Friday 20 May 2016

ගංවතුරෙ ගසාගෙන නොයන යමක්


       අප මාක්ස්වාදයෙන් ඉගෙන තිබෙන්නේ සුබ සාධනය වැඩකට නැති ධනේෂ්වරයටම උඩගෙඩි දෙන කි‍්‍රයාවලියක් ලෙසටය.
  
      ඒත් එය ඇත්තක් නොවන බව වැටහෙන්නේ දැන්ය. ගංවතුරක් වැනි ස්වභාවික විපතකදී සුබසාධන කි‍්‍රයාවලියක් මිනිසුන්ගේ අවසන් ජීව පොද රක දෙයි.

          ජනතා විමුක්ති පෙරමුණේ සහන කණ්ඩායම් දැන් ගංවතුරෙන් පීඩිත අනාථයන් අතරට ගොස් ඔවුන්ගේ පීඩාවන්ට පිහිටක් වෙමින් සිටී. චක‍්‍රලේඛ හා නිලධාරිවාදය පලිහක් කරගන්නා රාජ්‍ය ආයතන යමක් කරන මන්දගාමී විලාසයට වඩා ගංවතුර වේගවත්ය. ඒ   වේගයට ගැලපෙන්නට ජවිපෙ උත්සාහ කරමින් සිටී.
  
         දර්ශනයට වඩා අවංකකම අදූෂිත බව උසස් කොට සලකන ජවිපෙට රතුපාටින් තැඹිලි පාටට හැරුනොත් රටට මීට වඩා යහපතක් කරන්නට හැකිවෙතැයි සිතමි.

1 comment:

  1. පොදු ආපදාවන්හීදී කවදත් ඉදිරියට ආ ජවිපෙට අපේ ආචාරය...........

    ReplyDelete