Saturday 18 March 2017

සිහිනයකි රැ සමග බාහු

http://www.rupavahini.lk/musical-programmes/sihinayaki-re/14469-2017-03-05.html


       ඉරිදාවක රාති‍්‍රයේ සිහිනයක රැ වැඩ සටහන වෙත කැඳවා තිබුණේ ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්නයන්ය. ඒ කැඳවීම ම දුර්ලභ එමෙන්ම සුභාවී සිදුවීමක් වන්නේ රැපවාහිනී නාලිකා ගමන් කරන දිශාව බලන විට ය . කලාව ඇසුරෙන් කවර වූ හෝ මානව ජීවිතයක පිරිසිදු ජීවිතයක ඇතුලාන්තය විවෘත කල හැකිද යන්නට බාහුගේ වැඩ සටහනම සාක්ෂි වේ. එයාකාර වැඩ සටහන් සියයක් පමණ මෙහෙයවා පළපුරුදුකම් ඇති මහේෂ් නිශ්ශංක මේ මහා පුරුෂයාගේ දේශපාලන නොවන ඇතුලාන්තය විවෘත කරමින් මහා පේ‍්‍රක්ෂක සමූහයකට පෙන්වීය.

      කසුන් කල්හාර ගැන සඳහනක් කරමින් බාහු මෙසේ කීවේය. ``කසුන් කල්හාර නදීක ගුරුගේ දෙපල  සිංහලයා විසින් නිර්මාණය කරගත් සිංහල කමේ ප‍්‍රබලත්වය පෙන්වන තරුණ නිර්මාණ වේදීන් දෙදෙනෙකි .සිංහලකම විශිෂ්ටත්වයට පත්වන්නේ අනෙකුත් ජාතීන් මර්ධනය කොට ඔවුන් ලේ කඳුළු ගංගා තුළ හෙලීමෙන් නොව සිංහලත්වය සතු කලාව සාහිත්‍ය සංස්කෘතිය වැනි උත්තමාංග නොකඩවා පෝෂණය කිරීමෙනි .
      බාහු මෙවැනි ඇතුලාන්තයක් දරා සිටින බව සමහර විට පළමුවරට සාමාන්‍ය පේ‍්‍රක්ෂකයාට වැටහෙන්නට ඇත්තේ සිහිනයක රැ වැඩ සටහනින් විය යුතුය. බාහු අද සිටින කැපකිරීම් බහුල වාම දේශපාලනඥයන් කිහිප දෙනාගෙන් කෙනෙකි.