Wednesday 15 June 2016

මිල්ලන්ගොඩ වංශවතා




නන්දන වනයෙන් ආය සකී
දෙව් පුර වැදුමට පින් කෙතකී

කුඹු සොලවන විට තෙද ඉසිරී
දිගු දළ යුගලම මහිමයකී

වැවි පොකුණු මතින් පා එසවී
කන්දට ලන්දට අධිපතිවී

මාළිග දොරටුව වැඳ වැටෙතී
දළදා හිමි පිට මතට වඞී
පසතුරු නද මැද පා තබතී
සිව් ර`ග සේනා රැුක සිටිතී

ඇතින්නියන් කෝමල පාතී
සැබෑ පිරිමියෙක් යයි කියතී

කවිකළ හැකි විසිතුරු බෝමයි
ගජගා ගජ විසිතුරු බෝමයි

නැණ නුවණින් යුත්
ශීර්ෂ මණ්ඩලේ

ලෙන්ගතුකම් ඇති
හෘද මන්දිරේ

ගිජිඳු ගුණෙන් යුත්
මහ ගිජිදාණෙනි
අප හැරදා ඇයි
ආපසු වැඩියේ

චන්ද්‍රරත්න බණ්ඩාර

No comments:

Post a Comment