Saturday 21 February 2015

17, බැරැක්ක පටුමග







             17, බැරැුක්ක පටුමග අපගේ දේශපාලන ඉතිහාසයේ සංකේතීය ස්ථානයකි. 1977 මුල් භාගයේදී වාසුදේව නානායක්කාර, ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න, ආචාර්ය නලින් ද සිල්වා, ආචාර්ය කුමාර් ඬේවිඞ්, ආචාර්ය ශාන්ත කුමාර්, සුමනසිරි ලියනගේ වැනි අපූරු එකතුවක් විසින් ලංකා සමසමාජ පක්ෂයෙන් බිඳී ගොස් තැනූ නව දේශපාලන පක්ෂයේ මුලස්ථාන ලිපිනය එය විය. මුලින් කී සියල්ල අතරින් අද එහි වාසය කරන්නේ වික‍්‍රමබාහු පමණක් වුවත් අවුරුදු හතළිහකට ආසන්න කාලයක් ගිනි ගහන ගෙන්දගම් කොළඹ නගර මධ්‍යයේ පිහිටි මෙම පක්ෂ නිවහන සැලකිය යුතු බලපෑමක් ලංකාවේ දේශපාලනය අරබයා සිදු කළේය.

             ගෙවී ගිය ජනවාරි 15 වනදා මෙම ස්ථානයේ අපූරු දෙයක් සිදුවිය. නීත්‍යානුකූල අයිතිය තමන්ට ඇතැයි පවසමින් කලෙක වානිජ සිංහල සිනමාවේ දුෂ්ටියගේ භූමිකාවට පන පෙවූ සෝනියා දිසා මහත්මිය සිය ප‍්‍රචංඩ ගෝල බාලයන් රැුසක් සමග පැමිණ එම ගොඩනැගිල්ල අත්පත් කර ගැනීමට තැත් කළාය. එහි බිත්තිවල අලවා තිබූ පෝස්ටර්, දැන්වීම් පුවරු ආදිය කඩා බිඳ දමමින් ඈ ඇයට හිමි දුෂ්ටියගේ භූමිකාව ර`ගපෑවා නොව සැබෑවටම කළාය.

          මේ ගොඩනැගිල්ල කාට නීත්‍යානුකූලව අයිතිද යන්න අපි නොදනිමු. එහෙත් එකී නිවස ප‍්‍රවාදගතව ඇත්තේ නව සම සමාජ පක්ෂයේ මූලස්ථානය ලෙසය. එහෙත් එදා සෝනියා දිසා මහත්මිය සිය ගෝලයන් සමග කලහාකාරීව හැසිරෙද්දී ඉතා අසරණව සිටි ආචාර්ය වික‍්‍රමබාහුගේ මුහුණේ තිබූ අසරණකම ඔහු වැන්නෙකුට හිමි නොවිය යුතු ඉරණමක් බව මගේ අදහසයි.

          ආචාර්ය වික‍්‍රමබාහු නායකත්වය දරණ නව සම සමාජ පක්ෂය සමග මට සෘජු සබඳතා නැතැත් පොදු කටයුතු විශේෂයෙන් මාධ්‍ය නිදහස සම්බන්ධ කාරණා වලදී එක්ව කි‍්‍රයා කළ අතීතයක් මවෙත තිබේ.

          පැරණි වාමාංශික නායකයන් බොහෝ දෙනෙකු මියගොස් සිටින තත්වයක් යටතේ දැනට සිටින වැඩිම කැප කිරීම් කරන ලද වාමාංශික නායකයා ආචාර්ය වික‍්‍රමබාහු විය හැකිය. මැද පංතික අපූරු උරුමයකට හිමිකම් කියන ඔහු කිසිවකුට දෙවන නොවන අධ්‍යාපනයක් (කොන්ටම් යාන්ති‍්‍රක ඉංජිනේරු විද්‍යාව* එංගලන්තයේ කේම්බ‍්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් ලබා ඇත. ඔහුගේ පුද්ගල හැසිරීම්වල මා අනුමත නොකරන බොහෝ දේ තිබේ. එහෙත් ඔහු දේශපාලන ජීවිතයේදී කරන ලද කැපකිරීම් අද දේශපාලනයේ යෙදී සිටින අන් කිසිවකුට දෙවන නොවේ. එමෙන්ම සිය පාසලවූ ආනන්ද විද්‍යාලයේ දී ඔසවා ගත් රතු ධජය හැත්තෑ ගණනක් වූ ඔහුගේ මහලූ වියේදීවත් අත් නොහැරීම පිළිබඳව මට ඔහු කෙරේ ඇත්තේ ගෞරවයකි.

           තරුණ වියේ දී ඉතා කඩවසම් පුද්ගලයකු වූ ආචාර්ය වික‍්‍රමබාහු , ඇන්.ඇම්., විජය හා වාසුදේව හැරුණු කොට වාමාංශික දේශපාලන ඉතිහාසයේ සිටි කඩවසම්ම නායක මට්ටමේ පුද්ගලයාද ඔහු විය හැකිය.

            ජාතික ප‍්‍රශ්නය අරබයා වන ඔහුගේ ජනපි‍්‍රය නොවන ස්ථාවරය නිසා සිංහල බහුතරයාගේ කෝපයට බඳුන් වී සිටියත් බලය තකා තම මතය අත් හැර නොදැමීමේ ගෞරවයද ඔහුට හිමිවිය යුතුය.

          වාමාංශික ව්‍යාපාරය අවස්ථාවාදයේ තිඹිරි ගෙය වුවත් බාහු එසේ නොවීම පිළිබඳ ඔහුට ඇති ගෞරවය මම යළිත් ප‍්‍රකාශ කරමි.