහ දේශපාලනය කළේ සිය වෛද්‍ය දැනුම මගින් උපයා ගත් ධනයෙනි. පීටර් කේනමන් දේශපාලනය කළේ සිය ධනවත් පවුලේ ධනය වියදම් කරගනිමිනි. කොල්වින් ආර් ද සිල්වාගේ කායික හා බුද්ධිමය ජීවිතය නඩත්තු කළේ ඔහුගේ නීතිඥ වෘත්තියෙන් උපයා ගත් මුදලිනි.
          එහෙත් විජේවීරගේ තනි පෞද්ගලික ජීවිතය පමණක් නොව ඇගේ දරුමල්ලන් සහිත සුවිශාල පවුලද නඩත්තු කළෝ පක්ෂයය. පක්ෂයට සල්ලි සපයා දීමට මේ රටේ දුගියෝ ද තරුණයෝ ද ශිෂ්‍යයෝ ද වෙනත් තරාතිරම්වල පුද්ගලයෝ ද දායක වූහ. ජවිපෙ කැටවලට සල්ලි නොදැමූ කිසිවකු ශී‍්‍ර ලංකාවේ වෙත් නම් ඒ අතළොස්සකි. ඔවුන්ගේ නියමුවා, ගිනි පුපුර, ආදි පත්තර විකුණන්නට වෙරදරන ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයන් ලක්වන උසුලූ විසුලූ නින්දා මම දැක ඇත්තෙමි. එහෙත් ඒ සා හැඟීමෙන් දායක වූ මිනිසුන්ගේ දහඩිය මහන්සියෙන් පවුලක් නඩත්තු කිරීම ඒ කැටවලට සල්ලි දැමූ පුද්ගලයෙකු වශයෙන් මම නම් විරුද්ධ වෙමි. ඒ අපේ දහඩිය මහන්සිය අපහරණය කිරීමක් සේ මම සලකමි.
           ජවිපෙ විජේවීර පවුලේ දේපළක් ද? විජේවීර මහත්මියගේ සොහොයුරා වූ වෛද්‍ය සුභාෂ් ප‍්‍රනාන්දු නැමැත්තා එකළ විදේශයක සිට පැමිණ සිය මස්සිනාගේ හයියගෙන රණ්ඩු සරුවල් කරගත් අයුරු අපට මතකය. විජේවීර මහත්මියගේ හැසිරීම ද ඊට දෙවෙනි නොවේ.
            විජේවීර මහතාගේ බිරිය හා දරුවන් වනාහි ඔහුගේ දේශපාලන ජීවිතයේ කොටස් නොව ඔහුගේ පෞද්ගලික ජීවිතයේ ඵලයන් ය. ඒ සුවිසල් පවුලේ යහපත සඳහා පක්ෂ සාමාජිකත්වය, අනුගාමිකයන් හෝ හිතවතුන් කිසිවක් කිරීමේ අවශ්‍යතාවක් හෝ යුතුකමක් නැත. සැබැවින්ම එසේ කරන්නේ නම් ජනතා විමුක්ති පෙරමුණ වටා සිටින මහ ජනකායගේ කැපවීම් අපහරණයේ යෙදවීමකි.




Wednesday, 14 October 2015

වලාකුළු බැම්ම





              මගේ අළුත්ම නවකථාව ''වලාකුළු බැම්ම" ලෙස නම් තැබුවෙමි. නම් ගනනාවක් අතරින් ඒ නම තෝරා ගැනීමට මා මිතුරු නිමල් ඒකනායක හා චූලාභය ශාන්ත කුමාර හේරත්ගේ සහය පැතුවෙමි. නිමල් කොහොමත් කලා කෘතිවලට නම් තැබීමේ ශූරයෙකි.-පුත්‍ර සමාගම-අයි නාලිකාව -උක්දඩු ගින්න-ඒ ශූරකමේ අගනා ප‍්‍රථිපලය. වලාකුළු බැම්මම විය යුතු යයි කීවේ නිමල්ය.

             සමහරවිට මේ මගේ අවසාන විශාල නවකථාව විය හැකිය.පිටු ගණන හයසියයකට ආසන්නය. අවුරුදු තුනහමාරක් මේ සදහා වැය කෙළෙමි. 1997 අවුරුද්දේ -හැන්දෑදුරය- පිටවුනාට පසු නවකතාවක් ලියා නැත්තෙමි.

              වලාකුළු බැම්මේ මා දැන් සිටින්නේ තුන්වනවරට සෝදුපත් බලන අවස්ථාවේය. එය සො‍දුරු කාර්යයක් වෙතැයි කලින් සිතා සිටියත් එය මහත් අසහනකාරී දෙයක් වී ඇත්තේ ජීවන ගැටළු ඒ මතට රොක්වී ඇති නිසාය.එක ඇසක සිදුවී ඇති පෙනුමේ අඩුවක්ද මෙම කාර්යයට බාධා කරයි.

              පොත ප්‍රකාශ කරන්නේ සරසවි ප්‍රනාශකයන්ය. නිමල් ඒ සදහා වන මිතුරු කපුකම කළේය. ප්‍රකාශනය සදහා විධිමත් ක්‍රියාමාර්ග ඉදිරි දෙසතිය තුල ගැනෙනු ඇත.

             කවරය දිනිදුට දෙන්නට සිතා සිටිමි.මගේ පසුගිය කෘති කිහිපයකම කවර නිර්මාණය කළේ ඔහුය.
පරිඝනක අකුරු කළේ මගේ මල්ලී නලින්ගේ මැදිහත් වීමෙනි.එහි තවත් ඉතිරි කොටස් චන්දිමා සොයුරිය ඉටු කළාය.වියරණ බැලුවේ ධර්මරාජ විද්‍යාලයේ විශ්‍රාමලත් සිංහල ආචාර්ය ඩී.බී.හේරත් මහතාය.

             මේ කෘතිය ප්‍රකාශනය වනතුරු මම ආශාවෙන් බලා සිටිමි. ලියා හමාර වූ දා හීන් අඩියක් සප්පායම් වෙමින් නවකථාවේ ගැබ්බර බරින් හෑල්ලුවීමේ සතුට අහිංසකව වින්දෙමි. මට තවත් ධනයක් ඇතැයි සිතුවෙමි. සෝදුපත් බලන විටත් යම් පිරැණු බවක් දැනේ. පොත ප්‍රකාශනයට පත්වනදා කොහොම හිටීවිද?

පතීගේ කලාව


              
             මම ඉන්නේ නැවත ප‍්‍රචාරය වන කඩුල්ල ටෙලි නාට්‍යය නරඹමිනි. දැන් කැනඩාවේ වෙලාවෙන් රාති‍්‍ර 2.00ය. එහි නිර්මාණකරුවා වන්නේ ආචාර්ය ධර්මසේන පතිරාජයන්ය. ඔහු මගේ ලෝකය තුළ සදා නොනිවෙන පහන් තරුවය. මගේ කලාවේ ගමන් තරුව වූයේ ඔහුය. අපි පාසල් යන පැටි වියේදී අපගේ අනාගත ඉරණම රැුඳී පවතින්නේ සිනමාව ඔස්සේ යැයි සිතුවේ පතී නිසා ය. ඔහු අපගේ පාසල වූ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ජේෂ්ඨ ආදී ශිෂ්‍යයෙකි. පතී තිරනාටකය ලියූ හන්තානේ කතාව තිරගත වන විටත් ඔහුගේ පළමු කෙටි චිත‍්‍රපටය වූ ‘සතුරෝ’ හා ඔහුගේ පළමු වෘත්තාන්ත චිත‍්‍රපටය වූ ‘අහස් ගව්ව’ චිත‍්‍රපටය තිරගත වන විටත් ඒවා බැලීමට තරම් තැනක අපි පසු නොවූනෙමු. අප දුටු පතීගේ පළමු චිත‍්‍රපටය වූයේ බඹරු ඇවිත්ය. එය අපගේ රසික ඇස කණා පොල්ලන් ගැස්සවීය. චිත‍්‍රපටය බැලීමෙන් නොනැවතී අපි පාසල් සිසුන් කණ්ඩායමක් සේ පතී සොයා කොළඹ නොදන්නා අපි, කොළඹ ආවෙමු. රාජගිරියේ වැලිකඩවත්ත පාරේ පිහිටි ඒ නිවහන තාම මට මතකය. ජීවිතය සරලව බාර ගන්නා ඔහුගේ විභූතිමත් ඇස් දෙකට හා නොනැසෙන තාරුණ්‍යයට සමාජයේ බොහෝ දේ විෂය වේ යයි අපි සිතුවෙමු. විද්‍යා විෂය හදාරමින් සිටි අප කලාවට පිවිසුණේ අපටත් පතී කෙනෙක් වෙන්නට හැකි යයි සිතාය. පාසල් වියේදීම අපි මත්පැන් තොලගෑවේ පතී බොන නිසාය. ඒවා සුන්දර විභුතිමත් මිනිසකුට අත්‍යාවශ්‍ය එකකැයි අපි සිතුවේ පතී හරහාය. ලෙඩ රෝගවලට මාවත් හෙළි නොකරන්නේ නම් අපි එදා හිතුවා හරිය. (හැම වටිනා දේකම අඳුරු පැත්තක් තිබේ.)
             පතීගේ බඹරු ඇවිත් මම දහ හතර වතාවක් බැලූවෙමි. මහනුවර වේල්ස් සිනමා හලෙන් ගැලවී ගොස් කඩුගන්නාව කීර්ති සිනමා හලේ තිරගතවන විටත් බැලූවෙමි. කැනඩාවට පැමිණත් දෙතුන් වරක් වීඩියෝ මාර්ගයෙන්ද එය නැරඹුවෙමි. හෙටත් මැරෙන තුරාවට අලූත් දැනුමක් දෙන කලා කෘතියක් සේ එය අපට බොහෝ දේ දෙනු ඇත.
             1979 හෝ 80 දවසක පතී අපේ පාසලේ දේශනයකට කැඳවාගෙන යාමටත් මමත් මගේ සගයා වූ ධම්මික මාභරනත් විද්‍යාලපති ඒ. පී. ගුණරත්න ගුරු පියාගේ වාහනයෙන් මහනුවර දුම්රියපලට පැමිණියෙමු. පතී එදා පෙනී සිටියේ ඩෙනිම් කලිසමකිනි. සාක්කු බොහෝ ගණනක් ඇති කපු කමිසයකින්ද සෙරෙප්පු දෙකකින් යුතුවය. එදා ඔහුගේ මනා ආකර්ෂණය අප හිත් බැඳ ගත් නිසා තවමත් අපට ටයි කෝට් ඇඳීම කැමැත්තෙන් කළ නොහැකි ව තිබේ.
            පසු කලෙක විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයන් ලෙස පතී බුහුමන්  ලබන සමයේ (1998) මාද මැදිහත්ව තැනූ ‘ධර්මරාජ විද්‍යාලයීය කලා සංගමයේ’ ප‍්‍රධාන ආරාධිතයා ලෙස පතී කැඳවූවෙමි. ඊට වසර තුනකට පෙර ආරම්භ වූ මේ කලා උළෙලේ ආරාධිතයා වූයේ අග‍්‍රාමාත්‍ය රත්නසිරි වික‍්‍රමනායක, ජී.ඇල්. පීරිස්, සරත් අමුණුගම හා බැටී වීරකෝන්ය. ඔවුන් පැමිණියේ මනා පූර්ණ බටහිර ඇඳුමෙන් සැරසීය. පාසල් සිසුන්ගේම යෝජනාවක් අනුව දේශපාලකයන් පසෙක තබා මහා කලාකරුවන් ප‍්‍රධාන අමුත්තන් සේ සහභාගි කරගැනීමට තීරණය විය. ඒ පළමු තේරීම අපේම ආදි ශිෂ්‍යයෙකු වූ පතිරාය. පතීද මේ කලා උළෙලට ඊට පෙර නොවරදාවම සහභාගි වී තිබුණි.
          බටහිර හා පෙරදිග තූර්ය වාදක කණ්ඩායම් දෙක පෙරටු කරගත්, විද්‍යාලාධිපතිතුමා ආදි ශිෂ්‍ය සංගම් සභාපති හා කලා සංගම් ප‍්‍රධානීහු ප‍්‍රධාන අමුත්තා පිළිගැනීමට සිසුන් දින තුනක් දිවා ? මහන්සිවී තැනූ තොරණ පාමුල රැුඳී සිටියෙමු. පතී පැමිණියේය. ඒ අප සිතූ විදිහට නොවේ. හැමදාම අඳින අමුතු කමිස වෙනුවට සුදු කමිසයක් හැඳ සිටියේය. ඒ්ත් මඳක් අත් නමාගෙනය. විදුහල්පතිවරයාගේ සිනාවත් ඇඹුල්වීමත් අතර මුහුණ මම දුටුවෙමි. එහෙත් සියල්ල යථා පරිදි සිදු විය.
       එකළ අප දිනපතා හෝ සතිපතා කිහිප දිනක්වත් බ්ලූම්පීල්ඞ් සමාජ ශාලාවේදී  හමු වී කලාව ගැන කථා කළෙමු. පසුදාට කවර තරමේ වැඩ රාජකාරි තිබුණත් පතී නික්ම යන තෙක් බිබී සංවාද කෙළෙමු. නිමල් ඒකනායක, නැසීගිය විමල් හලංගොඩ, ලයනල් වික‍්‍රම, සුනිල් සිරිසේන මහින්ද සේනානායක (විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ) ඒ පිරිස් අතර විය.
       2014 අවසන්වරට ලංකාවට ගිය විටත් ඒ හමුව එසේම පැවැත්විණි. විමල් හලංගොඩ මිය ගොසිනි. ලයනල් ආවේ නැත. ඩොනල්ඞ් කරුණාරත්න හා ජයලත් මනෝරත්නද විය. එදා ඒ කථාකරන සෙනෙහෙබර ඇස් වලින්ද සංයමශීලී බුද්ධිමත් වචන පිටකරන මුවින් ද පතී අප හා කථා කළේය. පතීගේ වයස දැන් අවුරුදු 72 ක්ලූ. එතරම් නොනැසෙන තාරුණ්‍යයක් මම දැක නැත්තෙමි. අපට ඔහුගේ අනුගමනය කළ නොහැකි වූ බොහෝ දේ අතර නොනැසෙන තාරුණ්‍යයක් පවත්වා ගැනීමට ඔහු අත්දුටු ක‍්‍රමවේද අප අත්නොදිටුවෙමු. ඔහු මෙන් අනාගාමිකයෙකු වීමට අපට බැරි විය. ඔහු මෙන් පූර්ණ භෞතිකවාදියකු වීමට අපට බැරි විය. ඔහු මෙන් පතලා වූ මානව හිතවාදයක් දරා සිටීමට බැරි විය. ඔහු මෙන් නව දැනුම ඉවසන්නෙකු වීමට අපට බැරි විය. ඔහු මෙන් සිය පෞද්ගලිකත්වය සරලවද ඒ හා සමානවම බැ?රුම්වද ගැනීමට අපට නොහැකි විය. ධන ධාන්‍ය බව භෝග සම්පත්වලට උකටලීව සිටීමට අපට නොහැකි විය.
      බොහෝ දෙනා තොරොම්බල් කරන ගෞතම සිද්ධාර්ථ චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කිරීමට පළමු ඇරයුම ලැබුණේ පතීටය. ඔහු එය බාරගෙන පිටපත ද ලියූ බව සැලය. එහෙත් එහිදී චිත‍්‍රපටය වෙළඳාමේ දී ඇති විය හැකි බාධා දුරලීමටදෝ අප දන්නා තරමින් ආගම් ගැන එතරම් තැකීමක් නොකරන චිත‍්‍රපටයේ නිෂ්පාදක නවීන් ගුණරත්න පිටපත ‘පුරාවිද්‍යා චක‍්‍රවර්තී’ එල්ලාවල මේධානන්ද භික්ෂුව වෙත අනුමැතිය පතා යොමු කළ යුතු යයි යෝජනා කර ඇත. පතී ඒ සඳහා විරුද්ධ වූවා පමණක් නොව එකී ව්‍යාපෘතියෙන්ද ඉවත් විය. අප තොරොම්බල් කරමින් නැරඹුයේ ඒ කලාව මරා උපන් දේවගුත්ත නාමධාරී සිද්ධාර්තය.
          පතී යනු මාවත් ගණනාවකින් සොයා යා හැකි මිනිසෙකි. මා ආරම්භකව සිතු මාවතෙන් බොහෝ දුර ගියෙමි. යළි මම එහි පැමිණියෙමි.
         අපගේ සිනමා ආගමනය සිදු නොවූයේත්, පතීට සිනමා දිවියෙන් බොහෝ කලකට වෙන්වීමට සිදු වූයේත්, එකම හේතු කාරණා නිසා ය. විවෘත ආර්ථිකය පැමිණීම, සිනමාවේ ආගමනය, 83 කළු ජූලිය හරහා ජනයාගේ විනෝද සිත් ඇහිරීම, සිනමාව ආයෝජන ක්ෂේත‍්‍රයක්ව තිබූ අවධිය විවෘත ආර්ථිකය හරහා ඇහිරී යාම ඒ  කාරණාය. මට වසර මතක නැත. එහෙත් ගැහැණු ළමයි චිත‍්‍රපටයේ රඟ පෑම වෙනුවෙන් වසන්ති චතුරානිට හොඳම නිළියට හිමි කතෝලික සිනමා පර්ෂදයේ සම්මානය ලැබුණු වසර විය. එදා මමද ඒ උත්සවය බැලීමට ගොස් සිටියෙමි. එදා සරල පතීට ගාම්භීර ගාමිණී ෆොන්සේකා හමුවිය. ඒ දෙදෙනා හුවමාරු කරගත් දෙබස අවුරුදු 30 කට පමණ පසුවත් මට මතක තිබේ.
ගාමිණී : කොහොමද පතී.
පතී : ඔහෙ ඉන්නවා.
ගාමිණී : ළඟදි ඔයාගේ චිත‍්‍රපටයක්වත් දැක්කෙ නෑ.
පතී : කෝ අපිට චිත‍්‍රපටි හදන්න සල්ලි වියදම් කරන්න නිෂ්පාදකයො.
ගාමිණී ලජ්ජාවෙන් සිනාසෙමින් ඉවත්ව ගියා මට මතකය.
         අපගේ සිනමා සිහිනය වැළකුණේ ද පතීලා චිත‍්‍රපට නොහැදු නිසාය. අප එල්ලෙන්නට සිතා සිටි පතීටද ඒ ආර්ථික සමාජ දේශපාලන වාතාවරණය තුළ චිත‍්‍රපට නොලැබුණේය. අපි ඉන් විතැන් වී ලේඛන කලාවට පිවිසියෙමු. එය අප මිනිසුන් ලෙස ඔසවා තැබීය.
       ඒ දීර්ඝ විරාමයට පසු පතී චිත‍්‍රපටයක් 2000 දී පමණ නිෂ්පාදනය කළේය. ඒ ”මතුයම් දවසක’’ යි. ඒ ගැන මම කිසිත් නොකියමි.
      සැබැවින්ම ඔහුගේ නැවත  ආගමනය සිදු වන්නේ ‘සක්කාරං’ සමගය. එය තුළ පතීගේ නිර්මාණාත්මක  ජීව ගුණය රැුඳී ඇතැයි සිතමු.

Monday, 21 September 2015

භික්ෂූන්ගේ නිර්මාණ සාහිත්‍යය හා රන් කරඬුව

 
 

             මෛතී‍්‍ර මූර්ති හාමුදුරුවෝ ලියූ ‘නංගි වෙතටයි’ නව කතාව මා කියවූයේ අප කනිටු පාසල් ශිෂ්‍යයන්ව සිටි අවධියේය. ඒ පොතේ කතා සංදර්භය මට මතක නැතත් ඉන් මනා වූ රසයක් විඳිබව දැනුදු සිහිවේ. චිත‍්‍රයක හෝ නර්තනයක රස විඳ එය යම් කාලයකට පසු සිහියට නැගෙද්දී ඇතිවන ප‍්‍රමෝදය වැන්නක් මෛතී‍්‍ර මූර්ති හාමුදුරුවන්ගේ පොත් ගැන සිහිවන විට දැනේ. ඞීමන් ආනන්දගේ පොත් පත් කියවා කියවීමේ රසය දල්වා ගත් අවධිය පසු කළ පසු මෛතී‍්‍ර මූර්ති, ජි.බී. සේනානායක, කුමාර කරුණාරත්න, කරුණාසේන ජයලත් මට හමු විය. මෛතී‍්‍ර මූර්ති හිමිගේ පොත් නැවත කියවීමේ ආසාවෙන් පෙලූනත් මට මේ වැඩිහිටි ජීවිතයේදී තවම ඒවා හමු වී නැත.
            මට සිලූටු කථා විලාසයකින් භික්ෂුවකට අනුයන ඉවුරු නොබිඳගෙන, ඒවා බිහිවූ යුගයේ රිද්මය කැටිකරගත් නවකතා ලෙස මෛතී‍්‍ර මූර්ති හිමියන්ගේ නවකතා සැලකිය හැකිය. මෛතී‍්‍ර මූර්ති හිමියෝ  ඔය පොත්  ලියන අවධියේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගුරුවරයෙකුව සිටි රූප සම්පත්තියෙන් අගපත් භික්ෂුවක බව කියැවේ. උන් වහන්සේ වැඩ සිටි පේරාදෙණිය හිඳගල පැත්තේ විහාරයට බුදුන් වැඳීමට එන මුවාවෙන් පළාතේ තරුණියෝ මෛතී‍්‍රමූර්ති හිමියන්ගේ රූප සම්පත්තිය නැරඹීමට පැමිණෙන බව ඒ පළාතේ පදිංචිව සිටි මගේ මිතුරකු මා සමග පැවසීය. එහෙත් මෛතී‍්‍ර මූර්ති හිමියන් සිය සංඝ ගෞරවය කෙළසා නොගෙන සිය ආගමික හා සාහිත්‍ය ජීවිතය පවත්වාගෙන ගිය බවද මගේ මිතුරා උන්වහන්සේට ගෞරවයෙන් යුතුව මා සමග පැවසීය.
            මෛතී‍්‍ර මුර්ති හිමියන් ගැන මට මතක් වූයේ මෙවර ස්වර්ණ පුස්තක සම්මානය දිනූ පූජ්‍ය බටුවංගල රාහුල හිමියන්ගේ ”රන් කරඬුව” පොත කියැවූ පසුවය. බටුවංගල රාහුල හිමිද අයත් භික්ෂු සංස්ථාව පිළිබඳව මට ඇත්තේ බලවත් ලෙස ඉරි තලා ගිය විශ්වාසය බිඳ වැටුණු මනෝභාවයකි. ඒ මනෝ භාවයන් ඇතිකළ භික්ෂූ ප‍්‍රතිරූපකයන් අතර රාහුල හිමියන් නොසිටින බව පැහැදිලිය. එහෙත් චීවරධාරිීන් විසින් සමාජයේ අවගමනයට කර ඇති කටයුතු හා ඔවුන්ගේ නොමනා හැසිරීම අහිංසක නිර්ව්‍යාජී භික්ෂු රත්නයන් ගේ ප‍්‍රතිරූපයන්ටද මද හෝ කැලල් සිදු කරයි. බණ්ඩාරනායක මහතා ඝාතනයට නම ගෑවුනේ කැලණි විහාරයේ අධිපති මාපිටිගම බුද්ධරක්ඛිත හා තල්¥වේ සෝමාරාම නම් වූ භික්ෂූන් දෙදෙනෙක් පමණි. ඒ තිරස්චීන ඝාතනය දහස් සංඛ්‍යාත අවශේෂ භික්ෂු සංඝයා හෙළා දැක්ක බවත් උන් වහන්සේලා එයින් සංවේගප‍්‍රාප්ත වූ බවත් සැබෑවකි. එහෙත් පුහුදුන් සමාජය ඒ දවස්වල භික්ෂුවක පාරේ බැස යාමට බැරි තරමට නින්දා අපහාස කළ බව අසන්නට ලැබේ.
             ඒ ආකාරයට, අන්ත ජාතිවාදය ඇතුලූ තිරස්චීන තත්වයන් ආරක්ෂා කිරීමේ භික්ෂූන්ගේ වර්තමාන භූමිකාව බොහෝ දෙනෙකුගේ අප‍්‍රසාදයට ලක්ව තිබේ. බටුවංගල රාහුල හිමියන්  වැනි උඩුගං බලා පිහිනන්නට උත්සාහ යතිවරයන් වහන්සේලාද ඒ ගොඩටම දැමීමේ අවාසනාවන්ත තත්වයක් දක්නට ලැබේ. ශී‍්‍රපාද ඡුන්ද විමසීමේදී බලය අත්පත් කරගත් ආකාරය, දළදා මාළිගාවේ දියවඩන නිලමේ තේරීමේ දී හොරෙකු ආරක්ෂා කිරීමට නාමධාරී භික්ෂුන්ම දරණ ලද වෙහෙස, බොදුබල සේනා, රාවණා බලය ආදි සංවිධාන සමාජයේ ක‍්‍රමික සාමගී‍්‍රයට කරන චණ්ඩිකම් ආදිය ඔස්සේ මැවුණු ප‍්‍රතිරූපය චීවර දරන්නා වූ හැම කෙනෙකුටම පාහේ එල්ල වෙමින් පවතී. ඒ අතරට පැමිණි අසපු සංකල්පය ගිහි බෞද්ධයන්ගේ අතාර්කික භක්තිය සිය මඩි තරකර ගැනීමට හා ප‍්‍රතිරූප නංවා ගැනීමටත් යොදා ගැනීම හරහා තවත් පැත්තකින් භික්ෂුවගේ ප‍්‍රතිරූපයට හානි සිදු වී ඇත.මෙවැනි අයහපත් වාතාවරණයක් තුළ භික්ෂූන් අතින් නිමවන වැදගත් දෙයක් හෝ නිසිලෙස අගය නොකෙරෙන බව දකින්නට තිබේ.
              ”රන් කරඬුව” ස්වර්ණ පුස්තක සම්මානය දිනූ බව මා පළමුව දැන ගත්තේ මුහුණු පොතෙනි. එහි තිබූ එක කොමෙන්ටුවක  වැඩකට නැති පොතක් ලෙස එම කෘතිය හඳුන්වා තිබුණි. එවැනි කොමෙන්ටු පවා පාඨක සිතට බලපෑම් කරන බව මම දනිමි. ඒ කොමෙන්ටු කරුවාට බලපා ඇත්තේ භික්ෂූන් කෙරේ වන පොදු ප‍්‍රතිරූපය බව මගේ හැඟීමයි.
               කෙසේ වෙතත් මම රන් කරඬුව කියවා හමාර කර සිටින්නෙමි. එහෙයින් මට අනෙක් ප‍්‍රාථමික නිර්දේශ තවදුරටත් වැදගැම්මක් නැත. රන් කරඬුවට වඩා හොඳ කෘති ස්වර්ණ පුස්තක සඳහා නිර්දේශිත කෘති අතර තිබෙනවාදැයි මම නොදන්නෙමි. ඒවා ගැන දැන ගත හැක්කේ ඒ පොත් කියවූ පසුවය.
ආචිර්ණ කල්පිත, පඩික්කම් පුරවන, ආධිපත්‍යධාරි භික්ෂුවක් නොවන්නාවූ, පෘතග්ජන උපේක්ෂාශීලී භික්ෂුවකගේ නිර්මාණශීලී ජීවාත්මය මම රන් කරඬුව තුළින් දකිමි. පොත අතට ගත් වෙලේ මේ නවකතාවේ ශෛලිය ජී.බී. සේනානායක අනුගමනය කළ එක් ශෛලියක් පදනම් වී යයි සිතුවෙමි. දෙවනුව ජී.බී ගේ ශෛලිය හා නවගත්තේගමගේ ශෛලියේ සම්මිශ‍්‍රණයකැයි සිතීමි. එහෙත් වැඩි අවධාරණයකින් බැලූ විට දැක ගත හැකිවූයේ ජීවිතයේ ස්වභාවික ප‍්‍රාථමික නිර්දේශයන් බැහැර කරමින් ලෝකෝත්තර නිර්වචනයකට අනුව සිය සැබෑ ජීවිතය හැඩ ගසා ගන්නට තැත් කරන පෘතග්ජන ශ‍්‍රමණයෙකුගේ ජීවන ලාලසාව එහි ගැබ්වන බවයි. එය අමුතු හා නිර්භීත ප‍්‍රවේශයකි. එමෙන්ම අත නොගැසූ කලාපයක දුර්ලභ තෝරා ගැනීමකි. සිවුරින් එතුනු පෘතග්ජන පුහුදුන් මිනිස් සිරුර රහත් භාවයට ඔසවා තැබෙන අමාවැස්ස, පිච්චමල වැනි නවකතා සැදැහැවත් පාඨකයාගේ භක්ති මනස නොසෙල්වාම තැබුවේය. එහෙත් ධී ශක්තියෙන් අනූන නිර්මාණ වේදයක් අනුගමනය කළ මාර්ටින් වික‍්‍රමසිංහ බුදු හිමිම උදාහරණකොට එතුමන්ගේ සිය ජීවන අරගලයේ යථාව බවතරණය තුළින් නිරූපණය කළේය. එයින් සංස්ථාපිත බෞද්ධයෝ කිපුණහ. ඒ කිපුම වනාහි කාලාම සූත‍්‍රය වැනි දහමක් වදාළ ඒ ශාස්තෘවරයා සොයා යාමට ඇති හොඳම මග වන විචාරාත්මක මග අසුරාලීමකි. 
රන් කරඬුව තුළින් කතුවර හිමියෝ උන්වහන්සේද ඇතුළත්වන භික්ෂු සංඝයා නිරත ලෝකෝත්තර අරගලය එහි පැතුම් සමුදාය, බිඳ වැටීම්, සහ පිට පැනීම් යථා ස්වරූපයෙන් සටහන් කරයි. ගිහි ජීවිතයෙන් මිදී භික්ෂුවක් ලෙස වෙනත් ජීවන සම්ප‍්‍රදායකට ඇතුළුවීමට ගත්තා වූ තීරණයට බලපෑ සිය ළමා වියේ ස්නේහවන්තිය පිළිබඳ දයාර්ද අනුවේදනීය පෘතග්ජන හැඟීම සිය පරමාර්ථ සාධනය පිළිබඳ වෙහෙසකර අරගලයේම කොටසක් කරගනිමින් බොහෝ දුර රැුගෙන එයි. කතුවරයා භික්ෂුවක ද වූ තතු යටතේ ඉතා කෘති‍්‍රම අවසානයක් දෙමින් විප‍්‍රලම්බ ශෝකයෙන් දැවෙන  ස්නේහවන්තිය ද, බුද්ධධර්මය ද නදී තෙරකදී මුණ ගස්සවා සියල්ල හමාර කිරීමට තැත් කරතත් එය එසේ නොකළ හැකි බව තත් විෂයයේ බැ?රුම්ව නියලෙන ගිහි අපට නම් වැටහෙන්නේය. රාහුල හිමියන්ටද එය වැටහෙනු නිසැකය. එහෙත් උන් වහන්සේගේ භික්ෂූත්වය හා නිර්මාණය අතර ගැටුම මතුවන්නේ එතනදීය.
                 ලෝකෝත්තර වටිනාකමක් සහිත රන් කරඬුවක් හා කුඩා පැන්සල් කොටයක ගැබ්වුණු මහ කෙලෙසක් ඔලොගුවක දමා ගෙන දෙකම සුරැුකිමින් බුදු දහමේ මූලය හා එහි පිළිසරණ සොයා යාම අපූර්ව නිර්මාණ නිමිත්තක් තොර්ා ගැනීමකි. බුදු දහමේ නාමයෙන් එයට පටහැනි දේ කරන දේවදත්ත වැනි භික්ෂූන් හා ඔහුගේ අනුග‍්‍රාහක අජාසත් රජු වත්මන් ශාසන විලෝපිත භික්ෂූන් හා ඔවුන්ගේ අනුග‍්‍රාහක දේශපාලකයන් සියුම්ව සමවාය කිරීමකි.
              බටුවංගල රාහුල හිමියන් අතළොස්සක් වූ නිර්මාණකාරියේ යෙදෙන භික්ෂුන් අතර වැදගත් ස්ථානයක් ගනී. ඔහුගේ නිර්මාණවේදය නිර්මාණාත්මකය. නැවුම්ය. පර්ල් එස් බක්ගේ ඨදදා ෑ්රඑය කෘතිය සිංහලට නැගුයේ භික්ෂුවක විසිනි. ඒ 1960 ගණන්වලදී ය. ඉනික්බිති පළමු වරට පොදු ජනයාට සමීප වහරකින් නිර්මාණ කාරියේ යෙදුණේ මෛතී‍්‍ර මූර්ති හිමියන්ය. කෝන්ගස් දෙනියේ ආනන්ද මණ්ඩාවල පඤ්ඤාවංශ, වීර පොකුණේ උපරතන ආදී භික්ෂූන්ද උසස් නිර්මාණාත්මක සාහිත්‍යකරුවන් ලෙස සැලකිය හැකිය. කවර තරමේ භික්ෂුවක් වුවත් ඔහු භික්ෂු ජීවිතයට එළැඹෙන්නේ සිය ජීවිතයේ අප‍්‍රමාණ දේවල් කැප කරමිනි. ඒ කැපකරමින් තම ජීවිතයට අලූතින් එක්කර ගන්නා තමා අනුයන ලෝකෝත්තර දැක්ම සිය කෘතිීන් මත විවිධ ප‍්‍රමාණයන්ගෙන් ් ඇතුලූ වීම වැළැක්විය නොහැක.  පොදු සාහිත්‍ය පෝෂණය කරන වෙනම සාහිත්‍ය ශානරයක් ලෙස භික්ෂුන් අතින් ලියවෙන මෙම සාහිත්‍ය ධාරාව අප තේරුම් ගත යුතුය. බටුවංගල රාහුල හිමියන්ගේ රන්කරඬුව එකී ශානරයට ඇතුලූ කළ හැකි අගනා කෘතියකි.

Friday, 21 August 2015

ගරු සරු ඇති කරු

 
 
 


      ගෙවීගිය මහා මැතිවරණ ප‍්‍රථිපලය ගැන පළමුව මම සතුටු වෙමි’ එහි සාධනීය අංග ගණනාවක් තිබෙන බව මගේ හැ`ගීමයි’’ මෙකී මැතිවරණ ප‍්‍රථිඵලයේ වඩාත්ම සිත්ගන්නා සුලු හා ආශ්වාදනීය කාරණය වන්නේ කරුණාරත්න පරනවිතාන ගේ තේරී පත්වීමයි’පළමුව ඔහු අපගේ මිතුරකු වන්නේය’ එමෙන්ම ඔහු ගැමි හා නාගරික දේශපාලන සමාජය පිළිබඳ කලක් තිස්සේ කළ හැදෑරීම් වලින් යුක්තවූ ද එමගින් ලද පන්නරයකින් යුක්ත වූ ද තරුණ බුද්ධිමතෙකි’ ධන බලය හා වෙනත් සාටෝපයන්ගෙන් තොරව ඡුන්දදායකයාගේ දේශපාලන දැනුම සඳහා යමක් දෙමින් සිදුකළ මැතිවරණ කි‍්‍රයාදාමයක් දියත් වනු අප දුටුවේ කරුගෙනි’
     පැරණි පළපුරුදුකම් අනුව හොඳ මැතිවරණ කි‍්‍රයාවලියක් රත්නපුරේදී බලාපොරොත්තු විය හැකිව තිබුණු අනෙක් කෙනා සිටියේද රත්නපුර ලැයිස්තුවේය’ ඒ වාසුදේවය’එහෙත් ඔහු ඒකාධිපතියෙකු වෙනුවෙන් කඩේ යමින් සිය දැනුවත් අතීත කීර්ති කදම්බයන් තමන්ම කා විනාශ කර ගත්තේය’
     පරණවිතානගේ මැතිවරණ කි‍්‍රයාදාමය ලංකාවේ මෙවර සමස්ථ මැතිවරණ කි‍්‍රයාවලියේ නිර්මාණශීලීම එක යයි මගේ විශ්වාෂයයි’එසේ නැත්නම් එය චම්පිකගේ මැතිවරණ කි‍්‍රයාවලිය හා සමානව සිටී’ කරු ජනතාවට බොරු කීවේ නැත’ ඔහු ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය වෙත බුද්ධිමතුන් කැඳවා ගත්තේය’ විද්වතුන් රත්නපුරේ සාමාන්‍ය ජනතාව ඇමතූහ’ විද්වතුන් ජනතාව ඇමතීමෙන් චන්ද ලබාගත හැකියයි කරු විශ්වාෂ කිරීමම අද වැනි දවසක විශේසයක් නොවන්නේද? එමගින් ඔහු තමන් මෙහෙයවන ජනතාව බුද්ධිමත් යයි විශ්වාෂ කළේය’ ඒ මහජන තීරුව විශාල එකකැයි ද විශ්වාෂ කළේය’ එලෙස ජනතාව විශ්වාෂ කරන අපේක්ෂකයෝ ප‍්‍රධාන පක්ෂවල නැත’ ප‍්‍රදාන පක්ෂ දෙකේ නාමධාරී උගතුන් වන ජී’ඇල්’ පීරිස් ආචාර්ය සරත් අමුණුගම මහාචාර්ය තිස්ස විතාරණ වැන්නෝ වුවද එවැන්නක් විශ්වාෂ නොකරති’ එහෙත් පරනවිතාන එය විශ්වාෂ කළේය. ඒ විශ්වාෂය සත්‍යයක් බවද ඔප්පු කළේය’
     මෙම මැතිවරණයෙන් අපේ හිතවතුන් කිහිප දෙනෙකුම ජයග‍්‍රහණය කර ඇත. එහෙත් දිදුලන ජයග‍්‍රහණය වන්නේ කරුණාරත්න පරනවිතානගේ ජයග‍්‍රහණයයි.

Wednesday, 29 July 2015

අබ්දුල් කලාම් ; පුරෝගාමී යුග කාරක පුරුෂයෙක්



             2002 වසරේ සිට 2007 දක්වා කාලය තුළ ඉන්දියාවේ ජනාධිපති ධුරය දැරූ ආචාර්ය අබ්දුල් කලාම් මහතා නොබෝදා අභාවප‍්‍රාප්ත විය. මිය යන විට 83 හැවිරිදි වියේ පසු වූ එතුමා උපත ලද්දේ 1931 ඔක්තෝබර් 15 වන දාය. උපතින් මුස්ලිම් ජාතිකයෙකු වූ කලාම් මහතා ඉතාම සාමාන්‍ය පවුලක  ඡුන්ම ලාභය ලැබූවෙකි. උත්සාහයෙන් ජීවිත සයුර ජයගත් එතුමා අභ්‍යාවකාශ විද්‍යාඥයෙකු ලෙස සිය පරිසමාප්ත වෘත්තීය ජීවිතය හමාර කළේ අභ්‍යාවකාශ ක්ෂේත‍්‍රයෙන් ඉන්දියාව මහ බලවතුනට සම කරමිනි්. පසු කාලයේ ඉන්දියාවෙන් අභ්‍යාවකාශයට යැවුණු ‘අග්නි’ ‘පෘතුවි’ ආදී චන්ද්‍රිකා කලාම් මහතාගේ කතෘත්වයෙන් යුත් ඒවාය.
අබ්දුල් කලාම් මහතා ලොව පිළිගත් විද්‍යාඥයෙකි. අවසාන මොහොත දක්වාම විද්‍යාත්මක චින්තනය මගින් ඔප මට්ටම් වූ දරු කැලතක් නිර්මාණය කිරීමට වෙහෙස වෙමින් ඔවුන් ධෛර්යවත් කරමින් කලාපයේ බොහෝ රටවල්වල සැරි සැරුවේය. මීට මසකට පමණ පෙර ශී‍්‍ර ලංකාවටද එතුමන් පැමිණියේ ලංකාවේ තරුණ පරපුර එ් සඳහා යොමු කරවීමේ අධ්‍යාසයෙන් යුතුවය.
           අභ්‍යාවකාශ තාක්ෂණය, මිසයිල තාක්ෂණය, න්‍යෂ්ටික තාක්ෂණය වැනි ඉහළ ගණයේ තාක්ෂණයන් ඉන්දියාව වැනි සාපේක්ෂ වශයෙන් දුගී රටක ප‍්‍රචලිත කිරීම සඳහා එතුමා විශිෂ්ට සේවාවක් කළේය.
නිදහස් ඉන්දියාවේ එකොළොස්වන ජනාධිපතිවරයා ලෙස තෝරා ගත්තේ අබ්දුල් කලාම්ය. ඔහු එකී තනතුරට ලබාදුන් දැවැන්ත ආලෝකය යුග යුග ගණන් ඉන්දියාවේ පවතිනවා නිසැකය. 1978 දී ලංකාවේ ඇතිකළ මගෝඩි ව්‍යවස්ථාව ලාංකීය පුරවැසි සමාජයේ ශක්තියෙන් පරාජය කරමින් 19 වන සංශෝධනය මගින් යම් සංශෝධනයන් ගෙන එන ලදී. එකී ව්‍යවස්ථා සංශෝධන තව අවුරුදු පහකින් කි‍්‍රයාත්මක කෙරෙන විට එකී ජනාධිපති තනතුර බොහෝ දුරට ඉන්දියාවේ ජනාධිපති තනතුරට සමාන වනු ඇත. බොහෝ විට ඉන්දියාවේ නම් මෙකී තනතුර ජාතික සංහිඳියාවේ දැන උගත්කමේ ශ්‍රේෂ්ටත්වයේ මනාවූ සංකේතයන් වූ පුද්ගලයන්ගෙන් පුරවනු ලැබේ. ඒ සඳහා උදාහරණ ලෙස නිදහස් ඉන්දියාවේ පත් වූ ජනාධිපතිවරුන්ගේ මට්ටම් නිරීක්ෂණය කිරීමෙන් අවබෝධ කර ගත හැකිය. මේ ඒ සඳහා දරණ වෑයමකි.
නිදහස් ඉන්දියාවේ පළමුවැනි ජනාධිපතිවරයා රාජේන්ද්‍ර ප‍්‍රසාද් (1884-1963) මහතාය. ඔහු ඉන්දියාවට නිදහස ලබා ගැනීමේ විමුක්ති ව්‍යාපාරයේ මහත්මා ගාන්ධිතුමා සමග උරෙනුර ගැටී කි‍්‍රයා කළ මහාපුරුෂයෙකි.
ඉන්දියාවේ දෙවන ජනාධිපතිවරයා වූයේ ලෝක ප‍්‍රකට බුද්ධිමතෙකු වූ සර්වපල්ලි රාධකි‍්‍රෂ්ණතුමාය. (1888-1975). අප දන්නා තරමින් ඉන්දියාවෙන් බිහි වූ ශ්‍රේෂ්ටයන් සිය දෙනා අතරට පවා ගැනෙන්නෙකි.  ලෝක ප‍්‍රකට දාර්ශනිකයෙකු හා ලේඛකයෙකු වූ රාධකි‍්‍රෂ්ණ මැතිතුමා ආන්ද්‍රා බරණැස් හින්දු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ද විය.
ඉන්දියාවේ තුන්වන ජනාධිපතිවරයා වූ සකාර් හුසේන් (1897-1969) උපතින් මුස්ලිම් ජාතිකයෙකි. සම්භාවනාවට පත් උගතෙකි. ‘අලියාර් මුස්ලිම් විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාය.
ඉන්දියාවේ සිව්වන ජනාධිපතිවරයා. වී.වී. ගිරි මහතාය. (1894-1980) එතුමා ප‍්‍රවීන දේශපාලකයෙක් මෙන්ම උගතෙකි.  මාස දෙකක් වැනි කෙටි කලක් ජනාධිපතිකම් දැරිය. පසුව 1969 අගෝස්තු  සිට 1974 අගෝස්තු දක්වා දෙවන වරට ජනාධිපතිකම දැරීය. කලක් ඔහු ශී‍්‍ර ලංකාවේ තානාපතිවරයා වශයෙන් ද කටයුතු කළේ ය.
වී.වී. ගිරි මහතාගේ පාලන කාල දෙක අතරතුර මුස්ලිම් ජාතික උගතෙකු වූ ද, ඉන්දියාවේ අග‍්‍ර විනිශ්චයකාරයා වූ ද මොහොමඞ් හිදයතුල්ලා (1905-1992) ජනාධිපති පදවියට පත් විය.
වර්ෂ 1974 සිට 1977 දක්වා ජනාධිපති පදවිය දැරුවේ පක්රුදීන් අලි අහමඞ් (1905-1977) මහතාය. ඔහුද පළපුරුදු දේශපාලනඥයකු මෙන්ම රට පිළිගත් උගතෙකි.
රාමසාමි වෙන්කතේෂ් වර්මා (1910-2009) මහතා ඉන්දියාවේ අටවැනි ජනාධිපතිවරයාය. සුදු පාලකයන් විසින් ඉන්දියාවේ නිදහස් සටනේ නායකයකු වූ හෙයින් සිරගෙට යවන ලදි. මුදල්, ආරක්ෂක හා කර්මාන්ත අමාත්‍යවරයෙකු ලෙස මහත් සේවයක් රටට කළ විද්වතෙකි.
ඉන්දියාවේ දහවන ජනාධිපතිවරයා කේ.ආර්. නාරායන් (1920-2005) මහනාය, රාජ්‍ය තාන්ති‍්‍රක ක්ෂේත‍්‍රයේ හසළයකු වූ ඒ මහතා ඉන්දියාව වෙනුවෙන් විදේශ සේවයේ යෙදුනේය. විද්‍යාව සහ නීතිය පිළිබඳ ආචාර්ය උපාධි ලාභියකු වූ නාරායන් මහතා ‘ජවහල්ලාර් නේරු විශ්වවිද්‍යාලයේ’ උපකුලපතිවරයා වශයෙන් ද සේවයකොට ඇත.
නාරායන් මහතාට පසුව ඉන්දියාවේ 11 වන ජනාධිපතිවරයා බවට පත්වූයේ අප කතානායක අබ්දුල් කලාම් මහතාය.
       දැන් ජනාධිපති තනතුර දරන්නේද ඉන්දියාවද ලෝකයමද පිළිගත් විද්වතෙකු වූ ප‍්‍රාණාබ් මුකර්ජිය. ඔහු කලක් ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍ය ධුරයද දැරුවේය.
             මේ ජනාධිපතිවරුන්ගේ උගත්කම් හා විශිෂ්ටත්වයන් සමග අපේ ජනාධිපතිවරුන් පමණක් නොව අගමැතිවරුන් හා පක්ෂ නායකයන් පවා සසඳා බැලීම පාඨකයන්ට බාරය. ළඟ නොබැලූ, ස්වාර්ථය උදෙසා තනතුරු පාවිච්චි නොකළ මේ උතුමෝ ඉක්මගිය හැට හත් වසරක නිදහස් ඉන්දියාව මහ බලවතෙකු බවට පත් කළෝය.
        ‘අප හැම ඉපදී තිබෙන්නේ දිව්‍යමය ගින්නක් සහිතවය. අපගේ ප‍්‍රයත්නය එම ගින්නට තටු ලබා දී එහි සද්භාවයේ දීප්තියෙන් ලෝකය එ්කාලෝක කිරීම විය යුතුය.’ ආචාර්ය අබ්දුල් කලාම් සිය ස්වයං චරිතාපදනාය වූ .Wings of Fire . කෘතියේ පෙරවදනට ලියූ සටහනකි එ්.
           අබ්දුල් කලාම් මහතාගේ ජීවිතයෙන් බිඳකි මේ." ශිෂ්‍යයෙකු වශයෙන් සිටියදීම සිය වෘත්තීය ජීවිතයේ අග්ගිස්ස දුටු ඔහුගේ පළමු සිහිනය වූයේ තමාගේම වූ (ඉන්දියාවේම වූ) ගුවන් යානයක් නිෂ්පාදනය කිරීමය.

          ”අවුල් පකීර් ජයිනුලබ්දීන් අබ්දුල් කලාම් ඉන්දීය ජන ජීවිතයේ හොඳම අංග මැනැවින් සංකේතවත් කරන බව ඔහුගේ සහෝදර පුරුසියන් බොහොමයක් දරන මතය ය. වසර 1931 දී තමිල් නාඩුවේ රාමේස්වරහ් හි ඔරු හිමියෙකුට දාව උපන් ඔහු ආරක්ෂක විද්‍යාඥයෙකු ලෙස කීර්තිමත් වාර්තාවක් තැබූවෙකි. ඉන්දියාවේ ඉහළම පුරවැසි සම්මානය වූ භාරත රත්නයෙන් පිදුම් ලද්දෙකි.  ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන වැඩපිළිවෙලෙහි ප‍්‍රධානියා ලෙස ඔහු ප‍්‍රාණය නිරුද්ධ වූසේ පෙනී ගිය පර්යේෂණ ආයතනයන්ට නව පණක් දී එ්වායේ ගතික්වය පුබුදුවා නව්‍යකරණ වෙත එ්වා මෙහෙයැ වී. මේ ආඥාතභාවයේ සිට ජගත් කීර්තිය කරා පිය නැඟු කලාම් ගේ පෞද්ගලික කතාව පමණක් නො වේ. මෙය ඉන්දියාවේ තුඩ තුඩ රැුව් දෙන අග්නි, පෘථිවි, අකාශ්, ති‍්‍රශූල් සහ නාග් මිසයිලයන් ගේ උත්පත්ති සහ ජීවිත කතාව ද වේ. එයින් ඉන්දියාව ජගත් පිළිගැනීමක් සහිත මිසයිල බලවතෙකු බවට නැඟී සිටියාය.
              කලාම් ඉන්දියාවේ තේජස් වී ආයුධ පද්ධති නිපැදවීමෙහි ලා දායක වූයේ දෛනිකව පැය 18 ක් පමණ වැඩ කරමින් තාපස වෘතයක් බඳු දරුණු දින චර්යාවකට බැඳෙමිනි. හේ වීනා ගායනයට ද එ් අතර කාලය සොයා ගත්තේය. ඔහු තම ජයග‍්‍රහණය ගැන නිහතමානීව සඳහන් කරන්නේ සිය ගුරුවරුන් ගේ සහ වැඩිහිටියන්ගේ බලපෑම කෘතවේදීව සිහිපත් කරමිනි. දකුණු ඉන්දියාවේ කුඩා ග‍්‍රාමීය නගරයක ගෙවූ සිය ළමා සහ තරුණ කාලයේ මුහුණ දුන් දුක්කම්කටොළු, අරගල ඔහු විචිත‍්‍ර ව නිරූපණය කරන්නේ ආශ්වාදජනක ගුරු බලපෑම් ද සමග ය. ආචාර්ය වික‍්‍රම් සරභාහි බඳු දාර්ශනික ඉන්දියානු  විද්‍යාඥයන් විසින් පර්යේෂණ මාලා අනුකලනයෙහිලා ඉටු කළ මහඟු සේවාව ඔහු මෙහිලා ගෙනහැර පායි. මෙය තාක්ෂණවේදී ස්වයං පෝෂණය සහ ආරක්ෂක ස්වායත්තතාව දිනා ගනු වස් ඉන්දියාව ගෙන ගිය අරගලයේ වෘත්තාන්තය ද වේ. එය ජාතික සහ අන්තර්ජාතික දේශපාලනයේ මෙන්ම විද්‍යාවෙහි ද කතාව ය.”
   
        මේ සටහන අප උපුටා ගත්තේ අරු්න් තිවාරි සමග එක්ව අබ්දුල් කලාම් ලියූ උසබටි දෙ ත්‍සරු ස්ව චරිතාපදානයේ පසුවදනෙනි. එය සිංහලට නැගූයේ ප‍්‍රවීණ පරිවර්තක ජයතිලකද සිල්වා විසිනි. 

Saturday, 25 July 2015

ජාතියේ කඳුළු කථාව


1983 ජූලි 23 වන දින සිට අදට අවුරුදු තිස් දෙකක් ගෙවී ගොසිනි. අවුරුදු තිස් දෙකක් යනු තරුණයෝ මහළු වියටත්, ළදරුවෝ තරුණවියටත් පත්වීමට තරම් සෑහෙන කාලයකි. මේ දීර්ඝ කාලය තුල පොත පතින්ද, ජීවත්වීමෙන් ද ලද හැකි දැනුම අප‍්‍රමාණය. මේ අයුරින් දැනුමෙන් පෝෂණය වීම අප   පරිනත වීම යයි කියමු.
1983 ජූලි 23 වන දින නොහික්මුණු සන්නද්ධ තරුණයන් පිරිසක් කළ නොමනා කි‍්‍රයාවක් දෙතුන් සිය ගුණයකින් වැඩිකොට කටකතා මාර්ගයෙන් දකුණට පැමිණියේය. එවිට දකුණේ දේශපාලන අනුග‍්‍රහය ලත් මැරයෝ, අවශේෂ පටු අවස්ථාවාදී ජනයාද පොළඹවාගෙන දකුණේ දෙමළ ජනයාට එරෙහිව අවි අමෝරා ගත්හ.  එකී තත්වය සමනය කිරීමට එවකට පාලන බලයේ සිටි ජේ.ආර්. ජයවර්ධනට අපමණ හැකියාවක් තිබුණු  නමුත් ඔහු තුන් තිස් පැයක් ගෙවෙන තෙක් එකී නරි රැුලට වීදිවල නිදහසේ සැරි සරන්නට ඉඩ දෙමින් පොලිසිය හා හමුදාව බැරැුක්කවලට සීමා කළේ ය. එහි ප‍්‍රතිඵලය වූයේ  මිල කළ නොහැකි දකුණේ දෙමළ ජනයාගේ දේපළ හා ජීවිත විනාශ වී යාමයි. උදේ හවස බණ කියන, බණ අහන රටක ජනයා මේ සා ම්ලේච්ඡු ආකාරයට හැසිරුණේ කෙසේදැයි සිතා ගැනීම මහත්සේ අසීරු විය. කිසිදු දේශපාලනමය කි‍්‍රයාවකට සම්බන්ද නොවූ, බොරැුල්ලේ හෝ මරදානේ සිය ජීවිකාව කරගනිමින් සිටි කඩල වෙළෙන්දෝ ඒ කඩල ගිනි උදුනටම දා මරා දැමූහ. සපත්තු හදන සපතේරුවෝ, කුඩ හදන ඡුත්තගාහකයෝ වැනි එදිනෙදා වේල ගැට ගසා ගන්නා සමාජයේ අති දිළිඳු කොටස් මහමඟ විලාප නගමින් ම්ලේච්ඡු මරණයට පත්වූහ. මරණයෙන් ගලවාගෙන රැුකවරණ දීමට සමත් උසස් මැද පංතික සිංහල මිතුරෝ ඒ අහිංසකයන්ට නොවූහ. එහෙත් උසස් මධ්‍යම පංතික දෙමළ ව්‍යාපාරිකයන්ට හා වෙනත් සමාජයේ උසස් දෙමළ ප‍්‍රභූ ජනයාට සිය සිංහල ප‍්‍රභූ මිතුරන්ගේ සුවිසල් නිවෙස්වල රැුකවරණ ලැබී නිරුපද්‍රිතව යාපනයට පිටත් කර හැරිණි. වැල්ලවත්ත ආසි‍්‍රත දෙමළ ජනයාට ප‍්‍රහාර එල්ල කිරීමට පැමිණි මැරයන් වැලැක්වීමට දේශපාලකයන් උනන්දු වුවත්, මුඩුක්කු හෝ කොළඹ වතු ආසි‍්‍රත ජනයාට පහර දීම වැලැක්වීමට දේශපාලකයෝ උනන්දු නොවූහ. උදාහරණයක් වශයෙන් එවකට එක්සත් ජාතික පක්ෂ රජයේ ප‍්‍රබල ඇමතිවරයකු වූ ගාමිණී දිසානායක  මහතාගේ නිවසේ දෙමළ බෙදුම්වාදයට කිසියම් ආකාරයකට සම්බන්ධ පෙඩරල් පක්ෂයේ නායක එස්.ජේ.වී. චෙල්වනායගම් මහතාගේ පුත් චන්ද්‍රාසන් රැුකවරණ ලැබූ බව කියැවේ. කුමාර සංගක්කාර සිය සුප‍්‍රකට කෞඩි‍්‍ර දේශනයේදී තම පියා විසින් බොහෝ අනතුරට පත් දෙමළ මිතුරන්ට තම නිවසේ නවාතැන්දුන් අයුරු පවසයි. 1983  කළු ජූලියෙන් වඩා පීඩාවට හා මරණයට පත්වූයේ එවැනි රැුකවරණලාභී දෙමළ ජාතිකයන් නොව එදිනෙදා වේල සවිකරගත් කාගේවත් රැුකවරණයක් නැති අහිංසක දුගී දෙමළ ජනයාය.
                 එක්තරා ආකාරයකට 1983  කළු ජූලිය දෙමළ ජනයාට ආශිර්වාදයක් විය. දෙමළ ජනයාගෙන් සැදුම්ලත් ශී‍්‍ර ලංකාවට මහත්සේ බලපෑම් කළ හැකි ඩයස්පෝරාවක් නිර්මාණය වූයේ එම ඛේදවාචකය නිසාය. 1983  කළු ජූලිය නිසා විපතට පත් දෙමළ ජනයා කොළඹ නගරයේ විවිධ තැන්වල පිහිටි රැුඳවුම් කඳවුරුවල ලූහ. එම එක් කඳවුරක් භාරව සිටි එවකට සමාජ සේවා අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු  දැනට ටොරොන්ටෝවේ පදිංචිව සිටී. ඔහු පවසන ආකාරයට කැනේඩියානු රජය එකී අනාථයන් වැඩි පිරිසකට ගුවන් ටිකට්පත් පවා ප‍්‍රදානය කරමින් කැනඩාවට ගෙන්වා ගත්තාය. මේ ආරංචියට විපතට පත් නොවූ ඉහළ පැලැන්තියේ දෙමළ මහත්වරු පවා දවසකට දෙකකට එකී කඳවුරුවලට පැමිණ පදිංචි වී ඒ අනුසාරයෙන් කැනඩාවට පැමිණ තිබේ.
                1983 කළු ජූලිය ආසි‍්‍රත ඛේදවාචකය විපතට පත් දෙමළ ජනයා හා සමස්ත දෙමළ ජනයා විසින් අමතක කරනු ඇතැයි සිතිය නොහැකිය. එමෙන්ම එවන් සිදුවීමක් තමන්ගේ ඇස් මානයේ සිදුවූ බව සිංහලයන් විසින්ද අමතක කළ යුතු නොවේ. දේශපාලකයන්ගේ වරදින් රට සංවර්ධනයෙන් හා වෙනත් අයුරින් ප‍්‍රපාතයට ගොස් ඇතත් අප දෙජාතියම  අයත් වන්නේ ලොව සංවර්ධනය වූ ජාතින් දෙකකටය. ඒ ජාතින් දෙකම වෙන වෙනම වසර දහස් ගණනක් තිස්සේ සංවර්ධනය වූ ජාතිකමය මෙවලම් සමූහයක හිමිකරුවන්ය. ඉන් පළවැන්න එකී ජාතින් දෙක වහරන හා පරිහරණය කරන භාෂා දෙකය. සිංහලය ඉන්දු ආර්ය හා වෙනත් ප‍්‍රකාශන භාෂාවන්ගෙන් මනාව පෝෂණය ව හැදී වැඩුණු පරිපූර්ණ භාෂාවකි. දෙමළ භාෂාවද එසේය. එයද සිංහලය මෙන්ම ඉන්දු ආර්ය හා වෙනත් ප‍්‍රකෘති භාෂාවන්ගේ පෝෂණය ලබමින් වසර දහස් ගණනක් තිස්සේ පෝෂණය වූ පරිපූර්ණ භාෂාවකි.  දෙමළය හා සිංහලය එකිනෙක  අතර පෝෂණය  ලබමින් දියුණු විය. චිරාත් කාලයක් හෘද සංයෝගීව ශී‍්‍ර ලංකාව නම් මනරම් භූමිය ආඩ්‍යත්වයට පත් කිරීමට මේ භාෂා දෙක වහරන ජනයා කැපවූහ. ලංකාවේ ශී‍්‍ර නාමය ඉහළ නැංවීමට මේ දෙජාතියටම අයත් උගත්තු සිය බුද්ධිමය ධනය නොමසුරුව වැය කළහ.
                 1983 කළු ජූලියට වගකිව යුතු පාර්ශ්ව තමන් අතින් සිදු වූ වරදක් බවත් එමගින් පොදු ජාතිකත්වයට බරපතළ හානියක් සිදු වූ බවක් පිළිගන්නට තිස් දෙවසරක් ඉක්ම ගිය අද වුවත් සූදානමක් නොමැත. ප‍්‍රධාන පක්ෂ සියල්ලෝම පාහේ ජනතා විමුක්ති පෙරමුණ 1989 දී සිදු කළ වරදට ස්වයං විවේචනයක් කළ යුතු බව කියති. එහෙත් ජාතියේ ඉරණම වෙනස් කළ ජූලි මහා ඛේදවාචකයේ නිර්මාතෘවරුන් වන ඔවුන්ට එ් ස්වයං විවේචනය වලංගු නැත. නිදහස ලබාගැනීමට ආසන්න කාලයේත්, ඉන්පසුවත් ජාතින් අතර නොහොඳ නෝක්කඩු නොතිබුණාම නොවේ. එහෙත් ඒවා දේශපාලකයන් අතරට බොහෝ දුරට සීමා විය. එහෙත් 1983 දී එය ජනතාව  අතර ගැටුමක් බවට පත්වී අද දක්වා ඇදී යන නොහොඳ නෝක්කාඩුවක් බවට පත් වී ඇත.
 
                     අප මේ ලියන කථාව මේ කියවන ඔබ සමහර විට දැනගෙන සිටියා විය හැකිය. එහෙත් එය මෙසේ නැවත සඳහන් කරමු. 1959 වර්ෂයේදී ලංකාවට පැමිණි සිංගප්පූරුවේ නිර්මාතෘ ලී ක්වාන් යූ අගමැතිතුමා ආපසු සිය රටට ගොස් පැවසුවේ තමා සිංගප්පූරුව ගොඩනගන මාදිලිය සොයා ගත් බවත් එනම්  තමාගේ ඉලක්කය වන්නේ ලංකාවේ මට්ටමට සිංගප්පූරුව ගොඩ නැගිීම  බවත්ය. එහෙත් සිංගප්පූරුවට ශී‍්‍ර ලංකාවේ සංවර්ධන මාදිලිය ගැලපුනේ නැත. හොරකම, ¥ෂණය, දේශපාලන තන්ත‍්‍රයේ ඉහවහා යමින්ද, ජාතින් අතර හා පක්ෂ අතර මාරාන්තික ගැටුම් ඇතිකර ගනිමින් ද ශී‍්‍ර ලංකාව ගමන් කළ අනුවන ගමන නැගී එන ජාතියකට අනුගමනය කිරීමට සුදුසු එකක් නොවන බව ලී ක්වාන් යූ පසුව මැනවින් අවබෝධ කරගත්තේය. එහෙත් ජාතින් අතර ගැටුම් ඇති නොවන සේ තත්වයන් කළමනාකරණය කරගත්, ¥ෂණය හා හොරකමට සහමුලින්ම වැට බැඳි, විනය හා සදාචාරය පාලනයේ විධික‍්‍රමය බවට පත් කළ කොළඹ නගරය තරම් කුඩා වූ මේ හුරතල් දේශය තමන්ගේම මාවතක යමින් ලංකාව මෙන් දහස් ගුණයක සංවර්ධනයක් අත් පත් කර ගත්තේය.
                      1993 දී ලී ක්වාන් යූ මහතා නැවත වරක් සිය මැතිවරණයේදී දේශනයක් කරමින් මෙසේ කියයි. ‘ඔබට ජාතින් අතර ගැටුමින් තොරව හා සමගියෙන් යුතුව මේ අත්පත්කරගත් සංවර්ධන මාවතේ ඉදිරියට යාමට අවශ්‍ය නම් අපගේ ඡුැදචකැ.ි ්ජඑසදබ පක්ෂයට ඡුන්දය දෙන්න. එසේ නැතිව, ජාතින් අතර ගැටුමින් යුතු, සංවර්ධනය ගසා කෑමක් බවට පත් කරගත්, විනයක් නැති, ශී‍්‍ර ලංකාව වැනි රටක් ඔබට අවශ්‍ය නම් උදරනැර.ි පක්ෂයට ඡුන්දය දෙන්න. ු ශී‍්‍ර ලංකාව ජාතින්ගේ ප‍්‍රශ්නය සාමකාමීව විසඳා නොගැනීම පිළිබඳ කාරණය නිසා රට බිඳ වැටී ඇති අයුරු ලී ක්වාන් යූ මහතා ලියූ ඛැැ ණම්බ හැඅල ඵහ කසෙැකදබට ජය්කකැබටැථ ීසබට්චදරු.ි ඊසකසබටම්ක න්‍දමරබැහ කෘතියේ සවිස්තරව ඉදිරිපත් කර ඇත.
බෞද්ධාගම මුල් කර ගත් මහා සංස්කෘතියක් ගොඩ නැගී තිබුණු පුරාණ කාලයේ ජාතිකත්වයට ඉහළින් සිතීමට සිංහලයාටද හැකියාව තිබිණි. ඒ බුද්ධාගමේ අභ්‍යන්තරික ගැඹුර ජනයාගේ හෘද සාක්ෂිය මත තැන්පත්වීම නිසාවෙනි. ලංකාවේ උතුරු නැගෙනහිර කලාපයේ ඇතැම් ප‍්‍රදේශවල ඉතා පැරණි කාලයට අයත් වෙහෙර විහාර හා බෞද්ධ නටබුන් දක්නට ලැබේ. ඒවා විනාශමුඛයට  පත්වෙන්නට පටන් ගත්තේ ඈත කාලයේ විසූ දෙමළ මිනිසුන් අතින් නොව මෑතකදී දේශපාලන අවල කෙලියට ගොදුරු වූ මිනිසුන් අතිනි. අපගේ සංස්කෘතික තොටිල්ල වූ රජරට වැව් අමුණුවල, ගම් නියම්ගම්වල නම් ගම් දෙමළ වූයේ (වෙරුංකුලම, පෙරියන්කුලම, බුලන්කුලම ආදි වශයෙන්* දෙමළ බලපෑම දකුණුකරයට ඇතිවූ නිසාය. අපගේ සිංහල භාෂාවේ ව්‍යාකරණ විවරණය වන සිදත් ස`ගරාවේ මූලාශ‍්‍රය දෙමළ ව්‍යාකරණ විවරණයන් ආශ‍්‍රයෙන් රචනා වවූයේ දෙමළ භික්ෂුවක අතිනි. දෙමළ නම් ගම් අපගේ සිංහල භාෂා ව්‍යවහාරයේ නොමඳව පවති.
උඩරට ගිවිසුම වැනි සිංහල ජාතියට බලපෑ වැදගත් ලියවිල්ල සඳහා අත්සන් කළ නිලමේවරුන් අතරින් ගලගම හා ගලගොඩ දිසාව හැර අන්සියලූම නිලමේවරු අත්සන් කොට ඇත්තේ දෙමළ භාෂාවෙනි. මේ ආකාරයට ප‍්‍රධාන ජාතීන් තුන අතරම අනන්‍ය සබඳතාවන්ගේ ඉතිහාසයක් තිබිණි. බෞද්ධකමේ සාර ධර්ම මත පදනම්ව අනෙක් මත ඉවසූ සිංහලයා සාමයෙන්ද සංහිඳියාවෙන් ද සිටියේය. එහෙත් පසු කාලීනව එ් තත්ත්වය සම්පූර්ණයෙන්ම කණ පිට පෙරලූණි. එ් තත්වය තුළ ප‍්‍රධාන ජාතින් දෙක අතරින්ම සත් ගුණවත් මිනිසුන් වෙනුවට රණකාමියෝ වීරයෝ බවට පත්විය. මෑත කාලින දෙමළ සමාජයට ගෞරවයක් ගෙන දුන් මහාචාර්ය සිවතම්බි හෝ මහාචාර්ය කෛලාසපති වෙනුවට රණකාමිත්වයට  උඩ ගෙඩි දුන් ඇන්ටන් බාලසිංහම් දෙමළ සමාජයේ වීරයන් බවට පත්විය. කලාවට මහඟු සේවයක් කළ මහාචාර්ය සරච්චන්ද්‍රට හෝ මහා ගත්කරු මාටින් වික‍්‍රමසිංහට වඩා වර්ගවාදය දේශනා කළ මහාචාර්යවරු සිංහලයන් අතර වීරයෝ විය. මහා දහම් පහනක් දල්වමින් මිනිසුන් ආලෝකමත් කළ බලංගොඩ ආනන්ද මෛති‍්‍රය මාහිමියන් වෙනුවට, වෛරය දෙසමින් ගිනි අවුලූවන මහනකමත් බණ දහමුත් නැති වෛරී භික්ෂූන් ගරු බුහුමන් ලබති. උතුම් පූජ්‍යපාදයෝ ලෙi නාම ගැන්වෙති.
              1983, අපගේ නූතන ශී‍්‍ර ලාංකික ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකි. එමගින් විවරවූ ජාතින් අතර පැල්ම නැවත එක් කිරීම අප හැමගේ වගකීමකි. එවැන්නක් යළි ඇති නොවීමට අප සැමදා වග බලා ගත යුතුය.

Monday, 22 June 2015

ටෝනි

 
 
             ටෝනි රණසිංහගේ නික්මයාම ටිකක් බරට මගේ හිතට දැනුනේය. එය බරපතළ අහිමිවීමක් ලෙස මගේ හදවත කියයි. ටෝනි යනු රංගන ශිල්පීන් ගුරුකොට ගත යුතු චරිතයකැයි හඟිමි. ඔහු රංගනය ඇෙඟ්  වැඩක් විතරක් නොව දැනුමේද බුද්ධියේ ද මනා සංකලනයක් බව සිය ජීවිතයෙන්ම ඔප්පුකොට පෙන්වීය. ටෝනි කලාකරුවෙකු ලෙස කි‍්‍රයාකාරීව සිටි අවධිය ශිල්පයක් වටා දැනුම එ්ක රාශි වූ යුගයකි. ටෝනි, ගාමිණී, ජෝ, විජය ඔය කවුරුත්  පාහේ අවශේෂ කලාවන් ඇසුරු කරමින් තමාගේ ශිල්පයන් පොහොසත් කිරීමට වැර වෑයම් කළෝ වෙති. ටෝනි හා ගාමිණී ද්විභාෂික උගතුන්ද වූහ. ජෝ  ගැමි සංස්කෘතිය ගැන අපූරු සංවේදිතාවයන් තිබූ නළුවෙකි. විජේ බුද්ධිමතුන් ඇසුරට පි‍්‍රය කළ ඔවුන්ට ගෞරවය දෙමින් නිහතමානීව යමක් ඉගෙන ගැනීමට පි‍්‍රය කළ නළුවෙකි.
       රංගනය පිළිබඳව ඉගෙනීමට ආයතනයක් නොමැති ලංකාවේ දී ටෝනි එය පොත පතින් හැදෑරූ  අයුරු එක් රූපවාහිනී වැඩ සටහනකදී හෙළි දරව් කළේ ය.  මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා මුල් අවධියේ ටෝනිට ලබා දුන් පොත පත පේලියෙන් පේලිය දෙතුන් වර කියවමින් අවබෝධකරගත් අයුරුත් ඒවා රංගනයේදී උපයෝගී කරගත් ආකාරයත් හෙළි කළේ ය.
        2002  වසරේ දී එක්තරා දිනයක මා සේවය කළ ආයතනයේ ප‍්‍රචාරක කටයුත්තකට සහාය ලබා ගැනීම ගැන සාකච්චා කිරීමට ගාමිණී ෆොන්සේකා හමුවූයේ අද රටේ සිටින ප‍්‍රබල චරිත තුනක් ද කැටිවය. ලෙඩ ඇඳේ සිටි ගාමිණී සමග සතුටු සාමිච්චියේ දී අප සමග  ගිය එකී මහතෙකු පහත ප‍්‍රශ්නය ඔහු වෙත යොමු කළේ ය. එ් මෙසේ ය. ‘අපි දන්නවා සිංහල සිනමාවේ මහ නළුවා ඔබයි. එහෙත් ඔබට කිව්වොත් දෙවැන්නා නම් කරන්ට කියලා ඔබ නම් කරන නළුවා කවුද?’
          ගාමිණී මදක් සිනාසී ඔහුගේ සුපුරුදු බැ?රුම් මුහුණින් මෙසේ පැවසීය. ‘ඔයාලා හිතන්නේ ජෝ අබේවික‍්‍රම කියලා වෙන්න ඇති... ජෝත් දක්ෂ නළුවෙක්. ඒත් මගේ තේරීම නම් රෝනි රණසිංහ කියලා...’
ඔහු ඒ සඳහා පාදක වූ කරුණු ගණනාවක් අපට පෙන්වා  දුන්නේය... ගාමිණී කී දේවල් ඇත්ත යයි මටද සිතුණි. එහෙත් මට නම් ජෝ හා ටෝනිගේ දක්ෂතා ගැන ඇත්තේ සමාන හැඟීමකි.
           අපේ සිතේ නැගෙන ප‍්‍රහර්ශය රූපමය භාෂාවකට  නැඟීමට  ඕනෑ තරම් නළුවෝ සිටිති. එහෙත් අපේ පශ්චාත්තාපයත්, සාංකාවත්, පපු තුල දැල්වෙන ගින්දර, ඊර්ෂ්‍යාව මේ සියල්ලේ අනේක විධ ප‍්‍රබේදයන් රූපමය භාෂාවකට නැඟීමට හැම නලූවාටම නොහැකිය. එ් දුෂ්කර හැඟීම් රූපමය භාෂාවකට නැගීමට සමත් වූ ඉහළම නළුවා ටෝනි රණසිංහ යයි මට සිතේ. එ් කරුණේ දී ගාමිණී ෆොන්සේකාද සිටින්නේ ඊට පසුව යයි මට සිතේ. එකී භාව විෂයයන් නිරූපණය උදෙසා ටෝනි විශේෂ කැමැත්තක් දැක්වූවා යයි සිතෙන්නේ නාට්‍ය නිෂ්පාදනයේදී ඔහු තෝරා ගන්නා ලද පරාසය ගැන සිතෙන විටය. ශේක්ෂ්පියර් නාට්‍ය ඔහුගේ නාට්‍ය පරාසය විය. ශේක්ස්පියර් නාට්‍ය භාවමය රූපනයට විශේෂ තැනක් දුන් නාට්‍ය ලෙස සැලකිය හැකිය.
          මධ්‍යම පාන්තික මැදි වයස් මිනිසාගේ පේ‍්‍රමය සිංහල සංස්කෘතිය තුළ ගර්හිත එළඹුමකි. එහෙත් එයට කාව්‍යාත්මක චමත්කාරයක් දනවන ලෙස රූපනය කිරීමට ටෝනි සමත් වූ ආකාරය පවුරු වළලූ චිත‍්‍රපටයෙන් පෙනේ. එහි තරුණ කාලයේ තම පෙම්වතිය වූ තැනැත්තිය වයස්ගත අවධියේ යළි හමු වූ විට ඈ (නීටා ප‍්‍රනාන්දු) මෙසේ විමසයි.
‘මහත්තයාගේ ළමයි දැන් හුඟක් ලොකු ඇති’  එ විට පිළිතුරු දෙන ටෝනි මෙසේ පවසයි.
‘ලොකු ළමයි ඉන්න කසාද බඳින්න එපැයි’
මේ සරල වාක්‍ය ඛණ්ඩය පැවසීමට ටෝනි දක්වන රංගන හැකියාව එය නරඹා පහළොස් වසරකට පමණ පසුවත් මසිතෙහි මැවී පෙනේ.
      දුහුලූ මලක් චිත‍්‍රපටයේ ලිංගික ඊර්ෂ්‍යාවන් හිතේ දරාගෙන බිඳී යාමට ආසන්න සිය කුටුම්භය  රැුක ගැනීමටත්, සිය වෘත්තියේ ගෞරවය රැුක ගැනීමටත්, වෙර දරන මැදිවියේ කථිකාචාර්යවරයාගේ චරිතය දුහුලූ මලක් චිත‍්‍රපටයේ ටෝනි විසින් නිරූපණය කළ අයුරු ඔබට මතකද? එවැනි චරිතයක් ඒ තරම් උසස් ලෙස නිරූපණයට හැකි සමතෙකු ගැන ඔබට වැටහීමක් තිබේද?
     ටෝනි ඇසුරු කළෝ ඔහුගේ බරසාර බව ගැන මහත්සේ කතා කරති. ඔහුගේ දැනුම හා ඇසූ පිරූ තැන් ඇති බව පසුකර යා හැකි කිසිවකු රංගන ක්ෂේත‍්‍රයේ විශේෂයෙන් සිනමා රංගන ක්ෂේත‍්‍රයේ බිහිවී  ඇතැයි මම නොසිතමි.
     ලංකාවට ෂේක්ෂ්පියර් නාට්‍ය හඳුන්වාදීමේ පුරෝගාමියා ටෝනි රණසිංහය. ඔහු සතු පෘථුල ඉංගී‍්‍රසි හා සිංහල දැනුමත්, පර්යේෂණ ලැදියාවත් නිසා ප‍්‍රමුඛ ෂේක්ෂ්පියර් නාටක බොහොමයක් නාට්‍ය වශයෙනුත් නිෂ්පාදනය විය. සමහරක් පෙළ වශයෙන් ප‍්‍රකාශයට පත් කෙරිණි. වැනීසියේ වෙළෙන්දා නිෂ්පාදනය ද පරිවර්තනය ද කරමින් ෂයිලොක් චරිතයට පනදුන් අයුරු අපූරුය. මා හිතන අන්දමට ඔහුගේ ෂේක්ෂ්පියරියානු නාට්‍ය පෙළකට ඔහුටත් වඩා සාධාරණය ඉෂ්ට කළේ හෙලේනා ලෙහෙත්මකී (එකල පින්ලන්ත තානාපතිවරයාගේ බිරිඳ* යයි සිතමි. ටෝනි රණසිංහ පරිවරත්නය කළ හෙලේනා නිශ්පාදනය කළ ඵසා ීමපපැර භසටයඑ ෘරු්ප නාට්‍යයේ සිංහල නම වූයේ ගිම්හානයේ දුටු සිහිනයක්’ ය. එය පරිවර්තනයයක්  මෙන්ම පොහොසත් නිෂ්පාදනයක් ද විය.
        ටෝනිගේ මහත්මා පෙනුමද, මහත්මා රඟපෑම්ද කලාව විෂයයේ මහත්මා දායකත්වයද අපගේ භාවමය ලෝකය පිනවූයේය. සැබැවින් ම ඔහු පරමාදර්ශී නළුවෙකි.

Tuesday, 19 May 2015

විමල් රොඞ්රිගු : අප‍්‍රමාණ මිනිසෙකි

 
 

            ප‍්‍රාංශු දේහධාරී හා නොමැකෙන තාරුණ්‍යයක් තිබුණු අගනා සමසමාජ කාරයෙක් පසුගියදා අප හැර  ගියේය. එ් විමල් රොඩි‍්‍රගුය. කැපවීම හා සමසමාජය හරහා දැන උගත් මිනිසෙකු වූ විමල් සමසමාජ ව්‍යාපාරයේ ප‍්‍රබල සංකේතීය චරිතයක් විය. අව්‍යාජ හා අවංක බව පිරුණු ඔහුගේ පෞරුෂය නොතකා හැරීමට සමසමාජ ඉතිහාසය තුළ හැකිවූයේ සමසමාජය දියාරු ව්‍යාපාරයක් බවට පත් කළ තිස්ස විතාරණ වටා ගොනුව සිටින කල්ලියට පමණි.
            අතීත යුගයේ වාම දේශපාලනය යනු ගැඹුරු හෘද සාක්ෂීන් ගණනාවකගේ එකතුවක් විය. ආත්මයක් අවමානයට පත් කරගන්නා  මිනිසුන් හෙළිදරව්වීමේ සියුම් පරීක්ෂාවක් වාම දේශපාලන යාන්ත‍්‍රණය තුළ තිබුණි. ඒ යාන්ත‍්‍රණයට බිය වූ සමහරු නිහඬ විය. සමහරු පළා ගියෝය. එහෙත් ඇත්ත සමසමාජකාරයෝ පෙරළා තමන්  උත්කර්ෂයට පත් කර ගැනීමේ ක‍්‍රම වේදයෙන් බැහැරව සමාජයෙන් අවම  ි වාසියක්වත් අත්පත් කර ගත නොහැකි පීඩිත හා ආන්තික සමාජ කොටස් සිය සේවය ලැබිය යුතු පිරිස ලෙස තෝරා ගත්තෝය.
              ලංකා සමසමාජ පක්ෂයේ මුල්පෙළ තීරුව ධනවත්කම, උගත්කම හා සිවිල් බලය නොඅඩුව තිබුණු දැවැන්තයන්ගෙන් සමන්විත වූහ. ඔවුන්ගේ ජීවිතවලට වඩා අර්ථවත් බවක් ලැබිය හැකිව තිබුණේ දක්ෂිණාංශික ලිබරල්වාදී දේශපාලනයක් තෝරා ගැනීමෙනි. එහෙත් ඔව්හු තෝරාගත්තේ ඊට හාත්පසින්ම වෙනස් වාමාංශික මාක්ස්වාදී දේශපාලනයයි. ඒ දැවැන්ත තෝරා ගැනීම ඔවුන්ගේ ජීවිතවලට කටුකත්වය ළඟා කර දුනි. ධන විනාශය ලබාදුණි. බලය ලබා රටේ නායකයන්වීමේ පහසු අවස්ථා මඟ හැරුණි. අත්හැරීම පිළිබඳ මහඟු මානවවාදී ආදර්ශය ලංකා භූමිය කම්පා කළ මෙන්ම වර්ණවත් කළ සිදුවීමක් ද විය. බලලෝභී දක්ෂිණාංශික දේශපාලනය විසින් විනාශ කිරීමට නියමිතව තිබුණු බටහිර ප‍්‍රජාතන්ත‍්‍රවාදය අද වන තුරු රැුකුණේ ඒ මානව වාදී වාම නායකත්වයේ කැපකිරීම්වල ප‍්‍රතිඵලයක් ලෙසිනි.
           මේ දැවැන්ත කැපකිරීම් දෙස හැඟුම්බරව බලා සිටි අවම වශයෙන් පරම්පරා දෙකක් ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්ෂා කිරීමටත් සමාජවාදී පුරුෂාර්ත මෙරටෙහි පැලපදියම් කිරීමටත් පෙරට ආවේය. 1948  දී කොළඹ නාගරික  සමාජ ස්තරයක උපත ලද විමල් රොද්‍රිගු එකී දෙවන පරම්පරාවට අයත් තිරසාර වාම නායකයකු විය. ළමාවියේදී ඔහු අත පත් රතු කොඩිය මියෙනතුරා ඔහු අත් හැරියේ නැත. ධනයෙන් බලයෙන් ඔහුගේ ජීවිතයේ බොහෝ  අඩුපාඩු සපුරා ගැනීමට අවස්ථාව ලද නමුත් ඒ සියලූ අවස්ථා ප‍්‍රතිපත්ති දේශපාලනය වෙනුවෙන් අතහැර දැමුවේය. තමා බිරිඳ හා දරු දෙදෙනා කුලී ගෙදරින් අඳුරු ගරාජ කාමරයකට ඇද වැටෙද්දීත් ඔහු පොදු දේපළ සොරා ගැනීමේ පහසු මාවත අත හැරියේය.
             සෑම මැයි දිනයකම කඩියකු මෙන් එහෙ මෙහෙ දුවමින් සමසමාජ පෙළපාලිය සංවිධානය කළ විමල් සිය බිරිඳ හා අගනා ජීවන වටිනාකම් සිය පියාගෙන් උකහාගත් දරුවෝ සම සමාජ භට කණ්ඩායමේ ගමන් කිරීම බලා සිටින්නවුන්ටත් සහභාගි වූවන්ටත් උද්‍යෝගිමත් දර්ශනයක් විය. එ් උද්‍යෝගයෙන්ම විමල් පක්ෂ කාර්යාලය තුලත් පක්ෂය තුලත් දහඩිය මුගුරු හෙලීය. අතිසය ප‍්‍රසන්න හිතවත්කම් සිය පාක්ෂික හිතවතුන් සමග ඇතිකරගත් විමල් අම්මා කෘතියේ පාවෙල් මෙන් ලද හැම අවස්ථාවකදීම උගත්තේය. නියමිත කාලයේදී විධිමත් අධ්‍යාපනය මග හැරුණු විමල්  සමසමාජ ව්‍යාපෘතිය ඔස්සේ  විද්‍යාව කලාව මාක්ස්වාදය ගැන නොනවත්වා ඉගෙන ගත්තේය. පිටත සමාජයේ සාහිත්‍ය සම්මන්ත‍්‍රණ රඟහල් සිනමාහල් අතර සිය දරුවන් බිරිඳ හා සැරි සරමින් දැනුම සොයා යමින් මේ පියකරු මිනිසා අපට ලබා දුන්නේ මහත් වූ ධෛර්යයකි.
සැලකිය යුතු කාලයක් කොළඹ නගර සභාවේ මන්තී‍්‍රවරයකු ලෙස විමල් කටයුතු කළේය. එහිදී සිදුවූ කුප‍්‍රකට සිදුවීමක් නිසා විමල් දේශ කීර්තියට පත්විය. කොළඹ නගර සභාවේ පක්ෂ විපක්ෂ මන්තිී‍්‍රවරුන්ගේ එකඟතාවයෙන් කොළඹ හදවතේ විශාල ඉඩමක් නොමිලේම බෙදාගනිද්දී විමල් එය ප‍්‍රතික්ෂේප කළ නිසාවෙනි ඒ. ඒ වන විටත් හරි හමන් ගෙයක් දොරක් ඉඩමක් නොතිබූ ඔහු ප‍්‍රතික්ෂේප කළේ ලක්ෂ සියයකට පමණ මිල කළ හැකි වටිනා දේපලකි.
           දිවංගත බර්නාඞ් සොයිසා විමල්ගේ ගුරුවරුන් අතර සමීපතම දේශපාලන ගුරුවරයා විය. හැට  හත් වියේ දී  විමල් අප හැර යන විට ඔහු පක්ෂය තුළත් ඉන් පිටතත් සටන් කරමින්ම හදාරමින් සිටියේය. ඔහුගේ දරුවන්ට ද ඔහු දැනමුතුකම් දුන්නේ ආයතනික අධ්‍යාපනය මෙන්ම සමාජයෙන් ඉගෙන ගැනීමද කළ යුතු බවටය.
        මට හමුවු අකලංක මිනිසුන් විසිපස් දෙනෙකු නම් කරන්නයැයි කිසිවෙකු කීවොත් විමල් රොඞ්රිගු සොයුරාද ඒ අතරට මා නම් කරනු නිසැකය.  විමල්ට ජීවත් වීමට තිබුණු එකම වත්කම වූයේ පක්ෂයේ පූර්ණ කාලීනයෙකු ලෙස ලැබූ සුලූ වේතනයයි. මහින්ද පාලනයේ ඒකාධිපතිත්වයට පක්ෂව තනතුරු ලෝභී , බලලෝභී වත්මන් සමසමාජ නායකත්වය ඒකරාශි වෙද්දී එකී මතයට විරුද්ධව ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පැත්ත ගත් විමල්ගේ ඒ සුලූ ආදායමද අහිමි විය. විමල් නම් වූ ඒ සදාකාලික තරුණයා මියගියේ ඓතිහාසික දිනයකය. එනම් 1978 ඒකාධිපති ව්‍යවස්තාවේ ජනාධිපති බලතල අහිමි නරන ලද ඓතිහාසික යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මතවූ දිනයේය.
                   විමල් යනු අප‍්‍රමාණ මිනිසෙකි.
 

 

Thursday, 14 May 2015

Iranamvila: ඞී.ආර්.බීත් නොඑන්නම යන්න ගිහිං.

Iranamvila: ඞී.ආර්.බීත් නොඑන්නම යන්න ගිහිං.:          අපේ පරම්පරාවත් ලෙඩ දුක් වලින්ම යන්න පටන් අරන්. ඞී.ආර්.බි. දිසානායකත් ගිහිං. හුඟ දෙනෙක් හාට් ඇටෑක් වලින්. ඇටෑක් කරන්නත් හාට් එක...

ඞී.ආර්.බීත් නොඑන්නම යන්න ගිහිං.


         අපේ පරම්පරාවත් ලෙඩ දුක් වලින්ම යන්න පටන් අරන්. ඞී.ආර්.බි. දිසානායකත් ගිහිං. හුඟ දෙනෙක් හාට් ඇටෑක් වලින්. ඇටෑක් කරන්නත් හාට් එකක් තියෙන්න එපැයි.
        ඞී.ආර්.බී. අපි එකට හිටි හොස්ටල් සගයෝ. ධර්මරාජ කන්ද මුදුනේ ගස් ගොම්මනේ පිහිටි එ් සුන්දර ගොඩනැගිලි අස්සේ ගෙවී ගිය ඒ කාලය, ජීවිතයේ වෙන කවදාවත් එතරම් ලස්සනට ලැබුනෙ නෑ. ඞී.ආර්.බීත් මමත් හිටියේ ”බී” ඩ්‍රෝමැටි‍්‍ර එකේ. ඔහු මට වඩා පන්ති දෙකක් ඉහළින් හිටියේ. අපිට වඩා හුඟක් පිළිවෙලට ඉන්න ඞී.ආර්.බී. උත්සාහ කළා. දඩබ්බරත් නෑ. විහිලූවට බරයි. අනිත් අයගෙ විහිලූ  අහලා හිනා වෙලා මූණ රතුම රතු පාට වෙනවා. හරිම කාරුණික අහිංසක හිතවතෙක්.
      හොස්ටල් එකේ ඉරිදා හැන්දෑවට තියෙන විවිධ ප‍්‍රසංගයේදී අමරදේවගෙ සිංදු ලස්සනට කියන්න ඞී.ආර්.බීට පුළුවන්. දැන් අයිටිඑන් සභාපති ධම්මික ගංගානාත් දිසානායක තබ්ලා ගහනවා., සර්පිනා ගහනවා, දමිත රාජපක්ෂට හොඳට විහිලූ චරිත රඟපාන්න පුළුවන්. අදත් මට දමිතගෙ විහිලූ මතක් වෙලා හිනා යනවා.
අපි හොස්ටල් එකේ නාට්‍යයක් කළා. අධ්‍යක්ෂණය ධම්මික ගංගානාත් විය යුතුයි. ගම මහගේට රඟ පෑවේ ඞී.ආර්.බී., ගම දියණිය මම. එහි එක දෙබසක් තියෙනවා ‘යකා හූ කියාගෙන එයි’ කියලා. ඒ දෙබස කණ්ඩය මට කියන්නම බෑ. පස්සේ මේ දෙබස් කණ්ඩය මං කියන වැරදි විදිහ හොස්ටල් ඉතිහාසයට එකතු වුනාලූ. ඒ නාට්‍යය මහනුවර දිස්ති‍්‍රක් තර`ගයෙන් ජය ගත්තා. මටත් කුසලතා සහතිකයක් හම්බ වුනා. ඒ තමයි මං ජීවිතේට ර`ගපෑ අන්තිම නාට්‍ය චරිතය.
           ඒ කාලෙ හිටිය පරණ හොස්ටල් සගයො එකතු වෙලා ”ආදි ධර්මරාජ නේවාසිකයන්ගෙ සංගමය” හදා ගත්තා. හැබැයි ඒත් මට ඒකට සම්බන්ධ වෙන්න බැරි වුනා. වත්මන් සභාපති අපෙත් එක්ක හිටි සීවලී අබේරත්න. පුෂ්පානන්ද ඒකනායක, පූජිත් ජයසුන්දර, දමිත රාජපක්ෂ, වෛද්‍ය මුදියන්සේ්, බී.එම්.ටී. බණ්ඩාර(බමුටි), රාජසේකර, කුඩාගම, ආනන්ද ජයරත්න මහා නලූවගෙ පුතා වරුණ ජයරත්න, ඞී.ආර්.බී., මෙත්තානන්ද, කුසුම් ප‍්‍රනාන්දු, වික‍්‍රමනායක, බස්නායක, ආටිගල, අජිත් ධම්මික, ඔය මේ දැන් මතකයට ආ චරිත කිහිපයක්. ඒ සියල්ල අතර සිටි ඞී.ආර්.බී නොඑන්නම යන්න ගිහින්.
               1990 විතර මම මාර්ග ආයතනයේ වැඩ කරද්දී ඞී.ආර්.බී. එයාගෙ ගම් පළාතේ හ`ගුරන්කෙත උඩවත්තෙ ලස්සණ කඳු නිම්නයක කඩයක් දාගෙන හිටියා. අපි ඒ ගමේ පර්යේෂණ කටයුත්තක් කරද්දි ඞී.ආර්.බී. දිනපතා හමුවුණා. ඔහුටත් වයසට නොයන ජාන විශේෂයක් තිබුණා. ඒ හින්ද මං ඔහු අන්තිමට දකින කොටත් ඞී.ආර්.බී. පාසලේදී දැක්ක විදිහමයි.
         ඞී.ආර්.බී. මියගිය ආරංචිය මට හරිම ශෝක ජනක සිද්ධියක්. ඒකයි මෙහෙම ලියන්න හිතුනෙ. සරල වට පිටාවක, අවංක මිතුරුදම් වලට පි‍්‍රය කළ ඔහු දයුණුවේ හිනිමගේ අහස උසට නගින්න උත්සාහ නොකළ අවංක චරිතයක්.
                               ඞී.ආර්.බී. ඔබට අපේ ආචාරය
 

Saturday, 2 May 2015

වෙසක් පොහෝදා අපි බුදුරජාණන් වහන්සේට සාවධාන වෙමු.




x යමක් ආරංචියෙන් නො පිළිගන්නත

x පරපුරෙන් පැවත ආ පමණින් නො පිළිගන්නත

  x  මෙසේ වන්ට ඇතැයි අනුමානයෙන් නො පිළිගන්නත

x තමන්ගේ පිටකයට සමාන ය යි නො පිළිගන්න ත

x තර්කයට හරි ය යි නො පිළිගන්නත

x න්‍යායට හරි ය යි නො පිළිගන්නත


x කරුණ හොඳ ය යි නො පිළිගන්නත

x තමන්ගේ දෘෂ්ටියට එක`ග ය යි නො පිළිගන්නත

x පුද්ගල ගෞරවයෙන් නො පිළිගන්න ත
x මේ ශ‍්‍රමණයන් අපගේ ගුරුන් ය යි ගුරුගෞරවයෙන් ද නො පිළිගන්නත


කාලාමයෙනි , මේ දහම් අකුසල්ය, මේ දහම් වරද සහිතය,මේ දහම් නුවණැතියන් විසින් ගර්හිත ය. පුරන ලද්දාවූත් ,සමාදන් වූත් මේ දහම් අහිත පිණිස , දුක් පිණිස පවතී යනුවෙන් යම් විටෙක තුමූ ම යම් යම් කරුණු දැන ගන්නහු ද එවිට ඒවා දුරු කරන්න.
                                                     (කාලාම සූත‍්‍රයෙන්*


                                  



Monday, 20 April 2015

Solomon Northup (1808-1863)



               ඇමෙරිකානු වහල් මෙහෙය නිමා කිරීමේ Abolition ව්‍යාපාරයේ නායකයෙකු වූ ද , 2013 වසරේ තිරගතවූ Twelve Years a slave චිත‍්‍රපටය පදනම් වූ සත්‍ය කථාවේ නිර්මාතෘවරයාද වූයේ Solaman Nothup ය. නිව්යෝක් නුවර උපන් අපි‍්‍රකානු ඇමෙරිකානුවකුවූ සොලමන්ගේ පියා නිදහස ලද කලූ ජාතිකයෙකු විය. යුරෝපීය හා අපි‍්‍රකානු මිශුණයකින් යුත් කාන්තාවක් ඔහුගේ මව වූවාය.
               සොලමන් ජීවත් වූයේ නිව්යෝක් නුවර ආසන්නයේය. තමන්ගේම වූ ගොවිපලක් පවත්වාගෙන ගිය ඔහු දක්ෂ වයලීන් වාදකයෙකුද විය. මේ සිදුවීම වන විට ඔහු තිදරු පියෙකු වූයේය. එක්තරා සුදු ජාතිකයෙකු සොලමන්ට සංගීත ශිල්පියෙකු ලෙස රැුකියාවක් සොයාදීමට වොෂින්ටන් නුවරට යාමට ආරාධනා කරයි.
                 එලෙස රවටා සොලමන් කැඳවාගෙන යන තැරැුවිකාර පිරිස සිහි නැති වන බෙහෙතක් මත්පැනට මිශුකර පොවා වහල් කඳවුරකට ගෙන යයි. අනතරුව New Orleans  ප‍්‍රදේශයේ වැවිලිකරුවකුට තැරැුව්කරුවන් විසින් සොලමන්ව විකුණා දමයි. අනේක දුක් පීඩා විඳිමින් දොළොස් අවුරුද්දක් වහල් සේවයේ ගත කරන සොලමන් වැවිලි කරුවාගේ ඉදිකිරීම් කටයුත්තකට පැමිණෙන කැනේඩියානුවකුට සිය වතගොත පවසයි. එකී කැනේඩියානුවා ඒ පණිවිඩය නිව්යෝක් නුවර නගරාධිපතිවරයාට පවසයි. නිව්යෝක් නිදහස් කලාපයේ වැසියෙකු පැහැර ගෙන යාම පිළිබඳව නීතියට අනුකූලව කි‍්‍රයාකරන එහි නගරාධිපතිවරයා සොලමන්ව නිදහස් කර ගනී.


               
සිය පිටුවහල් ජීවිතය ගැන ලියූ සැබෑ අත්දැකීම Twelve Years a Slave  සොලමන් විසින් 1853 දී  පළකළේය. පසුව ඔහු එකී ව්‍යාපාරය වෙනුවෙන් වහල් මෙහෙයට විරුද්ධව දේශන පවත්වමින් ඇමෙරිකානු ජනතාව දැනුවත් කළේය.
               ඉනික්බිතිව යළිත් 1857 දී සොලමන් අතුරුදහන්වන අතර නැවත ඔහු හමුවන්නේ 1863 දීය.සමහර ඉතිහාසඥයන් පවසන්නේ ඔහු යළිත් වරක් වහලෙකු ලෙස පැහැර ගැනීමට ලක්වූ බවයි.

        සොලමන්ගේ කථාව 1984 දී සුප‍්‍රකට PBS ටෙලිවිෂනය රූපවාහිනී වාර්ථා චිත‍්‍රපටයක් ලෙස සැකසූ අතර 2013 දී සිනමාවට නැගිණි. එය 2014 වසරේ දී ඔස්කාර් සිනමා උළෙලේ දී හොඳම චිත‍්‍රපටයට හිමි සම්මානය හිමිකර ගත්තේය.පසුගිය වසරේදී මම මේ චිත‍්‍රපටය සිනමා ශාලාවකදී නැරඹුවෙමි. ඊයේ පෙරේදා දවසකයළිත් මෙම චිත‍්‍රපටය නැරඹුවේ වීඩියෝ පටයකිනි. එය නැරඹූ කාරණය තරමක් වැදගත් යයි සිතමි.

            Black History Month  යනු කලූ ජාතිකයන් සිය අතීතය සංස්කෘතික, සමාජ හා දේශපාලනික වශයෙන් සමරන මාසයයි. මගේ මතකයේ හැටියට මෙම මාසය පෙබරවාරි විය යුතුය. මා නිතර යන එන ටොරොන්ටෝ නගරයේ ප‍්‍රජා මධ්‍යස්තානයක මේ සැමරුම සඳහා තෝරා ගෙන තිබූ  අංග අතර කලූ ජාතික ඉතිහාසයට සම්බන්ධ චිත‍්‍රපට සතියක්ද විය. එහි දී තෝරාගත් එක චිත‍්‍රපටයක් වූයේ  Twelve Years a Slave චිත‍්‍රපටයයි. චිත‍්‍රපට සතියක් කීවාට එය විශාල රූපවාහිනී තිරයක පෙන් වූ වීඩියෝ චිත‍්‍රපට උළෙලක් විය.  කලූ ජාතිකයන් 10ක් පමණ වූ නරඹන්නන් අතර සිටි එකම කලූ ජාතිකයෙකු නොවන්නා මා විය. වීඩියෝ දර්ශනය අතරතුර එකී කලූ ජාතිකයන් අතර මේ චිත‍්‍රපටය ගැන වූ සාකච්ඡුාව මටද ඇසුණි. තමුන් අමානුෂික වහල් මෙහෙයට ලක් කළ ඇමෙරිකාවේ වත්මන් ජනාධීපතිවරයා තම ජාතිකයන් අතරින් තේරී පත්වීම දෛවෝපගත දෙයක් ලෙස ඔවුන් දුටුවෝය. සුදු ජාතිකයන් විසින් ඉතා තුච්ඡු ලෙස තමන් පෙලූ ඉතිහාසය ඔවුන්  ඉතා රලූ වචන පාවිච්චි කරමින් හෙලා දකිමින් කථා කළෝය.
      ලෝකයට කරන ඇමෙරිකානු බලපෑම හොඳඳ නරකද යන්න වෙනම කතා කළ යුත්තකි. එහෙත් අද ඇමෙරිකාව තුළ  නිදහස හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය අපූරුවට ස්ථාපිතව තිබේ. මෙම චිත‍්‍රපටයෙන් පෙන්වන ඇමෙරිකාවත් අද ඇමෙරිකාවත් අතර ඇති අති විශාල පරතරය අහසට පොළොව මෙනි. මෙවන් තත්වයකට ඇමෙරිකාව පත්කර ගැනීම උදෙසා කලූ ජාතිකයෝ කවර නම් ජීවිත ප‍්‍රමාණයක් පුදන්නට ඇද්ද?

Sunday, 12 April 2015

ආචාර්ය පේ‍්‍රමදාස උඩගම: අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ සඳහා නව මානයක් දීමට තැත්කළ වියතෙක්



             ආත්මාර්ථය වෙනුවට පරාර්ථය සිය ආත්මයේ කොටසක් කරගත් වියතුන්ගෙන් එකළ විශ්ව විද්‍යාල පිරී පැවතුනි. අද දක්වා මෙම ආයතන විශ්ව විද්‍යාල නාමයෙන් පවතින්නේ එකී වියතුන්ගේ බුද්ධිමය ශ‍්‍රමයේ දායකත්වයෙනි. විශ්වවිද්‍යාලයක ස්වර්ණමය අවධිය යනුවෙන් හැඳින්වෙන්නේ ගොඩ නැගිලි හා උපකරණවලින් ආඩ්‍ය වීම නොව මෙවැනි වියතුන්  ගෙන් විශ්වවිදයාල පිරී පැවතීමයි. එ් ස්වර්ණමය අවධීන්ට දායක වූ විද්වතුන් වයස්ගත වීම නිසාම එම ආයතනවල බුද්ධිමය සම්ප‍්‍රදායයන් අභාවයට යමින් පවතී. ආචාර්ය පේ‍්‍රමදාස උඩගම වනාහි එලෙස පේරාදෙණි විශ්ව විද්‍යාලයේත්, කොළඹ විශ්වවිද්‍යාලයේත් ශාස්ත‍්‍ර දානය ලබා දුන් වියතෙකු පමණක් නොව ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගරගෙන් පසුව පොදු මහජනයාගේ දරුවන් ඉලක්ක කොට අධ්‍යාපන පරිවර්තනයට දායක වූ මහා වියතාය. එතුමන්ද සිය ජීවන චාරිකාවේ 94 වසර සපුරද්දී පසුගියදා අභාවප‍්‍රාප්ත විය.
          පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයකු වශයෙන් සේවය කරමින් සිටි 1970 දී පමණ එවකට බලයට පත් වූ සමගි පෙරමුණු ආණ්ඩුවේ අග‍්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් හා ලේකම් ධුරය බාරගන්නා ලෙස ආචාර්ය පේ‍්‍රමදාස උඩගමයන්ට ආරාධනා කරන ලදි. එ් අනුව විශ්වවිද්‍යාල ආචාර්ය පදවියෙන් ඉවත්ව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ධුරයට හා අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත්විය.
           මහනුවර මැනික්හින්නේ උපත ලද ආචාර්ය උඩගම ගමේ පාසලෙන්ද අනතුරුව කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන්ද අධ්‍යාපනය ලබා කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. එතුමාගේ වැඩිමල් සොහොයුරා වූ යූ.පී.වයි. ජිනදාස මහතා දීර්ඝ කාලයක් මහනුවර දිස්ති‍්‍රක්කයේ කුණ්ඩසාල ආසනයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරයා විය. ශී‍්‍ර ලංකාවේ ගැමි ජනයා අතර දේශපාලනය කිරීමේ වෘත්තාන්තගත චරිතයක් වූ ජිනදාස මහතාගේ ආභාෂයත්, සිය ගැමි ජීවිතයෙන් ලද අවබෝධයත් සමග එකල සමගි රජයේ දිසානතිය හඳුනා ගැනීමට එතුමන්ට පහසු විය. අවසාන ප‍්‍රතිඵල කවරක් වුවද එකල අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ උඩගම මහතා මූලිකත්වය සපයමින් සිදු වූ පෙරළිය දුගී ජනයා ඉලක්ක කරමින් විමුක්තිවාදී  දැක්මකින් සිදු වූවකි. එවැනි සමාජ ඉලක්කයන් ඇතිව නිදහස් අධ්‍යාපන පනත ආචාර්ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතා ඉදිරිපත් කළාට පසුවත්, අවසන් වරටත් , අධ්‍යාපන කි‍්‍රයාවලිය සකස් කෙරුණේ උඩගම මහතාගේ මූලිකත්වයෙනි. එවකට සමගි පෙරමුණු රජයේ දර්ශනයට එම ඉලක්කයන් යම් තරමකට අනුකූලද විය. එතුමා පසු කලෙක අප සමග කීවේ තමා දායකත්වය සැපයූ එකී ප‍්‍රතිසංස්කරණ සමාජ සාධාරණත්වයක් සඳහා පදනම් විය හැකි යයි සිතූ බවයි. එවකට සිටි අග‍්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියත්, අල්හාජ් බද්යුද්දීන් මහමුද් අධ්‍යාපන ඇමතිතුමාත් ,එවකට පැවති රජයනුත්, මෙකී  ප‍්‍රතිසංස්කරණ උදෙසා සහය ලබාදුන් බව ඊට වසර පහළොවකට පමණ පසු ආචාර්ය උඩගම අප සමග පැවසීය.
           1977 දී සිය ලේකම් ධුරයෙන් විශ‍්‍රාම යාමෙන් ටික කලකට පසු පීජී ¥පත්හි අධ්‍යාපන ප‍්‍රතිපත්තිය සකස් කිරීමේ මෙහෙයුම් කටයුතුවලට සහභාගි විය. විශ්වවිද්‍යාල ආචාර්ය ධුරයෙන් සමූ ගැනීමත් සමග අධ්‍යාපනඥයකු ලෙස ලොව පුරා අධ්‍යාපන ක‍්‍රමවේදයන් හැදෑරීමට එතුමන් උත්සුක විය. විශේෂයෙන් ප‍්‍රගතිශීලී අධ්‍යාපනය :ඡුරදටරුිිසඩැ ෑාමජ්එසදබ* කවරාකාරද යන්නත්, දරුවකු ලබා ගන්නා අධ්‍යාපනය රටේ සංවර්ධනයට නැවත දායක කරගන්නා ආකාරයත් පිළිබඳ අවබෝධ කර ගැනීමට එතුමා බොහෝ සේ උනන්දු විය.
         නිදහස් අධ්‍යාපන පිළිවෙත 1945 සී.ඩබ්. කන්නන්ගර මහතා විසින් ප‍්‍රතිෂ්ඨාපනය කළත් පාලන බලය ගත් වැඩවසම් පාලකයන් එය පූර්ණ යථාර්ථයක් කර ගැනීමට ඉඩ නොදුන්නේය. අධ්‍යාපනයෙහි වූ පංති භේදය එ් සඳහා ප‍්‍රධාන බාධාව වන බවද ආචාර්ය උඩුගම දුටුවේය.  එහෙයින් දිවා ? වෙහෙසෙමින් දහස් සංඛ්‍යාත ගුරුවරුන් බඳවා ගනිමින් එකී ගුරුවරුන්ගෙන් ඉලක්ක සපුරා ගැනීම උදෙසා මනාව පුරුදු පුහුණු කරමින් එතුමන් කටයුතු කළේය. අධ්‍යාපනය තුළින් දරුවන් පූර්ණ සහනදායි සමාජයක් ඉදිකිරීමේ කොටස්කරුවෙකු කළ යුතු බව ඔහු විශ්වාස කළේය.
         1989ට පසු කාලයක එතුමා සිය විදේශයන්හි කළ සේවයන් නිමවා ලංකාවට පැමිණි අතර ඊට පසුව ටික කාලයක් මාර්ග ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස එහි පර්යේෂණ කි‍්‍රයාවලියට සම්බන්ධ වූයේය. මට එතුමා පළමුවරට හමුවන්නේ එහිදීය. මාර්ග ආයතනය ප‍්‍රකාශයට පත් කළ මාර්ග සඟරාවේ ප‍්‍රධාන සංස්කාරක ලෙස මා සේවය කරද්දී එතුමා සමග ආචාර්ය ගාමිණී කොරයා, ගොඞ්පි‍්‍ර ගුණතිලක ආදි විද්වතුන් පිරිසක් එම සඟරාවේ  උපදේශක මණ්ඩලයේ සේවය කළේ ය. මාර්ග ආයතනයේ එදා තිබුණු නිදහස් වෘත්තීය පරිසරය තුළ අපට බොහෝ විෂයයන් පිළිබඳව නිදහස්ව අදහස් හුවමාරු කර ගත හැකි විය. යොවුන් සමාජ කි‍්‍රයාකාරීන් වූ අපට එතුමාගේ  දීර්ඝ වෘත්තික ජීවිතයේ ලද අත්දැකීම්  නොමසුරුව ලබා දුන් අතර ඒ දැනුම හා උපදෙස් පසුකාලීනව බොහෝ සේ අපට වැදගත් විය.
        ආචාර්ය උඩගම වනාහි ජාතික දර්ශනයකින් සමන්විත දේශපාලන නැඹුරුවක් තිබූ විද්වතෙකි. 1977 දී අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ධුරයෙන් ඉවත් වූ එළඹුණු මැතිවරණයේදී සේරුවල ආසනයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ලෙස තරඟ බිමට බටහ. පසුකාලීනව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රගතිශීලී නැඹුරුව ලෙස ු ශී‍්‍ර ලංකා මහජන පක්ෂය නිර්මාණය කිරීම සඳහා  ටි.බී. ඉලංගරත්න, විජයකුමාරතුංග, වී.ඩබ්. කුලරත්න ආදීන් සමග ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් වෙන්විය.  ඉනික්බිති තවත් නොබෝ කලකින් මහජන පක්ෂයේ කි‍්‍රයාකාරිත්වයෙන් ද ඉවත් වූ ආචාර්ය උඩගම ශූරීන් යළි කිසිදු දිනෙක කි‍්‍රයාකාරී දේශපාලනයට පැමිණියේ නැත.
          ඔහු සමග එක්ව වැඩ කළ සමයේ ඔහුගේ උදාරතර ගතිගුණ සමීපව අවබෝධ කර ගැනීමට අපට හැකි විය. එකළ නව සමසමාජ පක්ෂයේ කි‍්‍රයාධරයෙකු වූ ගාමිණී කුමානායකත්, ජනතා විමුක්ති පෙරමුණේ කි‍්‍රයාධරයෙකු වූ විජේරත්නත්, නිදහස් මතධාරියකු වූ පසුකාලීන මහත් ආන්දෝලනයට තුඩු දුන් මාධ්‍යවේදියකු වූ ජේ. තිස්සනායගම් හා මා මාර්ග ආයතනයේ ඔහුගේ සමීපතම හිතවතුන් වූහ. ඔහු කවදාවත් අපගේ එකිනෙකට පරස්පර දේශපාලන කලාපයන් විවේචනය නොකළේය. දාර්ශනිකවම  ජාතිකවාදී දේශපාලනය අගය කළ නමුත් එතුමාගේ එකී දර්ශනය විවේචනය කිරීමට අපිද පසුබට වීමු.
        පසුකාලීනව එතුමන් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා බවට පත් කෙරිණි. එසමයෙහි ද එතුමා සමග වැඩ කිරීමට අපට හැකි විය. එකල ඔහු අප සමග පැවසුවේ තමාගේ අධ්‍යාපනය පිළිබඳ දර්ශනය කි‍්‍රයාත්මක කිරීමට එයද සුදුසු තැනක් නොවන බවයි.
මහින්ද රාජපක්ෂ පාලන සමයේ ආචාර්ය උඩගම ශූරීන් පේරාදෙණිය විශ්වවිදයාලයේ කුලපතිවරයා වශයෙන් ද සේවාවක යෙදුණි.
      
       අප කවරාකාරයෙන් අගය කළත් පේ‍්‍රමදාස උඩගම ශූරින්ගේ අධ්‍යාපන ක‍්‍රමවේදය විවාදපන්නය. එ් ගැන ගැඹුරින් කතා කිරීමේ නිපුණතාවයක් මට නොමැති නිසා මම නිහඬ වෙමි. එහෙත් මා දැක ඇති එක දෙයක් තිබේ. එතුමා සමග ගිය ගමන් බිමන්වලදී හමු වූ උදවියත් එතුමා ගැන නාමමාති‍්‍රකව ඇසූ විටත් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ වුවන්ගෙන් ලැබුණු ගෞරවය  තවත් රාජ්‍ය සේවකයකු අරබයා ලැබෙනු මා දැක නැත.
දර්ශනයක් සහිතව රාජකාරිය මෙහෙයැවීමත් අවංක බවත්, කැපවීමත් සහිත උසස් නිලධාරීන් අද නැතිම තරම්ය. ආචාර්ය උඩගමයන්ගේ සකි‍්‍රය ජීවිතය තුළ මේ ගුණාංග නොඅඩුව තිබුණි. සපිරි වූ බුද්ධියක් සහිත එතුමා එපමණටම නිහතමානිද විය. දිදුලන ඒ ගුණයට දහස්් ගණන් වෘත්තිකයෝ එපමණටම එතුමන්ට ගෞරවාචාර දැක්වූහ.
චන්ද්‍රරත්න බණ්ඩාර