Friday 20 May 2016

ගංවතුරෙ ගසාගෙන නොයන යමක්


       අප මාක්ස්වාදයෙන් ඉගෙන තිබෙන්නේ සුබ සාධනය වැඩකට නැති ධනේෂ්වරයටම උඩගෙඩි දෙන කි‍්‍රයාවලියක් ලෙසටය.
  
      ඒත් එය ඇත්තක් නොවන බව වැටහෙන්නේ දැන්ය. ගංවතුරක් වැනි ස්වභාවික විපතකදී සුබසාධන කි‍්‍රයාවලියක් මිනිසුන්ගේ අවසන් ජීව පොද රක දෙයි.

          ජනතා විමුක්ති පෙරමුණේ සහන කණ්ඩායම් දැන් ගංවතුරෙන් පීඩිත අනාථයන් අතරට ගොස් ඔවුන්ගේ පීඩාවන්ට පිහිටක් වෙමින් සිටී. චක‍්‍රලේඛ හා නිලධාරිවාදය පලිහක් කරගන්නා රාජ්‍ය ආයතන යමක් කරන මන්දගාමී විලාසයට වඩා ගංවතුර වේගවත්ය. ඒ   වේගයට ගැලපෙන්නට ජවිපෙ උත්සාහ කරමින් සිටී.
  
         දර්ශනයට වඩා අවංකකම අදූෂිත බව උසස් කොට සලකන ජවිපෙට රතුපාටින් තැඹිලි පාටට හැරුනොත් රටට මීට වඩා යහපතක් කරන්නට හැකිවෙතැයි සිතමි.

Thursday 12 May 2016

Canada is a multicultural society




Canada is a multicultural society in the true meaning of multiculturalism’.

Major mainstream newspapers such as ‘Globe & Mail’ ‘Toronto Star’ plus TV and radio stations such as CBC, City TV etc.  play the major role in the national media.

In addition, there is large number of community newspapers, community radio stations and community TV stations operate by a large number of ethnic and cultural groups and organizations throughout the country.

The community media organizations (Newspaper, TV staions.Radio stations etc.) hold membership with a collective long standing body called’ ’National Ethnic Media Council ‘in Canada.

The current President of the Council is Mr. Thomas.D. Sara belonging to the Greek ethnic community in Toronto. He is involved with the media matters and publications related to the Greek community in Canada. He is a multilingual media person who has been living in Canada for close to 37 years.

 I am a member of the ‘National Ethnic Media Council’ as I publish a Sri Lankan community monthly newspaper called’Yathra’ with a circulation of 7000-10000 per month. ‘Yathra’ has been in continuous publication in Canada since 2006.

Recently Mr. Charles Sousa, the Hon.Finance Minister of the Ontario provincial government made a presentation to our council about the 2016 Ontario budget and about the media related issues in Ontario.

He was particularly interested in listening to the opinions, comments and suggestions of the membership of the ‘National Ethnic Media Council’ during the presentation.

I and many of the members who attended the presentation were highly impressed with the knowledge, and the other capacities and the way Mr. Charles Sousa conducted the proceeding during that day.

When I was reflecting about this presentation, my mind naturally travelled to the way these things happen in my mother country even at this very moment. The way our egocentric, inefficient, ignorant politicians and ministers behave and perform these tasks deluding themselves that they know everything about the subject. Frankly most of them do not bother to study things deeply. Also they do not have an open minded attitude like Mr. Sousa to learn from a practical engaged audience.

I am herewith posting some pictures taken with Mr.Chalres Sousa and Mr. Thomas. Sara.

Wednesday 11 May 2016

වලාකුළු බැම්ම ගැන ගීතයක්

https://www.youtube.com/watch?v=WrEq3fk8Nwk



මගේ වලාකුළු බැම්ම නවකතාව ටොරොන්ටෝ පාඨකයන්ට හඳුන්වා දීමේ සම්භාෂනයක් 2016 අපේ‍්‍රල් 03 වන දින ප‍්‍රවීන නාට්‍යවේදී ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ ප‍්‍රධානත්වයෙන් මිසසාගා වැලි ප‍්‍රජා ශාලාවේදී පැවැත්විණි . එහිදී මගේ දීර්ඝ කාලීන මිත‍්‍ර සංගීතවේදී කිත්සිරි ජයසේකරයන් මවෙත සිය සහෝදරත්වය දැක්වූයේ වලාකුළු බැම්ම තේමාවට උචිතව සිය මියුරු හඩින් ගීයක් ගැයීමෙනි . ගීයේ පද ගැලපුනේ මා අතිනි. සිය මිතුරුදම් වෙනුවෙන් ඒ කල කැපවීමට කිත්සිරිට මා සදා තුති පුදමි. මෙහි කැමරාකරණය සුනිමල් බාලසූරියයන්ගෙනි. අප හඳුනා ගත් මුල් දවස්වල සිටම මගේ නිර්මාණ හා පෞද්ගලික ජීවිතයේ දී සමීපව සිටින සුනිමල් මහත් වෙහෙසක් දරා මෙම කටයුත්ත ඉටුකළ බව කිව යුතුය. එසේම ප‍්‍රවීන කැමරා ශිල්පි පුෂ්පකුමාර රාජගුරු ද කැමරාකරණයෙන් එදා අගනා සහයක් ලබා දුන්නේය. ඔහුට අවශ්‍ය ආම්පන්න ආදිය සපයා දෙමින් සහය දැක්වූයේ අපගේ දීර්ඝ කාලීන මිතුරන් වූ අජිත් හා ගජිත් ජිනදාස පිය පුතු දෙපලය. කැනඩාවේ ප‍්‍රචලිත ශී‍්‍ර ලාංකික රූපවාහීනී සේවාව ‘කලාකවය’ වෙනුවෙන් වීරා ෆොන්සේකා ද කැමරාකරණයෙන් සහය විය.
මේ සියල්ල සිදුවූයේ සහෝදරත්වයේ සීමා මායිම් තුළ වීම නිසා ඒ උදව් උපකාරවලට නව වටිනාකමක් හිමිවිය යුතු නේද?